Monday, November 19, 2012

අනේ අනිච්චං! (තෑගී නැති ප්‍රශ්න - 4)



මතක ඇතුව පෝස්ට් එකේ අන්තිම ටිකත් කියවන්න..

ඔන්න සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා.දෙන්නගේ නම් තමා පෝල් හා සෑම්.දවසක් මේ දෙන්නා කතා වුණා අළුතින්ම ආව බය හිතෙන පට්ට හොල්මන් ෆිල්ම් එකක් බලන්න.ඉතින් පෝල් ටවුන් එකට ගිහින් ඒ ෆිල්ම් එකේ DVD කොපියක් අරන් ආවා රෑ බලන්න හිතාගෙන.එදා රෑ දෙන්නා වැඩ ඉවර කරලා ෆිල්ම් එක බලන්න සෙට් වුණා.දැන් දෙන්නා ෆිල්ම් එක බලනවා.

ටික වෙලාවකින් ෆිල්ම් එක බල බල ඉන්න ගමන් සෑම් නිදිකිරා වැටෙන්න පටන් ගත්තා.එහෙම නිදිකිරා වැටුණු සෑම්ට හීනෙන් පෙනුනා ෆිල්ම් එකේ ඉන්න හොල්මන් මිනීමරුවා ලොකු මන්න පිහියකුත් අරන් (ඔය ෆොටෝ එකේ ඉන්න කෙනා තමා) සෑම්ගේ පස්සෙන් පන්නන් එනවා සෑම්ව මරන්න.අනේ ඉතින් සෑම් පණ එපා කියලා පණ රැකගන්න දුවනවා දිවිල්ලක් හරියට උසේන් බෝල්ට් හපන් විදියට.ඉතින් මේ දිවිල්ල අතරමගදී සෑම් දකිනවා පාළුවට ගිය ගෙයක්.සෑම් කරන්නේ ඒ ගේ අස්සට පැනලා ගේ ඇතුලේ තිබුණු ලොකු අල්මාරියක් අස්සේ හැංගෙන එක.

දැන් සෑම් ඉන්නේ අල්මාරිය ඇතුලේ.වටපිටාවේ කිසිම සද්දයක්වත් ඇහෙන්නේ නෑ.අඩුම තරමේ සෑම්ට ඔහුගේ පපුව ගැහෙන සද්දෙවත් ඇහෙන්නේ නෑ.ඒ තරමට පරිසරය නිෂ්ශබ්දයි.සෑම් දන්නේ නෑ අර පස්සෙන් පන්නපු හොල්මන් මිනීමරුවා දැන් කොහෙද ඉන්නේ? සෑම් මේ ගේ අස්සට රිංගනවා ඒකා දැක්කාද නැද්ද කියන එකවත් දන්නේ නෑ.සෑම් සෑහෙන පණ බයෙන් ගැහි ගැහී හොදට කන් දීගෙන හිටියා වටපිටාවෙන් ඇහෙන සද්ද වලට.ඒ අස්සේ දාඩියත් ගලනවා මාර විදියට.ඇයි අෆ්ෆා තමන්ගේ ජිවිතේ ගැන ආසාවක් නැද්ද! කොහෙවත් ඉන්න හොල්මනකගේ අතින් මැරුම් කන්න ඕනෙයැ නිකරුණේ.

ඔන්න ඉතින් ඔය වෙලාවේම ෆිල්ම් එක ඉවර වෙනවා.ට්වී එක ඕෆ් කරලා තමන්ගේ සහෝදරයා දිහාට හැරිලා බලපුවාම පෝල් දැක්කා සෑම් නිදි කියලා.ඇඳට ගිහින් නිදාගන්න කියන්න හිතාගෙන පෝල් සෑම්ගේ උරහිසෙන් එකපාරම අල්ලනවා.

අනේ අවාසනාවක මහත! පෝල්, මර නින්දේ හිටපු සෑම්ගේ උරහිසෙන් අල්ලපු පාර සෑම් Shock වුණා.ඒ බයවුණු පාරත් එක්කම ආව දරුණු හාර්ට් ඇටෑක් එකක් හින්දා සෑම් ඒ වෙලාවේම මරණයට පත්වුණා..

කතාව ඔච්චරයි..

අද ප්‍රශ්නය:

මේ දේ වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ කතාව ඇත්තද? බොරුද? උත්තරේ පැහැදිලි කිරීම අත්‍යාවශ්‍යයි.

උත්තර දෙමුකෝ එහෙනම් බලන්න.වෙනදා වගේම මේ ප්‍රශ්නෙටත් හම්බෙන හරි උත්තර පබ්ලිෂ් කරන්නේ සිකුරාදා හවස.හේතු නැති උත්තර පබ්ලිෂ් කරනවා.හරි හේතුව තියෙන ඒවා විතරයි පබ්ලිෂ් නොකරන්නේ.කලින් ප්‍රශ්නේ කට්ටියට  ලේසි එකක් කියලා හිතුනා ඒකට කමෙන්ට් කරලා ගිය අයගේ උත්තර හැම එකක්ම වගේ හරි නිසා.(දෙක තුනක් ඇරෙන්න).ඉතින් මේකත් ලේසියි.හිතලා බලන්න.


වැදගත් : තව දෙයක්. මං හිතන් ඉන්නවා මේ තෑගී නැති ප්‍රශ්න වලට හරි උත්තර දෙන අයගෙන් කෙනෙක්ව තෝරලා තෑග්ගක් දෙන්න.ඒ කෙනාව එක ප්‍රශ්නයක් අහලා තෝරනවද? නැත්නම් ඒ දවස වෙනකම් තෑගී නැති ප්‍රශ්න වලට හරි උත්තර දීලා තියෙන හැමෝම එකතු කරන් කෙනෙක්ව තෝරනවද කියන එක ගැන තාම හිතනවා.දෙවෙනි විදිය හොදයි කියලා හිතෙන්නේ.එතකොට හුඟක් අයට අවස්ථාව තියෙනවා.හැබැයි කෙනෙක් ප්‍රශ්න කිහිපයකට හරි උත්තර දීලා තියෙනවනම් ඒ කෙනාට තරඟ කරන්න තියෙන අවස්ථාව වැඩියි.ඒත් තෝරන්නේ වැඩියෙන්ම හරි උත්තර දීලා තියෙන කෙනා නෙවෙයි.

මේක කියවන අයගේ හිතට එන ප්‍රශ්න: 

1. තෝරන විදිය 

කුසපත් ක්‍රමයකට යන්න හිතන් ඉන්නේ.ඒ කියන්නේ හරි උත්තර දුන්නු කෙනාගේ නම,ප්‍රශ්නේ අහපු දවස ලියලා කොළයක් එයාට අයින් කරනවා.තෝරන දවසට ඒවා කවලම් කරලා 10ක් තෝරගන්නවා.ඒවාගෙන් එක එක අයින් කරනවා හරියට සුපර් ස්ටාර්,ඩ්‍රීම් ස්ටාර් වල වගේ.අන්තිමට ඉතුරු වෙන කෙනා තමා ජයග්‍රාහකයා/ජයග්‍රාහිකාව.කරන විදිය වීඩියෝවක් මගින් පෙන්වනවා.හොර බොරු නැතුව,දන්න කෙනෙකුට දුන්නා කියන්න බැරිවෙන්න අවංකව වැඩේ කරන්න ඉන්නේ.

මොකද හිතන්නේ ඒ තෝරන විදිය ගැන? එළද? නැත්නම් අජූතද? ;)

2. බ්ලොගර් එකවුන්ට් නැති අය, ඇනෝ විදියට හරි උත්තර දීලා යන අයට මොකද වෙන්නේ? එයාලට අවස්ථාවක් දෙන්නේ නැද්ද?

මුකුත්ම වෙන්නෑ.එයාලටත් අවස්ථාව තියෙනවා තරඟ කරන්න.ඒ මේ විදියට.තරගෙට සහභාගී වෙන්න ඕනේ කියලා හිතෙන ඇනෝ, බ්ලොගර් එකවුන්ට් නැති අය උත්තරේ දන්නවානම් කරන්න තියෙන්නේ;

උත්තරේ කමෙන්ට් කරලා, ඒක පබ්ලිෂ් කරන්න කලින් ෆුල් ස්ක්‍රීන් Screen Shot එකක් අරන් තියාගන්න කමෙන්ට් කරන වෙලාවත් එක්ක වැටෙන්න.ඊට පස්සේ ඒක සේව් කරලා තියාගන්න.

3. එතකොට එක ඇනෝ කෙනෙක් ප්‍රශ්න කිහිපයකට හරි උත්තර දුන්නාමත් තියෙන්නේ එක අවස්ථාවද?

මං තෝරන්න හිතන් ඉන්න විදියට නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි.ඇනෝ කෙනෙක් ඉන්නවානම් කිහිප අවස්ථාවක් හරි උත්තර දීලා එයාට කරන්න තියෙන්නේ එයා සේව් කරන් තියෙන Screen Shot Images ආරක්ෂා කරලා තියාගන්න එක විතරයි.ඇනෝ කෙනෙක් දිනුවොත් මං කියන විස්තර එයාගේ Screen Shot Image එකක තියෙනවනම් එයාට ඒක පෙන්නලා තෑග්ග ගන්න පුළුවන් වෙයි.


4 . තෝරන දවස 

ඒ ගැන පස්සේ කියන්නම්.අදහස නම් ඊලඟ අවුරුද්දේ දෙවෙනි මාසේ මුල් සතිය.


5 . දිනන කෙනාට දෙන තෑග්ග 

ඒකනම් මටත් තාම ප්‍රශ්නයක්.. හි හි හි.. ලොකූ දෙයක් නම් දෙන්න බැරිවෙයි.ඒත් බලමුකෝ..





උඩින් දීලා තියෙන ලින්ක් දෙකේ ෆ්‍රී සොෆ්ට්වෙයා දෙකක් තියෙනවා Screen Shot වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්.ඒ ලින්ක් උඩ කොටලා ඒ දෙක බාගන්න පුළුවන්.තවත් සොෆ්ට්වෙයා තියෙනවා.මට ඕනේ කමෙන්ට් එක පබ්ලිෂ් කරන්න කලින් ඒකයි,වේලාවයි.එච්චරයි.උදාහරණකට  පින්තූරයක් දාලා තියෙනවා.


ප්‍රශ්න අහලා තෑගී දෙන වැඩේ ආරම්භ කල අඩවි රජා ව මතක් කරේ නැත්නම් ඒක හරි නෑ වගේ.මාත් තෑගී නෑ කියලා වට 03ක් ඇදලා තෑග්ගක් දෙන්න හිතුවනේ.ඒකයි ඈ.. :) හැබැයි මගේ විදිය වෙනස් ඕං.. 


ප්‍රශ්න අහලා තෑගී දෙන විදිය වෙනස් විදියකට පටන්ගන්න යන නොනිමි අහස ලියන අවතාර් ටත් මේ එක්කම සුබ පතනවා ඒ වැඩේ සාර්ථක වේවා කියලා..!
එහෙනම් මට ජයවේවා!

ඔයාලටත් ජයවේවා!

ප.ලි : මේකට හරි උත්තරේ තමා, මේක හීනයක්.සෑම් දැකපු හීනේ කොහොමද අපි කියන්නේ එයා මැරුණනම්.ඒක හින්දා මේ දේ වෙන්න බෑ.අසත්‍යයි.

මේකට මුලින්ම හරි උත්තරේ දුන්නේ දේශ්.ඊලගට මානවක.ඊටපස්සේ පිස්සු හුටං.ඒ තුන්දෙනා තරඟ කරන අවස්ථා ගාන එකකින් වැඩි වෙනවා.අනිත් අයට මොකද අෆ්ෆා වුනේ? මේක ලේසියිනේ. කමක් නෑ.උත්සහ කරපු හැමෝගෙම උත්සාහය අගයනවා. එහෙනම් ඊළඟ බදාදා තවත් ප්‍රශ්නයකින් හමුවෙමු.

50 comments:

  1. සෑම් ඉන්නෙ අල්මාරිය ඇතුලෙ නම් හොල්මනට එයාගෙ උරහිසෙන් අල්ලන්න බැහැ.

    ReplyDelete
  2. udema beluwe amulika keppayakne. He he

    Kathawa boru, eka ehema wenna be. Ai yako heene dakapu eka nindedima meruna nam, dakka heene mokakda kiyala danaganne kohomada. Meruna eka heenen aweth kiwwada.

    ReplyDelete
    Replies
    1. හි හි හි.. මේවා කෙප්ප නෙවෙයි බං.සත්‍ය සිද්ධි.

      පලවෙනියටම උත්තරේ දුන්නේ දේශ් තමා. ජය!

      Delete
  3. අයියෝ සෑම්...ඇත්තටම එහෙම වෙනවද ??...

    මට ප්‍රශ්ණයක් විතරයි. උත්තර නෑ...හි හී

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවලු නේ?

      කට්ටි පැනීම ඕකට කියන්නේ.. :)

      Delete
  4. ඔහොමත් කතා "ඩොක්" ගලා ඉවර කරනවාද අෆ්ෆා. :)

    ReplyDelete
    Replies
    1. මං පෝස්ට් ඒක කීප වතාවක්ම බැලුවා. ඒත් මට අහු වුනේ නෑනේ කොතනකදීවත් 'ඩොක්' කියලා ඉවර කරලා තියෙනවා.. :)

      Delete
  5. දාඩිය දාන වෙලාවෙ ඇහැරුනේ නැද්ද?

    ReplyDelete
  6. මෙහෙම නින්දේදී මිය යන්න පුළුවන් කියල මට නම් හිතෙන්නේ...
    තෑගී ප්‍රශ්න වැඩේ සාර්ථක වේවා!!

    ReplyDelete
    Replies
    1. නින්දේදී මැරෙන්න පුළුවන්! ඒත් මේ කතාවේදී ?

      තැන්ක්ස්!

      Delete
  7. ඔහොම වෙන්න පුළුවන් ඇති අනේ..මමත් අහලා තියනවා..

    ReplyDelete
  8. හෙහ් හෙහ් නියමයි. මැරෙන්න පුළුවන්ද මන්දා එහෙම. හ්ම්ම්...

    ReplyDelete
    Replies
    1. පුළුවන් නේ.ඒත් මේ කතාවේදී! අනේ මන්දා..

      Delete
  9. බොරු.
    “දැන් සෑම් ඉන්නේ අල්මාරිය ඇතුලේ.වටපිටාවේ කිසිම සද්දයක්වත් ඇහෙන්නේ නෑ.අඩුම තරමේ සෑම්ට ඔහුගේ පපුව ගැහෙන සද්දෙවත් ඇහෙන්නේ නෑ.“ ඒ කියන්නේ සැම්ගේ හාර්ට් එක වැඩ කරලා නෑ කියන එකනේ. එහෙම නම් කොහෙමද හාර්ට් ඇටෑක් එකකින් මිය යන්නේ.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක කියවලා බලන්න තව පාරක්. මේක නම් වැරදියි

      Delete
  10. කතාව වෙන්න පුළුවන් හීනය දැකපු කෙනා නොමරුනානම්.ඒත් මෙතැනදී එහෙම දෙයක් වෙන්න බෑ.මොකද කියනවනම් අපිට මැරුන කෙනෙක් ගේ හීනය මොකක්ද කියල දැනගන්න කිසිම විදියක් නෑ.

    ReplyDelete
    Replies
    1. හරිනේ මානවක. ඔබටත් ජය!

      Delete
  11. වෙන්න බෑ. දැන් ෆිල්ම් එක ඉවර වෙලා ටීවි එකත් ඕෆ් කරලනෙ. හොල්මන දැන් නෑ

    ReplyDelete
    Replies
    1. ඕ. හොල්මන් හිටියේ ෆිල්ම් එකේ. :)

      Delete
  12. ප්‍රෙෂර් එකට බේත් බොන පොරක් නම් ඉතින් කතාව ඇත්ත වෙන්න බැරිකමකුත් නෑ ....තෑගී වැඩේ හොඳයිනේ

    ReplyDelete
    Replies
    1. තාම තරුණ කොල්ලෙක් නේ.ඒ හින්දා ප්‍රෙෂර් නැතුව ඇති!

      එළ!

      Delete
  13. අනේ මන්දා බං..? කම්මැලියි වගේ.

    ReplyDelete
    Replies
    1. ඕං අදත් මග ඇරලා ගිහින්! :)

      Delete
  14. ඔහොම වෙන්නත් පුළුවන් එත් උත්තරේ කොහොමද පැහැදිලි කරන්නේ?.
    උඹේ තෑගී දෙන තරඟය නැගලා යාවා කියලා මම පතනවා අනේ ඔය මොන තරඟ තිබ්බත් මට කවදාවත් දිනන්න නම් හම්බ වෙලා නැහැ :(.දිනන එකෙක්ට ඔන්න දැන්ම සුබ පැතුවා.

    ReplyDelete
    Replies
    1. ට්‍රයි එකක් දේ බං. චාන්ස් එකක් හිට්ටොත්!

      Delete
  15. වෙන්න පුලුවන්ද බැයිද කියා නොදනිමි... තවම හොල්මන් දැක නැත

    ReplyDelete
    Replies
    1. අයියෝ! හිතලාවත් කියන්න බෑ?

      Delete
  16. මේ සෑම්ගේ හාට් එකේ බීට් එක නැවතිලා ගොඩාක් වෙල කිව්වනේ..ප්‍රශ්න වලට උත්තර දෙන්න නම් දන්නේ නැතෝ.. ඒක නෙමේ තෑග්ග මොකක්ද.. ?:D

    ReplyDelete
    Replies
    1. ඔන්න එයත් මේ වැඩේ මග ඇරලා ගිහින්! :(

      එහෙනම් ඉතින් දෙන තෑග්ග ගැන කියලා වැඩක් නෑ ඔයාට.ඔයා දැන්ම කියලානේ උත්තර දන්නේ නෑ කියලා. :)

      Delete
  17. හොල්මන් වලට බයයි අනේ.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. Forces වල ඉන්න කෙනෙක් හොල්මන් වලට බයද?

      Delete
  18. හම්මේ.. අත්තක් වෙන්න ඇති... හේතුව.. අපේ අක්ක කෙනක් මැරුණා :( මගේ නෙවෙයි නැදෑ අක්ක කෙනෙක් ...

    ReplyDelete
  19. තෑගී වැඩේ..එල.. මම හොරාට හරි එකක් ඉල්ලගනන්ව :D

    ReplyDelete
    Replies
    1. හි හි හි.. එහෙම දෙන්නෑ. ප්‍රශ්න වලට හරි උත්තර දීලා දින්නොත් තමා. :)

      Delete
  20. heenayak kiyanne thathparayak dekak thula ethiwana deyak nisa film eka awasan wana thuru sihinaya peniya noheky. ae nisa meya siduviya noheky.

    ReplyDelete
    Replies
    1. නෑ නේ. මේ උත්තරේනම් වැරදියි.

      Delete
  21. මැරිච්ච සෑම් අයිය දැකපු හීනෙ ගැන දැන ගත්තෙ මළවුන් ගෙන්නන තැනකට ගිහින් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒකනම් දන්නේ නෑ ඕං.. :)

      තුන්වෙනි තැන. ජය!

      Delete
  22. පෙර කොමෙන්ටුව බලා පිළිතුර සිතා ගනු යෙහෙකි.

    ReplyDelete
    Replies
    1. ඒක මාත් පස්සේ දැක්කේ. අයින් කරා ඒක ඒ වෙලාවේම.

      Delete
  23. සෑම්ට හීනෙන් පේන්න ඇති පෝල් වෙනුවට හෝල්මන එයාගේ උරහිසින් අල්ලනවා.. :)

    ReplyDelete
    Replies
    1. නෑ හලෝ. එහෙම නෙවෙයි.

      Delete
  24. වෙන් පුළුවන් මොකද ඔහු ඉන්නේ සම්පූර්ණම ඒ කටහවට හදවතින්ම බැහැල. හදවතේ දුර්වල කමක් ඇති කෙනෙක්නම් වෙන් පුළුවන්

    ReplyDelete
    Replies
    1. නෑ.වැරදියි. ඊළග වතාවේ ට්‍රයි එකක් දෙමු.මං හිතන්නේ අදමද කොහේදෝ මගේ බ්ලොග් එකට ගොඩ වැදුනේ.

      Delete
  25. අපොයි.... ඔය වගේ දේවල් වෙන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. ඒත් මේකෙදි වෙන්න බෑනේ. :)

      Delete