Saturday, August 11, 2012

මහත්තයා.. ඔයාගේ වයිෆ් තව දුරටත් පාවිච්චියට ගන්නැති තව මොනවා හරි තියෙනවද..?


දවසක් රෝසී වැඩ කරන රැකියා ස්ටානයෙන් කලින් පිටත් වෙලා ගෙදර ආවා. ගේ ඇතුලට ඇතුළු වුනාට පස්සේ රෝසී දැක්කා තමන්ගේ සැමියා තවත් තරුණ ගෑණු කෙනෙක් එක්ක නිදන ඇදේ එකට ඉන්නවා. මේක දැකපු රෝසී කෑගහලා කිව්වා..

"ජෝන්.. ඔයා නම් මහ ජරා මිනිහෙක්. මං හිතුවේ නෑ ඔයා මේ වගේ වැඩක කරයි කියලා. මං යනවා යන්න. හිතන්න එපා මං ආපහු එයි කියලා.."

හැරිලා යන රෝසීගේ ඇති අල්ලගත්ත ජෝන්..

"ඉන්න රෝසී පොඩ්ඩක්.. අඩුම තරමේ මට වුන දේ පැහැදිලි කරන්න චාන්ස් එකක්වත් දෙන්න.."

ඒක අහලා රෝසී නැවතිලා ජෝන්ට කිව්වා..

"හොදයි.. කියනවකෝ බලන්න මොනවද වුනේ කියලා.."

"මේකයි වුනේ රෝසී.. මං ටවුන් එකට ගිහින් ගෙදර එනකොට දැක්කා ඉරුණු ඇදුමක් ඇදගත්ත, කකුලේ සෙරෙප්පු දෙකක් වත් නැති, අග පුරාම මඩ තිබුණු ගෑණු කෙනෙක් ඉකි බිද බිද පාර අයිනේ හිටන් ඉන්න ගෑණු කෙනෙක්.. ඉතින් මං කාර් ඒක නවත්වලා ඇහුවා මොකද මේ කියලා..? එයා කිව්වා ' අනේ මහත්තයා..මගේ මිනිහා මට වද දෙනවා. උගෙන් බේරෙන්න  මං මේ පැනලා මහගෙදර යන ගමන් ' කියලා.."

"ඉතින් මටත් ගෑණු කෙනා ඉන්න විදිය දැකලා දුක හිතිලා එයාට කිව්වා..' ඔය ඉන්න විදියෙන් දැන් ගෙදර යන්න බෑනේ.ටිකක් පිරිසිදු වෙලා යන්න. මගේ ගේ මේ ලග තියෙන්නේ. කැමතිනම් එන්න පුළුවන්..' ඉතින් රෝසී එයා එකට කැමති වෙලා කාර් එකට නැගලා අපේ ගෙදර ආවා.."

"ඊට පස්සේ මං ඉතින් එයාට වොෂ් එකක් දාගන්න බාත්රූම් එක පෙන්නලා එයා වොෂ් එකක් දාන් ආවට පස්සේ මං එයාට දුන්නා ඔයා ඔයාට ෆිට් වෙන්නෑ කියලා අයින් කරලා තිබ්බ යට ඇදුම් දෙකක්, මං ඔයාට ගිය අවුරුද්දේ   අපේ ඇනිවසරි එකට අරන් දුන්නු ඔයා කවදාවත් ඇන්දේ නැති ඇදුම, ඔයා ගත්තට ජිවිතේට පාවිච්චි කරලා නැති ෂූස් දෙකක්. ඔයා ඒවා කවදාවත් පාවිච්චි කරලා නෑනේ රෝසි..අන්තිමේදී මං ඒ ගෑණු කෙනාට ෆ්‍රිජ් එකේ තිබුණු කළුකුමාව රෝස් කරලා දුන්නා කෑමට. එකත් දැන් සති දෙකකට වඩා ෆ්‍රිජ් එකේනේ.ඔයා මට උයලා දෙන්නවත් උනන්දුවක් දැක්වුවේ නෑනේ රෝසී.."

"හරි.. ඊට පස්සේ මොකද වුනේ.." රෝසී ඇහුවා..

"එයා කාලා ඉවර උනාට පස්සේ මං එයාට එළියට යන දොර පෙන්නුවා.එයා මට ස්තුතියි කරලා ගෙයින් පිටතට ඇවිදන් ගිහින් හැරිලා මගෙන් ඇහුවා..,

"මහත්තයා.. ඔයාගේ වයිෆ් තව දුරටත් පාවිච්චියට ගන්නැති තව මොනවා හරි තියෙනවද..?"




29 comments:

  1. එල. ඕන්න ඔහොමයි වැඩේ දුරදිග ගියේ.

    ReplyDelete
  2. බොහොම හොඳ ඉදිරිපත් කිරීමක්. කතාවට ස්තුතියි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක.. :D :D

      Delete
  3. අපරාදෙනෙ අර අහිංසකයව සැක කලේ!

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ගෑණු කොහොමත් එහෙමනේ මචං.. :D :D

      Delete
  4. හයියු...ඒ කියන්නේ නෝනා එක පාවිච්චි කොරලම නැද්ද?

    ReplyDelete
  5. ගෑණි ඉල්ලන් කාලානේ තමන් ප්‍රයෝජනයට ගත්තා නම් අද ඒකත් ඉතුරුයිනේ :D

    ReplyDelete
  6. හපොයි...දිගටම පාවිච්චියට ගන්නෙ නැති එවා හොයාගෙන ඒවිද...??

    ReplyDelete
    Replies
    1. ඒක කියන්න දන්නැතෝ..!! :D :D

      Delete
  7. ගෑණිට අනේ අපොයි කියලා හිතෙන්න ඇති. :)

    ReplyDelete
  8. එල ..... තිත් දෙකයි ඩී

    ReplyDelete
    Replies
    1. තිත් දෙකයි ඩී * 2 වරක්

      Delete
  9. පිරිමි ඔහොමමයි.. :p

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම කියන්නේ..? :(

      Delete
    2. හික්ස්.. කොහොම හරි හේතුවක් හොයාගන්නවා කරන වැඩ සාධාරණීකරනය කරන්න..

      Delete
    3. ගෑනුත් ඊට හපන් හලෝ.. :) :)

      Delete
  10. පට්ටයි

    ReplyDelete
  11. මරු වැඩේ වෙන්නේ ඒ නෝනා ගෙදර එද්දි උන එක අර මහත්තයා ගෙදර එද්දි උනා නම්.

    ReplyDelete