Wednesday, August 1, 2012

එහෙම කරන්න පුලුවන් නම්..


එක්තරා ව්‍යාපාරික පවුලකට තමන්ගේ ව්‍යාපාර වල දියුණුව එන්න එන්නම අඩු උණා.ඉතින් දැන් ලැබෙන ආදයමට වඩා වියදම් වැඩි වුණු හින්දා ස්වාමිපුරුෂයා දවසක් රෑ ඇදේදී තමන්ගේ බිරිදට කිව්වා..

"මේරි.. ඔයා දැන් උයන්න, තනියෙන් ගේ පිරිසුදු කරන්න ඉගෙන ගන්නවානම් අපිට ගෙදර වැඩට ඉන්න වැඩකාරිව අස් කරලා දාන්න තිබුණා. එහෙම කරන්න පුලුවන් නම් අපිට තව කියක් හරි ඉතුරු කරගන්න තිබුණා.."

මේක අහලා බිරිද කිව්වා .,

"ඔහ්! ඇත්තට..!! ඔයාට හරියට තමන්ගේ බිරිදට ආදරය කරන්න, එයාගේ අවශ්‍යාතාවයන් ඉෂ්ට කරලා දෙන්න ඉගෙන ගන්නවානම් අපිට ගෙදර ඉන්න ඩ්‍රයිවරුයි, වත්තේ වැඩ කරන මනුස්සයයි දෙන්නවම අස් කරලා දාන්න පුළුවන්.."

_____________________________________________________
තවත් පොඩි කතාවක්..

කසාද බැදපු කාන්තාවකට හුග කාලෙකට පස්සේ තමන්ගේ ඉස්කෝලේ හිටපු යෙහෙළියක්ව හම්බුනා.. ඉතින් ආගිය  තොරතුරු කතා කර කර ඉන්න ගමන් අර කසාද බැදපු කාන්තාව කිව්වා..,

"ඔයා දන්නවද ඈන්.. මං කසාද බැන්දට පස්සේ තමා මගේ මහත්තයා ලක්ෂපතියෙක් වුනේ.."

"ඇහ්!..නියමයිනේ ජෙනී.. එතකොට එයා ඔයා කසාද බදින්න කලින් කොහොම කෙනෙක්ද..?" ඈන් ඇහුවා..

"කෝටිපතියෙක්.." ජෙනී උත්තර දුන්නා..

 

14 comments:

  1. katha dekama shoi ayya....... :)

    ReplyDelete
  2. හරි සෝක් කතා දෙකකි....

    ReplyDelete
  3. 01 කතාවේ කාන්තාව ඉතා නිවරදි පිලිතුරක් දී ඇතිබව පැහදිලිව කිව යුතුයි..හික්zz

    02 කතාව එලzz

    ReplyDelete
    Replies
    1. 01. ඕ. එක්කෙනෙක් අයින් කරනවට වඩා දෙන්නෙක් අයින් කරන්න පුළුවන්නේ.. :)
      02. තැන්කු වේවා..! :)

      Delete
  4. හික්ස්! :) :)

    ReplyDelete
  5. දෙකම කලින් අසාතිබුන් නෑ

    ReplyDelete
    Replies
    1. එහෙමනම් අටම්පහුර අයියා මෙහෙන් තමා මුලින්ම බැලුවේ.. සන්තෝසයි සන්තෝසයි.. :)

      Delete