Saturday, October 13, 2012

මෙච්චර වයසට ගිහිනුත්..!!


ඔන්න වයසක ජෝඩුවක්‌ හිටියා.දෙන්නාගේ වයස අවුරුදු 95ක් විතර.දවසක් මේ වයසක සීයා මැරුණා.සීයාගේ අවසන් කටයුතු වලට එයාලගේ දූ දරුවෝ,මුණුබුරෝ,මිනිබිරියෝ, නෑදැයෝ,අසල්වාසින් සහභාගී වුනා.අවසන් කටයුතු සිද්ධ කරාට පස්සේ එක මිනිබිරියක් වුනු කැතී තමන්ගේ මිත්තණියත් එක්ක ඉන්න තීරණය කරලා ඒ ගෙදර නැවතුනා.අනිත් අය යන්න ගියා.ඉතින් එදා රෑ කැතී මිත්තණිය ළගට ගිහින් ඇහුවා..

"ආච්චි.. ඇත්තටම අපේ සීයා මැරුණේ කොහොමද..?"

"මේකයි දුවේ වුනේ.. එයා නැතිවුනේ හාර්ට් ඇටෑක් ඇවිත්."

"ඒ කොහොමද?"

"අපි ඉරිදා උදේ ආදරය කර කර හිටියා.එතකොට තමා හාර්ට් ඇටෑක් එක ආවේ දුවේ."

ආච්චි දුක්බර මූණකින් කිව්වා. මේක අහපු කැතීට පුදුමයක් වුනා: කොහොමද අවුරුදු 100කට කිට්ටුව හිටපු මේ දෙන්නා ආදරය කරේ කියලා.කැතී ඒ ගැන ආච්චිගෙන් ඇහුවා..

"කොහොමද ආච්චි ඔයාලා දෙන්නා මෙච්චර වයසට ගිහිනුත් ඒ වගේ ආදරය කරේ?"

"ඔහ්! අපි තේරුම් ගත්තා වයසට එද්දී තරුණ කාලේ හැසිරුනා වගේ වයසට යද්දි  ඒ වගේ හැසිරෙන එක අමාරුයි කියන එක.එච්චර ශක්තියක් නෑ අපිට නෑ කියන දේ තේරුනා. ඉතින් අපි කරේ ඉරිදා පල්ලියේ වදින ඝන්ටාරේ සද්දෙට අනුව ඒ දේ කරන්න.ඝන්ටාරේ වදින්නේ හෙමි හෙමිට.ඉතින් ඒ සද්දේට අනුව අපි ආදරේ කරා.කිසි හදිසියක් තිබුනේ නෑ.. ඒත්.."

"ඇයි ආච්චි කතාව නැවැත්තුවේ..? ඇයි මේ අඩන්නේ..?"

පැත්තකට හැරිලා ඇස් වල තියෙන කදුළු පිහිද ගන්න ගමන් ආච්චි කිව්වා..

"ඒත්.. අර මූසල අයිස්‌ක්‍රීම් ලොරිය එක දිගට හෝන් එක ගහන්නේ නැතුව හිටියනම් අදටත් සීයා ජීවතුන් අතර..!!"


ප.ලි. :

ඊයේ පෝස්ට් එක කියවන්න බැරි වුණානම් මෙතනින් යන්න.ඒ නිසදැසක් ඉෂාන් වෙනුවෙන් ලියපු.. හි හි හි..

මේ සතියේ දාන්න හිටපු නරලොව හොල්මන් පෝස්ට් එක තමා මගේ අතින් ඩිලීට් වුනේ. ඒක ඊළග සතියේ දාන්න හිතන් ඉන්නේ.


34 comments:

  1. ice cream lorrye porawa walahama kanta epey. karala thiyana aparadayak.

    ReplyDelete
    Replies
    1. හි හි හි.. වලහා නෙවෙයි ආච්චි කන්ට ඕනේ..

      Delete
  2. වහාම ගන්ටාර ගලවා දැමීමට නියෝග කරමි.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. අණ ක්‍රියාත්මක වෙයිද? :)

      Delete
  3. අයිස් ක්‍රීම් කාරයා හෙලා දකිමු

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නේ ඇයි? ඒක ඒ පොරගේ රස්සාවනේ බං..

      Delete
  4. //"ඒත්.. අර මූසල අයිස්‌ක්‍රීම් ලොරිය එක දිගට හෝන් එක ගහන්නේ නැතුව හිටියනම් අදටත් සීයා ජීවතුන් අතර..!! //

    සිද්ධිය ක්ලික් උනේ ටිකක් වෙලා ගියාට පස්සෙනෙ... හි හි හී

    මරු කතාව :D

    ReplyDelete
  5. එළකිරි. පට්ට කතාව මචෝ ..මට මැවිලා පේනවා අයිස්ක්‍රීම් ලොරියෙ හෝන් එක වැදුණු ගමන් වැඩේ නැගලා ගිය හැටි.

    ReplyDelete
    Replies
    1. හයියෝ අයිස්‌ ක්‍රීම්.. :)

      Delete
  6. නාකි විසේ ගෙටත් උසේ ...:)

    ReplyDelete
  7. aiyooooo ;)
    man mulin hithuve eda palliye gaantare mokak hari nisa vegen gahanna athi kyala,eth balinnam icecream kaarayek ne wade karala thiyenna :-)

    ReplyDelete
    Replies
    1. හි හි හි.. ඒ පොර ඕවා දන්නේ නෑනේ බං

      Delete
  8. ඕකනේ කියන්නේ පාර අයිනේ ගෙවල් ගන්න එපා කියලා...

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. ඒක ඇත්ත.. පන්සල්,පල්ලි,දේවාල ළග තියෙන ගෙවලුත් ගන්ට හොද නෑ.. :)

      Delete
  9. කෝ බං අපි දාන කමෙන්ට්ස් ගිලිනවද

    ReplyDelete
  10. ටිකක් විතර බට ලයිට් වගේ..:) මීටර් වුනු විදිහ හරිද බලන්න ආයේ කියවලා බලමු!!

    ReplyDelete
    Replies
    1. දැන් කී වතාවක් කියෙව්වද සහෝ? සතියකින්නේ උත්තර :)

      Delete
    2. කියෙව්වා මචන්, දැන් නම් හොඳටම මීටර්..:D

      Delete
  11. අපොයි දෙයියනේ.. හික්ස්..

    ReplyDelete
  12. අද උදේ අපේ ආම් ගේ එක අයියා කෙනෙක් නැති වුනා හාර්ට් ඇටෑක් ඇවිත්. එයාගේ අවසන් කටයුතු වලට සහාභාගී වෙන්න සිදු වෙන නිසා පෝස්ට් වලට ලැබෙන කමෙන්ට්,ඒවාට උත්තර පබ්ලිෂ් කරන්න වෙන්නේ ආපහු ගෙදර ඇවිත්.එතකන් තරහා ගන්ට එපා ඕං.. නලීන් අයියාටනම් ප්‍රශ්නයක් වෙලා කරපු කමෙන්ට් කොහෙද කියන එක.ගණන් ගන්ට එපා.හදිසි අවස්ථාවක්නේ මේ. ඉතින් කමෙන්ට් කරලා යන්න කියවලා. මරණ ගෙදර දවස් 5ක් ගන්ටයි අදහස.ඒ නිසා හැමෝටම සුබ සතියක්..

    ReplyDelete
  13. හික්ස් මට මැවිලා පේනවා සිද්දිය

    ReplyDelete
  14. අයියෝ අයියෝ..අයිස් ක්‍රීම් ලොරියක් නිසා වුන හදියක්

    ReplyDelete
  15. අයියෝ....අපරාදේ අයිස්‌ ක්‍රීම් ලොරියේ එකාට චුට්ටක් පරක්කු වෙලා එන්න තිබ්බේ නැද්ද?නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අයිස්‌ ක්‍රීම් කාරයා කරේ උගේ ජොබ් ඒකනේ බං.. ඒ හින්දා ඒ පොරට බැනලා වැඩක නෑ.

      Delete
  16. අයියෝ... කිව්වලු. එල ජය

    ReplyDelete
  17. මට කතාව තේරුන් නැද්ද කොහෙද. ඩබල් මීනින්ග් නෙමේ නේද ?

    ReplyDelete
    Replies
    1. තව පාරක් කියවලා බලහන් මලේ.එතකොටවත් තේරෙයි. :)

      Delete