Thursday, January 17, 2013

මගේ ලොවට ආ නුඹ..


නුඹේ උවනෙත නෙත ගැටෙන සඳ 
සරා සඳ වුව සඳ නොවේ මට 
නොමැත උපමා සසඳා ලන්නට 
රුවැති සඳ තරු පරදවයි නුඹ

සිතම දවනා හැඟීමක් ගෙන 
නුඹට හිමිවී සිනහවක් ඇත
මගේ හද මා හටම අවනත 
නොවෙයි කවදාවත් නොවූ ලෙස

උසැති ගස් මුල් කඩාවැටෙනට
තරම් වේගයෙන් හමාගෙන යන 
සුළං රැල්ලක සවිය තරමට 
දැනෙයි මාගේ හදට නුඹ අද

පහන් සියයක එළිය පරදන
හිරු වගේ නුඹ අහස් තලයට
මගේ ගත සිත දැවී යන්නට 
තරම් උණුසුම ඇතිය නුඹ ළඟ 

සුසුදු සඳ රැස් ගලා එන්නට 
ගං දියේ රෑ ගලායන්නට
මගේ හදවත සිසිල් කරනට
නුඹ සඳුයි මා ලොවට හැම දින

මෙත් සිතින් මා හද දොවන්නට
නිරාමිස සුව සදාලන්නට
දාගැබක් විය මගේ දිවියට 
සදාකල් මා හද නිවන්නට







ප.ලි :
කවිපෙළ ජානුගෙන්.පේනවානේ ලියලා තියෙන දිනෙයි, අත්සනයි. අවුරුදු දෙකකටත් කිට්ටුයි දැන්.

ජනවාරි පළවෙනිදායින් පස්සේ පෝස්ට් එකක් ලියලා නෑනේ.ඉතින් බ්ලොග් එක පාළුවට යන්න දෙන්නැතුව මොනවහරි දෙයක් ලියන්න කියලා ජානු කිව්වා.අනික එහෙම දෙයක් බ්ලොග් එක පටන්ගත්තාත් හරි වෙලා නෑනේ. ඉතින් මේ වතාවේ එයාගේම දෙයක් පෝස්ට් එකකට ලිව්වා.

පෝස්ට් එකක් නොවැටෙන්නේ මේ දවස් වල ටිකක් එහෙ මෙහෙ දුවන හින්දා.පුද්ගලික වැඩ වගයකුත් තිබුනා ඒ අතරේ කරගන්න. කලින් පෝස්ට් එකේ ලියලා තිබුණු එක්සෑම් එක මේ මාසේ අන්තිමට හෝ ඊලඟ මාසේ මුල් සති දෙක ඇතුලත ඉවර කරන්නයි ඉන්නේ.දැන් ඒ පාඩම් වැඩත් තියෙනවා.

ආයෙත් වෙනදා විදියටම විහිළු කතා,මගේ කතා,අර කතා, මේ කතා හැමදෙයක් එක්කම ආපහු එනවා. තෑගී නැති ප්‍රශ්න වැඩේ මග නවත්වන්නේ නෑ.ඒ ප්‍රශ්න වල ඊළඟ එක මේ සතියේ අන්තිම හෝ ඊලග සතියේ මුල අහනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාගෙන ඉන්න අය ලෑස්ති වෙලා ඉන්න.ඒ වැඩේ අතහැරියේ නෑ. 


එහෙනම් ඊළඟ පෝස්ට් එකෙන් හම්බවෙමු.එතකන් ජය හැමෝටම!




53 comments:

  1. නිසදැස එල බොලේ.

    ReplyDelete
  2. පළවෙනිම ප්‍රශ්නේ කවුද ජානු...
    ජානු කියන්නේ ගෑනු ළමයෙක් නම්.. නිසදස ලියලා තියෙන්නේ පිරිමි ළමයෙක් විසින් ගෑනු ළමයෙන්ට(මට හිතුන විදිහට)
    අනේ මන්දා නිසදස ගැන කියවලා පල්ලම් බහින කොටම ප්‍රශ්න ගොඩක් ඔලුවට ආවනේ.
    දන්නවනේ අපි ඔය ඕපා දූප වලට කැමතිනේ.

    දැන් නිසදස ගැන
    මට හොදට දැනුනා.. ලියා ගන්න බැරි උනත් මටත් මේ වගේ දැනෙනවා නේද කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමා : ජානු කියන්නේ මගේ අනාගත බාරි. ;)

      මුල් ටික දකිද්දී නේ ඒ ටික හිතුනේ? මං අහන්න ගියේ නෑ ඉතින්. ලියලා දුන්නු දේනේ. එයාම ඇවිත් මේවාට උත්තර දෙයි.බලමු අපි මොනවද එයාට ඒ ගැන කියන්න තියෙන්නේ කියලා.

      කෝ අනිත් ප්‍රශ්න ටික ඔලුවට ආව කිව්ව? මේ දෙක විතරද?

      තෑන්ක්ස්.ඒක ඇත්ත බණ්ඩේ. මටත් ඔය කේස් එකම තියෙනවා.ලියාගන්න තියා වෙලාවකට කියාගන්නවත් බෑ. :)

      Delete
    2. හිතට හැගීමක් ආවම ඒක ගෑණුද පිරිමිද කියලා සාමාන්‍යයෙන් හොයන්නේ නෑ කියලයි මං හිතන්නේ.ඔයාලත් එහෙම වෙන්න ඇති.නිසදැසක් ලියද්දි බලපාන්නේ තමන්ගේ හිතට ඒ වේලාවේ දැනෙන දේනේ.ඉතින් මාත් ඒ වේලාවේ හිතට ආව දේ ලිව්වා ඔය විදියට. :)

      ස්තූතීයි අදහස් වලට බණ්ඩයියේ.. :)

      අහ්! මං තමා ජානු කියන්නේ.. :)

      Delete
  3. ජානුට සවිමත් ආදරයක් ඇති යැයි හැගුනා ! ලස්සන පද පෙළක් !

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම හිතෙනවනෙ හලෝ. තෑන්ක්ස්!

      Delete
    2. ස්තූතියි රෙහානි.. :)

      Delete
  4. හ්ම්ම් හ්ම්ම්..ලස්සන පද ටික!! ඉක්මනට වරෙන් අර උඹේ ප්‍රශ්න පත්තර ටිකත් අරගෙන!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්.

      අද හෙටම ප්‍රශ්න පත්තරේ අරන් එන්නේ. ;)

      Delete
  5. හ්ම්ම්ම්... ලස්සනයි කවි ටික........
    කවුද මේ ජානු....අලි අලි හිතා ගත්තහැකි...... :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්.

      එහෙනම් ඉතින් මං කියන එක තේරුමක් නෑනේ නේ?

      Delete
    2. ස්තූතියි. :)

      Delete
  6. ලස්සන නිසදැසක්. ..එහෙනම් විභාගයට හොඳට පාඩම් කරන්නකො.
    ජය!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්..

      හා හා.. :) ජය!

      Delete
    2. ස්තූතියි චාම්ස් :)

      Delete
  7. පද ටික/අදහස දෙකම ලස්සනයි මචං. විභාග එහෙම ඉවර කරලා වරෙන්කො එහෙනම්. ජය..!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්.

      ඊට කලින් එනවෝ.

      Delete
  8. ජානු අක්කණ්ඩියාග කවි ටික හරිම ලස්සනයිනේ..

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඔයා අක්කණ්ඩි කියලා එයාත් එක්ක බලද්දී. ශම්මි රජාගේ වයසෙනේ?

      තෑන්ක්ස්.

      Delete
    2. හලි,......ඒනම් ජානු නංගියාව මතක් කරා කියන්නකෝ,

      Delete
    3. ස්තූතියි ශම්මි අක්කා. ;)

      Delete
  9. කවුද බොලේ මේ ජානු................. කියයයයයයයයයයයයය පං

    ReplyDelete
    Replies
    1. මගේ වෙන්ඩ බාරි මචං.. :)

      Delete
    2. ඒ කියන්නේ මේ මං. :)

      Delete
  10. එහෙනම් ආයේ හම්බ වෙමු..

    ReplyDelete
  11. හොදට පාඩම් කරල ඔක්කොටම කලින් විභාගේ [විවාහේ නෙමේ] ගොඩදාගෙන ඉදින් මලයො.පස්සෙ දිගට හරහට ලියන්න බැරිය.

    ReplyDelete
    Replies
    1. ඕ අෆ්ෆා! එයාත් කිව්වා විවාහේ ගැන කතා කරන්න කලින් එක්සෑම් එක ලියලා ඉන්න කියලා. ඔය විවාහෙට කලින් කරගන්න තවත් දේවල් කරන්න දේවල් තියෙනවා කියලා කිව්වේ. :(

      Delete
  12. Replies
    1. මේ මං ඇර වෙන කෙනෙක් නෙමෙයිනේ?

      Delete
  13. පලවෙනි කවිය කියෙව්වහම හිතෙන්නේ කොල්ලෙක් කියන එකක් කියලා.. ඒත් ගැල්ලමයෙක්ලුනේ ලියලා තියෙන්නේ... ආදරේ කරනකොට පිරිමියාගේ මූණත් හඳ වගේ පේනවා නැතෑ... එක නෙමේ අර දෙවෙනි පදේ 'නොවේ' කියන වචනේ රිපීට් වෙලා නේද?

    ReplyDelete
    Replies
    1. ඕ. බණ්ඩාත් ඒ ගැන කියලා තිබුනා.

      ඒකනේ. ගෑණු ළමයි විතරද හඳට සමාන කරන්න පුළුවන්. පිරිමි අපි බැරිද?

      ඒක පෙන්නුවාට තෑන්ක්ස්.ඒක හැදුවා මං.

      Delete
    2. :D

      ස්තූතියි අදහස් දැක්වූවාට..

      Delete
  14. උඹේ තෑගි නැති පුරස්න නං ඔළුව කර්පට් කොරගන්න හොදා. කමක් නෑ වරකෝ...

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා දේශකයෝ! හැම ප්‍රශ්නෙකටම එහෙම වෙන්නේ නෑනේ. මට හිතෙනවා මේක දැක්කාම තවත් ඔලුව කර්පට් වෙන ඒවාම අහන්න. ;)

      Delete
  15. කවුද බොලේ ජානු ?

    ReplyDelete
    Replies
    1. මගේ කවදාහරි වෙන්ඩ බාරි බං.

      Delete
  16. නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  17. ගොඩක් දවසකට පස්සේ මේ පැත්තේ ආවේ මචං

    ReplyDelete
  18. ජානුගේ කවි ඉෂාන්ගේ බ්ලොගේ..
    ඇඩෙනවා ඈ..

    ReplyDelete
    Replies
    1. ඇයි එපාද දාන්න දෙන්න? :0

      Delete