Saturday, September 8, 2012

අනේ මාරයා.. දැන් මාවත් අරන් පලෝ..! (මරණ දැන්වීම)



කවුදෝ දොරට ගසන ශබ්දයක් ඇසී වහාම විදුලි පහන දල්වා බිමට පැන එහි වූ සරම ඇහිද ගෙන ඇගට දා ගත් මම..

"කවුද..?" කියා ඇසීය.

"මං සෑර්.." 

"මං කියන්නේ කවුද..! හමුදාවෙන්ද? පොලිසියෙන්ද..? පාතාලෙන්ද..? ඉන්කම් ටැක්ස් එකෙන්ද..? නැත්නම් සුදු වෑන් වලින්ද..?"

"ඒ එකකින්වත් නෙවෙයි සෑර්.. මං මේ පීටර්. වටලප්පන් නෝනාගේ පණිවිඩේකට."

"මේ රෑ දොළහට වටලප්පන් නෝනාට මොකෝ මං ඕනෑ වුනේ..? යකෙක්වත් ගැහුවද..?"

"නෑ සෑර්.. නෝනා කිව්වා විගහට මහත්තයාව අඩගහගෙන එන්න කියලා.."


"ඒ මොකටද..?"

"ඒ නෝනාගේ මහත්තයා දැන් මැරුණා.."

"අහ්.. හොද මහත්තයා! කොහෙද මැරුණේ..?"

"ගෙදර.. සෙනග පිරෙන්න ඉස්සර මහත්තයාව එක්ක එන්න කියලයි මාව එවුවේ.."

"ඉතින් මගෙන් ඇති වැඩේ.."

"ගියාම නෝනා කියයි.."

"අනුමානයක් නෑ. හොරට අන්තිම කැමති පත්‍රය ලියවාගෙන අත්සන ගහන්න වෙන්න පුළුවන්.. කාටත් හොරෙන්.." යැයි මටම කියාගත් මම එහි ගියෙමි. එය පයින් විනාඩි දහයක ගමනකි.

පීටර් සමග මා ගෙට ඇතුළු වූ විට ඈ මිය ගිය සැමියාගේ ඇද ළග තනියම සිටියාය. පීටර් කුස්සියට යැවූ ඈ මට ඒ අසලින්ම වාඩි වීමට ඉඩ සැලස්වූවාය. එවිටම අසල කාමරයක සිට ඇගේ ලොකු මහත් වූ දියණියද අප අසලට අවුත් වාඩි වූවාය.

"කරදර කරාට සමාවෙන්න.. මහත්තයාගේ පණ ගිය හැටියෙමයි මහත්තයාට පණිවිඩේ එවුවේ. අපිට පිහිට වෙන්න කවුරුවත් නෑ වෙන..!"

"මරණේ දැනුම දෙන්නද රෙජිස්ටාර්ට..?"

"නෑ.."

"මිනී සාප්පුවට.."

"නෑ.."

"මුදල් ප්‍රශ්නයක්..?"

"නෑ.."

"අන්තිම කැමති පත්තරේ..?"

"නෑ.."

"එහෙනම්..?"

"අපිට පත්තරේටයි රේඩියෝ එකටයි දාන්න මරණ දැන්වීමක් ලියාගන්න.."

"මේ රෑ..!! මෙච්චර හදිසියෙන්..? වෙන වැඩ ඔක්කොම තිබෙද්දී..?" මම පුදුම වී ඇසීමි..

"මේක පිට කවුරුවත් රැස් වෙන්න ඉස්සර හොරෙන් කෙරෙන්න ඕන දෙයක්. හොද සිහි බුද්ධියෙන්, හිතට දුක එන්න ඉස්සර, අඩන්න ඉස්සර!! " ඈ මගෙන් ඉල්ලා සිටියාය.

"ඉතින් මේක ගෙදර අයටම ලියන්න තිබුනනේ, අහවලාගේ අහවලා අහවල් දවසේ මළා කියලා.."

"ඇත්ත මහත්තයෝ..!! ඒ වුනාට නියම නම් ගම් ඒ විදියටම ලිව්වොත් අපේ තත්වෙට හරි නෑ.. ඒකයි මහත්තයා ගෙන්නා ගත්තේ. නම් ගම් අකුරු ලස්සනට ගලපලා ලියවා ගන්න..!" කියා ඈ පෑනක් හා කඩදාසියක් මට සපයා දුන්නාය.

"හරි.. කියන්න. මං ලියන්නම්.."

"දැන් මැරිච්ච මහත්තයාගේ නම උඩගෙදර ඩිංගා. ඒ දවස් වල කරත්තේ දැක්කුවේ. කසිප්පු බිස්නස් ඒකෙන හම්බකරාට පස්සේ තමා පොහොසත් වුනේ..! ඉතින් නම ටිකක් වෙනස් කරලා..."

"හරි.. මං දාන්නම් ඩිංගිරි බණ්ඩා, උඩගෙදර කියලා..! සත් ගුණවත්, සමාජ සේවක වූ ප්‍රසිද්ධ ප්‍රවාහන නියෝජිත.. සහ මොනවද., කසිප්පු නේද නිෂ්පාදනය කරේ..?"

"ඔව්.."

"ඒක බෙහෙතක්නේ? මං ලියන්නම් වෛද්‍යයාචාර්ය කියලා.."

"එතකොට මං ඇසිලියා.."

"උපන් ගම..?"

"මඩගාලේ රේල් ගේට්ටුව ළග.."

"මං ලියන්නම් වාසල මුදලිගේ ඇසිලින් මඩපාත මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද.."

"මහත්තයෝ.. මේ මගේ තුන් වෙනි මිනිහා.."

"ඒක ලියන්න ඕනේ නෑ.. ළමයි..?"

"ඕක තමා මහත්තයෝ හැබෑ ප්‍රශ්නේ.. ළමයි එකොළහක් ඉන්නවා. හැබැයි මේ මිනිහාගේ කියලා කියන්න බෑ ඔක්කොම.. ඔය බාල එවුන් ටික ගැන මේ මිනිහා හැමදාම රණ්ඩු කළා.."

"කාගේ වුනත් කමක් නෑ.. මෙයාගේ ළමයි කියලා දාමු.. මැරිච්ච මිනිහා මගේ නෙමෙයි කියලා කෑගහයි කියලයෑ.."

"හොදයි මහත්තයෝ.. ලොකුම පුතා ජෙමා.. දැන් හිරේ පස අවුරුද්දකට.."

"මං ලියන්නම් ජයම්පත්- බන්ධනාගාර දෙපාර්තමේන්තුව.."

"දෙවැනි එකී මාළු ලෑල්ලක් දාගෙන ඉන්නවා මෝදර වැල්ලේ.. නම යසෝ.."

"යස්මින් - ධීවර දෙපාර්තමේන්තුව.. ඔව්, ඊළගට..?"

"තුන්වැනි එකා ඇන්ඩා.. ඌ ගැට කපනවා.."

"ඇන්දෘ - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව.."

"හතරවැනියා උස්වැටකෙයියාව වැල්ලේ.. ඔය පෙම් ජෝඩු බය කරලා චේන්, ඔරලෝසු , සල්ලි ගන්නවා. උගේ නම විලි.."

"විල්සන් - යු.කේ.."

"පස්වැනි එකී නන්නත්තාරේ යනවා.. එපා කිව්වට අහන්නෙම නෑ..! නම සොපි.."

"සොෆායා - සංචාරක මණ්ඩලය.. ඔව්. ඊළග.."

"හයවැනි එකී සල්ලි පොලියට දෙනවා. නම් ජොසි.."

"ජොසෆින් - උකස්‌ හා ආයෝජන බැංකුව.. ඊළග.."

"හත්වැනි එකා ඩගියා.. ඌ කොළ තුනේ සූදුව තමා උගේ වැඩේ.."

"ඩග්ලස් - ජාතික ලොතරැයි මණ්ඩලය.."

"අටවැනි එකා කුඩු විකුනනවා.. උගේ නම ජුවා.."

"ජයවන්ත - රාජ්‍ය ඖෂධ සංස්ථාව.."

"නවවැනියා සයිමා .. ඌ නිධන් හාරනවා.."

"සයිමන් - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.."

"දහවැනි එකී ගෙදර.. මේ ඉන්නේ.. නම මැගී.."

"මාග්‍රට් - ගෘහකර්මාන්ත දෙපාර්තමේන්තුව.."

"එකලොස් වැනි එකා පිනා.. හොර සම්මාදමේ යනවා.."

"පුණ්‍යවන්ත - මුදල් අමාත්‍යාංශය.."

"ඔය තියෙන්නේ මරණ දැන්වීම නියමෙට ලියලා.." ඈ මරණය අමතක කර සතුටින් සතුටට පත්වූවාය.

"දැන් මහත්තයෝ ඔය විදියට ලියලා පත්තරේටයි, රේඩියෝ එකටයි යවන්න.. දැන් වැඩේ හරි.. බය නැතුව අඩන්න පුළුවන්.." යැයි මට පැවසු ඈ මොහොතකින් ..

"අනේ මගේ රත්තරන් නැතෝ..! අනේ මාරයා මාවත් අරන් පලෝ..!" 

කියමින් ඇය මහා හඩ දී හඩන්නට පටන් ගත් කල අසල්වැසියෝ කඩාගෙන, බිදගෙන මරණ ගෙදරට රැස් වන්නට වූහ. මම හීං සීරුවේ ආපසු ගෙදර ආවෙමි.."



ප.ලි. - 

උපුටා ගැනීම -  නරලොව හොල්මන් - චන්ද්‍ර අනගිරත්න

කලින් චන්ද්‍ර අනගිරත්නයන්ගේ 'නරලොව හොල්මන්' කියන පොතෙන්  අරන් ලියලා තිබුණු කතාවට හොද ප්‍රතිචාර තිබුණු හින්දා මේ සතියෙත් එකක් දාන්න හිතුවා.( නරක ප්‍රතිචාර තිබුණේම නෑ නොවැ :) ) ඉතින් කියවන අය කැමතියිනම් තියෙන කතා ටික සතියට එකක් වගේ දාන්න බලන්නම්.ඔය කිව්වට  මං ගාවත් වැඩිය නෑ. කතා හය හතක් වගේ තියෙන්නේ..  


කලින් ලියු කතාව - මංගල සභාවෙන් අවසරයි..

62 comments:

  1. හිනා කාලා පණ යනවා. ඔය නරලොව හොල්මන් පොත මං ගාව තිබ්බා. යාළුවෙක්ට දීල ඒක එහෙම්මම නැති වුනා. ආපහු ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඉල්ලගෙන තියාගන්න. කොච්චර කියෙව්වත් එපා වෙන්නැති පොතක් ඒකනම්. :)

      Delete
    2. ඔය පොතේ කොහෙන්ද මචන් ගන්න පුළුවන්?

      Delete
    3. ගොඩගේ පොත් තියෙන තැන් වල බැලුවනම් හරි. හැබැයි ටිකක් පරණ පොත් සෙට් එකක්. අළුත් මුද්‍රණ තියෙයිද කියන්න දන්නේ නෑ. හොයලා බලන්න.

      Delete
  2. කතාව ලස්සනයි

    ReplyDelete
  3. මරු ළමයි ටික බං ....... තිත් දෙකයි ඩී

    ReplyDelete
  4. නියමයි කතාව. ඔහොම සෝබනේට අඬන අය නැත්තෙමත් නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් ඒ වගේ අයනම් දැකලා තියෙනවා.. :)

      Delete
  5. සතියට එකක් නෙමෙ. දවසට එකක් ගානේ දැම්මත් කමක් නැහැ මේ වගේ ඒවා.. එල..

    ReplyDelete
    Replies
    1. බලමු බලමු.. කතා වැඩිය නෑ. ඒ ටික තමා බ්ලොග් එකේ දාන්න තියෙන්නේ.. :D :D

      Delete
  6. මාත් මේක පත්තරේක පල වෙලා තිබිලා කියෙව්වා.කොහොමද කට්ටිය පොස් වුන හැටි නේද... :D

    ReplyDelete
  7. ෂෝයි ළමයි ටික නොවැ ...

    ReplyDelete
  8. කොපි කරපු තැන දාපු එක හොදයි...සමාර අයෙ ම්වා තමන්ෙග් වගේ ලියනවා...

    ReplyDelete
  9. හ්ම්හ්...කාලය මැව් වෙනසක අරුමේ....! ජය...!

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට ඔය පද පේළිය තියෙන සින්දුවේ හ්ම්හ් හා ජය කියන එක නෑ.. :D :D
      ස්තුතියි අදහස් දැක්වුවාට..

      Delete
  10. මොනා වුනත් මේ දේවල් ඇත්තට වෙනවා.මැරෙන කසිප්පු කාරය වුනත් අන්තිමට උපාසක මහත්වරු

    ReplyDelete
    Replies
    1. මේ ලංකාවනේ මචන්.. ඕවා ඔහොම තමා. :D :D

      Delete
  11. අඩේ පට්ට කතාව... සිරා ඈ...

    ReplyDelete
  12. හොල්මන් ද පොල්කොළ!!!!


    පස්ට අහ්හ්...
    :D

    ReplyDelete
    Replies
    1. දැන් පොල් කොළත් හොල්මන් කරන්න පටන්ගෙනද බං..? :0

      එළ!! :D :D

      Delete
    2. නැතුං බං...
      හැබැයි ඉතින් මේ යන විදිහට හොල්මන් කරන්ඩවත් "කොළ:"ඉතුරු වෙයිද දන්නෑ...

      Delete
  13. ඉශාන්, පොඩ්ඩක් හොයලා බලන්නකෝ නීතිමය ප්‍රශ්න එන්නේ නැත්නම් ඔය පොත PDF කරලා ඔබේ බ්ලොග් එකේ දාන්න පුලුවන්ද කියලා. මට හරි දුකයි මා ළඟ ඒ කාලේ තිබුන ඔය පොතට වෙච්ච දෙයක් නැහැ. දැන් තියනවානම් රු 1000 කට වුනත් ගන්නවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක , මං ගාව සම්පූර්ණ පොතක් නෙවෙයි තියෙන්නේ. එක එක කතා 16 වගේ තියෙන PDF ටිකක්. නරලොව හොල්මන් පොත් සෙට් එක දැන් හොයාගන්න අමාරුයි. මාත් ඒක ගන්න හොයලා තියෙනවා.ඒත් හම්බුනේ නෑ මෙහෙනම් (නුවර).'ආගිය කතා' ලියන 'හසිත' නම් කිව්වේ 1 වෙනි පොත ගුණසේන ප්‍රකාශනයක්, 2 3 දයාවංශ ජයකොඩිලගේ ප්‍රකාශනයක් කියලා. ඔබතුමා ඉන්නේ කොළඹ කිට්ටුවනම් මේ කියන ප්‍රකාෂන ආයතන වල ස්ටෝර් වලට ගිහින් බැලුවොත් සමහරවිට හොයාගන්න පුළුවන් වෙයි.සාහිත්‍ය මාසයේ එන පොත් ප්‍රදර්ශනේදිත් සමහරවිට තිබිය හැකියි.
      අවශ්‍යනම් මා ළග තිබෙන ඒ කතා 16 අප්ලෝඩ් කරන්න පුළුවන්.

      Delete
    2. බොහොම ස්තුතියි මේ තොරතුරු වලට. ඉදිරියේදී ඔබ ලියන්න සිතාගෙන ඉන්න කතා වලට බලපෑමක් වෙනවානම් ඒවා අප්ලෝඩ් කරන්න එපා. සාහිත්‍ය මාසේ පොත් ප්‍රදර්ශනයට නොවරදවාම යන්නයි හිතාගෙන ඉන්නේ.


      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  14. මුළු රාජ්‍ය සේවයම එක පවුලක් අතේ.....

    ReplyDelete
    Replies
    1. මේ කාලේ නම් රටම එක පවුලක් අතේ නේ :) :)

      Delete
    2. හෙහ් ..හෙහ්..ඔය ෂෝක් එකට දුගී ජනතාව අනුමත කොරල තියෙන්නෙ..!

      Delete
  15. නියමයි සහෝදරයා

    ReplyDelete
  16. මෙන්න පොත
    http://www.elakiri.com/forum/showthread.php?t=1287326

    ReplyDelete
    Replies
    1. ඔය ලින්ක් එකේ එක නෑ සහෝ. එක අයින් කරලා. මටත් කලින් ඔය ලින්ක් එකම හම්බුනා. බලද්දී නෑ ඒක. :(
      ස්තුතියි ඔබට.. :)

      Delete
  17. හි හී..මරු හලෝ මේ කතාව..
    :) :)

    ReplyDelete
  18. පට්ටයි .පොත බලන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. එළ එළ..!! හොයාගෙන කියවන්ට. නියම පොතක් :D :D

      Delete
  19. කතාව කලින් කියවලා තියනවා.ඒත් ආයෙමත් කියෙව්වා.මරු ආහ්...

    ReplyDelete
  20. හෙහ් හෙහ්... සිරා නෙහ් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  21. Meka nam mama eka usmata kiyewwa...oyage blog eka nam shok...me liyala thiyana shailayata man harima kamathi

    ReplyDelete
    Replies
    1. මේ කතාව මං ලියපු එකක් නෙවෙයි.චන්ද්‍ර අනගිරත්න මහත්මයාගේ ශයිලිය තමා මේ කතාවේ තියෙන්නේ. තැන්ක්ස් ඒ කොටස ඇර අනිත් වචන ටිකට.. :D :D

      Delete
  22. කියවගෙන එද්දී හුරු ගතියක් දැනුනා..පස්සේනේ දැක්කේ චන්ද්‍රගේ අනගි කතාවක් කියලා...එළ..

    ReplyDelete
  23. හයියූ... :ඩී :ඩී මමත් එකම සැරයක් කියවලා තියනවා ගොඩ කාලෙකට කලින්.. ටැන්කූ සහෝ ආයේ කියවන්න පුළුවන් දැන්..

    ReplyDelete
  24. තව දාපන් මචං..ආසාවෙන් කියවන්නෙ..!!

    ReplyDelete
  25. මරු අනේ... නියමයි... :)

    ReplyDelete
  26. හි හී... අනේ වහාම මේ පොත හොයා ගන්න ඕනේ... :) :) එතකන් ඔයා තව තව දාන්න හොඳේ...
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. හොයාගන්න. එතකන් මම දානවා.. :)

      Delete
  27. පට්ට කථා ටික මචං . ඔක්කොම ටික දාන්න . :)

    ReplyDelete
  28. මාරයා අයිය බය උනාද දන්නේ නැහැ. මචං හොයල හරි දාපන්

    ReplyDelete