Monday, December 10, 2012

දෙන්නාම කොහොමද ගහන්නේ? තෑගී නැති ප්‍රශ්න - 7


ඉෂාන් කියන්නේ (ඒ කියන්නේ මං. හරිය!)  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රිකට් පිස්සෙක්. ලංකාව ගහන මැච් එකක් තියෙන දවසට කොහේ හිටියත් කොහොමහරි උත්සහා කරන්නේ ටීවී එකක් ළඟට සෙට් වෙලා මැච් එක බලන්න.ලංකාව ගහන මැච් එක දිගට කොච්චර පැරදුනත් බලන එක එපා වෙන්නෙම නෑ.මේ පිස්සුව කොච්චර අඩුද කියනවනම්, මගේ කාමරේ තියෙන ක්ලැන්ඩර් එකේ ලංකාවට මැච් තියෙන දවස් ටික එහෙමත් මාක් කරලා තියෙන්නේ.ආය මගේ ස්ක්‍රීන් එකේ නෝට් එකක් විදියටත් ඒ දවස් ටික දාන් තියෙන්නේ.බැරි වෙලාවත් කව්රුහරි කැලැන්ඩර් කොලේ කඩන් ගියොත් කියලා.


මේ ස්ක්‍රීන්  එක.වම් පැත්තේ උඩින්ම තියෙන්නේ ඒ නෝට් එක තමා.
එදා දවසේ තියෙන්නේ වන් ඩේ මැච් එකක්නම් මං ඒ කාලේ කරේ උදේ පාන්දරම ක්ලාස් එක ලඟට ගිහින් ආපහු හැරිලා ගෙදර එන එක. ඩේ & නයිට් මැච් එකක් නම් ඉන්ටර්වල් එකේ පැනලා එනවා.ඔය තීරණ මැච් තියෙන රට අනුවත් වෙනස් වෙනවා. ඔස්ටේ‍්‍රලියාවේ ඩේ & නයිට් මැච් එකක් පටන් ගන්නේ ලංකාවේ වේලාවෙන් උදේ හින්දා උදෙන්ම පනින්න වෙනවා. එංගලන්තේ,දකුණු අප්‍රිකාවේ වගේ රටක තියෙනවනම් මැච් පටන් ගන්නේ හවස් වරුවේ හින්දා අවුලක් නෑ.ටෙස්ට් මැච් පස්සේ එච්චර පන්නන්නේ නෑ.දවස් 5ක්ම තියෙනවනේ.ඒකයි. ඉතින් ඔහොම තීරණ අරන් ගෙදර ඇවිත් කියන්නේ,

"අද ක්ලාස් නෑ." නැත්නම් "කලින් ඉවරයි කියලා.."

ගෑණුළමයා මීට්‌ වෙන්න තියෙන දවසක මැච් තිබුනොත්, මැච් එක ගැන නොකියා මං කියන්නේ,

"තාත්තා ගෙදර හලෝ..ඒ හින්දා අද ගෙදරින් එළියට බහින්න වෙන්නේ නෑ.."

"අද මට එන්න වෙන්නේ නෑ.තාත්තා වැඩක් දීලා ගියා.ඒක එයා එන්න කලින් ඉවර කරන්න තියෙනවා හලෝ.." 

"මට ඔළුවේ කැක්කුමක් ඇවිත් අනේ.මේ දැනුත් ඇඳේ ඉන්නේ.." ඔය වගේ එක එක ඒවා කියලා මඟ ඇරගන්නවා.

ඕවා මොනවද! මං අපේ මාමා ඔපරේෂන් එකක් කරලා හොස්පිටල් එකේ ළඟ හිටපු දවසේ කරේ එයා ළඟ ඉන්නැතුව මැච් එක බලපු එක.එදා වෝඩ් එකේ තියෙන ට්වි එකේ මැච් එක දාලා තිබුණා.ඉතින් පැත්තකට වෙලා මැච් එක බැලුවා.

තව මායි, යාළුවෝ දෙන්නෙකුයි එකතු වෙලා පොඩියට පටන් ගත්ත සොෆ්ට්වෙයාර් කම්පැනි එකේ වැඩවත්, ක්ලයන්ට්ලා මීට්‌ වෙන ඒවාවත් මං ඒ දවස් වලට දාගත්තේ නෑ.මේ දවස් වලනම් වැඩිය වැඩක් නැති හින්දා නිදහසේ මැච් එකක් බලන්න, පෝස්ට් එකක් ලියන්න කාලේ තියෙනවා.

ඉතින් මේ වගේ පෝස්ට් එකක් ලිව්වේ අද අහන්න හිතන් ඉන්න ප්‍රශ්නේ ක්‍රිකට් වලින් අහන ප්‍රශ්නයක් හින්දා.ප්‍රශ්නේ ලොකු නැති හින්දා මගේ ක්‍රිකට් පිස්සුවත් මේ එක්කම ලියලා දාන්න හිතුවා.එහෙනම් උත්තර දෙමුකෝ බලන්න කට්ටිය. හරිම ලේසියි.මෙන්න කතාව ,

ඔන්න ශ්‍රීලංකා - ඔස්ට්‍රේලියා මැච් එකක් යන්නේ.ඔස්ට්‍රේලියා එවුන් මුලින් බැට් කරා.දැන් ලංකාවේ අයත් තමන්ගේ ඉනිමේ පටන්ගෙන ඇදන් යනවා. දැන් පිටිය මැද ඉතුරු වෙලා ඉන්නේ ඇන්ජිලෝ හා චන්දිමාල්.දෙන්නාම දැන් ලකුණු 94.තව දිනන්න ඕනේ ලකුණු 7. බෝල 3යි ඉතුරු වෙලා තියෙන්නේ.දෙන්නාටම දැන් 100 ගහන්නත් ඕනේ.

ප්‍රශ්ණය : කොහොමද මේ දෙන්නාම 100 ගහන්නේ ? ක්‍රමයක් කියන්න. 

ක්‍රම කීපයක් තියෙන්න පුළුවන්.හරි උත්තර පබ්ලිෂ් කරන්නේ ඊලඟ සෙනසුරාදා / ඉරිදා.උත්තර දෙන ඇනෝලා මේ පොස්ට්  එකේ යට කොටස පොඩ්ඩක් කියවලා එන්න.

හොදට මේ කරුණු ටික බලන්න..


දිනන්න ඕනේ  - ලකුණු 7

ඉතුරු බෝල් ගාන - 3 

ඇන්ජිලෝ - 94 , චන්දිමාල් - 94 

විශේෂයි : මේ මැච් එක ගහනවාමයි කියලා උපකල්පනය කරලා කියන්න.දෙන්නාම 100 ගහනවා ගහනවාමයි.නැත්නම් අපේ අයට බෑ කියලා කට්ටිය කියලා යයි. ඒ හින්දා.

ප.ලි : කලින් සතියේ සදුදා අහපු ප්‍රශ්නේ හරි උත්තර පබ්ලිෂ් කරා.ඒක දැක්කේ නැත්නම්,

අනියම් භාර්යාව.. + තෑගී නැති ප්‍රශ්න - 6 (උඩ කොටලා යන්න)


කලින් පෝස්ට් දෙක මිස් වුණානම්, 

ස්ත්‍රී වශී , ආදර සිහිවටන (ඕවා උඩ කොටන්න.)
ප.ප.ලි : 

ඕං ඔස්ට්‍රේලියා ටුවර් එකේ කාලසටහනත්..


1st Test - Dec 14 - Dec 18 

Start Time - 10.30 A.m (Aus) , 5.00 A.m (Srilanka)


2nd Test - Dec 26 - Dec 30
Start Time - 10.30 A.m (Aus) , 5.00 A.m (Srilanka)

3rd Test - Jan 3 - Jan 7
Start Time - 10.30 A.m (Aus) , 5.00 A.m (Srilanka)

1st ODI - Jan 11
Start Time - 2.20 P.m (Aus) , 8.50 A.m (Srilanka)

2nd ODI - Jan 13
Start Time - 1.50 P.m (Aus) , 8.50 A.m (Srilanka)

3rd ODI - Jan 18
Start Time - 1.20 P.m (Aus) , 8.50 A.m (Srilanka)

4th ODI - Jan 20
Start Time - 2.20 P.m (Aus) , 8.50 A.m (Srilanka)

5th ODI - Jan 23
Start Time - 2.20 P.m (Aus) , 8.50 A.m (Srilanka)

1st T20 - Jan 26
Start Time - 7.35 P.m (Aus) , 2.05 P.m (Srilanka)

2nd T20 - Jan 28
Start Time - 7.35 P.m (Aus) , 2.05 P.m (Srilanka)

ප.ප.ලි : නිවැරදි පිළිතුරු..

පළවෙනි බෝලෙට 6ක්. දෙවෙනි එකට Run Out. ඒ කියන්නේ කලින් බෝලෙට 6ක් ගහපු කෙනා තමා අවුට් වෙන්නේ.එතකොට දෙන්නා දෙපැත්ත මාරු වෙනවා. ඊලඟ බෝලෙට අනිත් කෙනාත් 6ක්.

මේකට වඩා තවත් විදි තියෙනවා දෙන්නාටම 100 ගහන්න පුළුවන්. කමෙන්ට් බලන්න.රාජ් අයියා ක්‍රම 3ක්ම දීලා තවත් ඕනෙද කියලා අහලාත් තියෙනවා. හි හි හි.. අනිත් කමෙන්ට් අතරෙත් තව විදි තියෙනවා.කියවලා බලන්න.

මේ ප්‍රශ්නේ හරි ලේසියි.බලන හැමෝටම උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමා ඇහුවේ.ඒ වගේම උත්තරත් ලැබුනා. මේ වතාවෙත් මුලින්ම හරි උත්තරයක් දුන්නේ කල්හාන්. ඊලඟට මහිම, දේශකයා, kkroxc, දේශ්, කණියා, සුදීක, රාජ්, මානවක, රාජිසුරන්, පිස්සු හුටං, Chaams, සමී, මනෝජ්, කසුන්, සිරා, සම්පත්, Tom Da Cat, රඛිත, ඇනෝලා 3 දෙනයි.(මෙතැන හරි උත්තර දීලා නම් ලියවිලා නැත්නම් තරහ ගන්ට එපා.දකින දකින ටික ලියන් ගියේ.)

ඉතින් හරි උත්තර දුන්නු අයගේ තරඟයට ඇතුල් වෙනවා.අනිත් අයත් ඊලඟ ප්‍රශ්නවලදී හරි උත්තර දීලා ඒ ගොඩට එකතු වෙයි කියලා හිතනවා.

උත්තර දුන්,නොදුන් හැමෝටම ජයවේවා! 


102 comments:

  1. මට හිතෙන්නේ මෙහෙමයි,
    හිතමු බැට් කරන්නේ චන්දිමාල් කියලා,
    ෂොට් එකක් ගහලා රන්ස් තුනක්(3) දුවනවා
    ඒ උනාට පලවෙනි රන් එක ෂෝර්ට්(short)රන් එකක්,ඒ අතරේදී ෆිල්ඩින් මිස්ටේක් එකකින්,(කීපර්ට හරි බෝල්ර්ට හරි බොලේ අල්ලගන්න බැරුව)බොලේ බවුන්ට්‍රියට යනවා.
    එතකොට චන්දිමල්ට ලකුණු 6ක් එනවා.එය 100යි,
    තව මදි එක ලකුණයි.
    බැට් කරන්න ඉන්නේ ඇන්ජිලෝ තව බෝල්ස් 2ක් තියෙනවා.එකක් අල්ලලා 6ගහනවා.ඇන්ජිලෝ 100යි.මැච් එක දිනුම්.දෙන්නම 100 යි.

    ReplyDelete
    Replies
    1. හරිනේ.. මේ පාරත් කලින්ම ඇවිත් උත්තරේ දීලා ගිහින් නේ! :)

      එළ එළ! ජයවේවා එහෙනම් ඈ..

      Delete
    2. මෙතන පොඩි ගැටලුවක් තියෙනවනෙ.ක්‍රිකට් වලදි overthrow වලින් දුවන්න පුලුවන් උපරිම ලකුනු ගාන 4යි.උඩ කියලා තියෙන විදිහට ලකුනු 6 එන්න නම් 2 දුවලා overthrow යන්න ඕන.හැබැයි එතකොට ඊලඟ බෝලෙට ගහන්නෙත් එයාම තමයි.එ හින්දා අනික් කෙනාටත් 100 ගහන්න පුලුවන් වෙන විදිහට එයා 2 බෝලෙට අවුට් වෙන්න ඕනි.අනික short run කියලා දෙයක් නෑ.පිච් එක යාර 22 දිගයි.මොන ලකුණටවත් එක වෙනස් වෙන්නෙ නැහැ.

      Delete
    3. මට කල්හාන්ගේ උත්තරේ අවුලක් පෙන්නේ නෑනේ මහීම.තුන්වෙනි ලකුණ දුවන අතරවාරයේ Overthrow එක 4 සීමාවට ගියත් ලැබෙන්නේ ලකුණු 6යි. ඒ එක වතාවක් Short Run එකක් දුවන හින්දා.ලකණු තුනකට දුවපු හින්දා චන්දි ඉන්නේ දැන් අනිත් පැත්තේ.ඊළග බෝලෙට ගහන්න ඉන්නේ මැතිව්ස්.ඉතින් එයාට 6 එකක් ගහන්න බෝල 2 ක් ඉතුරුයි.

      Delete
  2. මුලින්ම 4 ගහනවා.(එත්කොට 98යි) ඊලග බෝලෙට ගහලා එකපැත්තකට 2 දුවනවා,බෝලේ දමලා ගහද්දි overthrow යනවා,එතකොට තව 1 දුවනවා,ඒ වුනාට හරියට සීමා ඉර මාක් නොකළ නිසා ලකුණු 3න් 2යි දෙන්නෙ(අන්තය මාරු වෙනවා, එක්කෙනෙක් 100 ).ඊලග බෝලෙට අනිත් කෙනා 6 ගහනවා.

    ReplyDelete
    Replies
    1. මේ විදියත් හරි ඈ.. එළ! :)

      Delete
  3. චන්දිය හයක් ගහල සීය ගන්නව. ඊළග එකට උඩ ගහල අව්ට් වෙනවා. ඇන්ජියා ක්රිස් එකට දුවනවා. අනිත් එකය ඌ හයක් ගහනවා. මේකනං හරි ලේසියි බං...

    ReplyDelete
    Replies
    1. ඊලඟ ඒවා නම් ලේසි වෙන්නේ නෑ ඕං.. මේ පාර විතරයි.. ;)

      Delete
  4. ඔය වගේ ඉෂාන් කෙනෙක් Chaten Bhagat ගේ 3 mistakes of my life පොතේ ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. මං ඒ පොත ගැන අහලා නෑනේ. මොකද්ද එකේ කියලා තියෙන මිස්ටේක් 3?

      Delete
    2. ක්‍රිකට්, යාළුවෝ, ගණිතය...

      පරිවර්තනය තියෙනවා තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං කියලා...

      Delete
    3. මට පොතේ සාරාංශයක් හම්බුණා සිංහලෙන් "තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං" කියලා සර්ච් කරද්දී. තෑන්ක්ස් පොත ගැන කිව්වාට. හොයාගෙනම කියවන්නම්. මේ තියෙන්නේ ලින්ක් එක.

      තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං

      Delete
    4. චේතන් බගත් ලියපු පොතකින් හදපු ජනප්‍රිය ෆිල්ම් එකක් තියේද මොකක් හරි?

      Delete
    5. මං නම් දන්නේ නැතෝ. :(

      Delete
  5. මුලින්ම චන්දි 6 ක් ගහනවා ඊට පස්සේ බෝලෙට තනි උඩ ගහලා කැච් එකක් දීලා අවුට් වෙනවා බොලේ උඩ තියෙද්දී ලකුණක් දුවන්න ඕනි එතකොට ඇන්ජි ගහන පැත්ත ටඑනවා ඊට පස්සේ ඇන්ජි 6ක් ගහනවා

    ReplyDelete
    Replies
    1. උත්තරේ හරි.. පළවෙනි වතාවද කොහේදෝ මං ප්‍රශ්න වලදී උත්තර දෙනවා දැක්කේ.

      Delete
  6. dan umba kiyana widihata nam ape kollo denna hoda weddo dennekne. Ehenam mehema karanna kiyamu. Palaweni boleta 6k gahanawa. Ethakota eyage 100 hari. 2weni boleta ekko uda yanna gahala uda panduwakin hari, runout ekakin hari 100 gahapu ekkena hithamathama out wenawa. E athare kadulu athara denna maaru wena nisa anthima boleta aneth ekath 6k gahala 100 hadagannawa.

    Ape un ohoma karaida ban.

    ReplyDelete
    Replies
    1. අපේ එවුන්ට කරන්න පුළුවන් බං. මතක නැද්ද මචං 2010 T20 World Cup එකේදී 2 වටයේදී ඉන්දියාවට අන්තිම බෝලෙට 6ක් ගහලා සෙමි ෆයිනල් ගියා ලංකාව. ඉදලා හිටලා ඒ වගේ වැඩත් පුළුවන් අපේ එවුන්ට. :)

      උත්තරේ හරි ඈ..

      Delete
  7. umbe gellamaya weradilawath meka balanaekak ne neda, ehema unoth hoda match 1k balanta wei.

    ReplyDelete
    Replies
    1. එනවා බ්ලොග් එකට. මේක දැක්කොත් ඒ මැච් එක අනිවා මට ගහන්නම වෙනවා. :)

      Delete
  8. mage cricket gana dauma, unanduwa "0" ubage blog kiyawana tiyana uwamanawa 100%
    Jayawewa

    ReplyDelete
    Replies
    1. ඒකනම් අහන්නත් සතුටුයි.. එළ! දිගටම ඒ.. :)

      ඒත් ප්‍රශ්නේ නම් හරිම ලේසියි.

      Delete
  9. එක්කෙනෙක් 6ක් ගහනවා. ඊලග බෝලෙට පාරක් ගහලා අනික් කෙනාට මාරු වෙන්න දීලා 6 ගහපු කෙනා දුවද්දී දැවී යනවා.. ඉලග බෝලෙට අනික් කෙනා 6ක් ගහනවා.. :D දෙන්නම 100යි මැච් එකත් දිනුං

    ReplyDelete
  10. දැන් පන්දුවට පහර දෙන්නේ චන්දිමාල් කියල හිතමු. එයා ගහනවා හයක්. ඊට පස්සේ දෙන්න මැදට ඇවිත් කතා වෙනවා පොඩි වැඩක්. චන්දිමාල් ඊළඟ බෝලේ ගහනවා කෙනෙක්ගේ අතට. ඇන්ජෙලෝ දුවන්න පටන් ගන්නවා. ඒත් චන්දිමාල් දුවන්නේ නෑ. එතකොට බෝලේ එනවා ඇන්ජෙලෝ හිටි පැත්තට. ඔන්න එතකොට චන්දිමාල් දුවන්න පටන් ගන්නවා. දෙන්න කොහොම හරි විකට් එක කඩන්න කලින් ක්‍රොස් වෙන්න ඕනේ. එතකොට චන්දිමාල් අවුට්. තව එක බෝලයයි තියෙන්නේ. ඇන්ජෙලෝ ඉන්නේ පහර දෙන අන්තයේ. එකට හයේ එකක් ගහන්න තියෙන්නේ.

    මේ වැඩේ තවත් විදියකට කරන්න පුළුවන්. හය ගැහුවට පස්සේ එක තැන උද ගහල අන්ත දෙක මාරු කර ගන්නවා. අර විදියටම. ඊට පස්සේ අන්තිම බෝලෙට හය ගහනව.

    ReplyDelete
  11. 1ක්‍රමය
    1.ඇන්ජලෝ 6යි
    2.ඇන්ජලෝ දුවද්දී දැවීයයි(චන්දිමාල් මාරුවුනා)
    3.චන්දිමාල් 6යි.

    2ක්‍රමය
    1.ඇන්ජලෝ 2දුවනවා. පන්දු රකින්නා විකට්ටුවට ගහන බෝලෙ 4සීමාවට යනව. එයා 100යි
    2.ඇන්ජලෝ දුවද්දී දැවීයයි(චන්දිමාල් මාරුවුනා)
    3.චන්දිමාල් 6යි.

    3.ක්‍රමය
    1.ඇන්ජලෝ 4යි.
    2.ඇන්ජලෝ 3 දුවද්දි අවුට්.(ශතකය ලබා දුවද්දී දැවීයයි)
    3.චන්දිමාල් 6යි.

    තව ඕනද?

    ReplyDelete
    Replies
    1. මේ ඇර තවත් ක්‍රම තවත් තියේද අයියේ? :0

      මේ ක්‍රම ටික හරි ඈ.. :)

      Delete
    2. මේ උත්තර වලින් පළවෙනි / දෙවනි උත්තර දෙක නම් හරි.
      නමුත් තුන්වන උත්තරේ වැරදි නේද?

      ඇන්ජලෝ 4ක් ඉවර වෙලා 3කුත් ගහලා අවුට් උනත් ඒ වෙනකොට දිනන්න ගහන්න ඕනි ලකුණු 07 ගහලා ඉවරයි නේ. එතකොට මැච් එක ඉවරයි චන්දිමාල්ට ලකුණු 06ක් ගහන්න වෙන්නෙ නෑ.

      Delete
  12. පට්ටම ලෙසිනේ වැඩේ . අපි හිතමු බට කරන්නේ චන්දිමාල් කියල.පොරට කරන්න තියෙන්නේ මුලින් 6 ක් ගහන එක.එතකොට එයා 100 . ඊට පස්සේ පන්දුවට එයාට පුළුවන් උද පන්දුවක් ලබා දෙන්න ප්‍රතිවාදී පිලට.උද පන්දුව රක ගන්න අතරේ ඒ ගොල්ලොන්ට පැති මාරු කරන්න පුළුවන්.එහෙමත් නැත්තන් එකලකුනකට පැති මාරු වෙන්න හදලා ඇන්ජලෝ තමන්ගේ සීමාවට යනකන් ඉඳල චන්දිමාල් සීමාවට නොගිහින් ඉන්නවා.ඉතින් එතකොට අන්ජලොට අවස්තාව ලැබෙනවා දුවද්දී දැවීයාමක් නිසා දිනන්න තව ලකුණක් ඕනෑ.ඔන්න අන්ජලොට අවස්තාව 6 ක් ගහන්න.(දෙවෙනියට කිව්වා ක්‍රමේ වැඩිය සාර්ථකයි)

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. මේ විදියත් හරි.. :)

      Delete
  13. මං ක්‍රිකට් ගැන දන්නේ නෑනේ බං.. ඉතින් කොහොමද උත්තර දෙන්නේ. අනිත් අය කියන ඒවා බලාගෙන ඉන්නම්.

    ReplyDelete
    Replies
    1. ඈ.. සිරාවටමද මේ කියන්නේ? මට හිතන්නත් අමාරුයි.

      Delete
  14. සුලු දෙයක්නෙ...
    ඉස්සරවෙලා බැට් කරන කෙනා පළවෙනි බෝලෙට 6ක් ගහනවා
    දෙවෙනි බෝලෙට තමන් රන් අවුට් වෙනවා
    එතකොට අනෙක් කෙනා බැට් කරන පැත්තට ඇවිල්ලනෙ...
    එයා අන්තිම බෝලෙට 6ක් ගහනවා....

    ReplyDelete
    Replies
    1. ඕ.. මේක හරිම සුළු දෙයක්.. ඒකනේ මේ කට්ටිය උත්තර දීලා තියෙන්නේ :)

      Delete
  15. කට්ටිය හරි ලේසියෙන් උත්තර දෙනවානේ.මට තාම වැරදි උත්තරයක් අහු වුණේම නෑනේ. :)

    ReplyDelete
    Replies
    1. 7 runs 3 balls 94 කියලා google search කරන්න විතරයි ඕන.

      මුල් බෝලෙට එක්කෙනෙක් හතරක් ගහනවා.
      ඊලඟ බෝලෙට එයා තුනක් දුවනවා. හැබැයි දෙවෙනි ලකුණ හරියට සම්පූර්ණ කරන්නෙ නැති නිසා ලකුණු දෙකයි ලැබෙන්නෙ.
      ඊලඟ බෝලෙට අනිත් එක්කෙනා 6 ක් ගහලා දිනනවා.

      Delete
  16. එක බෝලෙකට 6 ගානේ දෙන්නා බෝල දෙකෙන් මැච් එක ගොඩදාගෙනම 100ත් ගහනවා ඇති

    ReplyDelete
    Replies
    1. නෑනේ. එක්කෙනෙක් 6ක් ගැහුවොත් ඊලඟට දාන බෝලෙට ෆේස් කරන්නෙත් එයාමනේ.

      Delete
    2. මගේ ක්‍රිකට් දැනුම :(

      Delete
  17. අයියෝ..ඊසි නේ...
    කට්ටියට දිනන්න දීලා මම පැත්තකට වෙනවා ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඊසී ඊසී.. ඒත් ප්‍රශ්න වලින් මඟ ඇරලා යන එක රජෙක් විදියට සුදුසු නෑනේ රජෝ? ;)

      Delete
  18. බෝල තුනෙන් පළවෙනි බෝලෙට චන්දිමාල් 6ක් ගහනව. එතකොට චන්දිමාල් ළකුණු 100යි, දිනන්න තව 1 ළකුණයි. ඊලඟ බෝලෙට චන්දිමාල් දුවද්දී දැවී යනව. හැබැයි ඒ වෙද්දි දෙන්න අන්ත දෙක මාරුකර ගෙන හිටපු නිසා අන්තිම බෝලෙට ගහන්න වෙන්නෙ ඇන්ජලෝට. එයා ඒ බෝලෙට 6ක් ගහනව. එතකොට මැච් එකත් දිනල ඇන්ජලෝයි චන්දිමාලුයි දෙන්නම 100ත් ගහල :)

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්නෙට හරියට උත්තර දුන්නු පළමු කාන්තාව. සතුටුයි ඈ ක්‍රිකට් ගැන තියෙන උනන්දුවට. :)

      Delete
    2. යේ යේ.... :D
      කාලෙකට පස්සෙ අද තමයි අන්තර්ජාලෙ පැත්තෙ එන්න පුලුවන් උනේ. ඒ ආපු ගමන් ආවෙ උත්තරේ හරිද බලන්න:)))

      Delete
  19. ම්ම්ම්.... මං මේ එක පාරක් ඇවිත් කමෙන්ට් එකක් කොටලා ආයෙත් මැකුවා ෂුවර් නැති නිසා. ඔන්න ඔහේ දාන්නම්කො....හික්...

    මුලින්ම බැට් කරන කෙනා 4ක් ගහනවා. දෙවැනි බොලේ නෝ බෝල්ලු. ඒකට එකක් දුවනවත්ලු. එතකොට එතන ලකුණු 2 කයි. ඊට පස්සේ දැන් බැට්ස් මන් මාරු වෙලානේ. එයා 6යක් ගහනවා. හරිද මන්ද.....

    ReplyDelete
    Replies
    1. නෑනේ. නෝබෝල් එකට එකක් ගහලා දිව්වොත් බැට්ස්මන් ට එක ලකුණයි. එකයිනේ දුවන්නේ. අනිත් ලකුණ අතිරේක විදිහට යන්නේ. එතකොට ඒ දුවපු බැට්ස්මන්ගේ ලකුණු ගාන 99. අනිත් කෙනා ඊලඟ එකට 6ක් ගැහුවොත් එයා 100. එහෙම බලපුවාම එක්කෙනෙක් ගහලා නෑ 100.

      Delete
  20. ඈ... මට ක්‍රිකට් අප්පිරියයි.. මට එපාම උනා.. :( ඊට හොඳයි වල කජු ගහනව :P

    ReplyDelete
    Replies
    1. මං නම් වලකජු ගහන්න දන්නේ නෑ, ඒත් ක්‍රිකට් ගැන හොදටම දන්නවා. :)

      Delete
  21. අෆෝ... ඔන්න හරියටම උත්තර දෙන්න දන්නේ නම් නෑ.. හැබැයි ඉතින් බොරුවක්වත් කියලා යන්න ඕනානේ නැත්නම් වැඩකුත් නැහැනේ.. ;)

    මම නම් හිතන්නේ.. පළවෙනි බෝලෙට එක්කෙනෙක් 6ක් ගහනවා..6ක් කියලා දන්නේ නැහැනේ ඔන්න දුවනවාලු දැන් අනිත් කෙනාලු ගහන්නේ ඊළඟ බොලේට ගැහුවට හරියන්නේ නෑ නෝ ස්කෝස්ලු ඉතින් ඊළඟ බෝලට ගහන්නේත් ඒ කෙනාමලු ඔන්න එයත් 6ක් ගහනවාලු ඉතින් දෙන්නාම 100 ගැහුවලු...:)

    මම නම් හිතන්නේ මේක වැරදි.. මගේ ක්‍රිකට් දැනුම නම් බිංදුවයි.. ඉතිං උත්තරේ වැරදුනොත් sorry.com තමා..:D

    ReplyDelete
    Replies
    1. 6 එකක් ගහපු බැට්ස්මන්මයි ඊලඟ බෝලෙට ෆේස් කරන්නෙත්. ඉතින් අනිත් කෙනාට එහා පැත්තට වෙලා ඉන්න වෙනවා ආයෙත්.

      සොරි.කොම් වලත් උත්තරේ නෑ කියන්නේ. :)

      Delete
    2. //6ක් කියල දන්නෙ නැ නේ, ඔන්න දුවනවලු //:D
      හොකෑස්! :D

      Delete
    3. හි හි හි..

      ඔහොම කියන්න එපා බං.පවුනේ.අනික ක්‍රිකට් දැනුම බින්දුවයි කියලා කියලා තියෙනවනේ. :)

      Delete
  22. ඇන්ජෙලෝ 6 ගහනවා එතකොට ලකුණු 100යි . ඉලඟ බෝලෙට උද ගහනවා. ඒක එකක් අල්ලගන්නකොට ලකුණකට මාරුවෙලා ඉවරයි. චන්දිමාල් අන්තිම බෝලෙට 6ක් ගහනවා.

    ReplyDelete
  23. බෝල 3ක් තිබබට ගහන්නේ එක බෝලෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. එක බෝලෙන් තමා. ඒත් බෝලේ තෙත,පළුද්දක් වගේ තිබුණොත් බෝලේ මාරු කරනවා. ;)

      Delete
  24. අන්තිම බෝල තුනෙන් පලවෙනි එකට ස්ට්‍රයික් ඇන්ජි කියලා හිතමුකෝ.පොර ගහනවා හයක්.ඔන්න දැන් ඇන්ජි සීයයි.දැන් අන්තිම බෝල තුනෙන් දෙවෙනි එක ඒකටත් ස්ට්‍රයිකර් ඇන්ජිමයි ඉතින් පොර ඒකට සිංගල් එකක් දාල චන්දිමාල්ට දෙනවා.දැන් ලාස්ට් බොලේ ස්ට්‍රයිකර් චන්දිමාල් ඒත් වැඩේ කියන්නේ මැච් එක අපි දිනළලු ලකුණු හත හරිනේ.එත් ලාස්ට් බෝලෙට හයක් ගහන්න ඕන කියලා චන්දිමාල් ඉකිගගහ අඩනවලු.ඔසිලගේ කැප්ටන්ටයි අම්පයාලටයි දුක හිතිලා චාන්ස් එකක් දෙනවලු. :D

    ReplyDelete
    Replies
    1. මෙන්න උත්තරේ.. ඒක තමා හරි උත්තරේ නිශාන් :)

      Delete
  25. මේ match එක delay වෙච්ච නිසා overs 49.2 ට තමා ගහන්නෙ.
    1 st batsman පලවෙනි බෝලෙට 6 ක් ගහනව. දන් එයා 100 යි. Over එකත් ඉවරයි. batsman ල මාරු වෙනව.
    ඊ ලග බෝලෙට 2 nd batsman 6ක් ගහනව. දැන් මැච් එක ගොඩ, players ලා දෙන්නත් 100 ගහලා.

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවක් මං කිව්වේ නෑනේ බං. :0

      Delete
    2. ඒ කියන්නෙ මම වැරදියි කියන එකද.?

      Delete
    3. එහෙම වෙන්නත් පුළුවන්. ඒත් මේක ඕවර් 50ම තියෙන මැච් එකක්.එහෙම හිතලා උත්තර දෙන්න බලන්න. :)

      Delete
  26. පලවෙනි බෝලෙට 6ක් ගහනවා.එකෙක්ට 100යි.
    ඊලග බෝලෙ කොහෙ හරි වද්දගෙන හතර ගාතෙ දාල වැටෙනව. අම්පයර් පොලොවෙ හපිල ඇඩුවත් ආයෙ නැගිටින්නෙ නං නෑ. :D
    අන්තිම බෝලෙට ෆේස් කරන්ඩ දැං කවුරුවත් නෑ නේ. ඉතුරු එකා ගහනව පත බැදල 6ක්. දැං ඌටත් 100යි :D

    ReplyDelete
    Replies
    1. මං හිතපු විදියට කවුරුවත් හිතා නෑත :D

      Delete
    2. ඔව්මයිනේ. ඒ විදියට කවුරුවත්ම හිතලා නෑ.සමී හිතන විදිය හරි වෙනස්නේ. එළ එළ! ;)

      Delete
  27. I'm also a big cricket fan like you. Then this is simple.

    For the first ball batsman 1 scores 4 runs. Now he is 98.
    For the second ball batman runs three but one short run. Then team get 2 runs.
    Batsman 1 scored 100.
    Final ball one run to win, batsman 2 hit a six and get his hundred.
    SRI LANKA WIN BY 6 WICKETS BALLS LEFT.

    ReplyDelete
    Replies
    1. Yep! this is correct. nice to see big cricket fan like me. :)

      Delete
  28. මුලින් බැට් කරන්නේ චන්දිමාල් කියමු. එය මුලින් 6ක් ගහනවා. එතකොට එය 100යි. තවල බෝල දෙකක් ඉතුරුයි. ඊලග බෝලෙට චන්දිමාල් කැච් එකක් දෙනවා. එවෙලාවේදී දෙන්න ස්ට්‍රයික් එක මාරු කරගන්නවා( ස්ට්‍රයික් එක මාරු කරගන්න පුළුවන් තරම් උද ගහල කැච් එක දෙන්නත් වෙනවා). තව බෝලයක් ඉතුරුයි ඒකට ගහන්නේ මැතිව්ස්. 6ක් ගැහුවම 100යි.

    ReplyDelete
  29. 100 ප්‍ර‍ශ්නෙට උත්තරේ....

    පළමු පන්දුවටම ගහනවා 6 ක්...ඔන්න දැන් මිනිහා පිත්ත උස්සලා සෙන්චරිය එහෙම සමරලා ඊලග පන්දුවට උඩ පන්දුවක් දීලා දැවී යනවා... උඩ පන්දුව රැක ගන්න අතර තුර පිතිකරුවන් එකිනෙකා මාරු වෙච්ච නිසා අනිත් පිතිකරු අවසන් පන්දුවට මුහුණ දෙන්නෙ...

    ඛේත්තාරාම අන්තයේ සිට දිව ඇවිත් දාන අන්තිම පන්දුවට එල්ලවන 6 පාර නිසා ඌත් සැන්චොරියක් දාගන්නවා ඔන්න.

    ReplyDelete
    Replies
    1. අන්තිමේදී එහෙනම් සිරාත් ප්‍රශ්නෙකට උත්තර දුන්නා නේ! එළ එළ! ජයවේවා කිව්වා :)

      Delete
  30. හයේ දෙකක් ගහනවා..තව බෝලයක් ඉතුරුත් එක්ක..

    ReplyDelete
    Replies
    1. එකම කෙනානේ එහෙම වුනොත් මුල් බෝල දෙකට ෆේස් කරන්නේ! අනිත් කෙනාට 100 ගහන්න වෙන්නෑ එහෙම වුනොත්.

      Delete
  31. 49.4 Lee to Chandimal: SIX! Spectacular shot through long off. Chandimal reaches his 100. Scores are tied. Sri Lankans are celebrating already.

    49.5 Lee to Chandimal: OUT! Great delivery from Bret Lee. Chandimal tries to pull it through on side, but it finds the leading edge, and Lee takes an easy catch.
    D Chandimal c & b B Lee 100 (118 balls)

    Murali comes into crease. He will be in nonstrikers end because Mathews and Chandimal changed creases. One delivery to go. 1 to win for Sri Lanka.

    49.6 Lee to Mathews: SIX! Sri Lanka wins the match. Mathew gets his **th ODI hundred.

    :D

    ReplyDelete
    Replies
    1. Commentary එකක් විදියටම උත්තරේ දීලා.වෙනස් විදියක් උත්තර දෙනවා දැක්ක. එළ! නියමයි. :)

      "Mathews gets his **th ODI hundred."

      මැතිව්ස් අනිත්ම බෝලෙට 6 ගහලා 100 ගොඩදාගත්තනම් ඒ මැතිව්ස්ගේ පළවෙනි 100. තාම එකක්වත් ගහලා නෑනේ. :)

      Delete
  32. 1st ball
    Chandimal gets an inside edge and the keeper not getting hold to the catch but the ball hits the helmet behind the wicket keeper and runs to fineleg/thirdman bondary.
    Chandimal gets 5 runs for this.
    Chandimal - 99 and Mathews - 94 : 2 runs needed to win

    2nd ball
    Chandimal gets a single and makes the century.
    Chandimal - 100 and Mathews - 94 : 1 run needed to win

    3rd ball
    Mathews on strike and hits a huge six. He too makes his century.
    Chandimal - 100 and Mathews - 100 : Match won by Sri Lanka

    ReplyDelete
  33. 1st Ball- Chandimal hit a boundary (04) - Chandi 98*, Mathews 94*
    2nd Ball- Chandi hit d ball 2 deep and was going for 3 runs. But he deliberately ran 1 short so d final result would be 2 runs.. And Chandi scored his 100...:) Scores were level and more importantly Mathews was on strike - Chandi 100*, Mathews 94*

    last ball- Mathews hit a lofted off drive for 6 to register SL victory and his 1st ODI century... :)

    ReplyDelete
  34. මේක නම් සෑහෙන් බොන්න ඕනෙ ප්‍රශ්නයක් මචං. ඇත්තටම ඉශාන් උඹ කොහෙන්ද මේවා හොයාගන්නේ වෙනස් විදිහෙ වැඩක් මේක, අදට බ්ලොග් බැලිල්ල නතර කරලා ඇදට යනවා . හෙට මම උත්තරේ දෙන්නම්. මේ වැඩේ නියමයි දිගටම කරන් පලයන්. නෑ-නෑ ..දෙන්නම එක පාර ගහන එක නෙමෙයි බං. මෙහෙම ප්‍රශ්න අහන එක.

    ReplyDelete
    Replies
    1. වතුරනේ බොන්න ඕනේ? නේ? වෙන මොනවත් නෙවෙයිනේ.

      තෑන්ක්ස් රතුරජරට අදහසට. ඊලඟ දවසේ ඇවිත් උත්තරේ දීලා යන්න එහෙනම්.

      Delete
  35. තව දෙයක් වෙන්න පුලුවන්.
    1 පන්දුව ලකුණු 2 ගන්නවා.දැන් දිනන්න තව 5යි. මුල් පිතිකරුවා 96
    2පන්දුව ලකුණු 2 දුවනවා බෝලේ overthrow යනවා,එතකොට තව 3 දුවනවා.එතකොට මුල් පිතිකරුවා පන්දු යවන අන්තයේ.හැබැයි ක්‍රිකට් වල දැන් පිටිය තුල දුවලා ගන්න හැකි එකවර ලකුනු 4 වෙනකන් විතරයි.ඉතින් මුල් පිතිකරුවා 100.දිනන්න තව ලකුණු 1යි.(scores level)
    3 පන්දුව ලකුණු 6.

    ReplyDelete
    Replies
    1. ඕ. ඔය විදියත් මැච් එක ගොඩදාගන්න පුළුවන්. :)

      Delete
  36. krama 2k thiyenawa

    upakalpanaya - den gahanne mathews

    1. 1st ball mathews 6k gehuwa. den mathews 100i. 2nd ball mathews catch ekak denawa. e athare batsmenla depattha maru wela. dinanna thawa 1k ona. den chandimal 6 gehuwama match ekath dinum 100th hari

    2. 1st ball mathews 4k gahanawa. mathews 98i. 2nd ball 3k duwanawa hebai ekak short run. den mathews 100i batsmen la depattha maru wela dinannath 1k ona. den chandimal 6 gehuwama match ekath dinum 100th hari

    ReplyDelete
    Replies
    1. ඇනොගේ ක්‍රම දෙකම හරි.. ජයවේවා! :)

      Delete
  37. මෙහෙමත් වෙන්න පුළුවන්
    5 (Overthrow එකකින් හරි විකට් කීපර්ගෙ පිටිපස්සෙ තියෙන හෙල්මට් එකේ වැදිල හරි) - 1 - 6

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. එහෙමත් වෙන්න පුළුවන්.. :)

      Delete
  38. මේ තීම්ස් එක මොකක්ද බන්. Download කර ගන්න කියන්නකෝ නම

    ReplyDelete
    Replies
    1. මේක තීම් එකක් නෙවෙයි මචං.desktop customization tool එකක්.මේ ලින්ක් ඩවුන්ලෝඩ් කර ගන්න.

      Download Rainmeter

      ඊට පස්සේ එක එක ගැජට් කෑලි තමා දාගන්න තියෙන්නේ. Discover එකේ තියෙනවා ඒ ගැජට් ගන්න පුළුවන් තැන්. යු ටියුබ් වීඩියෝ තියෙනවා ගැජට් දාගන්න විදිය.:)

      Delete
    2. තෑන් යූ ඉෂාන් අයියා

      පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

      Delete
    3. ඕක මොකද්ද මචං.. දන්නා දේනේ.. :)

      Delete
  39. ක්‍රිකට් නම් අජූතයි. මැච් යද්දි T.V. එක පැත්තෙවත් බලන් නෑ. ඩැනුයි අගේ තේරෙන්නෙ

    ලකුනු 12 ක් ඕන ඒත් ලකුනු 7 ක් ගත්ත ගමන් මැච් එක නවත්තනව. අනිව අන්තිම බෝලෙට 6 ක් ගහයි. කලින් බෝල දෙකෙන් ලකුනු 6 ක් ගන්නව. ඒත් එතකොට දෙන්න මාරු වෙන හැටි නම් හිතා ගන්න බෑ

    "ලංකාවට ලකුනු 5 ක විශිශ්ට ජයක්" මං පරාදයි

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට) එහෙනම් ක්‍රිකට් තහනම්

    ReplyDelete
    Replies
    1. මං ඒ පැත්තේ ඇවිත් යනවා. :)

      ඊලඟ වතාවේ මැච් දිහා පොඩ්ඩක් හොදට බලන්න.ක්‍රිකට් වලින් වෙන ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න පුළුවන් වෙන්න එපැයි.. :)

      Delete
  40. 1:six
    2.catch out and change the batting ends
    3.six

    ReplyDelete
    Replies
    1. හරි.. :) ඇනෝ ඇවිත් උත්තර දුන්නේ ඔයාද?

      Delete
  41. මගේත් කැමතිම ක්‍රිඩාව.දැන් ඉතිංඋත්තර දිලා වැඩැක් නැනෝව

    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා ඇවිත් නේ? එහෙනම් ඊලඟ ඒවාට උත්තර දෙන්න ට්‍රයි එකක් දේ. :)

      Delete