Tuesday, October 9, 2012

සුදු රෙද්දේ තියෙන්න ඕනේ ඒවා..


ඒ විවාහ මංගල උත්සවයක දෙවෙනි දවසයි.උත්සවය පැවතුනේ මැදිරිගිරිය නගරයෙන් ටිකක් ඈතට වූ ගමක් තුලය.මා එම උත්සවයට සහභාගී වූයේ උත්සවයේ ඡායාරූප ශිල්පියාගේ සහයකයා වශයෙනි.එනම් මගේ මස්සිනා කෙනෙකුගේ උදවුවටය.අයියාගේ රැකියාව ඡායාරූපකරණය නොවුණත් ඉඩක් ලැබෙන අවස්ථා වල විවාහ උත්සවයන් හී ඡායාරූපකරණය බාර ගැනීම ඔහුගේ සිරිතයි.ඒ අමතර ආදායමක් සොයාගන්නට ලැබෙන නිසාය.එමනිසා ඔහු සහභාගී වන විවාහ උත්සවය වල අවසානයේ බෙදන තැන්ක්ස් කාඩ් නිර්මාණය කිරීම ලැබෙන්නේ මටය.ඔහු පවසන ආකාරට 'කස්ටමර් කෙනෙක් ලේසියෙන්ම අල්ලගන්න පුළුවන් වන්නේ තැන්ක්ස් කාඩ් එක හා ඇල්බම් එකේ තියෙන ඡායාරූප සුපිරියට තියෙනවනම් පමණය'.මේ නිසා මට වැඩක් නොවැටෙන දවස් වල අයියා බාරගත් විවාහ උත්සව කිහිපයකට සහභාගී වී තැන්ක්ස් කාඩ් නිර්මාණය කළේ මා විසින්ය.

මේ උත්සවයේ මනමාලයා වූයේ අයියා යටතේ සේවය කරන පුද්ගලයෙකි.ඔහු ග්‍රාමීය ප්‍රදේශයකින් නගරයට පැමිණ එහිදී ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයකින් විවාහ විය.උත්සවයේ දෙවෙනි දවස තිබුනේ ඔහුගේ ගමේ නිවසේදීය.කඳුරුවෙල නගරයට ගොස් තැන්ක්ස් කාඩ් එකේ ප්‍රින්ට් රැගෙන අදාළ නිවස වෙත පැමිණ ටික වෙලාවකට පසු අයියා,

"ලොක්කා.. එනවකො සීන් එකක් කියන්න.." මා පැත්තකට කැඳවූයේය

"ඇයි.. මොකෝ?"

"මාර සීන් එකක්නේ වුනේ..!!"

"මොකද්ද..?"

"රුවන්ගේ අම්මා (මනාලයාගේ අම්මා) මට ඇවිත් කිව්වනේ 'අපේ පැත්තේ නෑයෝන්ට හරි සතුටුයි පුතා' කියලා. මං ඇහුවා 'ඒ මොකද ඇන්ටි?' කියලා."

"ඉතින්..?"

"මේ ගෑණි කිව්වානේ 'සුදු රෙද්දේ තියෙන්න ඕනේ ඒවා ඒ විදියටම තියෙනවා පුතා..ඒකයි..' කියලා."

"මොකක්! ඒ ගෑණිට පිස්සුද හලෝ තමුසෙට ඕක කියන්න?"

"ඒක තමා ඕයි.. මං දැක්කා ඒ මනුස්සයා ඇවිත් ඉන්න හැමෝටම ඕක කිය කියා යනවා.හොද වෙලාවට අරූට ඒ වැඩේ කරගන්න පුළුවන් වුනේ.නැත්නම් ඒ කෙල්ල ඉදලා ඉවරයිනේ..!!"

ඒ කතාව එතනින් ඉවරය.මෙතනින් එහාට දිගහැරෙන්නේ ඒ සම්බන්ධයෙන් මට කියන්න තියෙන දේවල්ය..

ආසියාවේ බොහෝ රටවල් වල හැටියටනම් කන්‍යාභාවය කියන්නේ  කෙල්ලෙක් කසාද බදිද්දී ඒ කෙල්ල කලින් තවත් කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙලා හිටියාද නැද්ද කියන එක බලාගන්න පුළුවන් විදියක්.ඕකට කෙල්ලගේ පිරිසිදුකම කියලත් කියනවා.ඒකෙන් තමා ගෑණුන්ගේ වැදගත් කම/චරිතවත් බව  පෙන්වන්නේ කියලා තමා අපේ මිනිස්සු කියන්නේ.හැබයි සමහර කාන්තාවන්ට මේක උපතෙන්ම පිහිටන්නේ නෑ කියලායි ඩොක්ටර්ස්ලා කියන්නේ.සමහරුන්ගේ කන්‍යාපටලය සමහර ක්‍රීඩා කරද්දී නැති වෙන්න තියෙන අවස්ථාත් තියෙනවා කියලා කියනවා.

ඉතින් එදා අර කසාද බැඳපු කාන්තාවටත් ඒ වගේ දෙයක් වෙලා තිබුණානම් හෝ ඒ කෙනා කලින් කාත් එක්ක හරි (බැඳපු කෙනා එක්කම වෙන්නත් පුළුවන්) ලිංගිකව එක වෙලා කන්‍යාභාවය නැති කරගෙන තිබුණනම් ඒ කාන්තාවට වෙන්නේ මනුස්සයාගේ පවුලෙන් වෙන වෙනස් කම් වලට මූණ දෙන්න.එහෙම වුනානම් කසාදෙ දෙවෙනි දවස මළගෙයක් වගේ වෙන්න තිබුනා.තමන් බැඳපු මනුස්සයාගෙනුත් වෙනස් කම් වෙන්න පුළුවන් ඇය වෙන කාත් එක්ක හරි ගිහින් ඒ දේ සිද්ද කරගෙන තියෙනවනම්.හැබැයි තමන්ගේ අතින් ඒ දේ වුන පිරිමි උදවිය කියනවා 'මගේ අතින් තමා එක වුනේ' කියලා.එතකොට එන්න තියෙන ප්‍රශ්න හුගක් දුරට නැති වෙලා යනවා.

තවත් දෙයක් තියෙනවා.කාන්තාව ඔය කියන කිසිම දෙයක් කරගන්නේ නැතුව කන්‍යාභාවය රැකගත්ත කෙනෙක් වෙලා ඉදලා කසාද බදින මනුස්සයාට මොකක් හරි දුර්වලතාවයක් තිබිලා ඒ දේ කරගන්න බැරි වුනානම් ඒ වැරැද්ද යන්නෙත් කාන්තාව පිටින්. මොකෝ කෙල්ල අනිත් මිනිස්සු ඉස්සරහ කටක් ඇරලා කියන්නයෑ තමන්ගේ මිනිහට මොකුත් බෑ කියලා.ඉතින් ඒ වගේ කාන්තාවන්ට වෙන්නෙත් පවුලේ ඉන්න මිනිස්සුන්ගෙන් වෙන අවමාන විද දරාගෙන ජීවත් වෙන්න.

මේ විදියට කසාද වලදී කන්‍යාභාවය පරීක්ෂාකරන සිද්ධීන් බොහෝදුරට වෙන්නේ ගම් වල, හණමිටි අදහස් තියෙන පවුල් වල.කොල්ලගේ පැත්තේ නෑදැයෝ හනිමූන් එකට පහුවෙනිදා උදේ පාන්දරම ජෝඩුව ඉන්න තැනට දුවනවා කලින් දවසේ පෝරුවේදී කෙල්ලගේ ඇඟේ ඔතපු සුදු රෙද්දේ ලේ තියෙනවද බලන්න.ඕක බලන්ට යන ඈයෝ තමා කෙල්ලට එදා ඉදලා පවුලෙන් සලකන විදිය තීරණය කරන්නේ.රෙද්දේ මොකුත් නැත්නම් එතනින් එහාට කෙල්ලට ඉන්න හම්බවෙන්නේ නෑ.ඇති වැදගත්කමකුත් නෑ.මේ වගේ සිද්ධීන් නිසා හුගක් අයගේ පවුල් ජිවිත අවුල් වෙනවා/කරනවා.සමහරු දික්කසාද වෙන තරමට වැඩේ දුර දිග යනවා/යවනවා.වැඩිපුරම වැරැද්ද යන්නේ කාන්තාව පිටින්.පිරිමින්ට වැරැද්ද පැටවෙන අවස්ථා අඩුයි.

පිරිමින් බදින්න කලින් කොච්චර කාන්තාවන් ඇසුරු කරලා තිබුනත් ඔවුන්ට නැතිවෙන්න කන්‍යාභාවයක් කියලා දෙයක් නෑ.එහෙම බලපුවාම පිරිමි හැමවිටම පිරිසිදු චරිත.ඔහොම වටේ ගිය පිරිමිනුත් තමන් කසාද බදින කාන්තාවගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන එක මහා තුප්පැහි වැඩක්.

හැබැයි දැන් කාලේ එක එක පරීක්ෂණ තියෙනවා කන්‍යාභාවය තියෙනවද නැද්ද බලාගන්න.තමන් අතේ මුකුත් වැරද්දක් නැත්නම් කාන්තාවකට බය නැතුව තමන්ගේ වුන නැන්දම්මා,හස්බන්ඩ් එක්ක ගිහින් ඒ පරීක්ෂණ වලට මූණ දීලා තමන්ගේ නිර්දෝෂී බාවය පෙන්වන්ට පුළුවන්.(දැන් නම් ඒවා නැත්නම් හදාගන්න සැත්කම් එහෙමත් තියෙනවලුනේ.).මේ වගේ දේවල් වලින් කාන්තාවකගේ චරිතය හොදද නරකද කියලා හොයන එක තේරුමක් නැති වැඩක්.ඔය දේට හානි කරගන්නේ නැතිව හැසිරෙන අය ඉන්නවා.ඒත් පෙන්වන්නේ තමන් හොද චරිතයක් තියෙන කෙනෙක් කියලා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ හණමිටි අදහස්, කොහෙවත් නැති කන්‍යාභාවයක් ගැන හොයා හොයා ඉන්නේ නැතුව කසාද බදින දෙන්නා අතරේ තියෙන අවබෝධය මත පවුල් ජීවිතය ගතකරන්න දෙන එක.මොකද කසාද බදින්නේ ඒ දෙන්නා මිසක් පවුලේ අනිත් මිනිස්සු නෙවෙයිනේ.ඔය වගේ දේවල් වලින් පවුලේ නම්බුව නැති වෙයි කියන එකට බය වෙන එක තේරුමක් නැති දෙයක්.මේ වගේ ප්‍රශ්න ඇති වෙලා ඒවාට මූණ දීලා හොද සාර්ථක පවුල් ජීවිත ගතකරන මිනිස්සු ඉන්නවා තවත්.යාළුවෙලා ඉද්දි තමන් කැමැත්තෙන්ම ඒ වගේ දේකට මුහුණ දෙන එක ඒ දෙන්නාගේ අයිතියක්.ඒ දේ කලින් කරගත්තා කියලා කාන්තවකගේ විවාහ ජීවිතය කන්‍යාභාවය මතම තීරණය කරන එක හොද දෙයක් නෙවෙයි..


ප/ලි : 

: නම් මනංකල්පිතයි.

: මේ වගේ දේවල් + දාලා ලියන්න ඕනේ කාරණා නෙවෙයි කියලා මං හිතන්නේ.ඒ හින්දා + දැම්මේ නෑ. 

: කරපු තැන්ක්ස් කාඩ් දෙක තුනක ඉමේජස් දාන්න ඕනේ කියලා හිතුනා.ඒත් කියන්න යන කතාවත් එක්ක ඒවා දාන එක හරි නෑ කියලා හිතුනා.ඒවා පස්සේ දවසක දාන්නම්.

: ගිය වෙඩින් වල හොද අත්දැකීම් ටිකක් තියෙනවා.ඒවාත් පස්සේ දවසක ලියන්න ඉන්නේ.

: කලින් ලියු නරලොව හොල්මන් කතාව මිස් වුනානම් මෙතනින් යන්න.

47 comments:

  1. බොහොම අගේ ඇති ලිපියක්.. හොයනවනම් දෙන්නගෙම හොයන්න ඕන..

    ReplyDelete
    Replies
    1. කොහොමද ඒ?

      Delete
    2. ඕ.ඒක ඇත්ත. එක්කෙනුකට විතරක් එක සීමා කරන එක හොද නෑ

      Delete
  2. // අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ හණමිටි අදහස්, කොහෙවත් නැති කන්‍යාභාවයක් ගැන හොයා හොයා ඉන්නේ නැතුව කසාද බදින දෙන්නා අතරේ තියෙන අවබෝධය මත පවුල් ජීවිතය ගතකරන්න දෙන එක //

    කතාව ඇත්ත ඉෂාන්....

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාකරන්න එපැයි..

      Delete
  3. බැයිද කොල්ලෝ ඔය ජපන් කොඩි දෙක තුනක් ඉල්ලගන්න...හි හි....

    ReplyDelete
    Replies
    1. හි හි හි.. ඒ අදහසනම් එළ

      Delete
  4. මම මේ දවස් 2,3 ට කන්‍යාභාවය පිළිබඳ කියවපු 11වෙනි පොස්ටුව මේ... මොකද මේ හිටි ගමන ගොඩක් අයට මේ ගැන කියන්න හිතිලා තියෙන්නේ??? O.o
    ඔක්කොටම වඩා මටනම් ගැටලුව ඒකයි...
    :D

    මගේ මතය නම් කෙල්ලෙක්ගේ පිරිසිදු භාවය කන්‍යාපටලයෙන් මනින්න බෑ... කෙල්ලෙක්ගේ පිරිසිදුකම බලනවානම් අනිවාර්යෙන්ම කොල්ලගේ පිරිසිදුභාවයත් බැලිය යුතුයි...

    පොඩ්ඩක් මාතෘකාවෙන් පිටට යනවා..,
    මෙතනදී ඔය කන්‍යා පටලය කියන දේ නැතිවෙන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවානේ.., ඒ තමයි ස්වයං වින්දනය කිරීම... කාත් එක්කවත් ලිංගිකව එක් නූනට ස්වයං වින්දනයෙදී පටලේ බිඳුණ කෙනෙක් උනොත්??? පිරිමියා සහ උගේ නෑදෑ සනුහරේම කෙල්ලට වරද පටවයි... ඒත් කවදාවත් එක සැරයක්වත් ස්වයං වින්දනය නොකළ එක පිරිමියෙක්වත් ඉන්නවද???

    ඉතිං මේ වගේ හණමිටි අදහස් දැන්නම් මේ සමාජයෙන් "shift+delete" කරලම දාන්නෝන...

    (හැබැයි දැන් ඉතිං දැන් ඉන්න කොල්ලෝ ඔක්කොම වගේ ඔය දේවල් හොයන්නෑ කියලා කියලා ඉන්න කෙල්ලෝ ඔක්කොම අහුවෙන අහුවෙන එකා එක්ක බුදියගන්නේ එහෙම නෑ ඕන් :D [සත්‍ය සිදුවීමක් ඇසුරින් ප්‍රකාශ කරන ලදී])

    ReplyDelete
    Replies
    1. මොකක්! මං හිතන්නේ මේ දවස වල කොලවෙරි ඒ ගැනම හොයනවද කොහේදෝ!! එකනේ ඒවාම සෙට් වෙලා තියෙන්නේ.. :)

      කියලා තියෙන අනිත් කාරනාව ඇත්ත.මට ඒක අමතක වුනා. ඒ ගැන ලියපු එක හොදයි. :)

      Delete
  5. malli hari malli,

    Sudu redda gena nam godak katha thiyanawa methana kiyanna be.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයියා.. :)

      කියන්න බැරි ඇයි?

      Delete
  6. ප.ලි.

    මේ බ්ලොගය කියවන්නන්ගේ දැනගැනීම පිණිසයි...
    ඉශාන්ගේ Profile Picture එකට දාලා තියෙන්නේ Photo Shoot එකකට ගිය Wedding එකකදී අර අයියා විසින් ගත් පින්තූරයකි!!!

    :ඩී

    ReplyDelete
    Replies
    1. හි හි හි..

      කොළ වෙරි විසින් පැවසු ඒ කතාව සත්‍ය බව මා පිලිගනිමි.

      :ඩී :ඩී :ඩී

      Delete
  7. බඳින කෙල්ලෙක්ගේ කන්‍යාභාවය තියෙන එක වැදගත් හැබැයි ඉතින් හනිමූන් එක දවසට ඕක බලාගෙන ඉන්න එකනම් පට්ට වැරදි
    කෙල්ලගේ කන්‍යාභාවය මනමාලයට තේරෙන්නේ නැත්තම් කාටද තේරෙන්නේ?

    ReplyDelete
    Replies
    1. haneymoon 1ta kalin balanna one kiyalada kiyanne ;)

      Delete
  8. කතාව තියෙන්නේ කොල්ලා නාලා ගෙට ආවම ඔක්කොම හරි කියලා ,හැබැයි ඕකෙ තව පැත්ත්කුත් තියෙනවා. ඔය වගේ සම්ප්‍රදායන් නිසා තරුණියෝ විවාහයට කලින් ලිංගික සම්බන්දතා වල යෙදෙන්න බයයි. නැත්නම් අපට බලාගන්න තිබුණා 11 වසරට එනකොට කොල්ලො ඕනෙම ගාඑනක් එක්ක ඉදලා හිආවෙවී විවාහ වෙන කෙල්ලොත්

    ReplyDelete
    Replies
    1. ඇත්ත. කොල්ලෝ බර ගානක් එක්ක යාළු වෙලා ඉදලා කිසිදු කරදරයක් නොවී ප්‍රපෝසල් එකකින් හොද කසාදයක් කරගෙන යන කෙල්ලෝ ඉන්නවා.

      Delete
  9. කථාව සම්පුර්ණ ඇත්ත

    ReplyDelete
  10. මේ ගැන පිස්සාගේ පලාමල්ලේ ලිපියක් තිබුන. එහි ආදර්ශමත් කමෙන්ට්ස් ටිකකුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඕ.මං ඒකත් කියෙව්වා. :ඩී

      Delete
  11. පිස්සු මිනිස්සු :/

    ReplyDelete
  12. පලාමල්ලෙන් මේවගේ වටින කථාවක් දැකල තිබුනට පස්සේ මොහෙම එකක් දැක්කමයි .... ජය

    ReplyDelete
  13. මම ඔය වැඩේ කරේ හනිමුන් ගිය රූම් එකේ තිබ්බ ජැකූසියෙ... හපොයි අපේ අම්මත් ඔව්ව හෙව්වනම් මම ඉවරයි..

    ReplyDelete
    Replies
    1. හි හි හි.. අම්මාට බය ඇනෝ කෙනෙක්

      Delete
  14. වැදගත් ලිපියක්.. ඔහොම එකක් තිබීම තුල කෙල්ලෙක්ට තමා ආරක්ෂා විය යුතුයි කියල හැගීමකුත් එනවා.තව එකක් තමයි ඕක පරිස්සම් කරගෙන කොල්ලොත් එක්ක විවිධ ක්‍රියාකාරකම් කරන කෙල්ලොත් නැත්තේ නෑනේ.(හැමෝම නෙවෙයි.ඉතා සුළු පිරිසක්.) එතකොට චරිතය මනින්නේ කොහොමද කියන එක ගැටළුවක්. අනික මචන් කෙල්ල කොල්ලොත් එක්ක ඉඳල කන්‍යා භාවය නැති කරගෙන හිටිය වුනත් ඒ කියල බැන්දට පස්සේ අතැරලා දාන්නය.
    ඒක නිසා දෙන්නගේ අවබෝධයෙන් ඉන්න එක තමයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මාත් ඒක තමා කියන්නේ. දෙන්නාගේ අවබෝධය මත ජීවත් වෙන්න දෙන එක.

      Delete
  15. හරියට හිටියොත් හැමදේම හරි.
    මිනිස්සු හිතන පතන විදිහ අපට වෙනස් කරන්නටද බැරිය.

    ReplyDelete
    Replies
    1. ඒත් පුංචි හරි උත්සහයක් දෙන්න ඕනේ ඒ වගේ මතිමතාන්තර වලින් මිනිස්සුන්ව ඈත් කරන්න.

      Delete
  16. ඇත්ත කතාවක්..
    හැබැයි සමාජයේ ඔය ගැන බයක්..සැකක් තියෙන ඒකත් හොඳයි...!එතකොට ගෑණු ලමයි ටිකක් හරි තමන්ගෙ ආරක්ෂාව ගැන බයවෙනවනෙ

    ReplyDelete
    Replies
    1. ඕ. ඇත්ත ඒ කතාවත්. මං කියන්න හැදුවේ මොකක් හෝ හේතුවක් නිසා ඒ වගේ දේකට මූණ දෙන්න වුනු කෙනෙකුට ඇතිවන තත්වය.

      Delete
  17. පොස්ට් එක සිරා.ඇත්තට ඕක බැලුවේ ඉස්සර ගොඩක් ඒවා යෝජිත විවාහ නිසා වෙන්න ඇති.දැන් ගොඩාක් අය බදින්නේ යාලු වෙලා නේ.එදා රෑ ජපන් කොඩිය ගහගන්න බැරි උනොත් කොල්ලගෙන් තමා අහන්න වෙන්නේ ඇයි උඹලා කලින්ම ජපන් කොඩිය ගැහුවේ කියලා හැබැයි කෙල්ල කොල්ල නොදැන කලින්ම අදාළ කාරනා කරගෙන නම් සොරි තමා.ඒත් ඕවා දෙමව්පියන්ගේ ඉස්සරහ බලන්න ඕනේ නෑ .

    "මංගල රෑ එළිවනතුරු නුඹ සමාව යැදදා
    ගෑනියකට සමාව දී රැවටුනාද මන්දා "
    මේක සින්දුවක් :)

    ReplyDelete
    Replies
    1. ඕ ඕ..

      මං ඒ සින්දුව අහලා නෑ මචන්. කාගේද ඒ සින්දුව?

      Delete
  18. සිරාම පෝස්ට් එකක් කොල්ලා වටේම තියන වනචර වැඩ ටික කරලා කෙල්ලගෙන් මංගල රැයේදි වැටෙන ලේ ටික බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
    Replies
    1. එළ..

      ඒක තමා ඒ වගේ වැඩ කරපු කොල්ලොන්ගෙත් තියෙන අවුල.උන හිතන්නේ නෑ තමන් අතින් කී දෙනෙක්ට අසාධාරණයක් සිද්ධ වුනාද කියලා.ඒකට මූණ දීපු කෙල්ලන්ගේ අනාගතේ කොහොම වෙයිද කියන්න උන් හිතන්නේ නෑ.හැබැයි ඔය දේවල් කැමැත්තෙන් කර ගන්න කෙල්ලොත් ඉන්නවා.

      Delete
  19. මම හිතන විදිහට දැන් නම් ඕක ගොඩක් දුරට අඩුයි, ගම්වල නම් තියනවා ඔය සිරිත. මම නම් කියන්නේ ඔය ලේ බින්දුව හින්දා යහපත් විදිහට ගෙවන්න තියන පවුල් ජීවිතේ විනාශ වෙන එක විතරයි. අනික එක, එක පාරක් උයපු හැළියක ආයේ උයන්න බැරි කමක් නෑනේ. (සුදුසු පරිදි තේරුම් ගනිත්වා)

    ReplyDelete
    Replies
    1. හිකිස්.. කොච්චර උයන්න පුලුවන්ද ඒ වගේ එකක.. :ඩී

      Delete
  20. ඇත්ත තමා බන් කතාව

    ReplyDelete
    Replies
    1. ඉදලා හිටලාවත් ඔය වගේ දෙයක් ගැන කතාකරන්න එපැයි..

      :ඩී

      Delete
  21. ඇත්තම එලම කතාවක් බං!

    ReplyDelete
  22. සිංහල කොල්ලෙක්March 16, 2014 at 6:28 PM

    මම නං කවදහරි දවසක බැන්ද දවසක ඔය සුදු රෙද්ද පුච්චලා අළු ටික දෙනවා අපේ අයට නළළෙ ගාගන්න කියල. මම බඳින එකීගෙ කන්‍යාභාවය මං විතරක් දැනගෙන හිටියම ඇති.

    ReplyDelete