Monday, October 22, 2012

ලෝක විනාසේ ආවොත්..!


සූටිං කියන්නේ ගමක වෙසෙන ටිකක් මෝඩ පහේ තරුණයෙක්.වෙනදා වගේ හවස් වරුවේ වල් පල් කතා කරන්න යාළුවෝ ටික සෙට් වෙන ගමේ බෝක්කුවක් ළගට ගියේ පුරුද්දට. සුනිල් එතෙනට යද්දී යාළුවෝ ටික කතාවෙන මාතෘකාව තමා 'ලෝක විනාසේ..' සුනිලුත් ඉතින් ඒ කතා බහට ඇහුම් කන් දීගෙන පැත්තකින් හිටියා.කතාව යන්නේ මෙහෙමයි..

"මචංලා දන්නවද..! ලෝක විනාසේ මේ අවුරුද්දේ දෙසැම්බර් 21 වෙනවලු ෂුවර් එකටම.." විමල් කිව්වා.


"උඹට හරියටම කියන්නේ කොහොමද ඒක..?" එතන හිටපු සුමනේ ඇහුවා.

"මං ඒක පත්තරේ දැක්කේ.ලිපිය ලියපු පොර කියලා තිබුණු විදියට ඒක වෙනවමයිලු.බලපන් තව වැඩි කාලයක් නෑ ඒක වෙන්න.තව කොච්චර දේවල් කරන්න ඉතුරු වෙලා තියෙනවද..!" කියලා විමල් උත්තර දුන්නා.

"එහෙමද.! ඒක එහෙම වෙනවනම් මටත් සෑහෙන්න වැඩ ටිකක් ඉතුරු වෙලා තියෙනවා කරගන්න.." එතන හිටපු පොරක්.

"ලෝක විනාසේ ආවොත් මොකද බං අපි කරන්නේ..? අපි ජීවත් වෙලා ඉන්න එකකුත් නෑ ලංකාවටත් සිද්ධිය ලොකුවට බලපෑවොත්.." සුනිල් කිව්වා.

"ඒක ඇත්ත මචං.. අපි පෙර පිනක් වත් පළ දීලා ඉතුරු වුනොත් ලොකු දෙයක්.."

මේ වෙන කතා බහ අහගෙන හිටපු සූටිං,

"මං නම් දෙයක් හිතන් ඉන්නේ ලෝක විනාසේ ආවොත් කරන්න.."

"මොකද්ද බං..?"

"ලෝක විනාසේ ආවොත්.. මං යනවා ලලිතාව බැඳලා මාලදිවයිනේ..!!"


ප.ලි : 
දවස් 10කට විතර පස්සේ බ්ලොග් එකට ආවේ පෝස්ට් එකක් දාන්න.මිස් වුනු පෝස්ට් ගොඩක් තියෙනවා වගේ කියවන්න.මුලක ඉදන් කියවන්න ඉන්නේ.

මේ කතාව මළගෙදරදී අහන්න ලැබුණු එකක්. තව කතා ටිකකුත් සෙට් වුනා. ඒ ටික පස්සේ ලියන්න ඉන්නේ. මේ කතාව මදි කියලා හිතෙනවනම් පහල දාලා තියෙන අනිත් කතා දෙකත් කියවලා යන්න ඒ කතා නොකියවපු අය.ඒ කතා වැඩිය බැලිලා නෑ.අලුත් කතා ටිකක් හෙට අනිද්දාම දානකම්.. 


1. ලංකාවේ සංචාරකයා..

ඔන්‍න‍ ලංකාවේ මනුස්සයෙක් ඇමෙරිකාවට ගියා සංචාරයකට. ඉතින් ඇමෙරිකාවේ එහෙ මෙහෙ ඇවිදලා අන්තිමේදී සැන්ෆ්‍රැන්සිස්කෝ වලටත් ආවා.ඉතින් මෙයා සැන්ෆ්‍රැන්සිස්කෝ වලත් පොඩි රවුමක් දාලා බලද්දී දැක්කා කෞතුක භාණ්ඩ විකුනන්න තියෙන කඩයක්.එයා ඒකට ගිහින් ඇතුලේ තියෙන බඩු බලද්දී දැක්කා ලෝකඩ වලින් හදපු මීයෙකුගේ පිළිමයක්. මේක දැකලා අපේ කෙනාට හිතුනලු මේක සල්ලි වලට ගන්න. ඉතින් එයා පිළිමේ මිළ සදහන් කරලා තියෙනවද බැලුවා.බලද්දී නෑ.ඊට පස්සේ එයා මීයාගේ පිළිමේ අරන් ගියා කඩේ අයිතිකාරයා ළගට.. තව කියවන්න..

2. සාම්පල් එකක් තියලා යන්න..

ඔන්න පොරක් ඉන්නවා. දැන් දවස් කීපයක ඉදලා එයාගේ ඇගට ටිකක් හරි නෑ වගේලු.ඉතින් පොර ලන්ච් ටයිම් එකේ චැනලින් සෙන්ටර් එකකට ගියා ඩොක්ටර් කෙනෙක්ව මීට් වෙන්න.යද්දී ටිකක් සෙනග.පොරට දැන් වැඩි වෙලා ඉන්නත් බෑ. මොකද ලන්ච් ටයිම් එකෙන් පස්සේ මීටින් එකක් තියෙනවා ඔෆිස් එකේ. කොහොමෙන් කොහොම හරි මෙයාගේ වාරෙත් ආවා. ගියා ඩොක්ටර් ලගට.ඩොක්ටර් මෙයාව පරික්ෂා කරලා බලලා කිව්වා.. තව කියවන්න..

19 comments:

  1. සූටිය හරි නේ හෙ... හේ....

    ReplyDelete
  2. aaaa awada, man me beluwe malagedara giya miniha mokada mechchara parakku kiyala.
    Ela ela anekwath liyamu. Malagedarak giya nisa kathandara nam aduwak nethuwa athi.

    ReplyDelete
    Replies
    1. ආවා ආවා.. මළගෙදර වැඩනේ. ඒකයි පරක්කු.. :)

      අනිවා. කතා ටිකක් සෙට්වුනා. ලියන්නම්කෝ.

      Delete
  3. කලින් කතාටික නියමයි.

    ReplyDelete
  4. මාත් යනවා ලෝක විනාසේ ආවොත් මාලදිවයිනේ..:)

    ReplyDelete
    Replies
    1. යන්ට යන්ට.. එහෙ නියමයිලු ලෝක විනාසේ වුනාට පස්සේ.. :)

      Delete
  5. ආ යාන්තං ඇවිත්...
    මම නං මොක උනත් ලංකාවේම ඉන්නවා.., මොකෝ මේක අසියාගේ අයිශ්වර්යානේ... ඉතිං මෙහෙට මුකුත් වෙන්නෑ(ලු)...
    එල එල... ඉතුරු ටිකත් දාමු!!!

    ReplyDelete
    Replies
    1. හිකිස්.. බලාගෙන හිටුකෝ එහෙනම්.. :)

      Delete
  6. හිකිස්!!! මරු සූටිං
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. එළ පොරක් සූටිං කියන්නේ.. :)

      ඇඩ් එකක් දැම්මාද? ජය..!

      Delete
  7. උඹල සේරම මාල දිවයින් පලයව් !!!! මං යන්නේ පානදුරේ

    ReplyDelete
    Replies
    1. ඒ මොකටැයි පානදුරේ යන්නේ?

      Delete
  8. Ade hoda velaavata kivve dan itin loka vinase veddi yanna thanak thiyenava :)

    ReplyDelete
    Replies
    1. ඕ.. පින් දෙන්ට සූටියට.. :)

      Delete
  9. මටනම් හිතෙන්නෙම මම විතරක් හරි ඉතුරු වෙයි කියලනේ අප්පා :)

    ReplyDelete
  10. හික්ස් නියමයි මචන්

    ReplyDelete