Friday, November 30, 2012

මාර්කටිං..



එක්තරා පාසලක සති අන්තයේ ළමයින්ට කරන් එන්න පැවරුමක්  සාමන්‍ය දෙයක්.ඉතින් එක පන්තියක මෙවර පැවරුම වුනේ එක එක් ළමයා මොනවා හෝ දෙයක් විකුණලා, ඒ පිළිබඳව සමාලෝචනයක් පන්තියේ අනිත් ළමයින් ඉස්සරහ ඉදිරිපත් කරන එක.ළමයින්ට පවරපු මේ පැවරුමේ අරමුණ වුනේ එක එක ළමයාගේ මාර්කටිං ස්කිල් එක පරික්ෂා කරන එක.ඉතින් සති අන්තේ ගෙවිලා පාසල පටන් ගත්ත සදුදා උදේ පන්තියේ ළමයින් හිටියේ සෑහෙන නොසන්සුන්කමකින්.

පන්ති භාර ගුරුතුමිය පන්තියට ඇවිත්..

"ළමයි.. මං සිකුරාදා පවරපු වැඩේ ඔය ළමයි කරාද..?"

"ඔව් ටීචර්.."

"හොදයි.. එහෙනම් මුලින්ම රන්මලී නැගිටලා ඇවිත් ඒ ගැන විස්තර කරන්න.."

රන්මලී කියන ගෑණු ළමයා ඉන්න තැනින් නැගිටලා පන්තියේ ඉස්සරහට ඇවිත් ආඩම්බරෙන් ,

"මං විකිණුවේ පොඩි ළමයින්ට පෝෂදායක බිස්කට් වගයක්.ඒ අපේ අම්මා හදන ඒවා.මං ඒවා කුඩා ළමයින් ඉන්න අයට විකිණුවා.එහෙම විකුනලා මං රුපියල් 1500ක් හොයාගත්තා.."

"හොදයි.. දැක්කාද ළමයි, තමන් විකුණන්න හදන දේ වැදගත්කමක් තියෙන්නත් ඕනේ.ඒ ගැන රන්මලී හිතලා තියෙනවා. හොදයි, ඊළඟට සමනලී නැගිටලා එන්න.."

රන්මලී ගිහින් තමන්ගේ තැන වාඩි වුනාට පස්සේ සමනලී නැගිටලා පන්තියේ ඉස්සරහට ආවා.

"මං විකිණුවේ සඟරා වගයක්.ඒ සඟරා වල තිබුනේ තමන්ගේ ජීවිතය සාර්ථක කරාගන්නා ආකාරය පිළිබඳ උපදෙස්.තව ඒකෙ මිනිසුන්ට වැදගත් අධ්‍යාත්මික කරුණු වගයකුත් තිබුණා.ඉතින් මං ඒ ගැන මිනිසුන්ට පැහැදිලි කරලා, ඒ සඟරා ඔවුන්ට විකුණලා රුපියල් 2250ක ආදායමක් ලැබුවා.."

"බොහොම හොඳයි සමනලී.. දැන් ගිහින් වාඩිවෙන්න.ඊළඟට....." ටීචර් පන්තිය දිහා බලලා පන්තියේ ඉන්න කරදරකාරම ළමයා වෙච්ච සන්සුන් දිහා බලලා,

"අහ් සන්සුන්! ඔය ළමයා එන්න දැන් ඉස්සරහට ඇවිත් කිව්වනම් මොනවද ඔයා මොනවද කරේ කියලා.."

සන්සුන් ඉතින් සන්සුන් ගමනේ ලොකු කැටයකුත් අතේ තියන් ටීචර්ගේ ගුරුමේසේ ගාවට ගියා.ගිහින් කැටේ පියන අයින් කරලා ඒකෙ තිබුණු සල්ලි සේරම ටික ගුරුමේසේට හලලා,

"මං රුපියල් 21247ක් හොයාගත්තා..!!"

"මොකක්..!!" ටීචර් ඉදන් හිටපු පුටුවෙන් නැගිටුනා ඒක ඇහුවාම.ළමයින්ටත් පුදුමයි.ටීචර් සන්සුන් දිහා ඇස් ලොකු කරන්,

"මොනවද සන්සුන් ඔයා විකිණුවේ..?"

"දත් බුරුසු.." සන්සුන් උත්තර දුන්නා.

"දත් බුරුසු..!!" ටීචර් ආයෙත් පුදුමයට පත්වුනා.

"මොකක්! දත්බුරුසු..!! කොහොමද සන්සුන් දත්බුරුසු විකුණලා ඔච්චර ආදායමක් හොයාගත්තේ..?"

"මං ටවුන් එකේ කුණු දාන තැනට ගිහින් සතුන්ගේ අයින් කරලා දාන බඩවැල් ටිකක් හොයන් ඇවිත් ටවුන් එකේ   මැදට වෙන්න හට් එකක් අටවගත්තා.ඊටපස්සේ එතනින් යන හැමෝටම මං අර බඩවැල් වලින් පොඩි කෑලි අරන්  හපන්න දුන්නා.ඒවා හපපු හැම මනුස්සයාම කිව්වේ එක දෙයයි..!"

"මොකද්ද..?"

'තූහ්: නොදකින්..! මේ මොන මළජරාවක්ද..!!' කියලා හතර වටේට කාර කාර කෙළ ගහන්න පටන් ගත්තා.මං ඊටපස්සේ ඔවුන්ගෙන්.."

' ඒක මළ ජරාවක්ද..! එහෙනම් කට සුද්ද කරගන්න දත්බුරුසුවක් ඕනේද..? ' කියලා අහපු එක විතරයි.."


ප.ලි : අන්තිමට අහපු ප්‍රශ්නෙට හරි උත්තර පබ්ලිෂ් කරා.ඒ පොස්ට් එකට,

32 comments:

  1. අන්න මාර්කටින්.ටූත්පස්ටේ එහෙමත් විකිනුවනම් එල.ෂෝඉ කතාව.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත! මං සන්සුන්ගේ යාළුවා වුනානම් ඒ වැඩේ කරනවා.

      Delete
  2. සන්සුන් තමයි සන්සුන්. හැබැයි මල පනින එකෙක් එහෙම හිටිය නම් සන්සුන් සුනේ සුන්..! :)

    ReplyDelete
    Replies
    1. හි හි හි.. උගේ වාසනාවට එහෙම එකෙක් අහුවෙලා නැද්ද කොහේදෝ.

      Delete
  3. සන්සුන් මාර මාර්කටීන් පාරක් නෙ දීලා තියෙන්නෙ...කොහොමද සන්සුන්ගෙ ටිකිරි මොළේ... :D

    ReplyDelete
    Replies
    1. ඒ වගේ මොළයක් අපිටත් නෑනේ. නේ? :)

      Delete
  4. සන්සුන්...හහ්...නමේ හැටියට නෙවෙයිනෙ මෙයා...සැක්...

    ReplyDelete
    Replies
    1. එහෙනම් නම වෙනස් කරමුද හලෝ? :)

      Delete
  5. අපිටත් බැරි වෙයිද බන් ඒ වැඩේ පටන් ගන්න...

    ReplyDelete
    Replies
    1. ඇයි බැරි! පුළුවන් පුළුවන්. දත් බුරුසු විතරක් නෙවෙයි දත් බෙහෙතුත් ඒ එක්කම විකුණන්න පුළුවන්! :)

      Delete
  6. හෆ්ෆා..ඊළඟ අවුරුද්දේ ඉඳං උපාධියට මාර්කටින් කරන්න යන කෙනෙක් හැටියට මට බොහොම ප්‍රයෝජනවත් මේක.. :D

    ReplyDelete
    Replies
    1. අහ්! ඒකත් එහෙමද! එළ එළ. මගෙන් ඒ වගේ දෙයක් දැනගැනීම පිලිබඳ මාගේ බලවත් සතුට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා! :)

      Delete
  7. මූ මාර සන්සුනෙක්නේ බන්

    ReplyDelete
  8. අම්මපා මාත් පටන් ගන්න ඕන් ඒවගේ එකක්..!

    ReplyDelete
    Replies
    1. පටන්ගන්න වී.මං එන්නම් සප් එකට. :)

      Delete
  9. සන්සුන්ගේ මොලේ තමයි මොලේ...හික්...හික්...

    ReplyDelete
  10. සන්සුන් කියන්නේ අනාගත මුදල් ඇමති කෙනෙක්.... දේශපලනයට එන්න ඕනි ඔක්කොම සුදුසු කම් තියනවා :D

    ReplyDelete
    Replies
    1. ඇහ්! මට ඒක තේරුනේ නෑනේ බං උඹ කියනකම්. :)

      Delete
  11. එතකොට සන්සුන්ට තැලුම් තෙල් විකුනපු එකා ඊටත් වැඩියෙන් හොයන්නැති. හික්ස්

    ReplyDelete
    Replies
    1. තාම ඒ ගැන ආරංචියක් ආවේ නෑ හලෝ. ඒත් කියන්නත් බෑ අම්බානක කෑවද කියන එක

      Delete
  12. යකෝ ඌ නම් හැබැවටම මාකටින් නෙමෙයි, මාටින් කෙනෙක්නේ...



    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!.

    ReplyDelete
  13. මාර සන්සුන් කෙනෙක් නේ ;)

    ReplyDelete
  14. අන්න මාර්-කටින්

    ReplyDelete
    Replies
    1. ඒකනේ! ක්‍රියේටිව් අයිඩියා. :)

      Delete
  15. අර බඩවැල් ටික පාරේ තියලා, ගඳ හමන්න ඉඩ ඇරලා, මුහුණ ආවරණය කරන මාස්ක් වික්කත් මේ ටික කර ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. එහෙමත් පුළුවන් නේ! ඒකත් එළ අයිඩියා එක

      Delete
  16. අම්මටහුඩු මාර පොරක් සන්සුන්

    ReplyDelete