Friday, November 2, 2012

දික්කසාද බාර්බී..



දුවගේ පස් වෙනි උපන් දිනයට දෙන තෑග්ග මොකද්ද කියලා හිත හිතා හිටිය හෙන්රි අන්තිමේදී තීරණය කරා දුවට බාර්බී ගර්ල් කෙනෙක් ව තෑගී කරන්න. එහෙම හිතාගෙන රැකියා කටයුතු ඉවර වුනාම හේන්රි නගරේ තිබුණු සෙල්ලම් බඩු කඩයකට ගොඩ වුනා.කඩේ ඇතුලේ එහෙ මෙහෙ ඇවිදලා අන්තිමේදී හෙන්රි දැක්කා බාර්බී බෝනික්කෝ දාලා තියෙන රාක්කය. වෙළද සලේ හිටපු සේවකයෙකුට කතා කරපු හෙන්රි,

"අර රාක්කෙ මැද්දට වෙලා තියෙන බාර්බිගේ ගාණ කියාද?"

"මේකද සර්..?"

"ඕ.. ඒක තමා.."

"ඒක සර් ඩොලර් 19.59 ක් වෙනවා.."

"එච්චර වෙනවද..?"

"ඕ සර්.. ඒ ජිම් යන බාර්බී කෙනෙක්.බේස්බෝල් ගහන බාර්බී ඩොලර් 19.59යි,අර අතන තියෙන ෂොපින් යන බාර්බී ඩොලර් 19.59යි,අර කොනට වෙන්න ඉන්නේ බීච් යන බාර්බී.එයාගේ ගාණත් ඩොලර් 19.59යි.මේ තියෙන්නේ නයිට් ක්ලබ් යන බාර්බී කෙනෙක්.එයත් ඩොලර් 19.59යි. උඩම රාක්කෙ ඉන්න දික්කසාද වුනු බාර්බී නම් ඩොලර් 395.00 ක් වෙනවා.."

සේවකයා බාර්බිලාගේ ගණන් ටික එක දිගට කියාගෙන ගියා.හෙන්රිට ප්‍රශ්නයක් වුණා ඇයි දික්කසාද වුනු බාර්බී විතරක් අනිත් බාර්බීලාට වඩා ගණන් කියලා.

"ඇයි දික්කසාද බාර්බී එච්චර ගණන්? මොකද්ද ඒකෙයි අනිත් ඒවායෙයි තියෙන වෙනස..?"

"මෙහෙමයි සර්.. ඒ දික්කසාද වුනු බාර්බී ආවේ කේන්ගේ ගේ, කේන්ගේ කාර් එක, කේන්ගේ බෝට් එක, කේන්ගේ ගෙදර තිබුණු ගෘහභාණ්ඩ එහෙම වන්දි වශයෙන් අරං.."



ප.ලි :ඕං අද මං තෑග්ගක් තියෙන ප්‍රශ්නයක් අහන්න යන්නේ..

 අද මගේ උපන් දිනේලු. :)  එහෙනම් අද ප්‍රශ්නය..

නොවැම්බර් 2 වෙනිදා මගේ උපන් දිනේ නම්; අදට මම ඉපදිලා අවුරුදු කීයද? ඒ කියන්නේ අදට මගේ වයස.. 

තෑග්ගට දෙන්නේ අපේ ආම් උපන් දිනේට හදපු කේක් එකෙන් කොටසක්.එහෙනම් ඒකටත් උත්තර දීල යන්ටකෝ බලන්න.

ප.ප.ලි : බදාදා අහපු ප්‍රශ්නෙට උත්තරේ දැන් ටිකකට කලින් දැම්මා. ඒ පෝස්ට් එක බලන්න. 

ඒ පෝස්ට් එක තාම දැක්කේ නැත්නම් මෙතනින් යන්න.පුලුවන්නම් උත්තර දීලා යන්න.


කලින් ලියු මේ කතා ටික මග හැරුන නම්: 


හුගක් ආදරෙන් හිටපු ඈන් හා මයික් අවුරුදු කීපයක් ආදරය කරලා අන්තිමේදී තීරණය කරා කසාද බදින්න.ඉතින් මේ දෙන්නා එයාලගේ  දෙමවුපියන්ට කිව්වා. එයාලා හුගක් සතුටු වුනා ඒක අහලා. එයාලා හැම පැත්තෙන්ම උදවු කරා උත්සවේ හොදට කරන්න. මයික්ගේ යාළුවෝ මයික්ව  දිරි ගැන්වුවා " බැදපන් මචෝ.. ජිවිතේ සතුට තියෙන්නේ බැන්දම.." කිය කිය. මයික්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ! එයාට ඒක ජිවිතේ සැබෑවෙන හීනයක් වගේ උනන්දුවෙන් ඒකට ලැස්ති උනා. ඒත් ඒක දෙයක් මයික්ගේ හිතට වද දුන්නා. ඒ මයික්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නංගි. ඈන්..   තව කියවන්න..


ගෙදරක වැඩ කරන සේවිකාවකට තමන්ට දැන් ගෙවන වැටුප ප්‍රමාණවත් මදි කියලා හිතුනා. ඉතින් සේවිකාව තමන් වැඩ කරන ගෙදර මහත්තයාට කිව්වලු තමන්ගේ පඩි වැඩි කරලා දෙන්න කියලා. ඉතින් මහත්තයා කිව්වා ගිහින් නෝනාගෙන් අහන්න කියලා. ඔන්න දැන් මෙහෙමයි නෝනයි, සේවිකාවයි අතරේ යන දෙබස..  තව කියවන්න..

51 comments:

  1. දික්කසාදෙට වටිනාකමක් තියෙනව ඒනම් !

    ReplyDelete
    Replies
    1. ඕ.. කලින් බර අත්තක් බැඳලා හිටියනම්. :)

      Delete
  2. හි..හි..දෑවැද්දකුත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඕ. දෑවැද්දක් එක්කම තමා විකිනෙන්න ඇවිත් තියෙන්නේ. :)

      Delete
  3. මොකුත් නැතුව දික්කසාද ඒවානම් ඩොලර් 19.59 ටත් අඩුව ඇති එහෙනම්.

    ReplyDelete
  4. දික්කසාද වුන කෙනෙක් බැඳ ගත්තත් අව්ලක් නෑ වගේ නේ එහෙනම්...

    උඹට වයස 24යි... හරි දැන් මට තැග්ග දීපං...

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොයලා බලහන්කො ඒ වගේ එකක්. සැපනේ ;)

      හි හි.. වරෙන් අපේ ගෙදර. අනිවා දෙනවා. :)

      Delete
    2. ඈහ්.., අඟල් 1x1x1 කේක් කෑල්ලකට 100 කි.මී විතර පළකෝ...
      :@
      :P

      මේකෙන් සුභ පතන්න අමතක වුනානේ...

      සුභ උපන් දිනක් වේවා..!!!!!!!!!!!!

      Delete
    3. අනේ පල යන්ට! වැඩිම උනොත් කි.මි. 50. පැය එකහමාරක ගමනක්.

      තැන්ක්ස්..!

      Delete
  5. හික්ස්!!! මාර බාබි තමයි..
    ජය වේවා!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  6. හි හී...දික්කසාද වෙච්චි බාබි ඇවිත් තියෙන්නෙ වන්දිත් අරගෙනම... ආයෙම තම කෙනෙක් එක්ක යන්න දෑවැද්දත් අරගෙනම...හි හී...නියමයයි නෙ...

    ඇත්තටම අද උපන් දිනයද ? එහෙනම් මගෙන් සුබ පැතුම් ! සුබ උපන් දිනයක් !

    ReplyDelete
    Replies
    1. නියම මෙතඩ් ඒක නේ?

      ඕ. එකනේ කියා නොකියා වගේ කිව්වේ.

      තැන්ක්ස්!

      Delete
  7. යකෝ! බාබිගේ ගණන්!!! හික්ස්!

    ReplyDelete
  8. දෑවැද්දත් එක්ක බාර්බි ගර්ල් කෙනෙක් :ඔ :ඔ 
    අහ්හ්හ්හ්......සුබම සුබ උපන් දිනයක් කිව්වා!!!! අනේ මන්දා අෆ්ෆා...කෝම හරි මොකක් හරි පෝස්ට් එකකින් තමයි අය්යෙක් කියලා හොයාගත්තෙ 21,22 වෙන්න ඕනි...
    ජය!!

    ReplyDelete
    Replies
    1. ඔවුනේ..

      තැන්ක්ස් මළයා! ම හිතන්නේ නෙත්මි ගැන ලියපු පෝස්ට් එකෙන් වෙන්න ඇති.

      24යි. ඒ වුනාට ඔයා කියපු වයස වගේ තමා පෙන්නේ. ;)

      Delete
  9. සුබම සුබ උපන්දිනයක් සහෝ...ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ෆ්‍රෙන්ඩ්!

      Delete
  10. හි හි......අනේ මෙහෙම ලෝකයක්.....හත්තිලවුවේ දික්කසාදෙට එච්චර වටිනා කමක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. බර අත්තක් බැදලා ලොකු වන්දියක් අරගෙනම දික්කසාද වුනානම් ඔය වගේ චාන්ස් එනවා.

      Delete
  11. ඔයාගෙ වයස අවුරුදු 24. මම හරි නේද?

    ReplyDelete
    Replies
    1. හරිනේ. ඒත් හොයාගත්ත විදිය කියලා නෑනේ. :)

      Delete
  12. මේ මොන පිස්සෙක්ද බ්ලොග් ලියන්න ඇවිත් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇයි,බ්ලොග් ලියන අනිත් පිස්සන්ට වඩා මං වෙනස්ද? :)

      Delete
  13. සුභ උපන් දිනයක් !!! :)

    ReplyDelete
  14. දික්කසාදෙ වටිනවා නේ ඔක්කොටොම වඩා..:)
    උඹේ වයස නම් බං අවුරුදු 24 නේ.:) සුබ උපන් දිනයක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා!

      තැන්ක්ස් මචං!

      Delete
  15. බාබිගේ දික්කසාදේ වටින්නේ පිරිමි අයටනේ.. අපිට නෙමේනේ.. :P

    ඈ... අද ඉෂාන් අයියාගේ උපන්දිනේද....? :O එනිවේ.... ඔන්න හැපි බ්(ර්)ත්ඩේ කිව්වා හොඳේ.. කේක්.. නැද්ද... ;)

    බලන් ගියාම බ්ලොග් ලියන ඔක්කොම අයියාලා අක්කලානේ මම විතරද එතකොට මෙතන ඉන්න පොඩිම නංගි.. ;'(

    ReplyDelete
    Replies
    1. ඕ. පිරිමි අයට.ඒත් අනිත් අයටත් වැදගත්. ;)

      ඕ. තැන්ක්ස්! ඔහෙන් කේක් කෑල්ලක් අරන් කන්න මං දුන්නා කියලා හිතාගෙන! :)

      මං හිතන්නේ නෑ!උපන්දිනේ කිව්වනම් හොයාගන්න තිබුනා. :)

      Delete
  16. අව්රුදු විසි හතරයි...

    සුබ උපන් දිනයක් වේවා ඉෂාන්...

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් දූපත් වැසියා!

      Delete
  17. උඹ නං මලේ අපිව අංඥකොරොස් කරවනවා

    ReplyDelete
    Replies
    1. මං ටිකක් ටියුබ් ලයිට් වෙලා ...මලේ ඔයාටත් සුබම සුබ උපන්දිනයක් පතනවා.

      Delete
    2. 'අංඥකොරොස්' කරනවා කියලා කිව්වේ අහපු මෙලෝ රහක් නැති ප්‍රශ්නේ හින්දා වෙන්ට ඇති. :)

      තැන්ක්ස් නලීන් අයියා!

      Delete
  18. සුභ උපන් දිනක් මචන්
    කතාව මට නම් ටියුබ් ලයිට්.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් නිශාන්!

      තව පාරක් කියවලා බලන්ට.ඒත් බැරිනම් අහන්ට! :)

      Delete
  19. සුභ උපන්දිනයක් මචං..

    ReplyDelete
  20. late wishes- happy birth day!! mage sinhala weda nethuwa gihin... :/

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් කැරලිකාරී..

      හදාගන්ට ඇති නේ දැන්?

      Delete
  21. හි හි..නියම කතාව..:) සුභ උපන් දිනයක් සහෝ :)

    ReplyDelete
  22. http://www.youtube.com/watch?v=xVzIGMqRznk :) මෙන්න මගෙන් සුභ පැතුමක්..:)

    ReplyDelete
  23. Late Wish Macho............
    But Wish you hApPy HaPPy Birth day!!!!!

    ReplyDelete
  24. සුට්ටක් පරක්කු උනා.. සුභ උපන් දිනයක් වේවා.. වයස 24නේ...
    උඩ කොමෙන්ට් වලින් හොයා ගත්තේ..


    ජය..

    ReplyDelete