Friday, November 9, 2012

වයසක මනුස්සයා.. + කොයි එකේද ? (තෑගී නැති ප්‍රශ්න - 3)


අන්තිමට දාපු පෝස්ට් එකේ කිව්වනේ අද ප්‍රශ්නයක් අහන්න හිතන් ඉන්නේ කියලා. ඒ ප්‍රශ්නේ තියෙනවා මේ කතාව ඉවර වුනාට පස්සේ..

අප්පුහාමි කියන්නේ වයස අවුරුදු 90ක් විතර වුන මනුස්සයෙක්.දවසක් මෙයාට එයාගේ පරණ ඩොක්ටර් ව හම්බුනා හොස්පිටල් එකට ගිය වෙලාවක.ඩොක්ටර් ව දැකලා හිනාවක්‌ දාගෙන එතනට ගිය අප්පුහාමි,

"ඩොක්ටර්.. මට සතුටුදායක ආරංචියක් කියන්න තියෙනවා ඩොක්ටර්ට.."

"මොකද්ද අප්පුහාමි..?"

"ඩොක්ටර් දන්නවානේ.. මං කලින් බැදලා හිටිය ගෑනි නැති වුනේ මට මගේ පරම්පරාව ගෙනියන්න ළමයෙක් වත් දෙන්නේ නැතුව කියලා.."

"ඕ.. මං දන්නවා ඒක.."

"ඒ ගෑනි මළාට පස්සේ මං අවුරුදු 18ක කෙල්ලෙක්ව බැන්දා දැන් ටික කාලෙකට කලින්.දැන් ඒ කෙල්ලට ළමයෙක් හම්බවෙන්න.මට මාර සන්තෝසයි ඩොක්ටර්.දැන් මගේ පරම්පරාව ගෙනියන්න එකෙක් මඟ එනවා.ඩොක්ටර් මොකද හිතන්නේ ඒ ගැන..?"

ඩොක්ටර් මේ සීන් එක ඇහුවාට පස්සේ පුදුම හිතුනා.ටික වෙලාවක් කල්පනා කරපු ඩොක්ටර්..

"අප්පුහාමි.. මට ඉන්නවා ඔයාගේ වයසේම වගේ ඉන්න යාළුවෙක්.එයා දක්ෂ දඩයක්කාරයෙක් කියන්නේ කවදාවත් ගත්ත ඉලක්කයක් වැරදිලා නෑ.මේ ළඟදී එයා ආයෙමත් දඩයමේ ගියා.යන්න තිබුණු හදිස්සියට මෙයා තුවක්කුව කියලා හිතන් අරන් තියෙන්නේ කුඩේ.දන්නවනේ ඔය වගේ වයසේ අයගේ ඇස් පෙනීම,දැනීම ටිකක් අඩුයි කියලා.."

"ඕ ඩොක්ටර්.."

"ඉතින් මේ මගේ යාළුවා ගියා කැලේට.යද්දී එයා දැක්කා හාවෙක් පඳුරක් අස්සේ ඉන්නවා.ගත්තා තුවක්කුව අතට.හාවා ඉන්න තැන ඉලක්ක කරලා කුඩේ (යාළුවා හිතන් ඉන්නේ තුවක්කුව කියලා) කියලා වෙඩි තිබ්බා.වෙඩි තියනවත් එක්කම 'බැන්ග්! බැන්ග්! ' කියලා සද්දෙත් ඇහුනා.. වෙඩි තියලා පඳුර ළගට ගිහින් බලද්දී හාවා මැරිලා ඉන්නවා දැක්කා.. ඉතින් අප්පුහාමි මොනවද ඒ වෙච්ච දේ ගැන හිතන්නේ..?"

"මං කියන්නේ හාවට වෙඩි තිබ්බේ වෙන මනුස්සයෙක්..!"

ඒක අහලා ඩොක්ටර් කැත හිනාවක්‌ දාගෙන අප්පුහාමිට කිව්වා..

"ඇත්ත වශයෙන්ම මගේ පොයින්ට් එකත් ඒකමයි.."


මේ වයසේදී අප්පුච්චා කෙනෙක් වුන ඉන්දියන් මනුස්සයෙක් ගැන මාතලන්ගේ බ්ලොග් එකෙත් පෝස්ට් එකක් තිබුනා.


දැන් ඒ කතා ඉවරයි.. ඊළගට අපි අද තෑගී නැති ප්‍රශ්නෙට යන්.. මේකයි අද ප්‍රශ්නේ..

ඔන්න මේසයක් උඩ තියෙනවා පෙට්ටි 03ක්.මේ පෙට්ටි 03න් එකක තියෙනවා රත්තරන්.අනිත් දෙක හිස්.මේ පෙට්ටි තුනේම ප්‍රින්ට් කරපු ලේබල් එකක් අලවලා තියෙනවා පණිවිඩයක් එක්ක.මේ පණිවිඩ වලින් එකක් ඇත්ත.අනිත් පණිවිඩ දෙක බොරු.මේවායි තියෙන පණිවිඩ..

පළවෙනි පෙට්ටියේ අලවපු ලේබල් එකේ තියෙන්නේ ' රත්තරන් මේකේ නෑ..!' කියලා.

දෙවෙනි පෙට්ටියේ තියෙන්නේ ' රත්තරන් මේකේ නෑ..! ' කියලා,

තුන්වෙනි පෙට්ටියේ ' රත්තරන් තියෙන්නේ දෙවෙනි පෙට්ටියේ..! ' කියලා ලියලා තියෙනවා.

දැන් ප්‍රශ්නේ මේකයි.. 

රත්තරන් තියෙන්නේ මොන පෙට්ටියේද..? 

හොයාගත්ත විදිය ඕනේ මේ ප්‍රශ්නෙටත්.උත්තරේ විතරක් නෙවෙයි.පැහැදිලි කිරීමක් එක්කම උත්තර දෙන්න.පෙට්ටි වල තියෙන පණිවිඩ දිහා බලලයි කියන්න තියෙන්නේ.හොලවලා බලලා කියන්න බෑ.

ප.ලි : කතාවටයි,ප්‍රශ්නෙටයි දෙකටම කමෙන්ට් කරනවනම් කමෙන්ට් දෙකක් දාන්න.එකකට විතරක් නම් කමෙන්ට් එකක් විතරක් දාලා යන්න. එතකොට උත්තර ටික පබ්ලිෂ් නොකර තියන්න පුළුවන්. හරි උත්තර සිකුරාදා හවස පබ්ලිෂ් කරනවා.

ප.ප.ලි. : හරි උත්තරය තමා පළවෙනි පෙට්ටිය. උත්තරය හිතාගන්න බැරිවුණු අය ඒ කමෙන්ට් බලන්න. මේ ප්‍රශ්නේ ගොඩක් ලේසියි.හුඟක් අය හරි උත්තර දීලා තිබුණා.මුලින්ම කොලවෙරි.ඩී.උත්තර දුන් අනිත් අයටත් ස්තූතියි!උත්තර දෙන්න කරපු අනිත් අයගේ උත්සාහයත් අගය කරනවා.

මේ පෝස්ට් ඒකෙ කමෙන්ට් වලට රිප්ලයි නැත්තේ ඊයේ රෑ ඉදලා ගෙදර කරන්ට් එකේ අවුලක් හින්දා.ලැප් එකේ බැටරිය හොදටම ලෝ.මේ ටිකත් ඉතුරු කරගත්තේ හරි උත්තර ටික පබ්ලිෂ් කරගන්න ඕනේ හින්දා.ඉතින් කරන්ට් එක හදාගන්න තුරු ජය වේවා හැමෝටම!

82 comments:

  1. පෞ බං සීයා..,මොන තරං බලාපොරොත්තු තියාගෙනද ඉන්න ඇත්තේ!!!
    :ඩී

    ReplyDelete
  2. පළවෙනි පෙට්ටියේ!!!

    මෙතන එක පණිවිඩයක් ඇත්ත.., දෙකක් බොරු නේ...
    තුං වෙනි පණිවිඩේ තියෙන්නේ ' රත්තරන් තියෙන්නේ දෙවෙනි පෙට්ටියේ..! ' කියලා...
    ඒක හරි නං පළවෙනි පණිවිඩේත් හරි... ඒ කියන්නේ දෙකක් හරි...

    එහෙනං රත්තරං තියෙන්නේ පළවෙනි පෙට්ටියේ!!!

    ReplyDelete
  3. දෙවැනි පෙට්ටියේ නේද?

    රුක් සටහනකින් බලල හදන්නත් පුලුවනි

    වෙන්න පුලුවන් අවස්ථා බලමු - පිලිවෙලින් 1, 2, 3 කියන එව්වට [ඇත්තනම් T අකුරත් බොරුනම් F අකුරත් දාමු]

    a - T T T
    b - T T F
    c - T F T
    d - T F F
    e - F T T
    f - F T F
    g - F F T
    h - F F F

    මේවායෙන් වලංගු වන්නේ d, f හා g පමණෙකි

    d කියන එකට අනුව පලවෙනියා කියන්නේ ඇත්ත, දෙවැනියා කියන්නේ බොරු, තුන් වැනියා කියන්නෙත් බොරු - ඒ කියන්නේ රත්තරන් දෙකේ

    අනෙක් දෙකමත් මෙහෙම බැලුවම දෙවැනි එකේ කියල පේනවා...

    ReplyDelete
    Replies
    1. මේ උත්තරෙනම් වැරදියි.. :( උත්සාහය අගේ කරනවා.. :)

      Delete
  4. 1වෙනි ලේබලය තමයි බොරු ලේබලය,ඒ නිසා ඒකේ තමයි රන් තියෙන්නේ.
    In detail-1 ඇත්ත කියලා හිතුවොත් අනිවාර්යෙන්ම අනිත් දෙකම බොරු වෙන්න ඕනා.ඒත් 2 බොරු නම් රන් තියෙන්නේ 2වෙනි box එකේ. එතකොට 3 බොරු වෙන්න බෑ.ඒක නිසා 1 අනිවා බොරැ වෙනවා.‘රත්තරන් මේකේ නෑ‘ බොරු නම් 1box එකේ තමා රන් තියෙන්න ඕනා.
    වැරදි නම් කියන්න වැඩිය හිතන්න ගියේ නැ simple plane එකක් නිසා.

    ReplyDelete
    Replies
    1. ඕ.. 'සිම්පල් ප්ලෑන් එකක්..'
      :ඩී

      Delete
  5. උත්තර නොදනි. කතාව ජොලී.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ.. කතාව හරි කියෙව්වනේ..
      :ඩී

      Delete
  6. හි හී... කවුද දන්නෙ නෑ හාවට වෙඩි තිබ්බේ....මරු කතාව..

    මට නම් හිතෙන්නෙ රත්තරන් තියෙන්නෙ පලවෙනි පෙට්ටියෙ කියලා...

    ReplyDelete
    Replies
    1. මං තිබ්බේ! බොරු නෙවෙයි. සිරා.. :)

      උත්තරේනම් හරි ඈ..

      Delete
  7. palaweni pettiye rattaran thiyenne.

    E kiwe palaweni paniwide boru.
    Deweni eka ethtta.
    Thunweni eka boru,
    harida?,,,

    ReplyDelete
    Replies
    1. හරිනේ.. :)

      සෑහෙන දවසකට පස්සේ බ්ලොග් එකේ නිසුපා අක්කාව දැක්කේ.

      Delete
  8. එක එක පෙට්ටියේ තියන පණිවිඩය හරි කියල උපකල්පනය කරපුවම පිළිතුර ලබා ගත හැකිය.

    1. පළමු පෙට්ටියේ පණිවිඩය හරි කියල උපකල්පනය කරොත්; එනම්, "රත්තරන් මේකේ නෑ", අනික් දෙක බොරු වෙන්ඩ ඕන. හැබැයි ඒ දෙකෙන් එකක රත්තරන් තියෙන්ඩත් ඕන. දෙවන පෙට්ටියේ "රත්තරන් මේකේ නෑ" කියන්නේ බොරුනම් එකේ රත්තරන් තියෙන්ඩ ඕන. තුන් වෙනි පෙට්ටියේ "රත්තරන් තියෙන්නේ දෙවන පෙට්ටියේ" කියන්නේ බොරුනම් දෙවන පෙට්ටියේ රත්තරන් තියෙන්ඩත් බෑ. දෙවන සහ තුන් වෙනි පණිවිඩ පරස් පර විරෝධී නිසා පළමු වෙනි උපකල්පනය වැරදයි.

    2. දෙවන පෙට්ටියේ "රත්තරන් මේකේ නෑ" කියන පණිවිඩය හරි කියල උපකල්පනය කරොත්; අනික් දෙක බොරු වෙන්ඩ ඕන. හැබැයි ඒ දෙකෙන් එකක රත්තරන් තියෙන්ඩත් ඕන. පළමු පෙට්ටියේ "රත්තරන් මේකේ නෑ" කියන්නේ බොරුනම් එකේ රත්තරන් තියෙන්ඩ ඕන. තුන් වෙනි පෙට්ටියේ "රත්තරන් තියෙන්නේ දෙවන පෙට්ටියේ" කියන පණිවිඩය බොරුනම්, පළමු හෝ තුන් වෙනි පෙට්ටි වල රත්තරන් තියෙන්ඩ ඕන. එනම් පළමු පෙට්ටියේ පණිවිඩය බොරු වීම අනුව පළමු පෙට්ටියේ රත්තරන් තිබිය හැකියි.

    3. තුන් වෙනි පෙට්ටියේ "රත්තරන් තියෙන්නේ දෙවන පෙට්ටියේ" කියන පණිවිඩය හරි කියල උපකල්පනය කරොත්; අනික් දෙක බොරු වෙන්ඩත් ඕන. පළමු පෙට්ටියේ සහ දෙවන පෙට්ටියේ "රත්තරන් මේකේ නෑ" කියන්නේ බොරුනම් ඒ එක එකේ රත්තරන් තියෙන්ඩ ඕන. එතකොට පළමු හා දෙවන පෙට්ටි දෙකේම රත්තරන් තිබිය නොහැකියි. එම නිසා තුන් වෙනි උපකල්පනයත් වැරදියි.

    පිළිතුර: ඒ කියන්නේ රත්තරන් තියෙන්නේ පළමු පෙට්ටියේ.

    ReplyDelete
    Replies
    1. ලොකු පැහැදිලි කිරීමක්.. එළ!

      Delete
  9. රත්තරන් තියෙන්නේ පලවෙනි එකේ.
    පලමු ප්‍රකාශය ඇත්ත නම් 2 හරි 3 පෙට්ටිවලින් එකක රත්තරන් තියෙන්න ඕන.හැබැයි 2හා 3 ප්‍රකාශ 2ම පලවෙනි ප්‍රකාශය ඇත්ත නම් බොරු වෙන්න ඕන.ඒත් 2 හා 3 ප්‍රකාශ 2 පරස්පර විරෝධියි.ඒ නිසා පලමු ප්‍රකාශය බොරු.
    එතකොට පලමු ප්‍රකාශය බොරු වෙන නිසා රත්තරන් පලමු පෙට්ටියේ තියෙන්න ඕන.
    හැබැයි ඔය කොයි රත්තරන් ගැනද කියන්නෙ?:-)(ඇයි රත්තරන් ඔය හැටි ගණං?)

    ReplyDelete
    Replies
    1. මේ රත්තරන් කුට්ටි ගැන කියන්නේ. අනිත් රත්තරන්ලා ගැනනම් නෙවෙයි. ඒ රත්තරන් කොච්චර ගණන් වුනත් ඒවා බස්සන හැටි පිරිමි දන්නවා නොවැ.. :)

      Delete
  10. 1 ke neda tiyenne.(horagediya...)

    boru 2ka = 1 tiyena meke ne kiyana ekai,3 tiyana rattaran 2ke kiyana eka.
    aththa eka = 2 ke tiyena rattaran meke ne kiyana eka.

    rattaran 3 ne tiyenna widiyak ne,etakota 1kai 2kai 2kama atta wenawa.

    ReplyDelete
    Replies
    1. ඕ. එකේ තමා තියෙන්නේ.

      හොරගෙඩියා කිව්වේ කාටද අෆ්ෆා? :0

      Delete
  11. ' රත්තරන් තියෙන්නේ දෙවෙනි පෙට්ටියේ..! ' kiyala liyal tiyana pettiye

    ReplyDelete
    Replies
    1. නෑ රත්තරන්.. ඒකෙ නෙවෙයි.. :)

      Delete
  12. Replies
    1. ඇයි අයියා එහෙම කියන්නේ? ඒ ඩොකා දෙයක් පැහැදිලි කරලා දුන්නා විතරයි.

      Delete
  13. අලේ සීයා .. හයියූ... ඔන්න අද ප්‍රශ්නෙට නම් උත්තර දෙන්න ට්‍රයි කොරන්නෙ නෑ.. හැබැයි සිකුරාදට එනවා උත්තරේ බලන්න ;)

    ReplyDelete
    Replies
    1. ඊළග එකටවත් ට්‍රයි කරනවැයි? :)

      Delete
  14. According to this case there are 3 type
    1) F F T (F = Fales statement T = True Statement )
    Considering this combination gold should be both 1 and 2 boxes
    2) F T F
    Considering this combination gold should be only box 1
    3) T F F
    Considering this combination if 2nd and 3rd statement are false then it woundn't happen.because if 2nd false then gold should in box no 2 but then 3rd statement is true.but we have only one true answer.
    therefore answer is box no 1

    ReplyDelete
  15. 1 2 3 ප්‍රකාශ වලින්,
    1. 1, 2 වැරදි උනොත් 3න් 1 විසංවාදියි.
    2. 2, 3 වැරදි උනොත් 3න 2 විසංවාදියි.
    3. 1, 3 වැරදි උනොත් විසංවාද නැත. 1 රත්තරං ඇත.

    ReplyDelete
  16. අයියෝ..... අදත් ප්‍රශ්ණයක්ද..... ??? :( උත්තර නොදනී.. :'(

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න මග ඇරලා යන්න එපා හලෝ..! උත්තර දීලා යන්න. :)

      Delete
  17. උත්තරය 1 වෙනි පෙට්ටිය.
    1..මේකෙ නෑ..( බොරු)
    2....මේකෙ නෑ..(ඇත්ත)
    3...තියෙන්නෙ 2 වෙනි එකේ..( බොරු)

    ReplyDelete
    Replies
    1. වී තව පාරක් ඇවිත් ප්‍රශ්නේ විසදලා ගිහින්.. එළ! :)

      Delete
  18. රත්තරන් තියෙන්නේ දෙවෙනි පෙට්ටියේ කියල ලියල තියෙන්නෙ 3 වැනි පෙට්ටියෙනෙ.. ඒකෙ තමයි රත්තරං තියෙන්නෙ...ඒක ඇතුලෙ තව පොඩි පෙට්ටියක් ඇති 2 ගහල..

    ReplyDelete
    Replies
    1. එහෙම හොර වැඩ නෑ.පෙන්නමයි පෙට්ටි තුන තිබුනේ..:)

      උත්තරේනම් වැරදියි.. :(

      Delete
  19. දොස්තරගේ පැහැදිලි කිරීම නම් මරු..!!

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දෙයක් මූණටම කියන්න බෑනේ.. නේ?

      Delete
  20. Gold is there in the first box.. will explain the answer later.. publishing this comment from office, so that bit difficult to comment in Sinhala..

    ReplyDelete
  21. Palaweini pettiye rattaran tiyenne.
    a anuwa 1 & 3 paniwida waradi. 2 hari.

    2 rattaran tiyenawanam 2 prakashaya waradi. 1 & 3 hari. a nisa ake wenna ba.
    3 rattarn tiyenawanam 3 prakashaya waradi. 1 & 2 hari.a nisa ake wennat ba.

    Answer : 1 weni pettiye rattaran tiyenne.

    ReplyDelete
  22. රත්රන් තියෙන්නේ පල වෙනි පෙට්ටියේ.

    1වෙනි පණිවුඩය : මෙය ඇත්ත නම් 2 සහ 3 බොරු විය යුතුය. 2 බොරු නම් එහි රත්රන් ඇත. එවිට 3 ඇත්තක් වේ . ඇත්ත පණිවුඩ 2 ක් නැතිනිසා 1වෙනි පනිවුඩය බොරුවකි.
    2වෙනි පණිවුඩය: මෙය ඇත්ත නම් 1 සහ 3 බොරු විය යුතුය. එවිට 1 බොරු නිසා එහි රත්රන් ඇත. 3 බොරු නිසා 2 හි රන් නැත. එවිට ගැටළුවක් නැත. එනිසා මෙය ඇත්තකි.
    3වැනි පණිවුඩය : මෙය ඇත්තනම් 1 සහ 2 බොරුය. එවිට 1හි රන් ඇත. 2හිද රන් ඇත. රන් ඇත්තේ එක පෙට්ටියක නිසා මෙය විය නොහැක. එබැවින් 3ද බොරුවිය යුතුය.
    එබැවින් රන් ඇත්තේ 1 වැනි පෙට්ටියේය.

    ReplyDelete
  23. මොනව නැතත් මරැ කතාව

    ReplyDelete
  24. මේකනේ !!!! පළවෙනි පෙට්ටියේයි දෙවනි පෙට්ටියේයි තියෙන පණිවිඩ වැරදී .......... ඒ නිසා තුන් වෙනි පෙට්ටියේ තියෙන විදිහට රත්තරං තියෙන්න ඔනේ තුන් වෙනි පෙට්ටියේ ඉදන් ගණන් කරපුවාම තියෙන දෙවනි පෙට්ටියේ , ඒ කියන්නේ පලවෙනි පෙට්ටියේ තමයි රත්තරං තියෙන්නේ රත්තරං.......... :D

    ReplyDelete
  25. පලවෙනි පෙට්ටියේ
    එවිට බොරු 2යි ඇත්ත 1යි වේ. වෙනත් පෙට්ටිවල තිබ්බොත් ඇත්ත 2ක් වේ.

    ReplyDelete
  26. 1 වෙනි පෙට්ටියෙ. අනිවාර්යෙන් 2ක් බොරු වෙන්නම ඕනි. දෙවෙනි පෙට්ටිය වෙන්න විදියක් නැහැ.මොකද එහෙම වුනොත් සත්‍ය වාර්තා 2ක් වෙන නිසා.එහෙම වුන නිසා 3 වෙනි එකේ ප්‍රකාශය වැරදි එනම් බොරු එක් වෙනවෙනවා.3 වෙනි එකේ නෑ කියලා කවුරුත් කියලා නෑ. ඒ නිසා ඒකෙ තියෙන්නත් බෑ. 1 ප්‍රකාශය්ක් සත්‍ය විය යුතු නිසා 1 වෙනි පෙට්ටියෙ ඇත්තෙ.

    ReplyDelete
  27. කවුද එතකොට අනිත් දඩයක්කාරයා???

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි ප්‍රශ්නෙ තමා !! කවුද ඇත්තට ???

      Delete
    2. අනේ මං නම් නෙවෙයි.. :)

      Delete
  28. saththalan okkoma palaweni pettiye.
    1 pettiye theyenne 1weni boruwa.
    2weni pettiye thiyenne aththa.
    3 weni pettiye thiyenne 2weni boruwa.

    2weni pettiye thiyenna widihak ne. Ethako 1&3 petti dekema liyapu de aththa wenawa. aththa 2k nehene.
    3 weni pettiye wennath be ethakotath aththa 2k wenawa. E 1&2 petti wala ne kiyana kathawa.

    Man harida macho.

    ReplyDelete
    Replies
    1. සත්තලන් තිබුනේ පළවෙනි එකෙ තමා. :)

      Delete
  29. uththara liyanna gihin kathawa amathakama una. Kathwa kalin ahala thibuna.tikak wenas widihakatada koheda. eth ayemath windanayak lebuwa. Ela ela. Ara gellamaya wedi thibbe kauda kiyana ekath prashnayak thamai.

    ReplyDelete
    Replies
    1. ඔබේ වින්දනය මගේ සතුටයි.. :)

      Delete
  30. හාවියෙක් හම්බුනාම හොද පදුරක් ලග තියන්න්නම වෙනවා. වෙන වෙඩික්කාරයෙක් වෙඩි තිබ්බොත් ඉතිං සොරිම තමා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අධිපති.. :)

      Delete
  31. උත්තර හිතන්න කම්මැලී... සීයගෙ ඩොකා තමා මට ෂුවර් නැත්තෙ...

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා ඒකනම්. ඒත් ෂුවර් නෑ අෆ්ෆා! :)

      Delete
  32. පලවෙනි එකේ කියලා තමයි මට හිතෙන්නේ රත්තරන් තියෙන්නේ...

    ඩොකා ඕක හරියටම දන්නේ ඩොකා ඕකට සම්භන්ධයක් තියෙන්නම ඕනේ...හික්ස්,,,

    ReplyDelete
    Replies
    1. උත්තරේනම් හරි..

      ඔයාට හොදටම ෂුවර්ද? :0

      Delete
  33. උත්තරය හිතන්නට පොඩි ට්‍රයි එකකි දැම්මෙමි.. හරිගියේ නැත..
    කුඩෙන් වෙඩි තැබීම... හි හි..

    ජය..

    ReplyDelete
    Replies
    1. අන්න පොයින්ට් එක!

      හි හි හි..

      ජය ඔබටත්..!

      Delete
  34. රත්තරන් තියෙන්නේ 1වෙනි පෙට්ටියේ..

    1වෙනි පෙට්ටියේ "නෑ" කියන එක ඇත්ත නම් 2වෙනි පෙට්ටියෙ නෑ කියන එක සහ 3වෙනි පෙට්ටියේ "2වෙනි පෙට්ටියේ ඇත" කියන එකත් බොරු.එතකොට කිසිම පෙට්ටියක රත්තරන් නෑ.

    2වෙනි පෙට්ටියෙ "නෑ" කියන එක ඇත්ත නම් අනිත් පෙට්ටි දෙකේම කියවෙන ප්‍රකාශ බොරු.ඒ කියන්නෙ 1වෙනි පෙට්ටියෙ "නෑ" කියන එකයි 3වෙනි පෙට්ටියේ "2වෙනි පෙට්ටියේ ඇත" කියන එකයි බොරු.

    ReplyDelete
  35. 3වෙනි පෙට්ටියෙ කියන දේ ඇත්ත වුනොත් කිසිම පෙට්ටියක රත්තරන් තියෙන්න විදියක් නෑ.

    ReplyDelete
  36. රත්තරන් තියෙන්නේ මේකේ නැහැ කියලා තියෙන පෙට්ටි දෙකෙන් එකක.

    ReplyDelete
  37. උත්තරය තවම සිතමින්..... :)

    ReplyDelete
    Replies
    1. හම්බුනේ නැද්දෝ තාම? :)

      Delete
  38. සිම්පල්නේ...
    මං සුපර් මෑන් වගේ සුපර් විව් එකෙං පෙට්ටි ටික ස්කෑන් කරලා බලනවා...

    ReplyDelete
    Replies
    1. ඒවා ඔට්ටු නෑ කියලා මං කලින්ම කිව්වා ඕං.. :)

      Delete