Thursday, September 27, 2012

දැනෙන්න ඇති නෙවෙයි, දැනුනා..


එක්තරා රටක හිටපු තරුණ ජෝඩුවක්‌ කසාද බැන්දා. ඒ රටේ තියෙන චාරිත්‍රයක් තමා දෙවෙනි මනමාලයා මනාලිත් එක්ක එකතු වෙලා එක සිංදුවකට නටන එක. ඉතින් ඒ චාරිත්‍රය මේ උත්සවේදීත් වුනා. දෙවෙනි මනමාලයා මනාලිත් එක්ක එකතු වෙලා සිංදුවකට නටන්න පටන් ගත්තා. ඒ සිංදුව ඉවර වුනත් දෙන්නාගේ නැටිල්ල ඉවර වුනේ නෑ. දෙන්නා දෙවෙනි සින්දුවටත් නටන්න පටන් ගත්තා. ඒක ඉවර වෙලත් දෙන්නාගේ නැටිල්ල ඉවර වුනේ නෑ. තුන් වෙනි එකටත් නටන්න පටන් ගත්තා. ඊට පස්සේ හතරවෙනි එකටත්. නැටිල්ල ඉවර වෙන පාටක් පේන්න නෑ..

මේ නැටිල්ල දිහා බලා ඉදපු මනමාලයා එක පාරම ඇවිත් මනාලියගේ කකුල් දෙක අතරට පයින් ගැහුවා. මේ සිද්ධිය දැක්ක මනාලියගේ පාර්ශවයේ අයට තරහ ගියා.ඊට පස්සේ කේස් එක ඇද්දා මනාලයාගේ පැත්තට. දැන් දෙගොල්ලෝ ගහ ගන්නවා.උත්සව ශාලාව එහෙමම යුධ පිටියක් වගේ.එක එකා ගහගන්නවා. අන්තිමේදී මේ රණ්ඩුව නැවතුනේ එතනට පොලිසිය ඇවිත් කට්ටිය පොලිසියට අරන් ගියාට පස්සේ. පොලිසිය මේ කේස් එක උසාවියට දැම්මා.

විනිසුරු වරයා ඉස්සෙල්ලාම දෙවෙනි මනාලයා කැදවලා,

"මොකද්ද එදා උත්සවේදී සිද්ධ වුනේ..? "

"අවසර විනිසුරුතුමනි, එදා උත්සවේ දෙවෙනි මනමාලයා මං. ඉතින් මං මනාලිත් එක්ක එකතු වෙලා සිංදුවකට නැටුවා. ඒක අපේ පැරණි චාරිත්‍රයක්. එහෙම නට නටා ඉද්දි කොහේදෝ ඉදලා අපි ගාවට ආව මනමාලයා මනමාලිගේ කකුල් දෙක අතරට පයින් ගැහුවා.."

"එහෙනම් ලොකු වේදනාවක් දැනෙන්න ඇති ඒ ගහපු එකෙන්..!!"

"දැනෙන්න ඇති නෙවෙයි, දැනුනා.. මගේ අතේ ඇගිලි තුනක් කැඩුනා ඒ වැදුණු පාරට..!!"

19 comments:

  1. හෑ.. ඒක මාර ඩාන්ස් එකක් නේ.:)

    ReplyDelete
  2. හෙහ් හෙහ් හෙහ් මං හිතුවෙ වෙන අවයවයක් තුවාල වෙන්න ඇති කියල!

    ReplyDelete
    Replies
    1. හී හී.. මනාලයා එහෙම කරයිද තමන් බැදපු දවසේම.

      Delete
  3. ඕ මයි ගෝඩ්...
    ඌ මාර වැඩ්ඩෙක්නේ ඈ..
    අච්චර සෙනගක් ඉස්සරහා????

    ReplyDelete
  4. එතකොට අත තිබිල තියෙනිනෙ කකුල් දෙක අස්සෙ...

    ReplyDelete
  5. ආ...දෙවැනි පාර කියෙව්වමනේ හරියටම තේරුණේ...

    ReplyDelete
    Replies
    1. කොහොම හරි තේරුණා නම් එච්චරයි.. :)

      Delete
  6. Replies
    1. අපේ එහෙම චාරිත්‍රයක් නෑ බං.. :p

      Delete
  7. හෝ හෝ නරක සමනලයා :/

    ReplyDelete
  8. උඹටත් මාර කතා තමා ලියන්න සෙට් වෙන්නේ :D

    ReplyDelete