Tuesday, January 1, 2013

ගෑණි වටේ යවලා සැප විඳීමත් සමඟ 2013!


මං බලාපොරොත්තු වුණු ඉලක්ක වලට යන්න බැරි වුණු අවුරුද්දක් 2012 කියන්නේ.වෙලාවකට හිතෙනවා අළුතින් හිතලා වැඩකරන්න පටන් ගත්ත තැනමද තාමත් මං ඉන්නේ කියලා.මොනවා වුනත් දැන් ඒ අවුරුද්දත් ඉවරයි.අද ඉදලා අලුත් අවුරුද්දක්.

2012දී ඉවරයක් කරන්න හිතාගෙන හිටපු මගේ එක්සෑම් දෙකකුත් දවසින් දවස කල් ගියා.ඔය එක්සෑම් හින්දා ගෙදරින් කොච්චර බැනුම් ඇහුවාද! හයියෝ! ඒ වෙලාවට මොකක් හරි උත්තරයක් දීලා ශේප් වුනා මිසක් ඒකත් ඉවරයක්ම කරලා දාන්න ඕනේ කියන හැඟීම තදින්ම හිතට ආවේ නෑ.

ඉගෙනගත්ත දෙයින් ගොඩයන්න හිතාගෙන මං මූලික වෙලා තව යාළුවෝ කීපදෙනෙක් එක්ක එකතු වෙලා පොඩියට පටන්ගත්ත Software Company එකත් අපි බලාපොරොත්තු වුන තරම් සාර්ථක වුනේ නෑ.අන්තිමේදී ඉතුරු වුනේ මායි,තව යාළුවෝ දෙන්නෙකුයි විතරයි.කරන්න පටන්ගත්ත මේ දේ හින්දා සෑහෙන අත්දැකීම් ගොඩක් ලැබුනා.එක එක බිස්නස් ඇතුලේ වෙන්නේ මොනවද කියන එකත්,ඔවුන්ගේ හොර වැඩත් සෑහෙන  ප්‍රමාණයක් ඉගෙනගත්තා  ව්‍යාපාරිකයොත් එක්ක එයාලට ඕනේ කරන System කරන්න කතාකරගෙන යද්දී.ඒ වගේම ඒ මිනිස්සු හින්දා හොදම කටුත් කෑවා.

තව මිනිස්සු ගැනත් හොදට ඉගෙනගත්තා.එකට ඉදන් බෙල්ල කපන්න බලන ඈයෝ අපේ අතරම හිටියා.තව සෑහෙන දේවල් තියෙනවා.ඒත් කලින් කතාකරපු කාරනා දෙක ප්‍රධානයි.ඒ මතයි මගේ අනාගතය තීරණය කරන්න පුළුවන්.

2012දී මං දෙයකින් ඉස්සරහට ගියානම් ඒ මගේ ලව් එකෙන් විතරයි.ඒකනම් කිසිම පල්ලම් බැසිල්ලක් නැතුව හැමදාම ඉස්සරහට යනවා.ඒත් ආදරේ කන්ටද! ජීවත් වෙන්න තමන්ගේම කියලා හරිහමන් ස්ථීර ලෙසම ආදායම් මාර්ගයක් හදාගන්නැතුව කවදාහරි බැඳලා ආදරේ විකුණන් කන්න කියලාද! එහෙම බෑනේ.

ගෑණියක් ගන්න ඕනේ තමන්ට තනියෙන් ඒ ගෑණි ගැන බලන්න පුලුවන්නම් විතරයි. දෙමාව්පියන්ගෙන් තමන්ගේ පවුල නඩත්තු කරන්න හිතන එක මහා මෝඩකමක්.එයාලත් නැතිවෙලා ගිය කාලෙක තමා එකේ බැරෑරුම් කම තේරෙන්නේ කියලා අපේ ආම්,පපා කියනවා. ඉතින් හරි හමන් ආදායම් මාර්ගයක් නැතුව, තමන්ගේ ගෑණිව රස්සාවකට ඇරලා තමන් ගෙදරට වෙලා චූන් එකේ ඉන්න එක නෙවෙයිනේ මිනිහෙක්ගෙන් වෙන්න ඕනේ.මිනිහා ගෙදර චූන් එකේ ඉද්දි පිට මිනිස්සු හුඟක් හිතන්නේ,කියන්නේ 'ගෑණි වටේ යවලා මූ සැප විදිනවා' කියලා.

අද ගෑණියෙකුට ලේසියෙන්ම,ඉක්මනට සල්ලි හම්බ කරන්න පුළුවන් වේසාකමෙන්.ඉතින් එහෙම තමන්ගේ ගෑණි වේසාකමේ ඇරලා,ඒ සල්ලි වලින් ගෙදරට වෙලා චූන් ගන්න පිරිමිත් අද ඉන්නවා.ඉතින් තමන්ගේ ගෑණි ඒ වගේ වැඩක් නොකරත්, ඒ වගේ කතාවක් හදන එක අපේ මිනිසුන්ට මහා ලොකු දෙයක් නෙවෙයි.ඕකනේ අද අපි ජීවත් වෙන සමාජයේ තත්වේ.


ඉතින් ඔය තත්වේ ඉන්න පිරිමියෙක් වෙන්න, ඒ කිව්වේ ගෑණිව රස්සාවකට ඇරලා ගෙදරට වෙලා සල්ලි හොයන පිරිමියෙක් වෙන්න මගේ කිසිම ආසාවක් නෑ.ඕන කමකුත් නෑ.ජීවත් වෙන්න ස්ථීර ආදායම් හදාගෙන ගෑණියක් ගන්න එක තමා හොදම දේ.එතකොට කාටවත් යටත් වෙන්න ඕනෙත් නෑ.සෙකන්ඩ් වෙන්න ඕනෙත් නෑ.කොන් වෙන්න ඕනෙත් නෑ.


ඒ හින්දා මේ උදාවුණ 2013 අවුරුද්ද මට තීරණාත්මක අවුරුද්දක්.මුලින්ම,
  • මං හිතාමතාම පහුකරන මට කරන්න තියෙන එක්සෑම් දෙක ඉක්මනටම ඉවරයක්‌ කරලා දාන්න ඕනේ.
ඊට පස්සේ,
  • ඒක ඉවරකරලා අපේ බිස්නස් එක ආපහු ගොඩනගා ගන්න ඕනේ.
ඊටත් පස්සේ,
  • ඒකත් කරගෙන යනගමන් දිගටම IT වලින් ඉස්සරහට යනවාද, නැත්නම් තවත් පැත්තකට ඔළුව දාලා ඒකත් මේ එක්කම කරන් යන්න පුලුවන්ද කියලා හිතලා බලන්න ඕනේ මුල් මාස ටික පහුකරලා.දැනටමත් අයිඩියා එකක් ඔලුවේ තියෙනවා.
මටනම් ඔය කාරණා ටික තමා ප්‍රධානම! දැන් කොහොම හරි ඔය ටික ඉෂ්ට කරගන්නයි ඉන්නේ පිස්සු නටන්නේ නැතිව.නැත්නම් මේ කාරණා ටිකම 2013.12.31 රෑත් ලියන්න වෙයි.

එහෙනම් බ්ලොග් ලියන,කියවන හැමෝටම,

ලැබුවා වූ මේ 2013 වසර සුබම සුබ,සියළු පැතුම් ඉටුවෙන නව වසරක් වේවා! 



ප.ලි : ලියන්න ගිය දේත් එක්ක තවත් දේවල් ලියවුනා.ඒ මං හිතන,හිතේ තියෙන, මට අදාළ දේවල්.අනිත් අය මොකක් ඒ ගැන හිතනවාද නැද්ද කියන්න මං දන්නේ නෑ.ඒකට එකඟ වෙන්නත් පුළුවන්.නොවෙන්නත් පුළුවන්.ලියන්න තවත් දේවල් ඒ මාතෘකාවත් එක්ක හිතට ආවත් මේ පෝස්ට් එකේ කියන්න ඕනේ ටික කෙටියෙන් ලියලා දැම්මා.

මාතෘකාවවටත් ඒ කොටසෙන්ම අල්ලලා දැම්මා. අළුත් අවුරුද්දේ මුලින්ම දාන පෝස්ට් එකත් හිට් වලින්ම පටන්ගන්න තියෙනවනම් කොච්චර ෂෝක් ද නේ? 

71 comments:

  1. Replies
    1. සෑම්ටත් සුබම සුබම සුබ වසරක් වේවා!

      Delete

  2. සුබ නව වසරක් වේවා..!

    ඉගෙනුමේ කටයුතු හොඳින් කරගෙන...‍රැකියාවක් හොයාගන්න.

    ReplyDelete
    Replies
    1. වී ටත් සුබ නව වසරක් වේවා!

      පැතුමට ස්තූතියි. :)

      Delete
  3. ඒ හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා !

    " ආදරේ කන්න " බෑ උනත්..ආදරේට කරන්න පුළුවන් දේවල් හුඟාක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. පැතුමට ස්තූතියි. :) ලිහිණිගේත් පැතුම් මේ අවුරුද්දේ ඉටු වේවා!

      ආදරේට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා තමා. උදාහරණයකට කෙල්ලෙක්/කොල්ලෙක් වුනත් ඉන්න තත්වෙන පහලට වගේම ඉහළට නග්ගවන්නත් පුළුවන්.

      Delete
  4. //දෙමාව්පියන්ගෙන් තමන්ගේ පවුල නඩත්තු කරන්න හිතන එක මහා මෝඩකමක්//

    //ඒ කිව්වේ ගෑණිව රස්සාවකට ඇරලා ගෙදරට වෙලා සල්ලි හොයන පිරිමියෙක් වෙන්න මගේ කිසිම ආසාවක් නෑ.ඕන කමකුත් නෑ.ජීවත් වෙන්න ස්ථීර ආදායම් හදාගෙන ගෑණියක් ගන්න එක තමා හොදම දේ.එතකොට කාටවත් යටත් වෙන්න ඕනෙත් නෑ.සෙකන්ඩ් වෙන්න ඕනෙත් නෑ.කොන් වෙන්න ඕනෙත් නෑ.//

    මේවා හැම පිරිමි ළමයෙක්ගෙම හිතේ තියන දේවල් කියලා මම හිතන්නේ... හැබැයි තමන්ගේ දෙයක් කරනවා නම් රිස්ක් එකක් ගනන් හයිය තියෙන්නත් ඕනේ... ඒ රිස්ක් එක ඇතුලෙ හැමදේම නැතිවීම තමයි ලොකුම රිස්ක් එක කියලා හැම කෙනොම හිතනවා.. නමුත් මම දකින ලොකුම රිස්ක් එක තමයි කඩං වැටෙන්න යනකොට ගොඩගන්න හැමදේම කරන අස්සේ ( මුදල් වෙනුවෙන් හෝ වෙනත් දෙයක් වෙනුවෙන්) වෙන කෙනෙකුට ඔලුව නවන්න වෙන රිස්ක් එක... ඒ කිව්වේ ණයක් ගන්න, අම්මගෙන් තාත්තගෙන් හෝ තමන්ට උදවු කරන්න උත්සාහ කරන්න ලෑස්ති වෙන කෙනේකගේ උදවුවක් පිළිගන්න හිතහදාගන්න එක... අන්න ඒ තත්වෙටත් හිත හදාගන්න ඕනේ තමන් තනියෙන් ව්‍යාපාරයක් කරනවා නම්... පිරිමියෙක්ගේ මෝඩ මාන්නෙට සහ අහංකාර කමට ලොකු පහරක් වදින තැනක් ඕක.. නමුත් ඒක විසඳ ගත්ත අය ඉිදරියට යනවා.. නැති අය නවතිනවා...

    ඕක කිව්වේ මගේ අත්දැකීමෙන්...

    ඔයාටත් හිතේ තියෙන දේවල් ලස්සනට ඉටුවෙන සුබ නව වසරක් වේවා කොල්ලෝ..

    “ ආදරේ කන්නද...?” ඇයි බොල.. එහෙනං පණ කඩාගෙන ඕක කරන්නේ මොකටද.. හි හි

    ReplyDelete
    Replies
    1. ඇහ්! මාත් මෝඩ මාන්නක්කාර අහංකාර පොරක් කියලා හිතෙනවද ඒ ටික කියෙව්වාම! හයියෝ! දුකේ බෑ.. :(

      අක්කා කියලා තියෙන දේ ඇත්ත.අමාරුම තැනේදී අපිට පහුබහින්න වෙනවා.ඒත් ඒක වෙද්දී අපිට උදව් කරන කෙනා හිතයටින් සතුටු වෙලා අනිත් අයට ඒක කිය කියා යන හොද දෙයක් නෙවෙයිනේ. 'අද අහවලා ඔය තරම් ඉහල ගියේ,දියුණු වුනේ මං හින්දා.මං නැත්නම් හිටපු තැන දූවිලිවත් ඉතුරු වෙන්නේ නෑ.' කියලා අහන්න ලැබෙද්දී එන්නේ තරහක්,වේදනාවක් මිසක් සතුටක් නෙවෙයිනේ. ඒ හින්දා ගන්න උදව්වක් වුනත් හොදට හිතලා මතලා ගන්න ඕනේ.

      මේක කිව්වේ මගේ අත්දැකීමෙන්!

      ආදරෙත් කන්න පුළුවන්.ඒත් ඒ කෑම වෙනස් නේ! ;) මං මෙතන කතාකරේ කසාද බැදලා ජීවත් වෙන විදිය ගැන හලෝ. :)

      හිරු අක්කාගේත් හිතේ තියෙන බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට වේවා!

      Delete
    2. //අද අහවලා ඔය තරම් ඉහල ගියේ,දියුණු වුනේ මං හින්දා.මං නැත්නම් හිටපු තැන දූවිලිවත් ඉතුරු වෙන්නේ නෑ.' කියලා අහන්න ලැබෙද්දී එන්නේ තරහක්,වේදනාවක් මිසක් සතුටක් නෙවෙයිනේ.//

      මම නම් හිතන්නේ මචෝ ඔය ටික කාටවත් කියන්න ඉඩ නොදී පුළුවන් හැම වෙලාවකටම උදව් කරපු මනුස්සයව මතක් කරනවානම් හොඳයි කියලා... ගොඩක් අය ඔහොම කතා කියන්නේ මුල අමතක කරලා වැඩ කරන මිනිස්සුන්ටනේ.

      අළුතින්ම දෙයක් පටන් ගන්නකොට ලොකු සල්ලිකාරයෝ නෙමෙයිනේ එව්වා පටන් ගත්තේ 0 ඉඳලා දියුණු වෙච්චි මිනිස්සුනේ ලෝකෙ වැඩිපුර ඉන්නේ...

      Delete
  5. ඉෂාන් මලයට,ගෑල්ළමයට සහ පවුලේ සියලු දෙනාටම සුභ නව වසරක් පතමි!ඔබගේ සියලු පැතුම් මෙම නව වසරේ ඉටුවේවායි ප්‍රර්ථනා කරමි !! //ඒත් ආදරේ කන්ටද // කියන කෑල්ල මකල දාපන් යකෝ කෙල්ලගෙන් ගුටිකන්න ඉස්සර.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියාටත් 2013 වසර සුබම සුබ නවවසරක් වේවා! හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා!

      ඒක ඔහේ තිබුණාදෙන් අයියා. ඕක එයා දැක්කාම එයාගේ හිතේ තියෙන අදහස් ටිකවත් දැනගන්න බැරියැ.මට හිතාගන්න පුළුවන් මොනවා කියයිද කියලා.ගුටිනම් කන්නේ නෑ ඉතින්. ;)

      Delete
  6. ඒ බලාපොරොත්තු එලෙසින්ම ඉටු වෙන්න කියල පතනවා මචං ! සුබ නව වසරක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් චන්දන! :)

      චන්දනටත් සුබ නවවසරක් වේවා!

      Delete
  7. Replies
    1. අවතාර්ටත් සුබ නවවසරක් වේවා!

      Delete
  8. වීභාග දෙකම ගොඩ දාගනින්.
    බිස්නස් එකත් ඒවගේම ලෙසටම ගොඩ දාගනින්.
    හිතේ තියෙන හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවෝ.

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. ඔය ටික තමා වැදගත්ම මචං. තෑන්ක්ස් ප්‍රාර්ථනාවට.

      සුබ නවවසරක් වේවා!

      Delete
  9. සියලු පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු වේවායි පතමි..
    හිත පිරෙන ආදරයක් ගොඩාක් ප්‍රශ්න විසදගන්න ලොකු උදව්වක් වෙනවා.. ඒ වගේම ආදරයේ වේදනාවන් නිසා හැම දේමත් එපා වෙනවා. කසාදයක් කරගන්න කලින් හොද ආර්ථික මට්ටමක් හදාගෙන රටට ලෝකයට ණය නැතිව ඉන්න හිතන එක බොහොම වටනවා.
    මමත් එහෙම වෙන්න ගොඩක් උත්සහ කරනවා..
    ව්‍යාපාරය සාර්ථක වේවා..
    සුභම සභ නව වසරක වේවා!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්.

      ඔබේ බලාපොරොත්තුත් ඒ ආකාරයෙන්ම ඉටු වේවා! ඔබටත් සුබ නව වසරක්!

      Delete
  10. අර වේස කතාවට මම කැමති නෑ. ඒකත් රස්සාවක්. අනෙක් ඒවා නම් හැම මනුස්සයෙකුගෙම සිතේ තිබිය යුතු සිතිවිලි..

    සුභ නව වසරක් වේවා....!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒත් මං මෙතන කියන්න උත්සහ කරේ පිරිමියාගේ අවුල් මත ගැහැණිය ඒ තත්වෙට පත්වෙන එක ගැන. :)

      මාතලන්ටත් සුබ වසරක් වේවා!

      Delete
  11. ජීවිතයම වෙනස් කරන සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්! ඔබටත් එසේම වේවා!

      Delete
  12. පසුබෑම් වලින් තව තවත් ධෛරමත් වෙනවා අයියණ්ඩියා... සුබ නව වසරක් වේවා...හැම සිහිනයක්ම බලාපොරොත්තුවක්ම ඒ ආකාරයෙන්ම ඉටු වේවා..!!
    ජය!!

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි ශම්මියෝ!

      ඔයාටත් මේ අවුරුද්ද සුබම වේවා!

      Delete
  13. mth wish kranwa me paranam kranta tyana hma exam 1kma kragnna labenna kiyala. anik blaporoththuth ishta wenna kiyala. adare kanta neme unata aiye............. akahnda minissu hoda aya wnwa kiyalanam mn ahala tyanwa. oyath ahemda dnna. i wish youall the best..

    ReplyDelete
    Replies
    1. මේ ටික මං ඔයාට කලින්ම කිව්වනේ.අපි දෙන්නා කතා කරගත්තානේ වෙන්න ඕනේ මොනවද කියන එක.ඔයා කියපු ඒවා මතකයි මට.පුදුමයි නේ? :)

      මං හොද වුනාද නැද්ද කියලා ඔයා හොදටම දන්නවා නේ මිස් අයි!

      Delete
  14. මගේ නම් පල්ලම් බැස්සේ ලවු එක විතරයි... මොනව උනත් සුබ නව වසරක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ අවුරුද්දේ ලව් එක වැටුණු පල්ලම් වලින් ඉහලට පැමිණේවා!

      ඔබටත් සුබ නව වසරක්!

      Delete
  15. නියම ලිපියක්.ඔයාට සුභ නව වසරක් වේවා.මම සිංහ පීඩියාව ලියන යසිරු
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්!

      සුබ නව වසරක් වේවා!

      Delete
  16. මට නම් අවුරුද්ද අවුල් වගේද මන්දා ........ කොහොම හරිවේවා ඊළඟ 31 වෙනස් පොස්ට් එකක් දාන්න හම්බවෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බන් ඒ? අවුරුද්ද පටන්ගද්දීම එහෙම හිතන්න එපා බං. :)

      මොනවා උනත් දිනේල්කගේ මේ අවුරුද්ද සුබම වේවා!

      Delete
  17. සුබ අලුත් අවුරුද්දක් ඉෂානයෝ
    ජයෙන් ජයම වේවා !

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ගැටයෝ!

      සුබ නව වසරක් වේවා!

      Delete
  18. සුබම සුබ,සියළු පැතුම් ඉටුවෙන නව වසරක් වේවා!

    මං 100% එකඟයි. කියන්න දෙයක් ඉතිරි කරල නෑ..

    ReplyDelete
    Replies
    1. එළ එළ!

      යසිත්ටත් මේ අවුරුද්ද පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා!

      Delete
  19. එල! IT පැත්තේ ඉන්න එකෙක් විදිහට මම උඹට කියන්නේ entrepreneurship කියන්නේ හොඳට හොඅන්න පුළුවන් සයිඩ් එකක්! හැබයි ටිකක් අත්දැකීම් ඕනේ! මමත් ඔය සයිඩ් එක තමයි කරගෙන ඉන්නේ...ඒක අත අරින්න එපා!
    exam ටික ගොඩ දෑ ගනින්! නැත්නම් සල්ලි අපරාදේ! පොඩ්ඩක් තව ටිකක් IT වල ගැඹුරට එක දෙයක් ගැන ඉගෙන ගන්න පටන් ගනින්!
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. උපදෙස් ටිකට තෑන්ක්ස් නාඩි.කොහොමත් එක්සෑම් ඉවරකරලා තවත් දේකට අතගහන්න ඉන්නේ.බලමු.මේ ටිකත් වැදගත් මට. :)

      නාඩිට සුබ නව වසරක් වේවා!

      Delete
  20. ඔන්න මං බබිත් ආව.......^_^

    හිතේ තියෙන බලාපොරොත්තු සේරම ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.......

    ReplyDelete
    Replies
    1. ආවෙත් හරි දවසක නේ! එළ එළ!

      ඔයාටත් හිතේ පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා!

      Delete
  21. සුභ නව වසරක් වේවා!!

    බලාපොරොත්තු වෙන හැම පැතුමක්ම ඉටු වේවා!!

    ReplyDelete
    Replies
    1. දිනේෂ්ගෙත් පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා!

      Delete
  22. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. හිට්ස් කොහොමත් කකාට ලැබෙන එකේ
      තව තව හොද ලිපි බ්ලොගේ ලියවේවා
      කකා - ඇනෝ කේස් හොදටම අඩුවේවා
      මේ වසරෙත් ඉහළින් රැදෙන්නට හැකිවේවා!

      කවියකට උත්තර දුන් ජිවිතේ පළවෙනි වතාව.මේක දැක්කාම අදහස් කොහෙන් ආවද මන්දා :)


      Delete
  23. සියළු පැතුම් ඉටුවෙන නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. රෙහානිටත් පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා!

      Delete
  24. පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා ඉෂාන්....!!

    ReplyDelete
    Replies
    1. සමනළීගෙත් පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා!

      Delete
  25. ඔය හැම බලාපොරොත්තුවක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. චාම්ස්ටත් බලාපොරොත්තු ඉටුවෙන සුබ නව වසරක් වේවා!

      Delete
  26. සිරාටත් 2012 දුක්බර සහ අසාර්ථක වසරක්...ඒත් මම අධෛර්යමත් නෑ... 2013 දිහා බොහොම සුභවාදීව බලනවා 2012 දි කරන්න බැරි වුන දේ කරන්න...

    ආදරේ කන්න බැරි උනත් ඉන් ලැබෙන ආශිර්වාදය/ශක්තිය අපේ දෛනික ක්‍රියාකාරකම් වලට ශක්තිය එන්නත් කරනවා කියලා මට හිනෙවා... බලාපොරොත්තුවක් නැති ජීවිතය නීරසයි...

    සියලු අපෙක්ෂාවන් 2013 වසරේදී ඉටුවෙන්නට පතමි....

    ReplyDelete
    Replies
    1. 2012 දී කරගන්න බැරිවුනු දේ මේ වසරේදී කරගන්න හැකියාව ලැබේවා!

      ඇත්ත සිරා.ජිවිතේ බලාපොරොත්තුවක්,ඉලක්කයක් තියෙන්න ඕනේ.නැත්නම් ජිවිතෙන් වැඩක් නෑ තමා.

      සිරාටත් මේ වසර සුබ, සාර්ථක වසරක් වේවා!

      Delete

  27. ආදරේ කන්නද කියන්න එපා ඉශාන් ..කවදාවත් කියන්න එපා..

    සුබම සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. ඒක සීරියස්ලි හිතන්න එපා සහන්.මං ඒක මෙතන කියලා අදහස් කරේ කසාද බැන්දාට පස්සේ ආදරේ විතරක් කරන් ජීවත් වෙන්න බෑනේ.ආදරේ කරන්නත් ජීවත් වෙලා ඉන්න ඕනේ.ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් තියෙන්න ඕනේ. ඒ දේ තමා මේකෙන් අදහස් කරේ.

      සහන්ටත් සුබම සුබ නව වසරක් වේවා!

      Delete
  28. හැපි 2013ක් ඈ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාටත් හැපී 2013ක් කිව්වා.

      වැඩි වැඩියෙන් රාජ සම්පත් ලැබේවා! එළකිරි කෑල්ලක් සෙට් වේවා! ;)

      Delete
  29. හිතන පතන හැම දෙයක්ම ඉටු වෙන සුභ නව වසරක් වේවා කියලා ඔන්න මමත් ප්‍රාර්ථනා කරනවා...

    මොනවා උනත් හොඳ පිරිමියෙක් විදියට ආදරේ කරන එකට සතුටුයි... ඒත්..... ආදරේ කන්නද....? ඒ කෑල්ල නම් හරි යන්නේ නෑ.. මොනවා උනත් ගිය අවුරුද්දේ අමාරුවෙන් හරි පල්ලම් නැගලා තියෙන්නේ ඔයාගේ ආදරේ විතරනේ.. ඒකටවත් සතුටු වෙන්න හලෝ.....

    ReplyDelete
  30. තෑන්ක්ස් සිත්තාරවී.. :)

    ඇයි අෆ්ෆා මේ හැමෝම පෝස්ට් එකේ තියෙන එක වචනයක් අල්ලං මාව කන්න හදන්නේ? ඒ වචනේ මගේ විදියට මං පැහැදිලි කරා.කමෙන්ට් වල ඇති. බලන්න. හයියෝ! මටත් වෙච්ච දේ. ;)

    සිත්තාරවීගෙත් හිතේ තියෙන පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  31. ලැබුවා වූ නව වසර සියළු බලාපොරොත්තු ඉටු වෙන සාර්ථක නව වසරක් වේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  32. ඔන්න එහෙනම් 2012 ගොඩ යන්න කියලා මන් සුභ ප්‍රාර්ථනා කරනවා. අර විභාග දෙක ඉක්මනටම ගොඩ දාගන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ඒ.කේ.එම් ටත් සුබ නව වසරක් වේවා!

      Delete
  33. යහපත් චේතනා සියල්ල ඉ‍ටුවන සුබම සුබ නව වසරක් වේවා.....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්! සුබ නවවසරක් වේවා!

      Delete
  34. නව වසර සුභම සුභ වේවා.... ඔන්න අවුරුද්දෙ පලවෙනි පෝස්ට් එක කියවන්න ආව....

    ReplyDelete
    Replies
    1. එළ! පිළිගන්නවා මේ පැත්තට. :)

      ඔබටත් සුබ නවවසරක් වේවා!

      Delete
  35. මට උඹව මිස් උනා ඉෂාන්. ආදරෙන් හරි ගොඩ ගිය එක හොද නැත්ද??

    ReplyDelete
    Replies
    1. අනේ ඒකට මක්ක වෙනවද මචං! කොහෙන් හෝ ගොඩ වැදුණු එකම මදෑ :)

      ඒකනම් හොදයි තමා.

      Delete
  36. අද කාලේ IT ෆීල්ඩ් එකේ අල්ලාගෙන ඉන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක් මම හිතන්නේ මොකද අහන අහන කෙනා කරන්නේ IT ජොබ්. ඉතින් රස්සවකටත් තියෙන ඉඩ කඩ අඩුයි. මම මෙහෙම කියන්නේ මමත් ඒ විදියේ රැකියාවක් කරන කෙනෙක් ලංකාවෙන් පිටත.

    සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අසරණයා. අද හුඟක් කොල්ලෝ කෙල්ලෝ ෆලොව් කරන්නේ IT.ඒ පැත්තෙන් ඉහලට යන්න ලේසියි කියලා හිතාගෙන.එහෙම වුනාම ජොබ් එකකට තියෙන තරගේ වැඩියි.හොද වැඩ්ඩේක් නම් ජොබ් එකකට ලේසියෙන් යන්න පුළුවන්.

      අසරණයාටත් සුබ නවවසරක් වේවා!

      Delete