Monday, July 9, 2012

Taxi Driver





ඔන්න දැන් එක සෙට් එකේ ඉන්න යාළුවෝ 3 දෙනෙක්  හවස වැඩ ඇරිලා එන ගමන් බොන්න සෙට් උනා.ඉතින් 3 දෙනා බාර් එකකට සෙට් වෙලා බොන්න පටන් ගත්තා.අම්බානක බීලා වෙරි උනාට පස්සේ   3 දෙනා බාර් එකෙන් එලියට බැස්සා. 3 දෙනාගේ ගෙවල් තියෙන්නේ එකම ලේන් එකේ. ඉතින් දැන් මෙයාලගේ අදහස එක ටැක්සියක ගෙදර යන්නයි. 


ඕං ඉතින් එහෙම හිතලා ආව ටැක්සියක් නැවැත්තුවා. දැන් ඉතින් මෙයාලත් නැග්ගා. ටැක්සි ඩ්‍රයිවර්ට පේනවා නැග්ග 3 දෙනා අම්බානක වෙරි පිට තමා වෙන්නේ. මුන්ව අන්දවලා නිකන්ම ගාන කපාගන්න පුළුවන් කියලා හිතුනා. ඉතින් ඩ්‍රයිවරයා ටැක්සි එකේ ස්විච් එක ඔන් කරා. ටිකක් වෙලා එහෙම තියෙන්න ඇරලා ස්විච් එක ඕෆ් කරලා කිව්වා,


"සර්.. සර්ලා කියපු තැනට ආවා ඕං. දැන් බැස්සනම්.."


ඔන්න දැන් පලවෙනි පොර බැහැලා හයර් එක ගෙව්වා.


දෙවෙනි පොරත් බැස්ස. බැහැලා ඩ්‍රයිවර්ට තැන්ක්ස් කරලා ගුඩ් නයිට් කිව්වා.


තුන් වෙනි පොරත් බැස්සා. බැහැලා ඩ්‍රයිවර් ලගට ගිහින්... ගැහුවේ නැද්ද කනට එකක්. අනිත් යාළුවෝ දෙන්නටත් ෆුල් අප්සට්.ඩ්‍රයිවරුත් බැලුව මේ මොකද කියලා.ඊට පස්සේ ඩ්‍රයිවර් ට හිතුනේ මුටනම් තේරිලාද කොහේදෝ වාහනේ අගලක්වත් තිබ්බ තැනින් ඉස්සරහට ගියේ නෑ.බොරුවක් කරේ කියලා.ඉතින් දැන් ඩ්‍රයිවර් බය වෙලා ඇහුවා අර තුන් වෙනි පොරගෙන් ,


" ඇයි සර් ගැහුවේ කියලා..?"


ඉතින් තුන්වෙනි පොර කියපි,


"යකෝ.. ඊලග වතාවෙවත් ඔච්චර වේගෙන් යන්න එපා. තෝ ඔය ආපු වේගෙට වාහනේ කොන්ට්‍රෝල් නැතිවෙලා හැප්පුනානම් එහෙම අපි මැරෙන්න උනත් තිබ්බා...!!"

7 comments:

  1. :)anna eya tama chuttak bila tiyenne....... :):)

    ReplyDelete
    Replies
    1. ඕ.. එයා තමා අඩුවෙන්ම බිලා තියෙන්නේ.

      Delete
  2. ඒ තමයිලු ඉශාන් කියන්නේ :D

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ. ඉෂාන් කොච්චර බිව්වත් හොද සිහියෙන්..! :D

      Delete
  3. :) :) හි හි..

    ReplyDelete
  4. he he .... සට්‍ර්නේ අප්පා ... උන් ගෙදර් ගියේ කොහොමද දන්නේ නා

    ReplyDelete