Saturday, December 8, 2012

ස්ත්‍රී වශී..


කලින් පෝස්ට් එක ලියද්දී මතක් වුනා කතාවක්.මගේ යාළුවෙක් කරපු වැඩක්.ඒකත් ඒ එක්කම ලියාලා දාන්න හිතුවා.

කසුන් කියන්නේ මගේ හිතට අල්ලපු යාළුවන් කීප දෙනාගෙන් ඉහළින්ම ඉන්න එක්කෙනෙක්.එළම බොක්කක්.එහෙම කියන්න මට ගොඩක් හේතු තියෙනවා.හොද ගතිගුණ තිබුණා.ඒ ගතිගුණ දැක්ක එක පාරක් තමා; වසක් මගේ දකුණු අතේ ඇඟිලි දෙකක් කැපිලා මට ඉන්ටර්වල් එක වෙලාවේ අතින් බත් කන්න බැරුව ඉද්දි මට බත් කවන්න තරම් හොද හිතක් තිබුණා..ඒ සිද්ධිය මට හොදට මතක තියෙනවා.ආය කියන්ට තියෙන දේ කෙළින්ම කියනවා.කසුන් ඉස්කෝලේ Deputy Head Prefect වෙලා ඉද්දි මට කොච්චර බැනලා ඇත්ද! උඹලා කරන වැඩ හින්දා වෙන එකෙක්ට උපදෙස් දෙන්නේ කොහොමද කියලා මට සෑහෙන්න කියලා තියෙනවා.ඒ තරම්ම මගේ වැඩ හොද හින්දා. හි හි හි.. 

කසුන්ව මට සෙට් වුනේ ලින් පෝස්ට් එකේ මැද හරියක කිව්වා වගේ 9 වසරේදී පන්ති 4කට කඩපු වෙලාවේ.9 වසරේදී එච්චරම ෆිට් එකක් නැති වුනත් 10 වසරේදී මගේ හොද යාළුවෙක් වුනා.ඒ ඇතිවෙච්ච යාළුකම ඉස්සර වගේම නැතත් තාමත් තියෙනවා.ඒ වැඩිය මුණ ගැහෙන්නේ නැති හින්දා.පොර දැන් ජේලර් ගාඩ් කෙනෙක්.කොහේදෝ බන්ධනාගාරයක ඉන්නේ.ඉතින් ඒ හොද යාළුවාගේ කතාවක් තමයි මෙදා පෝස්ට් එකකට ලියවෙන්නේ.. මේකත් අපේ ප්‍රියංකාට ම සම්බන්ධ කතාවක්.ප්‍රියංකාව නම් දැන් මගේ බ්ලොග් එක බලන කට්ටිය දන්නවනේ.. (ඕ.. ඕ.. අර මාත් අවුරුදු ගාණක් සිතින් ලව් කරපු ප්‍රියංකා තමා.එයාගේ හොටු කතාවකුත් තිබුණේ..)

අපේ කසුන්ටත් ඕනේ වුනා ප්‍රියංකාත් එක්ක යාළුවෙන්න.11 වසරේ මැද හරියේදී වගේ තමා ඔය අදහස කසුන්ගේ හිතට ආවේ.ඊට කලින් එක එක කෙල්ලන්ට පැණි හල හල හිටියත් එකක්වත් හරි ගියේ නෑ.අහපු ඒවා ඔක්කොම වගේ බෑ කිව්වා.අන්තිමේදී කසුනුත් තීරණය කරා අපි වගේම පන්තියේ තමන්ගේ ඇස් පේන මානයේ දිලිසි දිලිසි ඉන්න ප්‍රියංකාට උත්සහයක් දාලා බලන්න.කසුන් සිරාවටම තමා වැඩේ පටන්ගත්තේ.ඒ පටන්ගත්ත වැඩේ A/L ඉවර වෙනකම්ම තිබුණා.

ඉතින් ඔය වැඩේට කසුන් උදව් ගත්තේ අපේ එවුන්ගෙන්ම තමා.මුල් කාලේ කට්ටිය උදව් කරත් අන්තිමේදී ඒකට ෆුල් සප් එක දෙන්න වුනේ මට.ඒ කසුන්ට ප්‍රියංකාත් එක්ක කතාකරන්න තරම් හයියක් ඒ කාලේ තිබුණේ නෑ.ඉතින් අපිට තමා ප්‍රියංකාගෙන් කසුන්ට කැමතිද කියලා අහන වැඩේ බාරගන්න වුනේ. කලින් ප්‍රියංකාගෙන් අහපු හැම එකාටම ලැබුණු උත්තරේ වෙච්ච 'බෑ../ මං කැමති නෑ..' කියන උත්තර ටික තමා කසුන්ටත් ලැබුණේ.ඒත් මේකා වැඩේ අත්හරින පාටක් තිබුනෙම නෑ.අපේ එවුන් කොච්චර කිව්වත් 'ඕක හරියන වැඩක් නෙවෙයි කියලා..' මේකා වැඩේ අතහැරියේ නෑ.අර කවුදෝ කියලා තියෙනවනේ 'උත්සාහවන්තයා ජයගනී..!' කියලා.ඉතින් අපේ එකාත් ඒ මාර්ගේම ගියා.

A/L වලට කසුන් තෝරාගත්තේ Arts. මං Bio.ප්‍රියංකාත් Bio. ඒ හින්දා කසුන් තව දුරටත් අපෙන් උදව් බලාපොරොත්තු වුනා මේ වැඩේට.මං යාළුවුනෙත් Bio පන්තියේ හිටපු කෙල්ලෙක් එක්ක හින්දා කසුන් එයා මාර්ගයෙනුත් ප්‍රියංකාගෙන් ඇහුවා.ඒත් හරි ගියේ නෑ.ක්ලාස් තිබුණු හැමදවසකම වගේ පස්සෙන් ගියා.ඔය පස්සෙන් යන වැඩේ මගේ ගෑණුළමයා කියව කියව හිටියේ.ඒ එයාට වඩා යාළුවො වටිනවා කියලා.හේතුව මං එයාව දාලා කසුන් එක්ක ප්‍රියංකා පස්සේ යනවා අරයාට ස්ටේෂන් එකට ඇවිත් ඉන්න කියලා.ඒ වුනත් මං කසුන් එක්ක යන වැඩේ නතර කරේ නෑ.

ඉතින් ඔය වැඩේ හරියන්නේ නැති හින්දා කසුන්ට අදහසක් පහල වෙලා තිබුණා වශියක් කරගන්න.ඒකත් පත්තරේ දැක්ක දැන්වීමකින්. කොහොමහරි දැන්වීමේ තිබුණේ 'ස්ත්‍රී වශී නොමිලේ..,වරු 3න් / දවස් 7න් හරි වැඩේ හරියනවා 'කියලා තිබුණේ.ඉල්ලලා තිබුණේ නම් දෙකයි,උපන්දිනෙයි විතරයි.වැඩෙත් නොමිලේ හින්දා අපේ කසුන් තීරණය කළා මේ දැන්වීමේ තිබුණු ඇඩ්රස් එකට ලියුමක් දාන්න.ලියුමේ තිබුණේ,

'මන්ත්‍රාචාර්ය තුමනි, මගේ හිතේ ගෑණුළමයෙක් ගැන අදහසක් තියෙනවා.ඒත් එයා මට කැමති නෑ.මේකයි නම් දෙක හා උපන්දින.ඔබතුමාට මේ වැඩේ කරලා දෙන්න පුලුවන් නම් බොහොම පින්! ' කියලා..

ඉතින් ඕක තැපැල් කරලා දහයකට විතර පස්සේ අර මන්ත්‍රාචාර්ය තුමාගෙන් ලියුමක් ආවා.එකේ ලියලා තිබුණේ,

'දරුවා! මට ඔබේ කාරණය හොදින් වැටහුණා.මා ඔබට පිහිටවීමේ අරමුණෙන් ඔබ ලියා එව් නම් දෙක හා උපන් දින ඇසුරෙන් ඔඅබ් වෙනුවෙන්ම පේවී නූලකට බලවත් ගුරුකමක් කරා.එය කර ඇත්තේ ඇත්තේ එකසිය අටවාරයක්‌ මතුරමින්. එම නූල ඔබේ නමට _ _ _ _ තැපැල් කාර්යාලයට පාර්සලයක් මගින් එවා ඇත.තැපැල් කාර්යාලයට ගොස් එය බාරගන්න..

උපදෙස් :


  • නූල පැළදිය යුත්තේ කර වටේය. 
  • මෙය පැළදිය යුත්තේ උදේ පාන්දරම ස්නානය කිරීමෙන් පසුවය.
  • වරු 3ක් යනතෙක් මළගෙවල්, කොටහළු ගෙවල් වැනි කිළි තිබෙන ස්ථාන වලට යෑමෙන් වළකින්න.
  • වරු 3ක් යන තෙක් මස් මාළු කෑමෙන් වළකින්න.
  • වරු තුන ගෙවුණු පසු නූල ගලවා සවස් කාලයක වතුර ගලායන ඇළ මාර්ගයකට හෝ ගංගාවකට දමන්න.

ඔබට ප්‍රතිපල දවස් 7 තුල ලැබේවි. ඔබට යහපතක්ම වේවා!


මීට,
_ _ _ _ මන්ත්‍රාචාර්ය..

ප.ලි : දරුවා, මෙය තැපැල් කිරීම හා පූජාභාණ්ඩ වෙනුවෙන් රුපියල් 700.00 මුදලක් මා හට වැයවිය.එබැවින් එම රුපියල් 700.00 අදාල තැපැල් කාර්යාලයට ගෙවා පාර්සලය ලබාගන්න..

අනේ ඉතින් ලියුම ආව දවස් වල කසුන් අතේ එච්චර ගානක් තිබුණේ නෑ.ඉතින් කසුන්ට ඒ අඩුපාඩුව දුන්නේ කනිෂ්ක කියලා අපේම එකෙක්.කොහොමහරි ඉතින් එදා හවසම කසුන් ඒ තැපැල් කාර්යාලයට ගිහින් සල්ලි ගෙවලා පාර්සලේ ගත්තා.ඊළඟ දවසේ උදෙන්ම නාලා අර නූලත් බෙල්ලට දාගත්තා. කොහොමෙන් කොහොම හරි වරු තුන ලැබුණු උපදෙස් අනුව කටයුතු කරපු කසුන් අන්තීමේදී කියලා තිබුණු විදියටම ඒ නූල ගමේ ඇළට දැම්මා.අදාල සිද්ධියෙන්,

දවස් 7 කට පස්සේ,

කසුන් : 'ප්‍රියංකා.. මං ඔයාට කැමතියි.. ඔයා මොකද කියන්නේ?'

ප්‍රියංකා : ' මං කැමති නෑ..!"

දවස් 8 කට පස්සේ,

කසුන් : 'ප්‍රියංකා.. මං ඔයාට කැමතියි.. ඔයා මොකද කියන්නේ?'

ප්‍රියංකා : ' මං කැමති නෑ..!"

දවස් 10කට පස්සේ,


කසුන් : 'ප්‍රියංකා.. මං ඔයාට කැමතියි.. ඔයා මොකද කියන්නේ? මං ඇත්තටමයි අහන්නේ.මං කොච්චර කල් ඔයා වෙනුවෙන් බලං හිටියාද..!'

ප්‍රියංකා : ' මං කැමති නෑ..! මං දැන් කී සැරයක් කිව්වාද! "

කසුන් ඊට පස්සේ අපි ළඟට ඇවිදින්,

"අර #$#@^ බොරුවක්ද කොහේදෝ බං කරලා තියෙන්නේ. හරි ගියේ නෑනේ මේක.අපරාදේ සල්ලි.. මං අරූටත් ණය වුණා. මුගේ අම්මාට $%&^%  #$^ $%^* පුතා.. හෙන ගහපන් ඕකාට කරපු මේ වැඩේට..!"

ඔය මන්ත්‍රාචාර්ය තුමාට බැන්නේ.හරිය.. ඒ වැඩේ හරි ගියේ නැතත් කසුන් ප්‍රියංකාගේ පස්සේ යන එක, අහන එක නැවැත්තුවේ නෑ කලින් කිව්වා වගේම A/L ඉවරවෙනකම්ම.

මට කසුන්ව මේ ළඟදී අන්තිමට මීට් වුන දවස් වල නම් ගෑණුළමයෙක් එක්ක යාළුවෙලා හිටියේ.කොහොමහරි එකක් හරි ගිහින් තිබුණා. හැබැයි එදාත් කසුන් ප්‍රියංකා ගැන ඇහුවා.

"අනේ මේ! උඹට දැන් එකක් ඉන්නවනේ.ආය මොකටද ඒ ගැන හොයන්නේ! මට ඒකි ගැන ආරංචියක් ආවේ නෑ.. ඒකිගෙන් දැන් බොට වැඩක් නෑනේ.ඔය කරගෙන යන එක කරන් පළයන්..!"

"ඒ වුණත් බං, ඒකට සිරාවටමනේ කරේ. ඒ කාලේ කාපු කටු,කරපු වැඩ මතක් වෙද්දීත් වෙලාවකට හිනායනවා බං.."


64 comments:

  1. හෙහ් හෙහ් සිරාගේ ගණයේ කතාවක්.. ඔහොම තමා ඉතිං උත්සාහය අත්හරින්ට නරකයි. අර මන්ත්‍රාචාරයා මහ වනචාරියෙක් නේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ දේශක! ඒ මන්ත්‍රාචාරයා යැයි කියාගන්නා එකා කී දෙනෙක් රවට්ටලා ඇද්ද! තවත් කී දෙනෙක් මේ වෙලාවෙත් රැවටෙනවා ඇද්ද!

      Delete
  2. Replies
    1. බොරු කියන්න එපා සමියෝ.. උඹ හිතුවද හැම තැනම එක වෙන්න.. හැක්..

      Delete
  3. එක නෙමේ වගේ :D
    මචන් හැර ගිය අය ගෙන්නගන්න ක්‍රමයක් තියේද? වසී නම් ඕනි නෑ. අර මොකක්ද මන්ද නාට්ටියකත් තිබුනා එළැදෙනෙක් වසීයට අහුවෙලා කොල්ලගෙ පස්සෙ උම්බෑ කියල පන්නනව :P

    ReplyDelete
    Replies
    1. ඒවාත් ඉතින් ඔය ගුරුකම් වලින් තමා. හැබැයි ඔය වගේ වැඩ හරියටම කරන අයත් ඉන්නවා.නැතුව නෙවෙයි.

      ඒ නාට්‍යයේ කෙල්ලගේ හිසකෙස් වෙනුවට එළදෙනෙක්ගේ නැට්ටේ පඬි දීලානේ ඒ කේස් එක වුණේ. :)

      Delete
  4. "Sirage Kamre" hara isarwelama goda waduna. ela... "tani ahata adenawa"

    ReplyDelete
    Replies
    1. එළ! පිළිගන්නවා මේ පැත්තට!

      Delete
  5. හික් හික් හික්... කසුන්ට පස්සෙ සෙට් උන කෙල්ලත් හරි ගියේ වශියකින්ද දන්නෑ..
    රෙද්ද තමයි. රු:700/- ට කෙල්ලො වශී වෙනව නම් මං 5ක් 6ක් සෙට් කර ගන්නව. :D

    ReplyDelete
    Replies
    1. නෑ. එක එච්චරම ලොකු කට්ටක් නැතුව යාළු වුන එකක්.

      එච්චර හැන්ඩ්ල් කරන්න පුලුවන්ද බං එක පාර? :0

      Delete
  6. අපරාදෙ අර රුපියල් 700..ප්‍රියංකා ඒත් හිතන්න ඇති මෙච්චර බෑ කියලත් මේ මොකද මේ එක ළඟ ළඟ යාලුවෙන්න අහන්නෙ කියල:) එයා ඇත්ත විස්තරේ දැනගත්තනම් තමයි වැඩේ :)))

    ReplyDelete
    Replies
    1. ඒකනේ!

      ඒක හැබැයි එච්චරටම ගානක් නැතුව් ඇති.කසුනාගේ වැඩේ වුණේ සතියට දෙපාරක් වත් අහන එක.ඒ හින්දා මේ වතාවේ එකේ වෙනසක් දැනෙන්න නැතුව ඇති.

      දැනගත්තොත් ඉතින් මගේ බ්ලොග් එකෙන් තමා.ඕක රහස් වැඩක්. :)

      Delete
  7. අයියො සල්ලි...
    ඔහොම ගොන් වැඩ කරන උන් අනන්තවත් ඉන්නවා බං...
    :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං! මේ අපි වගේ හිටියනම් හරිනේ.නේ ? ;)

      Delete
  8. කසුන් තාමත් ප්‍රියන්කා ගැන හිතනවා වගෙයි.....:D 1st ආදරේ අමතක කරන්න බැහැලුනේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත! කාටත් පළවෙනි ආදරේ අමතක කරන්න බෑ. :)

      Delete
  9. අන්න යාලුවෝ.ඔහොම තමයි යාලුවෝ ඉන්න ඕනි.ඔය හැම මන්තර කාරයෙක්ම එකයි.අරක කරනවා,මේක කරනවා කියනවා,කරන්න පුළුවන් රෙද්දකුත් නැ,අපේ උනුත් ලස්සනට අං දෙක දාගන්නවා ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. හැබැයි නියම වැඩකාරයොත් ඉන්නවා ඒ අතර. ඒ වගේ කෙනෙක් හොයාගත්තනම් වැඩේ ගොඩ. :)

      Delete
  10. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් අරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
  11. අපේ නිලන්තයා වගේම ගොයියෙක්... හැබැයි ඒ කථාවෙ නම් මිනිහා අන්තිමට ආදරේ ජයගත්තා... ඔය වශී වලට සම්බන්ධ කථාවකුත් මම ලිව්වා... කෙල්ලෙක් ඔච්චරම අකමැති නම් සාටර් වෙවී පස්සෙන් යන එකෙන් උගෙ නම්බුවත් බල්ලට යනවා කියලයි මට හිතෙන්නෙ...

    වශිය මෙතැනින්

    නිලන්තයා මෙතැනින්

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක ඇත්ත. ඒත් ආලේ අන්ධයි කියනවනේ. :)

      මං ඒ කතා දෙකම කියවලා තියෙනවා සිරා. :)

      Delete
    2. ආහ් ............... ලව් නේද ......... ම්හ් .... නෝ අයිඩියා

      Delete
    3. අහ්! සිරාවටමද දිනේල්කයෝ? මට නම් ෂුවර් නෑ..

      Delete
  12. ඉතිං බං අපේ මනුස්සයා මං හා ද බෑ ද කියන්නෙත් නැතුව අවුරුදු 10ක් විතර ආවේ මගේ පස්සෙන්... හි හි....

    ReplyDelete
    Replies
    1. ඒ අර කන්නාඩි දෙකක් ගන්න කලින් නේද? :P

      Delete
    2. @ හිරු - මං හිතන්නේ ඒ කාලේ අක්කා හෙන මහතට ඉන්න ඇති.අයියා පස්සෙන් යන්න ඇත්තේ අක්කා පාරේ යද්දී ඉස්සර කරන්න ඉඩ මදි හින්දා වෙන්න ඇති.අක්කා හිතුවා අයියා පස්සෙන් එන්නේ යාළු වෙන්ට කියලා.ඉතින් ඒ හිතිල්ල අන්තිමේදී නතර වුණේ අර මෙලෝ දෙයක් නොදන්නා අයියාට ආදරෙයි කියලා.

      මගේ නිගමනය හරිනේ අක්කා? ;)

      @ කෝරළේ - දැන් කණ්නාඩිත දානවලුද? මට දෙයක් හිතෙනවා.ඒත් කියන්ට බෑ වගේ. ;)

      Delete
  13. මේ වගේම කතාවක් අපේ සිරා අයියත් ලියල තිබ්බ වගේ මතකයි. එල එල ඔය මන්තර කාරයෝන්ව සත 5කත විශ්වාස කරන්න හොඳ නැහැ

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. සිරාගේ, අටම්පහුරෙත් තිබුනා මේ වගේ කතා දෙකක්.සිරා අයියානම් ලින්ක් දෙක දාලා තිබුනා.

      ඇත්ත.. ඒත් ඕවා හරියටම කරන අය ඉන්නවා.හැබැයි බොහොමයක් එවුන් හොරු. :)

      Delete
  14. ඔය මන්ත්‍රාචාරියෝ නම් සල්ලි ගසා කනවා විතරයි. අනික එහෙම හරි ගියත් වැඩක් නෑ බං.. ඕවා මහා පව් වැඩ.ඔය පත්තර වල එහෙම පිටු පුරෝලා තියන්නේ. අපරාදේ අරුගේ සල්ලි..
    ඒක නෙවෙයි උඹගේ යාළුවා ඔය වැඩේ කර ගත්තු මන්තර කාරයාගේ බ්ලොග් එකේ ලින්ක් එකද උඩ ෆොටෝවේ දාල තියන්නේ.. :D:D

    ReplyDelete
    Replies
    1. ඕ.වශී කරලා කරගන්න ලව් වලින් වැඩක් නෑ අනිත් කෙනාගේ හිතේ සිරා ආදරක් නැත්නම්.

      ඒ පොරගේ නෙවෙයි. මේ අළුත් කෙනෙක්.හෙන වැඩකාරයෙක්.එයාගේගේ උද්ධෘත පාඨය තමා,

      "මෙතෙක් කරදුන් ගුරුකමක් වැරදුනේද නැත.. (පොඩි අකුරෙන්) හරි ගියේද නැත.." කියන එක. කැමතිනම් කතා කරලා බලහන් මචං. ;)

      Delete
  15. හයියෝ මේ කොල්ලෝ කරන වැඩනම්..

    ReplyDelete
    Replies
    1. එහෙම තමා හලෝ දේකට ආස වෙන්න ආස වෙන්න ඒ දේ තමන් සතු කර ගැනීමේ අදහස හිතට කාවැදුනාම. ඕන දෙයක් කරනවා.

      Delete
  16. /////කෙල්ලෙක් ඔච්චරම අකමැති නම් සාටර් වෙවී පස්සෙන් යන එකෙන් උගෙ නම්බුවත් බල්ලට යනවා කියලයි මට හිතෙන්නෙ.////

    aniwaryenma machan sira hariyatama hari..
    kellek akamathi nam , dewini parata therumkarala
    dunnata kamak nah ai man me tharam oyata kmathi kiyala...

    @ isha..
    machan me wage ewa daana eka hodai ban..
    balapan lankadeepe ad 42 thibba giya sathiye...
    ane manda enna enna minissu gas gal passe yanne..

    ah machan isha ara ube comment eka hari gassuwa hodada.
    hithala karapu deyak newe.mokek hari ube range ekenma
    apu ekek aluguththeru wda k karala..
    ithin okkoma ban una...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සහන්. මාත් ඒක පිලිගන්නවා. ඒත් සිරාම පොරවල් වුනාම ඔය වගේ ඒවා වෙනවා.සතිඅන්ත පත්තර වල ඇඩ් තියෙන්නේ ඕවාගෙන්ම තමා. ඇයි අර ස්වර්ණවාහිනී ඒකෙ යටින් දුවන Easy Tv එකේ ඔය වගේ ඇඩ් කොච්චර තියෙනවාද.

      මං ඒක දැක්කා කමෙන්ට් එක තියෙනවා ආපහු. එළ! මං හිතුවා මොකක් හරි කේස් එකක් වෙන්න ති කියලා. ඒකයි ඒ ගැන කියලා ගියේ.

      Delete
  17. සැක්..හැරයන්න හදන අය නවත්තගන්න එහෙම ක්‍රමයක් නැතිද?

    ReplyDelete
    Replies
    1. ඇයි ශම්මියෝ, පෝස්ට් එකේ උඩින්ම තියෙන පින්තූරේ දැක්කේ නෑ? ඒකෙ තියෙනවා ඒවා කරලා දෙන පුදගලයෙක් ගැන විස්තර.ෆොටෝ එකත් දාලා තියෙනවනේ ලොකුවටම. හොදට ඇස් ඇරලා බලන්න. සමහරවිට උදව්වක ගන්න පුළුවන් වෙයි. ;)

      Delete
  18. යකෝ ඒකිගේ කරේනේ දාන්න තියෙන්නේ!!!!බලපන්කො ඉතිං ඌත් නාගෙනනේ!

    ReplyDelete
    Replies
    1. හි හි හි.. නාඩියා ඒ ගැන කියනකම්ම ඒ ගැන මට මීටර් වුණේ නෑනේ. ;)

      Delete
  19. හිකිස්....
    වසී කලේ නැතත් මාත් චාටර් කාං කෙල්ලෙක් පස්සෙ ගියානේ..
    එකක් නෙමේ කෙල්ලො තුනක්...
    අවුරුදු 6ක්...
    එකාට දෙක බැගින් බෙදා ගනිංකෝ අවුරුදු....

    ReplyDelete
    Replies
    1. දෙකයිනේ නේ? :) ඒ කාලේ ඕවා ඔහොම තමා බං. කට්ටක් කන්නම ඕනේ.

      Delete
  20. අන්න බිස්නස්. මාත් පටන් ගන්න ඕනි වැඩක්. හත්දාහක් විතර ගත්තොත් නම්බු පිට කරගන්න පුළුවන් වෙයිනේ. අඩුවට කලොත් සත පහකට ගණන් ගන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. හත්දාහක් මදි නැද්ද? කෙල්ලගේ පවුල් පසුබිමත් හොයලා තමා ගාන ගැන කියන්නේ ඕනේ? ලොකු අත්තක් නම් අල්ලන යන්නේ හත්දාහක් පාඩුයි. පටන්ගත්තොත් මටත් කියහන් මචෝ.. මාත් සප් එකට එන්නම්. ;)

      Delete
  21. අපේ නෑදෑ වෙන කෙනෙකුත් මේ ළගකදී ඔය වගේ වසියක් කරා. මමත් ගියා බලන්න. ඒක හෙන ලොකු තොවිලයක්. රෑ එළිවෙනකම් තිබ්බා. නීච කුල රෝඩී දැහැනෙන්ලු කරේ. 50දාහක් විතර කුඩු මම හිතන්නේ. වසිය කරල ගෙන්න ගන්න හදපු කොලුවා නම් දැන් බැදලා යසට ඉන්නවා, වෙන කවුද මන්ද කෙල්ලෙක්ව. අපේ නෑයෝ දැන් බඩඋලාගෙන ඉන්නවා..
    හි හි .. නෑයා උනත් ගොනා නෙව..

    ReplyDelete
    Replies
    1. අෆ්ෆාට සිරි! තොවිලුත් නටනවද බං ඕවාට! ඒ කේස් එකනම් අදමයි මං දන්නේ. අපාරදේ සල්ලි කියලා හිතෙන්න ඇති ඒ පොර වෙන කෙනෙක්ව බැන්දා කියලා දැනගත්තාම. ඕවා හොද පාඩම් මචං.

      Delete
  22. හික් ...මෙහෙමත් ලව් සික් එකක් ...පව් අනේ කසුන්

    ReplyDelete
    Replies
    1. ඕවා ඔහොම තමා හලෝ ලව් කරන කාලේදී.එක එක සික් එනවා. :)
      කසුනා පව් තමා. හෙන කට්ටක් කෑවා

      Delete
  23. ජප නුල කිල්ලකට අහුවුනාද දන්නේ නෑ ඉෂා. හෙහ් හෙහ් හෙහ්.. කැමති නැත්තම් වශී කරලා ලව් කරන්නේ මොකටද බන්..කවද හරි හා කියන කෙල්ලෙක් ඉඳීවිනේ.හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඒකත් කියන්න බෑ. ඕක අරුගෙන් අහලා යැවුවානම් ඌ කියලා එවන්න තිබුනා,

      'මොකක් හරි කිල්ලකට අහු වෙන්ට ඇති. ඒ හින්දා මේ වතාවේ එවන නූල දාගෙන කාමරේට වෙලාම ඉන්න. එකේ ගාස්තුවත් 700යි කියලා..'

      කියලා.මට කමෙන්ට් එකේ අන්තිම ටික දකිද්දී සින්දුවක් මතක් වුනා පැතුමා. :)

      "ඉදිවී කොතැනක හෝ..
      හිමිකාරයා උපන් ඔබේ නමින්.."

      :)

      Delete
  24. ඕකනේ අපි කෙල්ලෝ දාගන්නේ නැත්තේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තට! මං හිතන්නේ නෑ ඒකනම් :)

      Delete
  25. අයියෝ.... සල්ලි..... අපරාදේ බැරුවා....

    ReplyDelete
    Replies
    1. ඒකනේ නේ! ඒ පරණ ණයක් වෙන්ට ඇති. :)

      Delete
  26. ඒ සල්ලි වලින් කොල්ලොත් එක්ක ගිහින් හොඳට කෑවනම් කොහොමද?.. හොඳින් හෝ නරකින් වැඩේ ගොඩ දාගන්න නේ බලන්නේ ඒ කාලේ..

    මටත් මන්තරයක් ලැබුනා එකේ තිබුනේ ඒ මන්තරේ 108 වරක් ජප කරලා ඒ කෙල්ලගේ අතට දෙන්න.අතට මලක් දෙන්න පුළුවන් තත්වයක් තිබුනානම් මන්තර ඕනෙද?? හෙක්ස්.. පස්සේ දවසක් අක්කට ඒක දැකල ලිපට දැම්මා..

    ReplyDelete
    Replies
    1. කන්න තිබුණා. ඒත් අපේ එකා ගොඩදාන අදහස්නේ ඒ කාලේ තිබුණේ.ඒ හින්දා ගාණක් නෑ.

      ඒ මන්තරේ මට කියලා දෙන්න බැරිද සහෝ! ඈ.. ;)

      Delete
  27. ඔව්, එදා මෙන් ම අදත් බොහෝ මිනිසුන් මිත්‍යාවලට ඇලුම් කරනවා. නමුත් ගැහැණු ලබයා යාළු කර ගැනීමට ප්‍රොෙෆ්සර් වර්ණපාල මහතා අනුගමනය කළ න්‍යායේ විද්‍යාත්මක බවක් තිබෙනවා. එය අද ප්‍රොෙෆ්සර් වර්ණපාල තියරිය ලෙස හඳුන්වනවා.

    ReplyDelete
  28. 'ප්‍රොෆෙසර් වර්ණපාල තියරිය' කියන්නේ මොකද්ද? මං දන්නේ නෑ.

    ReplyDelete
  29. ඒ කියන්නේ මචන් හැම තැනම ප්‍රසිද්ද කරනවා ගෑනු
    ළමය මා එක්ක යාලුයි කියල..පස්සේ ගෑනු ළමයට
    කරගන්න දෙයක් නැතිව කොල්ල එක්ක යාලු වෙනවා
    ඇත්තටම..මොකද මුළු වට පිටේම අය කොච්චර නැහැ
    කිව්වත් පිළිගන්නේ නැහැනේ ..ඔය කිව්වේ ඉතාම කෙටියෙන්
    හොදද ? තව ඔකේ හෙන බයිලා තියෙනවා....කියන්න ගියාම
    එපා වෙනවා ඉෂෝ ..

    ReplyDelete