Tuesday, September 11, 2012

එතකොට ඔයාගේ වරය මොකද්ද..?


මාක් සහ ස්ටෙලා කියන්නේ කසාද බැදපු ජෝඩුවක්.මේ දෙන්නා සති අන්තේ දවසක ගියා ගෝල්ෆ් සෙල්ලම් කරන්න.දෙන්නා ගෝල්ෆ් සෙල්ලම් කරන්න ගිය ක්‍රීඩා පිටිය අවට තිබුනේ රටේ ඉන්න සල්ලිකාරම මිනිසුන්ගේ ගෙවල්. ඉතින් මාක් ස්ටෙලා ට කිව්වා..

"මේ.. ස්ටෙලෝ.. බලාගෙන සෙල්ලම් කරන්න. වැඩිය උඩින් යන්ට ගහන්න එපා.ඔය පේන්න තියෙන්නේ සල්ලිකාර මිනිසුන්ගේ ගෙවල්. ගහන එකක් ගිහින් වීදුරුවක හරි වැදිලා කැඩුනොත් අපේ තියෙන මුළු සේසතම වියදම් කරන්න වෙයි ඒවා ආයෙත් හදන්න.ඒ හින්දා පරිස්සමින්.."

ස්ටෙලාට එහෙම උපදෙස් දීලා දෙන්නා සෙල්ලම් කරන්න පටන්ගත්තා. ටික වෙලාවක් ඔහොම සෙල්ලම් කර කර ඉද්දි ස්ටෙලා ගහපු පාරකින් ක්‍රීඩා පිටිය අයිනේ තිබුණු ලොකු ගෙයක වීදුරුවක්‌ කුඩු වෙලා ගියා. මාක්ට තරහ ගියා මේ වෙච්ච සිද්ධියට.ඔච්චර පරිස්සමින් සෙල්ලම් කරන්න කියලත් ස්ටෙලා අහපු නැති එකට..


"මං කිව්වා නේ බලාගෙන සෙල්ලම් කරන්න කියලා. කොහෙද!! කියන එකක් අහන එකක්යැ.. දැන් හරිනේ ආසාව. එනවා යන්න දැන්. ඒ ගෙදරට ගිහින් කතා කරලා සමාව ඉල්ලමු. ඊට පස්සේ කැඩුණු වීදුරුවේ ගාන අහලා ඒක ගෙවලා එමු.. මෝඩි.."

මාක් ස්ටෙලාට බැන බැන ගියා කැඩුණු වීදුරුව තියෙන ගෙදරට.ගිහින් ගෙදර දොරට තට්ටු කරා..

"දොර ඇරලා තියෙන්නේ.ඇතුලට එන්න.."

මාක්, ස්ටෙලා දොර ඇරන් ඇතුලට ගියා. යද්දී දෙන්නා දැක්කා ගෝල්ෆ් බෝලේ පහරින් කැඩිලා ගිය වීදුරුවේ කොටස්, ඒ එක්කම පරණ ඩිසයින් බෝතලයක කෑලිත්. ඒවා බලාගෙන ඉස්සරහට යද්දී විසිත්ත කාමරේ තිබුණු සෙටියක ඇන්ටික් පොරක් වාඩි වෙලා ඉන්නවා දකින්න ලැබුනා..

"ඔහේලාද මගේ වීදුරුව කඩපු අය..?" අර මනුස්සයා ඇහුවා.

"ඔව්.. සමාවෙන්න අපිට.. අපි ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි.." මාක් උත්තර දුන්නා.

"නෑ.. ඇත්තටම මමයි ඔහේලට ස්තුති කරන්න ඕනේ.. මම තමා අර කැඩිච්ච බෝතලේ හිටපු ජිනී. (පැතුම් ඉෂ්ට කරලා දෙන භූතයෝ) අවුරුදු දහස් ගණනක් මං ඒකෙ හිර වෙලා හිටියා. ඔහේලා මාව නිදහස් කරා ඒක කඩලා. ඉතින් මං ඒකෙන් නිදහස් වුනු හින්දා මට වර තුනක් දෙන්න පුළුවන්.ඔය දෙන්නාට එක ගානේ. අන්තිම වරය මං තියාගන්නවා.."

ජිනී එහෙම කිව්වාම දෙන්නාටම පුදුමයි.වීදුරුව කැඩුණු එකට අවුලක් වුනෙත් නෑනේ..

"අහ්..! නියමයිනේ.. එහෙනම් ජිනී, මට හැම අවුරුද්දෙම ඩොලර් මිලියනයක් දෙන්න මං ජීවත් වෙලා ඉන්නකම්.." මාක් මුල්ම වරය ඉල්ලුවා..

"හරි.. මට ඒක ඉෂ්ට කරලා දෙන්න පුළුවන්.. එතකොට ඔයාට මොනවද ඕනේ..?" ජිනී ස්ටෙලා දිහාට හැරිලා ඇහුවා..

"ලෝකේ තියෙන හැම රටකින්ම මට ඉන්න එක ගෙයක් ගානේ දෙන්න.." 

"සුළු දෙයක්නේ ඒක.ඒ දේත් ඉෂ්ට කරලා දෙන්නම් මං.."

"එතකොට ඔයාගේ වරය මොකද්ද ජිනී..?" මාක් ජිනිගෙන් ඇහුවා.

"ඔහේලට මං කිව්වනේ මං අවුරුදු ගානක් බෝතලේ හිර වෙලා හිටියේ කියලා.. ඉතින් මට ගෑණු කෙනෙක්ගේ පහසක් අවුරුදු දහස් ගානකින් ලබන්න බැරි වුනා. ඉතින් මගේ වරය තමා ඔහේගේ බිරිදත් එක්ක යහන් ගතවෙන්න ඕනේ කියන එක..!"

මේක අහලා මාක් ටිකක් වෙලා කල්පනා කෙරුවා.ඊට පස්සේ ස්ටෙලා දිහාට හැරිලා කිව්වා..

"ස්ටෙලා.. අපි‍ට දැන් හුගක් සල්ලියි, ගෙවලුයි හම්බවුනානේ.අපි දැන් ඉස්සර හිටියට වඩා පෝසත් වුනා මේ ජිනී හින්දා. ඉතින් ඔයා ජිනිත් එක්ක එක වතාවක් ඉදලා එන්න. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.."

ඉතින් ස්ටෙලාත් මාක්ගේ කීම අහලා ජිනිත් එක්ක යහන් ගතවෙන්න උඩතට්ටුවට ගියා.ඉතින් පැය දෙකකට පස්සේ ඇදේ පැත්තකට වුනු ජිනී..

"ස්ටෙලා.. ඔයාගේ මහත්තයාට වයස කීයක් විතර ඇද්ද..?"

"අවුරුදු 35ක් විතර.."

"එච්චර වයස වෙලත් ඒ මිනිහා තාමත් පොඩි එවුන් වගේ බෝතල් වල ජිනිලා ඉන්නවා කියලා හිතනවද...!මාරයි ඈ..!!"

29 comments:

  1. අප්පුච්චි තාත්තේ.. :ඔ

    ReplyDelete
  2. ලේ පිරිසිඳු කිරීම ගැන ස්තූතියි....

    ReplyDelete
    Replies
    1. කියෙව්වාට ස්තුතියි.. :)

      Delete
  3. හිකිස්‌...
    සිරාවටම එළ....

    ReplyDelete
  4. Replies
    1. අපි මතුපිටට..!
      :ඩ් :ඩ්

      Delete
    2. ආ ෆොඩි ෆහේ ප්‍රින්ටින් මිස්ටේක්කුවක්...

      පසට නෙවි පස්ට කියලයි කියුවේ!!!

      Delete
  5. හෙහ්..හෙහ් .. කොහොමද ටිකිරි මොලේ :)

    ReplyDelete
  6. ඔච්චර වයසට ගිහිනුත් ඕවා විස්සාස කරනවනේ අයියූ...

    ReplyDelete
  7. භූතයන්ටත් මෙව්වා වෙනවද එත්කොට..ඈ..!!

    ReplyDelete
  8. අයියෝ.........................
    අර ගෑනිට මොනවා හිතෙන්න ඇද්ද..?
    සිර කතා. කොහෙන්ද හොයා ගන්නේ මේවා

    ReplyDelete
    Replies
    1. මිනිහාට වඩා මේකා හොදයි කියලා.. :)
      සයිබරයෙනි..

      Delete
  9. හච්චෝ..මෙයා ලියන කතා හී හී :)

    ReplyDelete
  10. ඊක්කියා.............හෙහෙ.දිගටම ලියන්න.ජය!!!

    ReplyDelete
  11. Replies
    1. නෑ හලෝ.. ඔහොම නෙවෙයි කියන්න තිබුනේ..

      හපූයි ... මාක්!! :)

      Delete
  12. ayyo..........
    madai kola..... :)

    ReplyDelete
  13. පට්ට කතාව හික්ස්
    මේ කතාවේ වර්ෂන් කිහිපයක්ම අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. :)
      මේ වර්ෂන් එක දැකලා තියේද..?

      Delete
  14. හි හි නියමයි

    ReplyDelete