Thursday, July 12, 2012

නෝනා හා සේවිකාව..


ගෙදරක වැඩ කරන සේවිකාවකට තමන්ට දැන් ගෙවන වැටුප ප්‍රමාණවත් මදි කියලා හිතුනා. ඉතින් සේවිකාව තමන් වැඩ කරන ගෙදර මහත්තයාට කිව්වලු තමන්ගේ පඩි වැඩි කරලා දෙන්න කියලා. ඉතින් මහත්තයා කිව්වා ගිහින් නෝනාගෙන් අහන්න කියලා. ඔන්න දැන් මෙහෙමයි නෝනයි, සේවිකාවයි අතරේ යන දෙබස, (සේවිකාවට කුමාරි කියලා කියමු.)


කුමාරි : " නෝනා.. මගේ පඩි වැඩි කරොත් හොදයි කියලා හිතෙනවා. දැන් ගෙවන පඩිය මදි.."


නෝනා : " හොදයි.. ඇයි දැන් පඩි කරන්න කියලා ඉල්ලන්නේ? "


කුමාරි : " මේකයි නෝනා.. මං එහෙම ඉල්ලන්න හේතු 3ක් තියෙනවා.."


නෝනා : " මොනවද ඒ? "


කුමාරි : " පලවෙනි එක තමා, මං නෝනට වඩා හොදට ඇදුම් මදිනවා.."


නෝනා : " කවුද කිව්වේ මට වැඩ හොදට කුමාරි ඇදුම් මදිනවා කියලා? "


කුමාරි : " නෝනගේ මහත්තයා.."


නෝනා : " ඔහ් !!"


කුමාරි : " දෙවෙනි කාරණාව තමා., මං නෝනට වඩා හොදට උයනවා.."


නෝනා : " විකාර ! ඒක කවුද කිව්වේ මට වඩා හොදට කුමාරිට උයන්න පුළුවන් කියලා ? "


කුමාරි : " නෝනාගේ මහත්තයා.."


නෝනා : " ඒකත් එහෙමද !! "


කුමාරි : " තුන්වෙනි කාරණාව තමා., මං හොදට ආදරය කරනවලු නෝනා ආදරය කරනවට වඩා.."


නෝනා : ( පට්ට මලෙන් )  "උඹට ඒක කිව්වෙත් මගේ මිනිහාද ?"


කුමාරි : " නෑ නෝනා.. ඒක මට කිව්වේ ගෙදර ඉන්න ඩ්‍රයිවර්.."


නෝනා : ( සන්සුන් වෙමින් ) " හරි හරි.. දැන් කීයක්ද වැඩි කරලා ඕනේ? "

13 comments:

  1. හොඳ වෙලාවට..:)

    ReplyDelete
  2. කොහොමද ටිකිරිමොලේ..

    ReplyDelete
  3. තව ටිකෙන් පවු මහත්තයා

    ReplyDelete
    Replies
    1. එකනේ මචන්! ගෑණු කොහොමත් ඔහොම තමා.. :D

      Delete
  4. අම්බෝ අපිත් බය වුනා කුම්රිට සදා සොත්ති වෙන්න ගුටි කන්න වෙයි කියලා

    ReplyDelete
    Replies
    1. දැන් බය ගිහින් ඇතිනේ..? :D :D

      Delete
  5. පට්ටයි

    ReplyDelete
  6. මේකේ සැගවුණු අරුතක් තියෙනවා නේද..?

    මට තේරුණා විදිහට නෝනා රියදුරු එක්ක ආදරය කරලා තියෙනවා...
    ;)

    ReplyDelete