Monday, November 12, 2012

පාපොච්චාරණය...



වයස අවුරුදු 60ක විතර ඉතාලි මනුස්සයෙක් තමන්ගේ ගමේ තියෙන පල්ලියට ගොඩ වුණා ප්‍රධාන පියතුමාව මුණගැහිලා කරපු පවක් පාපොච්චාරණය කරලා දෙවියන් වහන්සේගෙන් සමාව ලබාගන්න.ප්‍රධාන පියතුමා ඔහුට මුණ ගැහුණාට පස්සේ..

"පියතුමනි.. මට පාපොච්චාරණයක් කරන්න තියෙනවා.මට පුළුවන්ද එය ඔබතුමාට කියන්න..?"

"ඇත්ත වශයෙන්ම පුළුවන් දරුවා..!"

"මේකයි පියතුමනි කාරණාව.. දෙවෙනි ලෝක යුද්ධය තියෙන කාලයේදී එක් රාත්‍රියක මගේ දොරට කවුදෝ ගසන සද්දයක් ඇහුනා.දොර ඇරලා බලපුවාම මං දැක්කේ ඉතා රූමත් ජර්මන් කාන්තාවක් මගේ දොරකඩ හිටන් ඉන්නවා.."

"ඉතින්.."

"මං ඇයගෙන් ඇසුවා 'මොකද්ද ඔබට තියෙන උවමනාව?' කියලා.ඇය කිව්වා 'අනේ.. මට උදව්වක් කරන්න! මගේ පස්සේ ජර්මන් සෙබළු වගයක් පන්නනවා.මට උන්ගෙන් බේරිලා හැංගෙන්න තැනක් හොයලා දෙන්න පුලුවන්ද? ප්ලීස්..!' කියලා.ඉතින් මං ඇය ගැන අනුකම්පා කරලා මගේ ගෙදර තිබුණු අටුවේ හැංගෙන්න ඉඩ සලසලා දුන්නා.."

"අහ්! ඒක කොච්චර හොද දෙයක්ද! කෙනෙකුට අමාරුම අවස්ථාවේ උදවුවක් කරන එක කොච්චර පිනක්ද! ඉතින් දරුවෝ ඒ කාරණාව දෙවියන්ගෙන් සමාවක් ඉල්ලන තරම් දෙයක් පවක් නෙවෙයි..!"

"ඒ වුනාට පියතුමනි තාම කතාව ඉවර නෑ..!"

"කියන්න එහෙනම්.."

"මං කිව්වා ඇයට, ඇයව අටුවේ හංගලා තියාගන්නවට මට ගෙවන්න කියලා.ඒකට කරන ගෙවීම විදියට මට ඇයත් එක්ක එකට ඉන්න දෙන්න කියලත් මං කිව්වා.ඇය ඒකට එකඟ වුණා.ඉතින් මං ඇයව පාවිච්චි කරා මට ලැබෙන්න තියෙන කුලිය විදියට.."

"ඔහ්! ඒකත් එහෙමද..! හොදයි.. මේ කාරණාව දිහා බලද්දී මට පේනවා ඔබ ලොකු වැරැද්දක් කරලා නෑ කියන එක.ඔබ කරේ ඔබේ ජීවිතයත් අමාරුවේ වැටෙන උදවුවක්.ජර්මන් සෙබළු ඇයව ඔබේ අටුවෙන් හොයාගත්තනම් ඔබටත් මියයන්න තිබුණා..!" 

"එහෙමයි පියතුමනි.."

"මං හිතන්නේ මේ සිද්ධිය දිහා දෙවියන් කරුණාවෙන් බලයි.ඔබට අනුකම්පාව හා සමාව ලැබෙයි දෙවියන්ගෙන්..!"

ඒක අහපුවාම අර මනුස්සයා සතුටු වුණා.

"ඔබට බෙහෙවින්ම ස්තූතියි පියතුමනි..!" කියලා ආපහු,

"මට තව එක ප්‍රශ්නයක් අහන්න පුලුවන්ද..?"

"ඔව් මගේ දරුවා.. කියන්න.."

"මං ඒ කාන්තාවට කියන්න ඕනෙද දැන් දෙවෙනි ලෝක යුද්ධේ ඉවරයි කියලා..? "


ප.ලි : ගිය බදාදා අහපු ප්‍රශ්නෙට ලැබුණු හරි උත්තර ටික පබ්ලිෂ් කරා.දැක්කේ නැති අය මේක උඩ කොටලා බලන්න.මේ බදාදාත් එකක් අහන්නයි හිතන් ඉන්නේ.

මේ කතාව කියෙව්වේ නැත්නම් :

1. අම්මාට උඩු! උඹ ඔච්චර ලොකු වෙනකං වතුර බිව්වාද..?

ඔන්න කැළේ හිටපු වදුරෙකුට දවසක් රා කළයක් හම්බවුනා. ඌ රා කළයෙන් පොඩි ෂොට් එකක් අරන් ගහක් උඩට නැගලා ගල් බමුණෙක් වගේ ඉන්නවලු දැන්. මේක දැක්ක කටුස්සෙක් වදුරා ළගට ඇවිත් මෙහෙම ඇහුවලු.. තව කියවන්න..

2. ටැක්සි ඩ්‍රයිවර්..

ඔන්න දැන් එක සෙට් එකේ ඉන්න යාළුවෝ 3 දෙනෙක්  හවස වැඩ ඇරිලා එන ගමන් බොන්න සෙට් උනා.ඉතින් 3 දෙනා බාර් එකකට සෙට් වෙලා බොන්න පටන් ගත්තා.අම්බානක බීලා වෙරි උනාට පස්සේ   3 දෙනා බාර් එකෙන් එලියට බැස්සා. 3 දෙනාගේ ගෙවල් තියෙන්නේ එකම ලේන් එකේ. ඉතින් දැන් මෙයාලගේ අදහස එක ටැක්සියක ගෙදර යන්නයි. තව කියවන්න..

20 comments:

  1. කුලිය පාඩු නෑ වගේ.. :)

    ReplyDelete
  2. Replies
    1. මං හිතන්නේ සල්ලි තිබුනේ නැති හින්දා වෙන්ට ඇති එහෙම වුනේ! :)

      Delete
  3. යකෝ...අවු.60 වෙලත් එහෙම අහනවද...!

    ReplyDelete
  4. හෙහ් හෙහ් හෙහ්..... මම නං කියන්නෙ මෙච්චර කල් තියං ඉඳපු එකේ ඔයටිකත් තියාගෙන ඉන්න කියල.

    ReplyDelete
    Replies
    1. මාත් කියන්නේ ඒකම තමා. වයසයිනේ නේ දැන්? ;)

      Delete
  5. අවුරුදු හැට කියන්නේ වයසක් යැ....නේද ...මටත් ඒ ගානට කිට්ටුයි නේ..හෙහ් ..හෙහ්
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. ඇත්තට! තව අවුරුදු ගානකින් වෙන්ට ඇති නේ? හි හි හි..

      Delete
  6. හැට පැන්නත් වඳුරා බිමින් යන්නේ නැහැලුනේ :D

    ReplyDelete
  7. හිකිස්... එයා මාලයිනෙ..කැලැන්ඩරේ බලන්නෙ නැතිද මන්දා..

    ReplyDelete
    Replies
    1. අටුවේ කැලැන්ඩරයක් තියෙන්ට නැතුව ඇති මයේ හිතේ. :)

      Delete
  8. යුද්දයේ අතුරු පලයක්..
    හික්ස්.. දැන් නම් අර ගෑනු කෙනාටත් යන්න ඕනෙ නැතුව ඇති..

    ජය..

    ReplyDelete
    Replies
    1. ඕ. ගියා කියලා ආය ගන්ට දෙයක් නෑනේ. :)

      Delete
  9. ඔහ් එච්චර කාලයක් අටුවේ හංගන් තියාගත්තද?

    ReplyDelete
  10. මුං ඇට බෝතලේට දාල ඉවර වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මටනම් තේරුනේ නෑ අෆ්ෆා ඒ කතාව.. :(

      Delete