Monday, December 3, 2012

අනියම් භාර්යාව.. + තෑගී නැති ප්‍රශ්න - 6


විකටර් කියන්නේ කසාද බැඳලා ඉන්න සල්ලිකාරයෙක්.දවසක් තමන්ගේ වයිෆ් වුන ස්ටෙලා එක්ක රෑ කෑමකට සුපිරි පන්තියේ අවන්හලකට ගියා.මේසයක් බලලා වාඩි වුනාට පස්සේ ළඟට ආව වේටර්ට අතේ මෙනු එක බලලා තමන්ට ඕන කෑම බීම වල ඕඩර් එක ලබාදුන්නා. වේටර්වරයා ඒ ටික අරන් එනකම් වයිෆ් එක්ක කතාවක් දාන් ඉද්දී රූමත් තරුණ කාන්තාවක් ඇවිදින් වික්ටර්ව බදාගෙන ලොකු කිස් එකක් දුන්නා.කිස් එක දීලා ඉවර වුනාට පස්සේ එම කාන්තාව,

"වික්ටර්.. මං දැන් යනවා.මං ඔයාව පස්සේ මීට්‌ වෙන්නම්.. බායි..!!" කියලා යන්න ගියා.

මේක දිහා පුදුම වෙලා බලන් ඉදපු ස්ටෙලා,

"කවුද වික්ටර් ඒ? මගේ ඉස්සරහම කිසිම බයක් සැකක් නැතුව ඔයාව කිස් කරන්න තරම් හයියක් ඒකිට කොහෙන්ද..?"

"කෑගහන්න එපා ගෑනියේ. ඒ මගේ අනියම් භාර්යාව!"

"මොකක්!! තමුසෙට හොර ගෑනියෙකුත් ඉන්නවාද..!! තමුසෙනම් මහා මොකෙද්ද මංදා.ජරා සතා..!!"

"මොකද මේ කෑගහන්නේ..?"

"කෑගහන්නේ තමුන්ගේ හැටි දැනගත්ත හින්දානේ.මට තවත් තමුසේ එක්ක ඉන්න බෑ.මං යනවා අම්මලාගේ ගෙදර.මට දික්කසාද වෙන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනටම..!"

කියාගෙන ස්ටෙලා එතනින් පිටවෙලා යන්න පුටුවෙන් නැගිටිද්දීම එයාගේ අතින් අල්ලගත්ත වික්ටර්,

"ඔහොම වාඩිවෙලා යන්න කලින් මේ ටිකත් දැනගන්නවා..!"

"මොනවද තවත් මට දැනගන්න ඉතුරු වෙලා තියෙන්නේ..?"

"ඔහේ මගෙන් දික්කසාද වුනොත්, ඊලඟ සතියේ ෂොපින් කරන්න යන්න ඉන්න පැරිස් ගමන නැතිවෙනවා, ඊළඟට කැරිබියන් දූපත් වලට නැවේ යන්න යොදාගත්ත ටුවර් එක නැතිවෙනවා, ඊලඟට උපන් දිනේට මගෙන් ඉල්ලපු බෙන්ස් කාර් එකත් නැතිවෙනවා, ආය බැඳිලා ඉන්න ක්ලබ් එකෙනුත් අයින් වෙන්න වෙනවා..!"

ඒ ටික කියාගෙන කියාගෙන ගිහින් අන්තිමේදී වික්ටර්,

"ඔහේ දික්කසාද වුනොත් ඒ සේරම නැති වෙනවා.දැන් තීරණේ තියෙන්නේ ඔහේගේ අතේ..! මොකද කියන්නේ, දික්කසාද වෙනවද..?"

ඒ එක්කම වාගේ ස්ටෙලා දැක්කා වික්ටර්ගේ මිතුරෙක් තවත් ලස්සන කාන්තාවක් එක්ක අවන්හලට ගොඩවෙනවා.වයිෆ්,

"කවුද අර ජෝන්ගේ අතේ එල්ලිලා එන ගෑණුකෙනා..?"

"ඒ ජෝන්ගේ අනියම් භාර්යාව..!"

ඒක අහලා වික්ටර්ගේ පැත්තට හැරුණු ස්ටෙලා,

"ඒ ගෑණි අපේ කෙනා තරම් ලස්සන නෑ නේ ඩාලිං..!"


කතාව එච්චරයි.දැන් අහන්න යන්නේ මේ සතියට අදාළ තෑගී නැති ප්‍රශ්නේ.ප්‍රශ්නේ අහන්නේ උඩින් තියෙන කතාවෙන් නෙවෙයි.මෙන්න මේකයි අද ප්‍රශ්නේ..



කෝසල හා තිළිණි කියන්නේ කසාද බැඳපු ජෝඩුවක්.ඔන්න දවසක් රෑ දෙන්නා සාලේ සෝෆා එකට වෙලා හිටියා.කෝසල හිටියේ ෆිල්ම් එකක් බල බල. තිළිණි හොල්මන් නවල් එකක් කියවනවා.එක පාරම ගෙදර කරන්ට් එක ගියා.කරන්ට් එක එනකම් ඉන්න එක තේරුමක් නෑ කියන තේරුණු හින්දා කෝසල තීරණය කරා ඇඳට ගිහින් නිදා ගන්න.ඒත් තිළිණි පොත කියවනවා.කිසිම එළියක්‌ නෑ.අඳුරුයි.ඒත් එයා පොත දිගටම කියවනවා.

දැන් අහන්න යන්නේ මේකයි..

තිළිණි කොහොමද එහෙම පොත කියවන්නේ..?

ප.ලි : තවත් ප්‍රශ්ණයක්. ලේසිම එකක්.හැමදාම අමාරු ඒවා අහනවා කියලා සමහර අයට උත්තර දෙන්න බැරි වෙනවලුනේ.මේ ඒ අයට.බලමු ඒකටවත් පුළුවන් වෙයිද කියලා.

ගෑණුළමයෙක් කාන්තාවක් කරන අකුරු තුන (3) මොකද්ද?

උත්තර වෙනම කතාවට වෙනම කමෙන්ට් කරනවානම් හොදයි.හරි උත්තර ඊලඟ සතියේ ඉරිදා පබ්ලිෂ් කරන්නම්.තරගෙට සහභාගී වෙලා උත්තර දෙන්න හිතෙන ඇනෝ අය ඔය පහල තියෙන ලින්ක් එක උඩ කොටලා,එකේ අන්තිම ටික කියවන්න.




එහෙනම් ජය වේවා!


ප.ප.ලි : නිවැරදි පිළිතුරු..

ප්‍රශ්න අංක 1 : උත්තරේ තිළිණි අන්ධයි.අන්ධ අය කියවන්නේ බ්‍රේල් ක්‍රමයට ලියලා තියෙන පොත්.ඒවා කියවන්න එළිය අවශ්‍ය නෑ.

ප්‍රශ්න අංක 2 : උත්තරේ ව ය ස . ගෑණුළමයෙක් කාන්තාවක්,ආච්චි කෙනෙක් කරන්න පුළුවන් වෙන්නේ වයස ට විතරයි.

මේ උත්තර දෙක දැක්කාම අහපු ප්‍රශ්න හරිම ලේසියි කියලා පේනවා නේ? ගොඩක් අය දෙකටම හරි උත්තර දීලා තිබුනා.ප්‍රශ්න දෙකටම උත්තර දුන්නු සමහර අයගේ හරි ගියේ එක උත්තරයයි.මුලින්ම උත්තර දීලා තිබුනේ කල්හාන් පණ්ඩුක.ඇනෝලා කීප දෙනෙකුත් හිටියා.

කොහොම හරි එක උත්තරයක් හරි හරියට උත්තර දීලා තියෙන අයත් තරගෙට එකතු වෙනවා.හරි උත්තර දෙකම දුන්නු අයට අවස්ථා දෙකක් ලැබෙනවා. සහභාගී වූ හැමෝටම ස්තූතියි!

ඊලඟ ප්‍රශ්නේ අගහරුවාදා අහනවා. එතකන් ජය!

120 comments:

  1. මරු කතාව වික්ටර්ගෙයි ස්ටෙලාගෙයි. සෙට් වෙනවා.

    ReplyDelete
  2. මම නම් හිතන්නේ උත්තරේ "විවාහ"

    ReplyDelete
  3. මම ස්ටෙලා වුනා නම් මලන් මැලෙනවා මගේ වික්ටර්ව...සැක්..

    ReplyDelete
    Replies
    1. තේරුමක් නෑනේ එහෙම කරන එක.ඒ මනුස්සයා වෙන ගෑනියක් තෝරන ඉද්දි මොකටද ආය මරාගෙන මැරෙන්නේ. :)

      Delete
  4. 1වෙනි ප්‍රශ්නෙට.. තිළිණි පොත කියවන්නෙ හද එළියෙන්ද දන්නෙ නෑ..
    2වෙනි එක නම් දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. 1. නෑ. කියලා තියෙනවනේ මං කිසිම එළියක්‌ නෑ කියලා.
      2. හරිම ලේසියි හලෝ.

      Delete
  5. අන්තිමට අනියම් භාර්යාව "අපේ කෙනෙක්" උනා. :)
    පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ නම්හිතා ගන්න බෑ බං. දෙවෙනි එකට උත්තරේ මල්-ලි ද..? :D

    ReplyDelete
    Replies
    1. ඕ. ඒ අපේ කෙනෙක්.. :)

      නෑ.ඒක නෙවෙයි.

      Delete
  6. තිලිණි අන්ධයි.අන්ධ අය‍ කියවන්නේ බ්‍රේල් විදියට.එකට එළියක් ඌනි නැනේ,එකයි එය කරුවලේ පොත් කියවන්නේ.

    ReplyDelete
    Replies
    1. ඕ.. මේක තමා උත්තරේ. කොහොමහරි පළවෙනියට උත්තරේ දුන්නේ කල්හාන්. දෙවෙනි එකට ට්‍රයි එකක් දීලා තිබුනේ නෑ නේ?

      Delete
  7. පොතේ අකුරු රේඩියම් ද ?
    අනිත් එකට උත්තරේ බිරිද

    ReplyDelete
    Replies
    1. 1. නෑ.
      2. නෑ.

      තව පාරක් උත්සහ කරලා බලන්න.ලේසියි ඔය දෙකම

      Delete
  8. ඔය පුරස්න තමා මලේ කේස් එක... කතාව නං එළ

    ReplyDelete
    Replies
    1. පුරස්න වලටත් මූණ දෙන්න ඕනේ අයියේ.මඟ ඇරලා යන්න හොද නෑ. :)

      එළ!

      Delete
  9. ගෑණු තමයි ගැණු...හි හි හී...
    අන්තිමට 'අපේ කෙනා ' උන හැටිනෙ වැඩේ කියන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ නේ! ඔහොම තමා හනේ ගෑණු.. ;)

      Delete
  10. 1wni 1- thilini laga idnuth msg krai ahenam :->
    2ta dnna

    ReplyDelete
    Replies
    1. 1.නෑ.
      2.හරිම ලේසියි හලෝ මේක.

      Delete
  11. තිලිනි කියන්නෙ අන්ධ යුවතියක් ඉතින් එයා කියවන්නෙ බ්‍රේල් ක්‍රමයේ පොතක්, ඒක කියවන්න එළිය ඕන නැහැ.(ඒ නිසයි එයා පොත බලන්නේ චිත්තරපටිය නොබලා)

    ReplyDelete
  12. මට නම් තේරුනේ නැහැ.....

    ReplyDelete
  13. 1. thilini kiyawanne ebook ekak
    2. wayasa

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝගේ හරි ගියේ දෙවෙනි උත්තරේ විතරයි. පළවෙනි එක වැරදියි. තරඟෙට සහභාගී වෙනවනම් කියපු විදියට කරාද? :)

      Delete
  14. 1. තිලිනි ට ඇස් පේන්නෙ නෑ එයා කිය වන්නෙ බ්‍රේල් පොතක්
    2. ady වෙන්න ඇති - {gir}L+ADY

    ReplyDelete
    Replies
    1. ටින්ටින්ගෙ නම් හරි ගියේ පළවෙනි උත්තරේ. දෙවෙනි එක වැරදියි. මං ඒ ගැන කමෙන්ට් එකකින් කිව්වා 'දුන්නු උත්තර පබ්ලිෂ් වෙලා නැති වුණේ ඇයි?' කියලා අහද්දී.

      Delete
  15. 1. සුවර් එකටම තිළිණි අන්ධ කෙනෙක් වෙන්න ඇති. එයාට එළිය තිබ්බත් එකයි, නැතත් එකයි.
    2. කාමය

    ReplyDelete
    Replies
    1. සජිත්ගේ පළවෙනි උත්තරේ හරි. ඒත් දෙකනම් වැරදියි. කොහොමද අෆ්ෆා ඒ උත්තරේ මතක් වුණේ? ;)

      Delete
    2. කාමය කියන එක නැත්තම් මොනවා තිබ්බත් වැඩක් නෑ.....
      හැබැයි ඒක පාලනයෙන් තොර වුනොත් නම් ලොකූ ප්‍රශ්නයක්!!!!!!

      Delete
  16. තිලිනි පොත කියවනවා වගේ හිටියට නිදාගෙන ඉන්න ඇති. හරිද?

    ReplyDelete
    Replies
    1. නෑ. එයා පොත කියවනවා.

      Delete
  17. තිලිනිට දැනටම නින්ද ගිහින්

    ReplyDelete
    Replies
    1. ඒත් නෑ හලෝ.එයා ඇහැරලා ඉන්නේ.

      Delete
  18. තිලිණිට නින්ද ගිහින්...හීනෙන් පොත කියවනවා

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. එයා ඇහැරන් ඉන්නේ.

      Delete
    2. හ්ම්...දෙවනි එකනම් මම හරි ‍වගේ?

      Delete
  19. හෆ්ෆා..ස්ටෙලා තමා ස්ටෙලා.. :D :D
    පලවෙනි එකට උත්තරේ නම් අනේ මන්දා..
    දෙවෙනි එකට Mrs ද..??

    ReplyDelete
    Replies
    1. ශෝක් ස්ටෙලා නේ? :)

      පළවෙනි එකත් ලේසියි හලෝ. දෙවෙනි එකට දුන්නු උත්තරේ වැරදියි.

      Delete
  20. ගැහැණු ළමයෙක් කාන්තාවක් කරන්නෙ "වයස"

    ReplyDelete
    Replies
    1. නිමල් දීලා තිබුණු උත්තර වලින් හරි ගියේ දෙවෙනි එක විතරයි. මං හිතන්නේ මේ අර මිනීමරු කේස් එකෙන් පස්සේ උත්තර දුන්නු දෙවෙනි වතාව. :)

      Delete
  21. අයියෝ බන් ගැනියෙක් පොතක් කියවනවා කියන්නේ හැම වෙලාවේම කරන වැඩක්නේ බන්. කලින් කියවපු පොතක කතාව මිනිහට ඇහෙන්න මතකෙන් කියවනවා.ඕකට ලයිට් ඕනය. අනිත් එක තමයි "මහත්" කියන අකුරු තුන. හරිදෝ .............?

    ReplyDelete
    Replies
    1. ඇහ්! ඒකත් එහෙමද! :0

      ඒ වුණාට උත්තර දෙකම වැරදියි සහෝ.

      Delete
  22. පලවෙනි ගැටලුව.

    උපකල්පන 1 - ඇත්තම කියනවනම් තිලිනි දන්නේ නෑ කරන්ට් එක ගියා කියලා.එයා කියවන්නේ හොල්මන් කතා පොතක් නිසා බයටම ඇස වහගෙන ඉන්න අතරේ කරන්ට් එක යන්න ඇති.එනිසා එයා දන්නේ නෑ වටපිටාව අඳුරුයි කියලා.

    උපකල්පන 2 - තිලිනි කළුවර නිසා බයටම ඉන්න තැනින් හෙලවෙන්නේ නැතුව ඉන්නවා.මොකද කියෙව්වේ හොල්මන් කතා පොතක් නිසා.

    උපකල්පන 3 - තිලිනි කියවන්නේ අයි පෑඩ් එකක දාපු PDF E-book එකක් වෙන්න පුළුවන්.

    දෙවෙනි ගැටලුව.

    මට නම් තේරුණ වචනය "වයස"

    ReplyDelete
    Replies
    1. පළවෙනි ගැටලුවට දුන්නු උපකල්පන 3ම වැරදියි. ඒත් පස්සේ හරි උත්තරේ දීලා ගිහින් තිබුනා පළවෙනි එකට. දෙවෙනි එකට ලැබුණු උත්තරේනම් හරි. :)

      Delete
  23. උඩ කතාව නම් අහල තියෙනවා බොල

    අරකි නවල් එක කියවන්න ඇත්තේ අයි පෑඩ් එකකින් නැත්තං ලැප් එකෙන්.. :)

    ReplyDelete
    Replies
    1. හයියෝ! ඒකත් එහෙමද.මං ඒක දැක්කේ නෑ. :(

      වෙන්න පුළුවන්.ඒත් මේ ලොකු වත්කමක් නැති පවුලක්. :)

      Delete
  24. එයා ලාම්පුවක් පත්තු කරගෙන හරි ඉමජන්සි ලයිට් එකකින් හරි කියවනවා ඇති ...

    ReplyDelete
    Replies
    1. ඒත් නෑ. කිසිම එළියක්‌ නෑ කියලා මං කිව්වා.එයා කළුවරේ ඉදන් කියවන්නේ.

      Delete
  25. 1. kella potha kiyawanne brail kramayata wife andai

    2. MRS

    ReplyDelete
    Replies
    1. පළවෙනි උත්තරේ විතරයි හරි. දෙවෙනි එකනම් වැරදුනා. ඒත් අවුලක් නෑනේ. එකක් හරි ගොඩනේ. නේ? :)

      Delete
  26. කො ඉශන් මලයො මම දපු කොමෙන්ට් එක උදේ තිබ්බ දෙන් නෑ....
    මම මලයගෙන් උත්තරයක් තියනවාද බලන්න අවේ,,,,,,,

    ReplyDelete
    Replies
    1. ඒක තියෙනවා.මගේ ඇති ඒක පබ්ලිෂ් වුනා දන්නේ නැතුවම.පස්සේ දැකලා ආය අයින් කරා. :)

      1 හරි.
      2 වැරදි.

      ආයෙත් ට්‍රයි එකක් දෙනවැයි? :)

      Delete
    2. හොදා හොදා දෙවෙනි එක ගැන ආයේ කල්පනා කොරල බලන්නම්කෝ.......

      Delete
  27. 1. eliya nathiwa kiywanne nan andha kattiya
    2. La, Ma, Ya

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝගේ පළවෙනි උත්තරේ හරි. දෙවෙනි එක වැරදියි. :)

      Delete
  28. අනේ අනේ... මෙහෙමත් ගෑණු මිනිස්සු.....

    ඔයා දාන ප්‍රශ්න තමා ප්‍රශ්න.... චික් උත්තර කියන්ඩ පුළුවන් ඒවා දාන්නකෝ අනේ....

    ReplyDelete
    Replies
    1. ඔහොම තමා හලෝ ගෑණු අය. ගණන ගන්ට එපා තමන්ගේ අයගේ ක්‍රියා ගැන. :)

      උත්තර ලේසියෙන්ම කියන්න පුළුවන් ඒවා තමා හලෝ දාලා තියෙන්නේ. ලේසියිනෙ මේවා.

      Delete
  29. අනේ අහෝ වික්ටර්ගේ ගෑනි!

    ReplyDelete
  30. තිලිනි brail ක්‍රමේටද

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. එහෙම තමා. උත්තරේ හරි. :)

      Delete
  31. ගෑණුළමයෙක් කාන්තාවක් කරන අකුරු තුන (3) මොකද්ද? = ළමයා (බබෙක් ලැබුනම කෙල්ලෙක් කන්තාවක්නේ..හික්

    ReplyDelete
    Replies
    1. නොබැද මැරිලා යන අයටත් කාන්තාවනේ කියන්නේ. එතකොට? :)

      Delete
  32. මචන් 1 වෙනි එකට මෙහෙම වෙන්ඩ් ඇති, e book එකක් වෙන්දති. ටැබ්ලට් එකකින් වගේ කියවන.2 වෙනි එකට විවාහ ද?
    ජයවේව!

    ReplyDelete
    Replies
    1. දෙකම වැරදියි කූපර්. :(

      Delete
  33. මට මෙලෝ දෙයක් තේරුනේ නැහැ බන්

    ReplyDelete
    Replies
    1. කොයි හරියද? හදිසි නොවී හෙමිහිට කියවන්න සහෝ. :)

      Delete
  34. "මගුල"....?

    ReplyDelete
    Replies
    1. කාගේ මගුලද චන්දන? :0

      ඒකත් වැරදියි මචං. කසාද නොබද ඉන්න අයටත් කාන්තාව කියලනේ කියන්නේ.

      Delete
  35. ප්‍රශ්න දෙකටම එකම කමෙන්ට් එකකින් උත්තර දීලා තියෙන එක උත්තරයක් වැරදුනු අය ඉන්නවා.ඒවා පබ්ලිෂ් කරන්නේ නෑ එකකට හෝ හරි උත්තර දුන්නු හින්දා.

    ReplyDelete
  36. කතාව නම් මාරු මචන් හිනා ගියා.

    ReplyDelete
  37. කතාව නම් කලින් අහලා නෑ. නියමයි.

    1) ඇස් දෙකෙන්
    2) ක/න/ත

    ReplyDelete
    Replies
    1. එළ එළ!

      උත්තර දෙකම වැරදියි හලෝ.හිතලා බලන්න තව පාරක්.

      Delete
  38. 1. තිළිණි අන්ධයි.., එයා Braille පොතක් කියවන්නේ!!!
    2. වයස... (මේක මම උබට කිව්වා වගේ මතකයක් තියෙනවා!!!
    :)

    ReplyDelete
    Replies
    1. හි හි හි.. ඒකටත් ඇවිත් හරි උත්තර දෙකම දීලා ගියා නේ? ;)

      මට මතක නෑනේ බං එහෙම දෙයක් කිව්වාද කියන එක. :)

      Delete
  39. 1. සැමියා...
    2. තිළිණි කියන්නෙ අන්ධ එක්කෙනෙක්... එයා කියවන්නෙ බ්‍රේල් ක්‍රමයට ප්‍රින්ට් කරපු පොතක්...
    :)

    ReplyDelete
    Replies
    1. අහවලා ගේ උත්තර දෙක මාරු වෙලා වැටිලා නේ? එකට දෙන්න ඕන උත්තරේ දෙකට දීලා.දෙකට දෙන්න ඕනේ උත්තරේ එකට දීලා.

      අවුලක් නෑ ඉතින්. අපි අපිනේ නේ? ;) ෂිහ්! මං විදියටම මගේ A/L පේපර්ස් බලපු අයත් හිතුවනම්... ;(


      කොහොමෙන් කොහොම හරි 'සැමියා' කියන උත්තරේ වැරදියි. අනිත් එක හරි. :)

      Delete
  40. සැමියා නින්ද ගියාට පස්සෙ කරන්ට් ඇවිත්...බිරිඳ දැන් පොත කියවනවා

    ReplyDelete
    Replies
    1. ඒකත් වැරදියි.තවපාරක් හිතලා බලන්න

      Delete
  41. කතාව නම් නියමයි ස්ටෙලාත් පුදුම ගෑනියක් තමා.. :D
    1.. ෂුවර් එකටම තිලිනිට කින්ඩ්ලර් එකක් තියෙනවා ඒකෙන් තමා ඔය පොත කියවන්නේ... ;)
    2.. වයස...

    ආයේ නම් මම මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නෑමයි.. හැමදාම අමාරුවේ දානවා ප්‍රශ්න අහලා... ඇයි අෆ්ෆා... :/

    ReplyDelete
    Replies
    1. පළවෙනි උත්තරේ වැරදියි. දෙවෙනි එක නම් හරි.

      කොහොමෙන් කොහොම හරි සිත්ත්රාවිත් අහන ප්‍රශ්න වල උත්තර දෙන්න බෑ කියලා කොහොමහරි පළවෙනි වතාවට හරි උත්තරයක් දීලානේ.ඔය ඉතින් මදෑ. :)

      උත්තර නොදී ගියොත් එහෙම බලාගමුකෝ.මෙච්චර ලේසි ප්‍රශ්න මග අරින්න දෙන්නේ කොහොමද! ;)

      Delete
    2. ඈ.. ඒකනේ.. පළවෙනි වතාවට මම හරි උත්තරයක් දීලා.. හුරේ.. :D

      Delete
  42. පලවෙනි කතාව සම්බන්ධවයි.

    අන්න දැක්කනේ අපේ කෙනා කියන තත්වෙට පත්වුණා හැටි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ සහෝ..ඒ වගේ සල්ලි කඳක් දාලා යන්ට හිතෙන්නේ නෑනේ කොහොමත්

      Delete
  43. මුලින් තිබ්බ කථාව මම කලින් කියවලා තියෙනවා... අනිත් ප්‍ර‍ශ්න වලට නම් උත්තර නෑ.... අපිටත් උත්තර දෙන්න පුලුවන් ප්‍ර‍ශ්නයක් අහපංකො බන්...

    ReplyDelete
    Replies
    1. සිරාත් ඒ කතාව අහලා තියෙනවාද! මට එක සෙට් වුණේ නෑ.ඒකයි මං ලිව්වේ.

      උත්තර ලේසියෙන්ම දෙන්න පුළුවන් ප්‍රශ්න තමා සිරා ඇහුවේ.මේවා ලේසියි. මං ඒ ගැන හිතලා බලන්නම්කෝ. :)

      Delete
  44. එයා අන්ධයි.. පොත කියවන්නේ බ්‍රේල් ක්‍රමයට

    ReplyDelete
    Replies
    1. ඒ උත්තරේ හරි ආරච්චි මහත්තයෝ.. :)

      Delete
  45. ළමයා නේද ?
    ගෑණු ළමයා --> ගෑනු

    ReplyDelete
    Replies
    1. නෑ අධිපති.ඒක නෙවෙයි.

      Delete
  46. හොල්මන් පේන්නෙ කරුවල වෙලාවටනේ... ඉතින් දැන් හොඳට පේනවා.. TV එක දිහා බැලුවත් විකාර චායා පේයිනේ

    ReplyDelete
    Replies
    1. ඒකත් වැරදියිනේ.හිතලා බලන්න ආයෙත්.

      Delete
  47. අපේ එක්කෙනා නම් හරි කියුට් නේද මෙයා? ස්ටෙලා තමා ස්ටෙලා...!! :-)

    ප්‍රශ්ණ වලට පිළිතුරු පහත ඒවා වෙන්ඩ ඇති කියල උපකල්පනය කරනවා..
    1. තිලිණි කියන්නේ අන්ධ කාන්තාවක් විය යුතුයි. ඇය කියවන නව කතාව බ්‍රේල් ක්‍රමයට (Braille writing) ලියපු පොතක් වෙන්ඩ පුළුවන්. ඉතින් කරන්ට් ගියා කියල ප්‍රශ්නයක් නෑ නේ...
    2. ව.ය.ස.

    ReplyDelete
    Replies
    1. ඒකනේ හනේ.. ;)

      උත්තර දෙකම හරි Dre. :)

      Delete
  48. 1.) තිළිනි අන්ධයි. පොත ලියලා තියෙන්නේ බ්‍රේල් ක්‍රමයට. ඉතින් ලයිට් නැතත් කියවන්න පුළුවන්.

    2.) වයස

    ReplyDelete
    Replies
    1. බඩගෙඩියාගේ උත්තර දෙකත් හරි ඈ.. :)

      Delete
  49. කොච්චර අවංකයි කිව්වත් ඒක මුදලට යටයි.

    උත්තර: 01.එයා ඉදගෙන කරුවලේ හිතින් කතාව මවා ගන්නවා ඉතුරු කොටස.
    02.ගැහැණි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හලෝ.

      දීලා තියෙන උත්තර දෙකනම් වැරදියි.ඊළඟ වතාවේ ආය බලමු. :)

      Delete
  50. අනේ මම වගේ මෝඩයෙක් මුලින් කල්පනා කලේ නැත්තේ ඇයි තිලිනි අන්ධයි එයා කියවන්නේ බ්‍රේල් පොතක් කියල.සමහර විට හොල්මන් කතා පොතක් කියපු නිසා වෙන්න ඇති ඒක මග ඇරුනේ...

    දෙවෙනි එකට නම් වයස කියන ඒක හරි නේ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ මානවක. අපරාදේ නේ කලින් වතාවේ උපකල්පන තුනක් ඉදිරිපත් කලේ මේ වගේ ලේසි ප්‍රශ්නෙකට?
      උත්තර දෙකම හරිනේ අන්තිමට ඉතින්. ඒ මදෑ :)

      Delete
  51. 1.එයා කියවනවා කියලා අපි කොහොමද දන්නේ.. current නැහැනේ..කියවනවා කියලා විතරයිනෙ ඇහෙන්නේ
    2.වයස

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝගේ පළවෙනි උත්තරේ වැරදියි.. දෙවෙනි එක හරි. :)

      Delete
  52. 1. තිලිනි E Book Reader එකෙනුයි පොත කියවන්නේ.
    2. MRS.

    ReplyDelete
    Replies
    1. මේ උත්තර දෙකනම් වැරදියි ඕං. :)

      Delete
  53. තවත් උත්තරයක්.
    1.තිලිනි අන්ද කෙනෙක්, එයා කියවන්නෙ බ්‍රේල් ක්‍රමයට ලියපු පොතක්.
    2.MRS

    ReplyDelete
    Replies
    1. කොහොමහරි පළවෙනි උත්තර ටික දීලා තව විනාඩි තුනක් ඇතුළට පළවෙනි එකට හරි උත්තරේ තේරිලා! කොහොමද මීටර් වුණේ?

      දෙවෙනි එකටනම් වැරදියි.

      Delete
  54. meka mata miss wela ban. Dan passa athagala wedak nehene.

    ReplyDelete
    Replies
    1. මාත් බැලුවා වෙනදා හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන එකා මේකට උත්තර දීලා නැත්තේ ඇයි කියලා. සතියක්ම පොස්ට් එක තිබ්බා මං උත්තර නොදා.

      එකක් මිස් වුනාට මොකෝ බං. අනිත් ඒවාට දීලා තියෙනවනේ. :)

      Delete