Wednesday, July 25, 2012

ලංකාවේ සංචාරකයා..



ඔන්‍න‍ ලංකාවේ මනුස්සයෙක් ඇමෙරිකාවට ගියා සංචාරයකට. ඉතින් ඇමෙරිකාවේ එහෙ මෙහෙ ඇවිදලා අන්තිමේදී සැන්ෆ්‍රැන්සිස්කෝ වලටත් ආවා.ඉතින් මෙයා සැන්ෆ්‍රැන්සිස්කෝ වලත් පොඩි රවුමක් දාලා බලද්දී දැක්කා කෞතුක භාණ්ඩ විකුනන්න තියෙන කඩයක්.එයා ඒකට ගිහින් ඇතුලේ තියෙන බඩු බලද්දී දැක්කා ලෝකඩ වලින් හදපු මීයෙකුගේ පිළිමයක්. මේක දැකලා අපේ කෙනාට හිතුනලු මේක සල්ලි වලට ගන්න. ඉතින් එයා පිළිමේ මිළ සදහන් කරලා තියෙනවද බැලුවා.බලද්දී නෑ.ඊට පස්සේ එයා මීයාගේ පිළිමේ අරන් ගියා කඩේ අයිතිකාරයා ළගට.,


"මේ ලෝකඩ පිළිමේ ගාන කීයද.? "


"පිළිමෙට ඩොලර් 12යි. ඒකට අදාල පුරාවෘත්තය කියන්න ඩොලර් 100යි.." කඩකාරයා උත්තර දුන්නා.


"මට කතාව එපා. මේ ඩොලර් 12 අරන් මට මේ පිළිමේ දෙන්න.." අපේ මනුස්සයා කිව්වා.


ඉතින් ගනුදෙනුව අහවර උනාට පස්සේ අපේ මනුස්සයා පිළිමේ අරන් දැන් යනවා පාරේ. යද්දී මෙයාට දැනෙනවා  කව්රුහරි පස්සෙන් එනවා වගේ.හැරිලා බැලුවා, පේන්ට නෑ කවුරුවත්.ඉතින් ආපහු යන්න පටන් ගත්තා.ආයෙත් ටික දුරක් යද්දී දැනුනා කලින් විදියටම කවරුහරි පස්සෙන් එනවා වගේ. හැරිලා බැලුවා ආයෙත්. පේන්ට නෑ ඒත්.ආපහු හැරෙද්දී එයා දැක්කා පාරේ බිම මීයෝ දහයක් විතර නැවතිලා බලන් ඉන්නවා.අපේ මනුස්සයා ටිකක් ඉස්සරහට ගියා. එයා යද්දීම මීයෝ ටිකත් පස්සෙන් ආවා. දැන් හොදටම ෂුවර් පස්සෙන් ආවේ මීයෝ කියලා. ඉතින් මෙයා ආපහු ගමන යන්න පටන් ගත්තා.ටික දුරක් ගිහින් හැරිලා බලද්දී මෙයා දැක්කා කලින් දැක්ක මීයෝ ගානට වඩා දැන් මීයෝ ගොඩක් පස්සෙන් එන විත්තිය. දැන් මනුස්සයට ටිකක් බයත් එක්ක. එයා යන වේගේ වැඩිකරා. මීයොත් ඒ එක්කම උන් පස්සෙන් එන වේගේ වැඩි කරා.මනුස්සයා ආයෙත් හැරිලා බලද්දී මීයෝ ලක්ෂ ගානක් පස්සේ එනවා.එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු නෑ.


අපේ මනුස්සයා දැන් අම්බානක බය වෙලා දුවන්න පටන් ගත්තා.පොරට තේරුණා මීයෝ එන්නේ පිළිමේ හින්දා කියලා.ඉතින් දුවන් දුවන් ගිහින් සැන්ෆ්‍රැන්සිස්කෝ පාලම උඩදී  අර මීයාගේ පිළිමේ විහික් කරා වතුරට. අර පස්සෙන් ආව මීයොත් පිළිමේ විසික් කරනවා දැක්කම උනුත් එකා පස්සේ එකා පැන්නා පාලමෙන් පල්ලෙහාට.මීයෝ ටික ඉතින් දියේ ගිලිලා මැරුණා.
මේ පාලමෙන් පල්ලෙහාට තමා විසික් කරේ..
ඊට පස්සේ අපේ මනුස්සයා ආපහු ගියා පිළිමේ ගත්ත කඩේට. අපේ මනුස්සයව දැක්ක ගමන් කඩේ අයිතිකාරයා ඇහුවා.,


"ආපහු ආවේ පිළිමෙට සම්බන්ද කතාව දැනගන්නද..?"


"නෑ.. මං ආපහු ආවේ ලංකාවේ දේශපාලනඥයෙකුගේ ලෝකඩ පිළිමයක් ඔහේ ගාව තියෙනවද බලන්න.."




මේ කතාව විහිලු කතාවක් උනත් ලියන්න හිතුනේ අපේ රටේ දේශපාලුවන් කරන වැඩ දැකලා.දැන් කාලේ පොඩි කෙල්ලෙක්ටවත් ඉන්න දෙන්නෑනේ..මටත් ඔය වගේ පිළිමයක් හම්බුනා නම් මං කරන්නේ ගිනිකන්දක් උඩට ගිහින් අත අරින එක.ඒ දඩුවමත් මදි මං හිතන්නේ.ආය ඊයේ නිව්ස් වලට ඇහුනා කෙනෙක්ගේ මෙමරි එක නැති වෙලා කියනවා.කිසි දෙයක් මතක නැල්ලු ඒ පොර අදාල කේස් එක සම්බන්ධව. මං හිතන් හිටියේ ඔය වගේ සීන් වෙන්නේ ෆිල්ම් වල විතරයි කියලා. බලන ගියාම දැන් අපේ දේශපාලුවන්ටත් ඒ  ලෙඩේ හැදෙනවා. ලංකවේ තව කී දෙනෙක්ට ඔය ලෙඩේ හැදෙයිද දන්නෑ... 


හිකිස්..!!


අයියෝ..!! මගේත් මතකේ අමතක වී ගෙනද කොහේදෝ එන්නේ..



|
|

|
|
|
|

කව්ද මං..?

මං මොනවද මේ කරන්නේ..? 

කාගේද මේ බ්ලොග් එක..?

මට මොනවත් මතක නෑනේ..

අයියෝ කාටද මේ බැනල තියෙන්නේ අන්තිමට..?

ලංකාවේ දේශපාලුවෝ එච්චරම නරකද අම්මා..?

16 comments:

  1. හික්ස්! මරු! :)

    ReplyDelete
  2. බොලන් ආශ්චර්යය!!ධර්ම රාජ්‍යයට යන මාවතේ ඕවත් වැඩද බන්..

    ReplyDelete
    Replies
    1. ඒක තමා මචන්!! ආසියාවේ ආශ්චර්යය! :) :)

      Delete
  3. අන්තිම වචනෙ අයින්කර ගනින් බං...(අකුරු තුන)
    බලකො ආයි උඩින් එනහැටි...

    ReplyDelete
    Replies
    1. ඕ.. මාත් දැක්කා ආයෙත් ____ගමනයක් ගැන.. :)

      Delete
  4. හික්ස් පට්ට කතාව කෝකටත් සුදු වෑන් වලින් පරිස්සම් වෙලා හිටු :)

    ReplyDelete
    Replies
    1. මේ මාව උස්සලා මොනවා කරන්නද බං..?අනික විල්බැරෝවක් අරන් ආවත් ඒකෙ දාන් යන්න පුළුවන් මාව.මොකට නිකන් සුදු වෑන් අරන් එනවද.. :) :)

      Delete
  5. හේ හේ...මාරු කතාව මචෝ...කෝකටත් කියලා තව පිළිම දෙක තුනක ඔර්ඩර් ටිකකුත් බාර දුන්නොත් නම් හොදයි ...

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස්..
      මොන වගේ පිළිමද ඕඩර් කරන්න දෙන්න ඕනේ දේශපාලුවෝ ඇර..?
      උදා : ගෑණු පිළිම..
      හිකිස්‌!!!

      Delete
  6. shoi kathawak ayye..........habai oya deshapalane gananam mama dannatho...... :)

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස්..
      දන්නැති තරමට‍ හොදයි.. මොකද ඕකේ ඉගෙනගන්න දෙයක් නෑ.. :)

      Delete
  7. අනේ කීයක් ගියත් ගන්නවා ඔහොම පිළිමයක් හම්බුනොත් අනාගත පුරවැසියන්ගේ සුබසාධනය පිණිස..
    මරු කතාව ඇහ්

    ReplyDelete
  8. අම්මපා දෙසපාලුවෙක් ගේ පිළිමයක් හොයා ගන්න බැරි වෙයිද.:D

    ReplyDelete