ඔබ වෙනුවෙන් මගේ හද තුල
පිළිසිඳ ගත් මේ ප්‍රේමය
වදනකට හෝ කවිපෙළකට
ඇමිණිය හැකි නොවේ..
සංසාරෙන් සංසාරෙට
ඔබේ අතින් අල්ලාගෙන
ඔය පපුවට තුරුල් වෙලා
ඉන්නට පැතුවෙමි හැමදින..
උණු කඳුළක් ඔය දෑසින්
ගලන විටක හෙමිහිට
නළලත සිප සනසන්නට
පැතුවෙමි ඔබටත් රහසින්..
හද ගැහෙනා හැම මොහොතකම
ඔබ මා ළගමයි සැමවිට
හැමදාමත් මගේ තුරුලේ
තියාගන්න ආසයි මට..
-ජානු-
ප.ලි : බාගෙට ලියලා පෝස්ට් එක මගේ මගේ අතින් ඩිලීට් වුනා.අය ඒක ලියන්න කම්මැලි කමේ ඉද්දි තමා මේක හම්බවුනේ.ඉතින් දාන්න හිතුවා.නිසදැසක්, කවියක් වගේ දෙයක් ලියනවා කියන එක මට කරන්නම බැරි වැඩක්.මේ නිසදැසේ අයිතිකාරයා ජානු.එෆෙයාර් එක පටන් ගෙන ටික කාලෙකින් ලියලා දුන්නු එකක්..
කලින් පෝස්ට් එක මිස් වුනානම් මෙතනින් යන්න.
ජානු කියන්නේ ඉෂාන්ගේ ගෑනු ළමයද? ;)
ReplyDeleteකවුරු උනත් නිසදැස ලස්සනයි
ඕ ඕ..
Delete:ඩී
ලස්සනයි මචන්..මටත් කවි නම් ලියන්න බෑ. මං කවි ලියන්න ගියාම කතා ලියවෙන්නේ..:D
ReplyDeleteමටත් ඒකමනේ වෙලා තියෙන්නේ. ඒත් කවදාහරි එකක් ලියන්නම ඕනේ කියලා හිතන ඉන්නේ. :)
Deletematath ada e wedema una. Maasa gaanakin liyapu eka signal nethuwa bagayai save wela thiyenne. Oya nam meka hari damma. Man nam power key 1 obagena hitiya. Thawama pc 1 on karanna hitune ne.
ReplyDelete@malen malak pena.
ඔය වගේ සීන් වුනාම එපා වෙනවා තමා මචං. මට මේක අහම්බෙන් මතක් වුනේ. ඒ හින්දා හොදයි. :)
Deletenidahas kavi lassanai kiwwa kiyannako jaanuta.
ReplyDeleteMalenuth mala pena siti nisa malak wage kavi gena amathaka una.
හිකිස්..
Deleteඑළ.. කියන්නම්කෝ මං.
නිසදෙස ලස්සනයි කිව්වායි කියන්නකෝ ජානුට..
ReplyDeleteඑළ.. කියන්නම්කො මං :)
Deleteසත්‍ය ප්රේසයේ (හිස්තැනක්) රාජයා ....... හිස්තැන පුරවන්න එන වචනේ ලියන්න අමාරුයි ඒනිසා ලිව්වේ නෑ
ReplyDeleteහි හි හි.. මාත් බැලුවා ඒක ලියන්න. බෑනේ.. :(
Delete"බෘන්ග" කියලද ?
Deleteගෑල්ලමයගෙ කවිය නම් හරිම හැඟුම්බරයි...පේන්නෙ නැද්ද ඉෂාන්ට තියෙන ආදරය ඉතිරිලා වචනවලින්....
ReplyDeleteආයෙත් අහලා.. :)
Deleteසුභ පතනවා..!
ReplyDeleteලස්සන අදහස් තියෙන ගෑල්ලමයෙක් හමුවෙලා තියෙන්නෙ..!
තැන්ක්ස් වී.. ඒකනම් එහෙම තමා. :)
Deleteආ එයැයි කියන්ඩකෝ මේක එල කිව්වා කියලා ඈ...
ReplyDelete(මේ අර උබේ මේසේ වීදුරුව අස්සේ තියෙන ඒවත් එකක් දෙකක් දාපන්කෝ!!!!)
එළ.. කියන්නම්කෝ මං. :)
Deleteබලමු බලමු..
ලස්සන නිසදැසක් ඉෂාන්...
ReplyDeleteතැන්ක්ස්..
Deleteහොඳයි හොඳයි :)
ReplyDeleteජයම වේවා!
එළ.. :)
Deleteආව්ව්ව්...මේක ලස්සනයි...
ReplyDeleteදෙන්නටම ජය!!
තැන්ක්ස්..
Deleteඑළ.. :)