Thursday, July 19, 2012

මේ මොහොතේ ඔබ..


මේ මොහොතේ ඔබ කොහේ සිටීදැයි 
කුමක් කරයිදැයි මා නොදනී..
සුළඟක් වී හෝ ඔබ වෙත එන්නට
හැකිවෙවිනම් මා එන්නම්..

ඔබ ගැන දහසක් සිතිවිලි මැවුණා
ඔබ මාගේමයි හැම මොහොතේ සිතුනා..
අද ඔබ මා හට හිමි නොවනා බව..
කෙදිනකදී හෝ මා සිතුවේදෝ..

ඔබ අත කිසියම් හෝ වරදක් නැත
වරදක් ඇත්තේ මාගේම අතමය..
ඔබ යළි මා හට හිමි කරගැන්මට..
යන්න හිතෙනවා ඈත අතීතෙට..

පොඩි වෙනසකටත් එක්ක අද ඉතින් මං සින්දුවක පද පේලි ටිකක් ලිව්වා.මේක මං කැමතිම සින්දුවක්.පහුගිය දවස් ටිකේම බ්ලොග් එකේ ලිව්වේ විහිලු කතා නොවැ.ඉතින් අද සින්දුවක් ලියන්න හිතුනා.ඉතින් ලිව්වා. අර හිරුහිමාවී සින්දු කියනවා වගේ මට සින්දු කියන්න බෑනේ අෆ්ෆා.. : ( නැත්නම් මටත් දාන්න තිබුනා මේ සින්දුව කියලා.බැරි වැඩ කරලා  චා වෙනවට වඩා අන්තිමේදී මෙහෙම හොදයි කියල හිතුනා.මට පුළුවන් ඉතින් කාගේ හරි සින්දුවක් අහන් ඉදලා ඒකෙ පද ලියන්න විතරයි. හිකිස්‌ !

දැන් සින්දුව ගැන විස්තර ටිකක්. මේක කියන්නේ ධනංජය නවරත්න කියලා කෙනෙක්. මේක මං ඉස්සෙල්ලම ඇහුවේ A/L කරන කාලේ.ඒ කියන්නේ 2007 වගේ. එච්චරයි සින්දුව ගැන කියන්න දන්නේ මං : )

ඊළගට මම ඇයි මේකට එච්චරටම කැමති :  මේකයිනේ කාරණේ හලෝ.. ඔය සින්දුවට මට අදාළ නිදාන කතා දෙකක් ගැලපුනා. 
1. මං මුලින්ම යාළු වෙලා හිටපු ගෑණු ළමයා එක්ක වුන දේවල් එක්ක බලද්දී මුළු සින්දුම මට ගැලපුනා. අනික ඒකෙ වීඩියෝ එකට අනුව කොල්ලාට කෙල්ලව හම්බවෙන්නේ මුලින් බස් හෝල්ට් එකේදී.මට හම්බුනේ රේල්වේ ස්ටේෂන් එකේදී කෝච්චියට නගින්න යද්දී.වීඩියෝ එකේ මැද හරියට එනකන් ඒ ටිකත් ගැලපුනා.එතනින් එහාට වීඩියෝ එකේ උනා වගේ නෙවෙයි මට අන්තිමේදී උනේ.. වෙන සීන් එකක්. ඒ පලවෙනි එක..

2.මේ සින්දුව ආපු දවස් වල මං යාලු වෙලා හිටියා තව කෙනක් එක්ක.(මේ දෙවෙනි කෙනා) එයාට ඉතින් මේ සින්දුවේ තියෙන මුල පද ටික කියනවා එයා මට මීට් වෙන්නැති දවස් වල. මුලින් එච්චර තමා කිය කියා හිටියේ..ඒත් අන්තිමේදී...මට ආයෙත් මුළු සින්දුවම කියන්න වුනා එයා හින්දත්.වීඩියෝ එකේ අන්තිම ටිකත ගැලපුනා මගේ දෙවෙනි කතාවට. කොහොමහරි වීඩියෝ එක කතා දෙකකින් සම්පූර්ණ උනා.

අන්තිමේදී මං කිව්වේ මේ දෙන්නටම කිව්වේ "ඔබලා අත කිසියම් හෝ වරදක් නැත.. වරදක් ඇත්තේ මාගේම අතමය.." කියලා..


පල්ලෙහායින් විඩියෝ ඒකත් තියෙනවා. බලන්න බලලා නැති අය..



7 comments:

  1. අපොයි ! මං ඉවරයි! කොහොම උනත් ස්තූතියි හ්ම්ම්..:)
    මම අහල තිබුනේ නැහැ අනේ ඕක,,

    ReplyDelete
    Replies
    1. මොකද හලෝ මේ "මං ඉවරයි" කියලා කෑගහලා ? :0
      අපිම ඉන්න එපැයි ඉතින් ඒ වගේ සින්දු අහන්න දෙන්න..:)

      Delete
    2. හික්ස්! ඒක තමා..:)

      Delete
  2. අයියෝ සල්ලි කාගේද මන්දා සින්දුවක් ප්ලේ කරන්න ගිහින් අපේ පූසා බයේ වහලට නැගලා බස්සගන්න බැරුව ගියා බං :P

    ReplyDelete
    Replies
    1. පූසා විතරනේ නැග්ගේ? එම්.එන් නැග්ගේ නෑනේ?

      Delete
  3. adamai ahuwe ayya....lassanai.a dennama ayyata nati unath hoda kenek ikmanata ayyata labei.... :)

    ReplyDelete
    Replies
    1. මාත් එහෙනම් පිනක් කරගත්තා අහපු නැති සින්දුවක් අහන්න දීලා.. :)
      ඕවා පරණ දේවල් හලෝ.. මං නම් ඒ ගැන දුක වෙන නෑ ඒ ගැන.

      Delete