Saturday, March 16, 2013

සූදු සල්ලි..



සිරිපාල කියන්නේ සල්ලි,දේපළ තියෙන සූදුවට බොහෝ සෙයින් ඇබ්බැහි වුන මනුස්සයෙක්.සූදුවට ගිහින් දිනුවාට වඩා වුනේ හුඟක් පැරදුනු එක.මේ නිසා තමන්ගේ වත්කම් එන්න එන්න අඩු වුනා.ඒත් සූදුවට යන ගමන නතර කරේ නෑ.

ඔන්න ඉතින් සිරිපාල වෙනදා වගේම හවසක ටවුන් එකේ තියෙන ක්ලබ් එකට ගියා සූදු කෙළින්න.මේ වතාවේ සූදු කෙළිය අවසන් වුනේ සිරිපාලට දිනුම ලැබිලා.දිනපු ගාන රුපියල් කෝටියකටත් එහා.ඉතින් මේ සල්ලි අරන් ගෙදර යන ගමන් සිරිපාල කල්පනා කළා මේ සල්ලි ගැන කව්රුවත් දැනගන්නේ නැත්නම් හොදයි කියලා. මොකද එහෙම වුනොත් තමන් ණය වෙලා ඉන්න අය ඇවිත් මේ සල්ලි වලින් තමන්ගේ ණය බේරන්න කියයි කියලා.ඉතින් සිරිපාල කරේ ගෙදර ගිය ගමන්, ඒ මහ රෑ  ගේ පිටිපස්සට ගිහින් වත්තේ වලක් කපලා අර දිනන් ආව සල්ලි ටික වල දාපු එක.

ඉතින් ඊළඟ දවසේ උදේ සිරිපාල සල්ලි තියෙන වළලපු තැනට ගිහින් බලද්දී කලින් දවසේ රෑ වලේ හංගපු සල්ලි ටික නෑ.වල හිස්! සිරිපාලට මේ වෙච්ච දේ ගැන හිතාගන්න බෑ.හෙන අවුල්. රුපියල් කෝටියක්‌නේ.හෙන අවුල් පි‍ට ඒ හරිය පොඩ්ඩක් පරික්ෂා කරලා බලද්දී සිරිපාල දැක්කා මනුස්සයෙකුගේ අඩි සටහන් වගයක්. තව ටිකක් හොදට ඒ ගැන හොයලා බලද්දී සිරිපාල දැක්කා ඒ අඩි සටහන් අල්ලපු ගේ පැත්තට තමා ගිහින් තියෙන්නේ කියලා.

ඒ ගෙදර ඉන්නේ ගොළු, කන් ඇහෙන්නේ නැති මනුස්සයෙක්.ගොළුවෙක් එක්ක කතා කරන්න තේරෙන්නේ නැති, ගොළු අය කියන දේ තේරුම් ගන්න බැරි සිරිපාල තීරණය කරා ගොළු බාසාව දන්නේ කෙනෙක් එක්ක ගිහින් මේ ගණුදෙනුව ඉවරයක්‌ කරගන්නවා කියලා.සිරිපාල ගෙදරට ගිහින් යාළුවෙක්ට කෝල් කරා.යාළුවා ගොළු බාසාව හොදට දන්න,ටිකක් තදයෙක්.ඉන්නෙත් සිරිපාලගේ ගෙවල් කිට්ටුව.යාළුවා ආවට පස්සේ, ගෙදර තියෙන රයිෆල් එකට උණ්ඩ පුරවගෙන, ඒකත් අරන් ගියා දෙන්නාත් එක්කම ගොළුවාගේ ගෙදරට.ගොළුවා මේ තදයා දැක්කා විතරයි පොර බය වුනා.

"කියපන් ඌට මගෙන් හොරකම් කරපු සල්ලි දෙන්න කියලා. නැත්නම් මං ඌව මෙතනම ඉවරයක් කරනවා කියහන්..!" 

සිරිපාල යාළුවාට කිව්වා. යාළු තදයා මේක ගොළු බාසාවට පරිවර්තනය කරලා, සිරිපාල කියපු දේ ගොළුවාට කිව්වා.ගොළුවත් අත පය එහෙ මෙහෙ කරලා උත්තර දුන්නා.ගොළුවා ගොළු බාසාවෙන් කිව්වේ,

"ඒ සල්ලි මං, මගේ ගේ පිටිපස්සේ දොඩම් ගහ යට වලක් කපලා හැංගුවා.මං එතෙන්ට ඔයාලව එක්කන් යන්නම්. අනේ අයියේ.. මාව සිරිපාලගෙන් බේරලා දෙන්න..!" කියලා.

"මොනවද ඌ කියන්නේ?" සිරිපාල යාළුවගෙන් ඇහුවා.

"මචං! ඌ උඹට කිසිදෙයක් කියන එකක් නෑ. ඌ කියනවා උඹ ඌව මෙතන වෙඩි තියලා නෙවෙයි,කෑලි කෑලි කපලා මැරුවත් සල්ලි තියෙන තැන කියන්නෑ කියලා. පුලුවන්නම් මරලා දාපන්ලු..!"




කතා අංක 2 :
වයසක ආච්චිලා දෙන්නෙක් බස් හෝල්ට් එකක වාඩි වෙලා ඉන්නවා ටවුන් එකට යන බස් එකක් එනකම්.සෑහෙන වෙලාවක් යනකම් බස් එකක් ආවේ නෑ. අන්තිමේදී එක ආච්චි කෙනෙක් අනිත් ආච්චි දිහාට හැරිලා,

"මං දැන් පැයකටත් වැඩියි මෙතනට ඇවිත්.සෑහෙන වෙලාවක් වාඩි වෙලා ඉදලා මට දැනෙන්නේ මගේ පස්ස නිකන් නින්දට ගිහින් වගේ කියලා.."

අනිත් ආච්චි කින්ඩියට වගේ මේ ආච්චි දිහා බලලා කිව්වා..

"මං දන්නවා මං දන්නවා ඒක! මට ඇහුනා එහෙන් ගොරවන සද්දයක්..!"

50 comments:

  1. අපරාදේ සල්ලි ටික.සිරිපාලට ඕක කියන්න තිබුනෙ CID එකට.කෝටියක්නේ!!!!!!

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ CID එකත් ෂුවර් කරන්න බෑනේ. :)

      Delete
  2. ඔන්න බලපන්කො යාළුවගේ හැටි.. ආච්චිලත් කින්ඩි දාන්න දන්නෙම නෑ නේද බං.. :D

    ReplyDelete
    Replies
    1. ආච්චිලා වෙන්නෙත් තරුණ කාලේ පහුකරලානේ මචං. ඒ හින්දා කින්ද්ය් දාන්න දන්නවා. ;)

      Delete
  3. හික්ස්සා... හුහ්... එළ තමා පළවෙනි එක

    ReplyDelete
    Replies
    1. ඇයි දෙවෙනි එක වැඩක් නෑ?

      Delete
  4. හික්.... දෙවෙනි කතාව මරු....

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නේ එක ගතියක් නෑ කියලාද? :0

      Delete
  5. කතා දෙකම පස්ට මචෝ.
    ගොරවන සද්දෙ විතරද දන්නෑ,

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඒක විතරයි කියලා.

      Delete
  6. හික්ස්.... කොහොමද දන්නෑ ආච්චිගෙ පස්ස ගොරවන්නේ....

    ReplyDelete
    Replies
    1. රජාගේ මේ පෝස්ට් එකේ වීඩියෝ එක බලහන් මචං

      http://harshana-bc.blogspot.com/2013/03/strictly-for-married-women.html

      Delete
  7. හයියෝ.......සිරිපාල...

    ReplyDelete
  8. දෙක ලොවෙත්... මම දාපු වීඩියෝවට සමානයි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. වයසෙ විතරයි වෙනස.

      Delete
    2. @ රජා - දෙක ලොවෙත් ? කෑල්ලක් අඩුයි වගේ නේ?

      @ කෙන්ජි - ඒක ඇත්ත. වයසට ගියත් ඒක වෙනවනේ.

      Delete
  9. ඉෂාන් ඔයාලාගේ ගෙවල් පැත්තේ සූදු කෙළින අයට මාර වැඩ නේද වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ අපේ පැත්තේ සීන් එකක් නෙවෙයි හලෝ. ඔයාලගේ පැත්තේ වුන එකක්. ඔයා ඒ ගැන නොලියපු හින්දයි මම ලිව්වේ. :p

      Delete
  10. නියම කෙනාට කිව්වේ.යහළුවා සල්ලි ටික ගන්න ඇති.අච්චිගේ කථාවත් පට්ට කථාවක් නොවැ.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. යාළුවෝ හොදටම විශ්වාස කරන්න හොද නෑ.

      එළ!

      Delete
  11. Replies
    1. වහ කන්න හිතෙන්ට ඇති. :)

      Delete
  12. හි හි හී...දෙවෙනි කතාව නම් සිරා...

    ReplyDelete
  13. පළවෙනි කතාව වගේ එකක් මීට කලින් අහල තිබ්බ. දෙවෙනි කතාව නම් අදමයි ඇහුවෙ..කථා දෙකම නියමයි :D

    ReplyDelete
  14. හික්ස් පට්ට කතා දෙක බොල :)

    ReplyDelete
    Replies
    1. පට්ට ඒවා නොවැ දෙන්නත් ඕනේ.

      Delete
  15. හික් හික්. අරූ ඩෝං ගාලා වෙඩි තියලා දාන්න ඇති.

    බස් එක එනකල් ඉන්නකොට ඊට වැඩි දේවලුත් වෙන්න පුලුවන් අප්පා සමහර වෙලාවට.

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ එහෙමම තමා වෙන්න ඇත්තේ. :)

      මොන වගේ ඒවාද ඩූඩ් අයියේ වෙන්න පුළුවන්?

      Delete
  16. කතා දෙකම අද තමයි ඉස්සෙල්ලම ඇහුවේ.

    ReplyDelete

  17. කතා දෙකම ඇහුවේ අද ඕන් ...එල ...:D

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි.. එළ! :)

      Delete
  18. ඉෂාන් දැන් කෝටිය කෝ එතකොට?
    මේ ටිකේ පෙන්න හිටියේ නැත්තේ ඒකද?

    ReplyDelete
    Replies
    1. සයිප්‍රස් බැංකු වලට ණයක් විදියට දුන්නා. ;)

      අපෝ නෑ. මේ දවස් වල ක්ලාස් වැඩයි, බ්ලොග් එක බලන්න තියෙන කම්මැලි කමයි තමා හේතුව. :(

      Delete
  19. හෙහ් හෙහ් කතා දෙකම නියමයි. පළවෙනි කතාව ඇත්ත අද කාලේ මොකෙක්වත් විස්වාස කරන්න හොද නැ...

    ReplyDelete
    Replies
    1. එළ!

      ඕ ඕ.. මොකෙක්වත් විශ්වාස කරන්න හොද නෑ තමන් ඇර.

      Delete
  20. යාලුවෝ මාලුවෝ :D

    ReplyDelete
  21. Replies
    1. එහෙනම් එච්චරයි.. එළ! :)

      Delete
  22. hodai. hodata hithuwoth methana hoda wedagath therumak thiyanawa

    ReplyDelete