Monday, November 5, 2012

දැක්කාම හිතෙන්නේ..

මේ තියෙන්නේ පන්ක් හෙයාර් ස්ටයිල් එකක්.

පන්ක් ස්ටයිල් එකට හැඩ වැඩ වුනු තරුණයෙක් බස් හෝල්ට් ගොඩ වුනේ ටවුන් එකට යන්න හිතාගෙන.මෙයාගේ කොන්ඩේ හදලා තිබුනේ කොළ, දම්, තැඹිලි,කහ කියන කලර්ස් වලින් ටින්ට් කරලා ස්පයික් විදියට.එක එක කෑලි අල්ලලා,ලෙදර් වලින් නිමවූ ඇඳුමක් තමා ඇදන් හිටියේ.සපත්තු දාලත් නෑ.මූණේ, ඇඟ පුරා එක එක වර්ගයේ මුදු එල්ලං.කන් දෙක හැඩ වෙලා තිබුනේ වර්ණවත් ලොකු පිහාටු වලින් හදපු කරාඹු දෙකකින්.

ඉතින් ටික වෙලාවක් හෝල්ට් එකට වෙලා ඉද්දි බස් එකක් ආවා.තරුණයා ඒ බස් එකට නැගලා ඉඩ තිබුණු ෂීට් එකක ගිහින් වාඩි වුනා. බස් එක ඊළඟ හෝල්ට් එකේ නැවත්තුවාම වයසක මනුස්සයෙක් නැගලා මේ තරුණයා ඉන්න ෂීට් එකට ඇවිත් වාඩී වුණා.ටවුන් එකට තවත් යන්න සෑහෙන වෙලාවක් ගත වෙන හින්දා තරුණයා හිතුවා ළග වාඩි ඉන්න මනුස්සයාත් එක්ක කතාවක් දාන්න.ඉතින් වයසක මනුස්සයාගේ පැත්තට හැරුණු තරුණයා,

"මේ හලෝ, මගේ පෙනුම කොහොමද..? හොදද..?"

අර මනුස්සයා උත්තරයක් නොදී තරුණයා දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.

"ලස්සනයි නේ..?"

ඒත් අර මනුස්සයා සද්දයක් නෑ.

"ඔහේලාගේ තරුණ කාලේ මේ වගේ ඒවා තිබුනේ නැද්ද..? මොනවද ඒ කාලේ ඔහේ කරේ..?"

අර මනුස්සයා තරුණයා දිහා බලලා.,

"මගේ තරුණ කාලේදී මං නාවික හමුදාවට බැඳිලා එක එක යුධ මෙහෙයුම් වලට යාත්‍රා කළා.මට මතකයි එක දවසක් සිංගප්පූරුවේදී හොදටම බිව්වා.ඒ බීලා වැඩි වෙච්ච පාර මට කාන්තාවකගේ පහස ලබන්න ඕනේ වුණා.ඒත් මට ඒකට හරියන කාන්තාවක් හම්බුනේ නෑ. අන්තිමේදී මට මාව පාලනය කරගන්න බැරුව මං කරේ ගිරවෙක් අල්ලන් ඒ ගිරවාට ඒ වැඩේ කරපු එක.." 

කියලා කතාව මග නතර කරා.තරුණයා, 

"ඉතින්..?"

"ඉතින් මට ඔහේව දැක්කාම හිතෙන්නේ, මට දැනෙන්නේ  'සමහරවිට මං මේ වාඩි වෙලා ඉන්නේ මගේ පුතා එක්ක කියලා..' "




කලින් පෝස්ට් එක කියවන්න බැරි වුනානම් :

පැළුණු රබර් එක.. මේක උඩ කොටලා යන්න.

මේ පෝස්ට් එක කියවලා තියෙනවාද? :



නිදන් හිටිය ස්ටැන්ලියි එයාගේ වයිෆුයි මහා රෑ ඇහැරුනේ ගෙදර ඉස්සරහ දොරට වැදුණු ලොකු සද්දෙකින්. ඉතින් ස්ටැන්ලි නැගිටලා ගියා මොකද්ද ඒ සද්දේ කියලා බලන්න. දොර ඇරලා බලද්දී බීපු මිනිහෙක් ගේ දොර ගාව වැස්සෙන් බේරෙන්න ඇවිත්.බීපු මනුස්සයා ඇහුවා.. තව කියවන්න..


ප.ලි : බදාදා ප්‍රශ්නයක් අහන්ටයි හිතන් ඉන්නේ.. :)

ප.ප.ලි : බ්ලොග් එකේ මාස 4ක් තිස්සේ කාගෙන්වත් කමෙන්ට් එකක් වැටෙන්නේ නැතුව වේලි වේලි කරවල වෙන්න ඔන්න මෙන්න වෙලා තිබුණු මං ලියපු දෙවෙනි පෝස්ට් එකට අද කමෙන්ට් එකක් වැටිලා.. :)

37 comments:

  1. කරන ස්ටයිල් එකක් කරලා කට පියාගෙන පල. ඒවා නැහැ ලොකු ලයින් අල්ලන්න එනවා :D

    ReplyDelete
  2. පන්ක් අය්යා ගම කාගෙනනේ......

    ReplyDelete
  3. පන්ක්... පන්ක්....

    ReplyDelete
  4. තමංගේ මැට්ටං තංමැට්ටං කියල කට පියාන ගියානං අහවරනේ

    ReplyDelete
  5. oan mn ewwa 1k. mn thawa tken mattu wnwa amtath oyage awata hnawenta ghn :-> ati ne. godak shoai........

    ReplyDelete
    Replies
    1. කරන දෙයක් පරිස්සමින්!

      Delete
  6. හිකිස්...හොද වැඩේ... :P

    ReplyDelete
  7. ඉල්ලන් කෑමක්..
    මටත් අර ෆොටෝ එක දැක්ක ගමන් මතක් උනේ කොකටු ද මොකක්ද කියන කුරුල්ලව..:)

    ReplyDelete
    Replies
    1. 'කොකටු' ඒ කොයි වගේ එකෙද්ද? අදමයි ඇහුවේ ඒ වගේ නමක් තියෙන කුරුල්ලෙක් ගැන

      Delete
    2. මං හිතන්නේ මචන් උන් මැකෝ වර්ගයට කිට්ටු ගිරව් වර්ගයක්.අර මෑන් ගිරා කතාව කියන්න ඇත්තෙත් ඒක නිසා වෙන්න ඇති. මේක බලහන්. Cocotoo

      Delete
  8. හෙන ගහනව ඕයි........... ....පන්ක් ට හූ ඈ ..........

    ReplyDelete
    Replies
    1. මාත් සීන් එක ආරංචි වෙච්ච ගමන් හූ කිව්වා.. :)

      Delete
  9. හි හී..හොඳ වැඩේ... ඇදලම නා ගත්තට...

    ලංකාවෙත් සමහර අය ඔය වගේ..නොගැලපෙන විදියට ඇදගෙන මදිවට කොණ්ඩෙත් ලොන් හැලිච්ච සිංහයින්ගෙ පාට කරගෙන....

    ReplyDelete
    Replies
    1. ළිහිණි අක්කේ මෙහේ නම් ඕවා නෝමල් කොල්ලෝ කෙල්ලො කියලා නම් වෙනසක් නෑ.. ඔක්කොම ටික නිකන් මැකෝ ගිරව් ටික වගේ... දේදුන්නේ නැති පාටත් මුන්ගේ ඔළුවේ තියෙනවා.. මේ දවස් වල අකුණු ගගහා වහිනවා කොයි වෙලේ හරි මුන්ටත් එකක් වැදිලම තමා නවතින්නේ.. :D :D :D :D

      Delete
    2. හපෝ !!!!!!!!!! බොහෝම දරුණුයි නොවෑ :D:D

      Delete
    3. @ ළිහිණි

      ඒකනම් ඇත්ත. තමන්ට ගැලපෙන්නේ මොකද්ද කියන එක දැනගෙන කරානම් ඉවරයි.

      @ සිත්තරාවි

      එකෙක්ව අල්ලන් කූඩු කරගත්තනම් හරි. :) ඔහොම කියන්ට එපා හලෝ. පවුනේ! ;)

      @ දිනේල්ක

      ඒකනම් සිරාවට දරුණු වැඩියි නේ බං? ;)

      Delete
  10. notherunaada manda :/

    ReplyDelete
    Replies
    1. එහෙමද! තව පාරක් කියවලා බලන්ට

      Delete
  11. මේකා ඉල්ලගෙන කාලා...

    ReplyDelete
  12. මාරයිනේ...කොහොමද මිනිහෙක් ගිරවෙක්ට කරන්නේ....



    ReplyDelete
    Replies
    1. ඒක නම් ඉතින් ඒ මනුස්සයාගෙන් තමා අහන්ට තියෙන්නේ. :)

      Delete
  13. දැක්කත් අප්පිරියයි නේ බං..!

    ReplyDelete
    Replies
    1. ඒ සමහර ඒවා. ගතියක් තියෙන ඒවාත් තියෙනවා.

      Delete
  14. හික්ස් අරූට මල චාටරේ

    ReplyDelete
  15. අද කාලේ STYLE, ලොල්

    ReplyDelete