Saturday, July 21, 2012

ලොකු අයියා.. ඕං මං අදත් ආවා රචනා ලියාගන්න..



අද අපේ පවුලේ ඉන්න පොඩි එකෙක් ගැන කතාව කතාවක් ලියන්න කියලා හිතුවේ. පොඩියි කිව්වට පොඩිමත් නෑ.. 4 වසරේ ඉන්න පොඩි ලස්සන කෙල්ලෙක්.අපේ අම්මගේ අක්කගේ දුවගේ දුව. මට වෙන්නේ දුවක්.ඒ උනාට මං ඒ පොඩි ඒකිගෙන් ජිවිතේට අහලා නෑ මට ලොකු මාමා කියනවා. කියන්නේම ලොකු අයියා කියලනේ මට.අක්කලා ඉන්නේ එයාලගේ අම්මගේ ගෙදර. ඉතින් ඒ ගෙදර ඉන්න අනිත් නංගිලා දෙන්නා මට කතා කරන විදිය අහන් ඉදලා මෙයත් එකට පුරුදු වෙලා.ඉතින් කතා කරන්න පුළුවන් උන කාලේ ඉදලා මට ලොකු අයියමයි කියන්නේ.ඒකට එයාගේ නංගි..තාම අව්රුදු 3කටත් අඩුයි.එයානම් 'ලොකු මාමා' කියලා කියනවා.


මේ පොඩි කෙල්ලට නෙතු කියන්නේ.ඉතින් ගොඩක් වෙලාවට අක්කයි,අයියයි, එයාලගේ පොඩි එවුන් දෙන්නයි  සති අන්තෙට අපේ ගෙදර එනවා.ඉතින් ඊයෙත් ආවා.අපේ සෙට් එක හෙන ෆිට්. ඒ හින්දා 17km දුර ගෙවාගෙන එයාලා එනවා අපේ දිහා. නෙතු එන්නේ රචනා 2,3 ක් අරන්. මට කියලා ලියවගන්න.ගේ ඇතුලට ඇවිත් මාව දැක්ක ගමන් කියන්නේ.,


" ලොකු අයියා.. ඕං මං අදත් ආවා රචනා ලියාගන්න.ලියලා දෙන්න ඈ.."


ඕක අහපුවම ඉතින් මට ඉතින් ටිකක් එපා වෙනවා.


" මොකක් ගැනද අද ලියන්න තියෙන්නේ?"


ඔන්න ඉතින් නෙතු මාතෘකාව කියනවා. ඕක අහපුවාම හොදටම එපා වෙනවා ලියන්න එපා වෙන එකක්නම්.ඇයි අප්පා දීලා තියෙන රචනා මාතෘකා දැක්කම මොනවා ලියන්නද කියලා හිතෙනවා.සිංහල හා ඉංග්‍රීසි වල තියෙන මං අකමැතිම දේ තමා රචනා ලියන එක. ඊට පස්සේ මං ඒක ලියන්න බෑ වගේනම් කියන්නේ..


"ගිහින් චූටි අක්කාගෙන් අහන්න.එය කියලා දෙයි.අනික එයා සිංහල ක්ලාස් එහෙමත් යනවනේ.."


"අයියෝ මොකද්ද හලෝ.. එයා ලියලා දෙන ඒවාට ලකුණු අඩුයි.ඔයා ලියලා දෙන ඒවාට 9 1/2  ගානේ ලකුණු හම්බ වෙනවා.. ඔයා ලියලා දෙන්නකෝ.හොද ලොකු අයියනේ.."


නෙතු එහෙම කියලා රචනා පොත පෙන්නනවා මට.බලපුවම ඇත්ත තමා. මං ලියපු හැම එකටම වගේ 9 1/2 ගානේ ලකුණු වැටිලා.ඉතින් බටර් එක ගාගෙන,මගේ වටේ කැරකි කැරකි ඉන්නවා රචනාව ලියාගන්න.ආය වෙලාවකට බෙල්ලේ එල්ලිලා ඉන්නවා රචනාව ලියන්න පුටුවට යනකම්ම.ඉතින් මාත් අන්තිමේදී කොළ ගන්නවා.ලියනවා.ඒක ටිකක් හරි නෑ වගේනම් අයෙත් මුල ඉදන් ලියනවා.කොහොමත් මට පැයක් විතර යනවා ලියන්න රචනේ.කොලයක ලියලා දුන්නම නෙතු ඒක බලාගෙන ලියා ගන්නවා.වෙලාවකට මං රචනාව ලියලා ඉවර කරලා බලද්දී නෙතු සැප නින්දේ මගේ ඇදේ.


මට ගිය සතියේ ලියන්න උනේ 'මං කැමතිම ක්‍රීඩාව' ගැන.ලියන්න ගත්තේ බැඩ්මින්ටන් ගැන. මෙලෝ දෙයක් දන්නෑ මං ඒක ගැන. අන්තිමේදී විකිපීඩියා වලින් තමා කරුණු ටික හොයාගත්තේ ඒක ලියන්නත්.තව එකක් තිබුනා 'පරිසරයේ රදාපැවත්ම අප අතේය.' මේ සතියේ 'යහගුණ අගයමු.' හිතන්නකෝ මොනවා ලියන්නද කියලා ඕවට.අද එක ලියලා ඉවර කරේ දැන් ටිකකට කලින්.ඒක ලියාගන්න අද උදෙන්ම මාව නැගිට්ටුවා.නැගිටිනකම් කකුලෙන් අදිනවා. ෂිට් එක අයින් කරනවා.නැගිටලා අහද්දී කව්දෝ කියලා එයාට  මං අද උදෙන්ම කොහේදෝ යනවා කියලා.ඉතින් නෙතු හිතලා රචනාව ලියාගන්න බැරි වෙයි කියලා. පව් කියලා හිතෙනවා ඉතින් ඔය වගේ වැඩ වෙද්දී.


රචනා ඇර නෙතු අනිත් වැඩ තනියෙන් කරගන්නවා.අපේ වචන වලින් කියනවනම් 'මීටරේ'.එක්සැම් මාර්ක්ස් එහෙම නියමයි.එකට හේතුව අපේ අක්කා. එයත් එක්ක බෑ ඉස්කෝලේ වැඩ, ක්ලාස් වැඩ නොකර ඉන්න.එක පාරක් නෙතු 2 වසරේ ඉද්දි ඉස්කෝලෙන් චිත්‍ර තරගෙකට ච්ත්‍රයක් ඇදන් එන්න කියලා.එදා මං අක්කලාගේ ගෙදර හිටියේ. ඉතින් චිත්‍රෙ මට අදින්න උනේ.පොඩි එකෙක් අදින විදියට තමා ඇන්දේ.ටික දවසකට පස්සේ මං එහෙ ගිය වෙලාවක මට නෙතු හෙන හැපී ඒකෙ සහතිකයක් ගෙනත් පෙන්නුවා. බලද්දී මං ඇදලා දුන්නු එකට තමා සහතිකේ.මටත් ඉතින් මාර සතුටුයි.ඇයි මං ඇදලා දුන්නු එකටනේ.


ප/ලි : නෙතු දැන් ක්ලාස් ගියා. අද හවස මෙහෙ එනවලු ආපහු.කියලා ගියේ හවසත් රචනාවක් අරන් එනවා කියලා.ඒ කියන්නේ අද රෑටත් මං මාර කැමැත්තෙන් රචනාවක් ලියනවා කියන එක. :( 
      : නෙතුගේ ෆොටෝ එකක් දාන්න හිටියේ. ඒත් පස්සේ බෑ කියලා හිතුනා.
      : දැන් වෙලාව 11.00. දැන් ලියන රචනේ 'මා සිටවූ පැළයේ ගෙඩි පැහැදිලා'. කොහෙන් හොයාගන්න මාතෘකාද මන්දා.

10 comments:

  1. :) ෂෝයි නංගි බබෙක් වෙන්න ඇති එයා.. :) හ්ම්ම්..මාත් මතක් කළා කියන්නකෝ..ඔයා හවසට රචනාවත් ලියල දෙන්න.. ඒත් පව් හලෝ ඔච්චර ක්ලාස් යවන්න එපා පොඩි කාලේ..

    ReplyDelete
    Replies
    1. ඕ.ෂෝයි බබා.. අදත් ගෙනාවා එකක්.දැන් ඒක ලියන ගමන්. ක්ලාස් 3 කට විතර යන්නේ. අද කාලේ ට්‍රෙන්ඩ් එකනේ පොඩි ඈයෝ ක්ලාස් යවන එක.නැත්නම් 5 ශිෂ්‍යත්වේ පාස් වෙන්නේ කොහොමද? ඔය දන්නේ නැද්ද ඒක ?

      Delete
  2. ayyo.....ishan ayye danna epai nangiyage photo ekak apitath balanna ekka.

    ReplyDelete
    Replies
    1. එයා ගැන තව එකක් ලියන්න පුළුවන් උන දවසක දාන්ම්කො.. :)

      Delete
  3. aiyow aththatama dhaannako eyaawa apitath balanna asai podi aya ohoma thamane kohomath

    ReplyDelete
    Replies
    1. බලමුකෝ දාන්න කවද හරි.
      ඕ.. පොඩි එවුන් හින්දා ආසාවෙන් කරනවා :(

      Delete
  4. උඹ හරි ලකී මචන්.මට නම් ඔහොම අක්කලා නංගිලා නැහැ.

    ReplyDelete
    Replies
    1. ලකී නම් තමා මචං.. ඒත් වෙලාවකට මොකට මෙච්චර ගෑනු ළමයි අපේ පවුලට මොකට හම්බුනාද කියලා හිතෙනවා.. :)
      එම්.එන් ට අක්කලා නංගිලා නෑ?

      Delete
  5. අය්යෝ ඉෂාන් ඒ පොඩි එකීට ඔයා රචනා ලියල දෙන්න එපා.රචනා ලියන්න ඔයා කියලා දෙන්න.නැත්නම් එයාට තනියම රචනාවක් ලියන්න දුන්නම ඒක ලියාගන්න අමාරුවෙයි..

    ReplyDelete
    Replies
    1. එයා ලියනවා. ඒත් මෙහෙ එනවා කියලා දැනගත්තම ලියන්නේ නෑ.

      Delete