Saturday, June 30, 2012

රත්තරන් පාට කොමඩ් එක


මේක මට යාලුවෙක් එව්ව කතාවක්.. 


ඔන්න එක්තරා වැදගත් පහේ පොරක් හිටියලු බිව්වම මෙමරිය ෆුල් අවුල් යන.බිව්වට පස්සේ ගෙදර යන්නවත්  පාරවත් අමතක වෙන නිසා යාලුවෝ ගෙදර ගෙනත් දානවලු. පහුවෙනිදා වෙරි හිදුනම මූට කොහේ ඉදන්ද බිව්වේ කියන ඒකවත් මතක නැල්ලු.


ඔන්න දවසක් පොර බිලා ගෙදර ඇවිත් පහුවෙනිදා උදේ නැගිටලා බලද්දී අතේ බැදන් හිටිය බොහොම වටිනා කියන අත ඔරලෝසුව නෑලු. ඒ විතරක් නෙමෙයි, පොරට දැන් මතකත් නෑලු කලින් දවසේ කොහේ ඉදන්ද බිව්වේ කියන ඒකවත්. මතක ඒරියා එකේ නම විතරලු. පොර මේ ගැන ගෑනිටත් කිව්වම ගෑනිත් සුපුරුදු අදෝනාව දාලා කිව්වලු,


"මතක් කරලා බලන්න, කොහේදී  හරි ගලවලා තිබ්බද..? " කියලා.


අපේ පොරත් දැන් දස අතේ කල්පනා කරනවලු. අන්තිමේදී පොඩි හෝඩුවාවක් මතක් වෙලා වයිෆ්ට කිව්වලු,


"මේ.. ඒයි.. මම ඊයේ රෑ චූ කරන්න ඕනේ වෙලා ඕක බාත්රූම් එකේදී  ගලවලා තිබ්බා. මට නිකන් මතකයි ඒකෙ තිබුණේ රත්තරන් පාට කොමඩ් එකක්..."


"රත්තරන් පාට කොමඩ් එකක්?.. ඔය වගේ එකක් හැම ගෙදරකම නැතුව ඇතිනේ.. ඒ නිසා පොඩ්ඩක් ආයේ ගිහින් ගෙවල් වලින් අහලා බලනවා රත්තරන් පාට කොමඩ් එකක් තියෙන ගෙදර මොකද්ද කියලා. එතකොට හොයාගන්න පුළුවන් වෙයි..."


අපේ පොරත් ඒ කීම පිලි අරන් ඔන්න ඉතින් අර කලින් දවසේ බොන්න ගියා වගේ මතක ඒරියා එකට ගිහින් ගෙවල් වලින් අහ අහ යනවලු " මෙහෙ තියෙන්නේ රත්තරන් පාට කොමඩ් එකක්ද?.." කියලා.


ඔය විදියට යනකොට එක ගෙදරක ගෑණු කෙනෙක් මිදුල අතු ගගා ඉන්නවලු. අපේ පොර වැට ගාවට ගිහින්  සුපුරුදු ප්‍රශ්නේ ඇහුවලු. ගෑණි අපේ පොර දිහා ටිකක් වෙලා බලන් ඉදලා එකපාරටම ඉදල බිම දාල ගේ පැත්තට හැරිලා  මෙන්න මෙහෙම කෑ ගැහුවලු..


"ස්ටැන්ලි.. මෙන්න ඊයේ ඔයාගේ සැක්සෆෝන් එකට චූ කරපු එකා ඇවිල්ලෝ....."

9 comments:

  1. හි හි හී නියම කථාව...මම හිතන්නේ බ්ලොග් වලට අළුත් කෙනෙක් වෙන්න ඇති ඔයා...නමුත් ෆලෝපාරක් දාන්න තැනක් නැත්තේ යාළුවො එපා නිසා වෙන්න ඇති...දිගටම ලියන්න හැබැයි ඉස්සෙල්ල පෝස්ට් එකට වගේ පින්තූර දාන්න එපා මොනව වුණත් ටිකක් බලන්න බෑ වගේ කථාව බලනවා මොනව වුණත් පින්තූරෙ නිසා බැලුවෙ නෑ...

    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් සිත්තමි දැක්වූ අදහස් වලට. කලින් පෝස්ට් ඒකෙ පින්තුරේ අයින් කරා.මටත් ඕක හිතුනා පබ්ලිෂ් කරාට පස්සේ. දැන් එක හරි. ඕං ෆලෝපාරක් දාන්න තැනකුත් සෙට් කරා..

      Delete
  2. හික්ස් මූ මාර පොරක්නේ.

    ReplyDelete
  3. උදේ පාන්දරම ෆොටෝ එකක් තියෙනෙ එකෙන් මැද්දි වෙන්නෙ මොකක්ද කියා තේරෙන්න ගත්තනේ....
    හව්එවර් මරු කතාව

    ReplyDelete
  4. අල්මාරිවලට ෆ්‍රිජ්වලට සමහර එවුන් චූ කරනවාලු :P

    ReplyDelete
    Replies
    1. ඇයි පිගාන කාලා රොටිය රාක්කෙ වනන එවුනොත් ඉන්නේ. :)

      Delete
    2. නැහැ නැහැ ... ලුණුමිරිස් කාල රොටිය හෝදලා රැක්කේ වනන එවුන්

      Delete