Saturday, November 3, 2012

පැළුණු රබර් එක..


ඇමෙරිකන් පොඩි පිරිමි ළමයෙක් ඉන්නවා.එයාගේ වයස අවුරුදු 10,12 ක් විතර ඇති. දවසක් මේ ළමයාගේ අම්මා ට පෙනුනා මෙයා ටිකක් ලොකු ප්‍රශ්නයක ඉන්නවා වගේ.මූණත් නිකන් ප්‍රශ්නාර්ථයක් වගේ.ඉතින් අම්මා මේ ළමයාගෙන්..

"මොකෝ මේ..? මොකක් හරි ප්‍රශ්නයක් ද..?"

"හ්ම්ම්.."

"මොකද්ද ඉතින්..?"

"ඇයි අම්මා මගේ ලොකු අයියාට නම දාලා තියෙන්නේ 'Mighty Storm'(භයානක කුණාටුව) කියලා..?" 

"ආ.. ඒකද! එයා මගේ බඩට ආවේ ලොකු කුණාටුවක් තිබුණු කාලෙක.ඒක මතක් වෙන්නයි අපි ඒ නම දැම්මේ.."

"හ්ම්.. එතකොට ලොකු අක්කාට ඇයි 'Corn Flower' (තිරිඟු) කියලා නම දැම්මේ..? "

"ඔයා දන්නවනේ අපි කාලයක් තිරිගු වගා කරා කියලා.ඉතින් ඒ වගා බිමේ ඉද්දි තමා අක්කා බඩට ආවේ.."

"එතකොට පොඩි අක්කාට 'Moon Child' (සඳ දරුවා) කියලා නම දැම්මේ..?" පොඩි එකාගෙන් තවත් ප්‍රශ්නයක්.

"එයානම් බඩට ආවේ මායි තාත්තායි හඳට ගොඩබස්සන යානයක් පිළිබඳ වැඩසටහනක් බල බල ඉද්දි.." කියලා අම්මා උත්තර දුන්නා.

දැන් පොඩි එකා සද්දයක් නෑ.පොඩි එකාගේ මූණ තවත් අවුල් වෙලා.අම්මා පොඩි එකාගෙන් ඇහුවා..

"මට කියන්න 'Torn Rubber' (පැළුණු රබර් එක).. මොකද ඔයා මේ හොදටම අවුල් වෙලා වගේ ඒ පාර..!"


ප.ලි : මේ සතියේ බදාදා අහපු ප්‍රශ්නෙට උත්තරේ ඒ පොස්ට් එකට යටින් දැම්මා. තාමත් දැක්කේ නැති අය ඒක මෙතනින් ගිහින් බලන්න.

මේ කතා කියවන්න බැරි වුනානම් :

1. රත්තරන් පාට කොමඩ් එක

ඔන්න එක්තරා වැදගත් පහේ පොරක් හිටියලු බිව්වම මෙමරිය ෆුල් අවුල් යන.බිව්වට පස්සේ ගෙදර යන්නවත්  පාරවත් අමතක වෙන නිසා යාලුවෝ ගෙදර ගෙනත් දානවලු. පහුවෙනිදා වෙරි හිදුනම මූට කොහේ ඉදන්ද බිව්වේ කියන ඒකවත් මතක නැල්ලු.. තව කියවන්න..

2. ඔබට මොනවා හරි වෙනසක් පේනවද..

ජැක් වැඩ කරපු ආයතනයේදී එයාට දරුණු අනතුරක් සිද්ධ වුණා.අනතුර කොච්චර දරුණුද කියනවනම් ජැක්ගේ කන් 2 සම්පූර්ණයෙන්ම කපලා ඉවත් කරන්න ඩොක්ටර්ස්ලා තීරණය කරා.ඉතින් සති ගානක් හොස්පිටල් එකේ ඉදලා ගෙදර ආවට පස්සේ එයාට දැන ගන්න ලැබුණා ජැක් වැඩ කරපු ආයතනයෙන් එයාව අයින් කරන්න අයින් කරන්න තීරණය කරලා කියලා. හැබැයි නිකන්ම නෙවෙයි.. තව කියවන්න..

28 comments:

  1. Torn Rubber! පස්ට නම. :)

    ReplyDelete
  2. පස්ටයි ආයිත් මොනවද

    ReplyDelete
  3. හිකිස්.. අන්න එහෙම තේරුමක් ඇති නම් දාන්න ඕනි.

    ReplyDelete
  4. මහා පන්ථක චුල්ල පන්ථක කතාව මතක් වුනා

    ReplyDelete
    Replies
    1. @ ඉෂාන්

      අම්මා තාත්තා බලන්න යන ගමන් පාරේදීම උපන් නිසා පුතාට නම තිබ්බා "පන්ථක" කියලා. ඊළඟ පාරත් ළමයා ලැබෙන්න යද්දී ඒ ළමයත් පාරේ උපන් නිසා ලොකු ළමයා මහා පන්ථක කරලා දෙවෙනි ළමයාව චුල්ල පන්ථක කියලා නම දැම්මා :D

      Delete
    2. මං ඒ ගැන දැනන් හිටියේ නෑ.ස්තූතියි සහෝ. :)

      Delete
  5. හිකිස් පව් පොඩි එකා.

    ReplyDelete
    Replies
    1. ඌත් දැනගන්ට එපැයි නේ ඇත්ත! :)

      Delete
  6. හොඳ රබර් තිබ්බනම් පොඩි එකාත් නෑ
    මරුය

    ReplyDelete
    Replies
    1. ඕ.. අහුවෙන්ට ඇත්තේ බාල කොලිටි එකෙන් ගෙනාව එකක් වෙන්ට ඇති. :)

      Delete
  7. Torn Rubber ...ඒ කියන්නෙ...හි හී වෙලාවට රබර් එක පැලුනේ..නැත්තම් කොල්ල කොහෙන්ද..

    ReplyDelete
    Replies
    1. ඒකනේ. පවුලේ හතර වෙනියෙක් නෑ එහෙනම්

      Delete
  8. වෙන මොකද ඉතින් රේන් කෝට් දාගෙන නාන්න යන්න ඇති

    ReplyDelete
    Replies
    1. හිකිස්..! දාන්නැතුවම නාන්න තිබුනා නේ?

      Delete
  9. Replies
    1. ඔව් බං.. ඇත්ත දැනගන්ටත් එපැයිනේ.අපිත් අහනවනේ බං ඒ කාලේ දාපු නමේ තේරුම! මූත් ඒ දේ කරා.

      Delete
  10. නමට හේතුව හිතා ගාන්න පුළුවන්... :)

    ReplyDelete
    Replies
    1. මෙයා එවුවානම් දන්නවා. හික්.......

      Delete
    2. @ දිනේෂ්

      එහෙනම් එච්චරයි..! :)

      @ සිහින මදාරා

      අපිනම් ඒ ගැන දන්නේ නෑ ඕං.. :)

      Delete