Wednesday, September 19, 2012

මං හැමදේම දන්නවා..


කමල් සහ විමල් කියන්නේ එක ඉස්කෝලේ එක පන්තියේ ඉන්න පොඩි එවුන් දෙන්නෙක්.දවසක් විමල් කමල්ව පැත්තකට එක්කන් ගිහින්..

"මචන්.. උඹ දන්නවද දෙයක්.." 

"මොකද්ද බං..?"

"මං හොයාගත්තා සමහර වැඩිහිටියන්ගේ  ජිවිතේ අනිත් අයගෙන් වසන් කරන මොකක් හරි රහසක් තියෙනවා කියලා.."

"නෑ..!! ඉතින්..?"

"ඉතින් කියන්නේ ඒ වගේ කෙනෙකුගේ ළගට ගිහින් 'මං හැමදේම දන්නවා..' කිව්වාම එයාලා බය වෙනවා.ඉතින් ඊට පස්සේ ඒ අයගෙන් අපිට ඕන දෙයක් ගන්න පුළුවන්.."

"උඹ ඉතින් එහෙම කරලා මොනවා හරි හම්බවෙලා තියෙනවද..?"

"ඕ.. මං එහෙම කියලා කිහිප දෙනෙක්ගෙන්ම මට ඕනේ ඒවා අරන් තියෙනවා.."

"එළනේ..!!"

"ඕ.. උඹත් ට්‍රයි කරලා බලපන්කො.."

"හාකෝ එහෙනම්.."

ඉතින් ඉස්කෝලේ ඇරිලා ගෙදර ගියාට පස්සේ කමල්ට හිතුනා විමල් කියපු දේ අත්හදා බලන්න. කමල් ගියා අම්මා ගාවට..

"අම්මා.."

"මොකෝ..?"

"අනිත් අයගෙන් හංගන් ඉන්න අම්මාගේ හැමදේම මං දන්නවා..!!"

මේක ඇහුනාම බය වුන කමල්ගේ අම්මා වටපිට බලලා කමල්ව පැත්තකට එක්ක ගියා.

"මගේ හොද පුතානේ. මේ කිසි දෙයක් තාත්තාට කියන්න එපා.." කියලා කමල්ගේ අතේ රුපියල් 100ක් තිබ්බා.කමලුත් ඒක අතට අරන් ඔළුව හොල්ලලා එතනින් ගියා. හවස කමල්ගේ තාත්තා වැඩ ඇරිලා ආවට පස්සේ කමල්ට ආයෙත් හිතුනා විමල්ගේ අදහස ක්‍රියාත්මක කරන්න. ගියා තාත්තා ගාවට..

"තාත්තේ.."

"මොකෝ කමල්.."

"මං දන්නවා තාත්තාගේ හැමදේම.. හොර වැඩ.."

මේක ඇහුනාම අවුල් වුන කමල්ගේ තාත්තා ඩිම් වුනා. බැලුවා අහල පහල බිරිද ඉන්නවද කියලා.බ්රිද පේන්න නැති හින්දා කමල්ව පැත්තකට කරන් හෙමිහිට..

"මේක අම්මා දන්නේ නෑනේ..! "

"නෑ තාම.."

"එහෙනම් මේ කිසි දෙයක් අම්මාට කියන්න එපා.." කියලා කමල්ගේ අතේ රුපියල් 100ක් එයත් තිබ්බා.කමල්ට දැන් මාර සතුටුයි. එක දවසින් රුපියල් 200. ඊළග දවසේ කමල් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා දොරෙන් එළියට බහිද්දිම ලියුම් කාරයා එනවා දැක්කා. කමල්ට හිතුනා මේ මනුස්සයවත් බය කරලා කීයක්‌ හරි ගන්න..

"මේ හලෝ.. මං දන්නවා හැමදේම.."

ඒක ඇහුනා විතරයි ලියුම් කාරයා ලියුම් ටිකත් අතහැරලා දාලා අත් දෙක ඉස්සරහට දාගෙන කමල් ගාවට දුවගෙන එන ගමන් කිව්වා..

"එන්න මගේ පැටියෝ.. ඇවිත් ඔයගේ තාත්තාව බදාගෙන දිග....... උම්මා එකක් දෙන්න පැටියෝ..!!" 


42 comments:

  1. ඉතින් පැටියා දිග.... උම්මා එකක් දුන්නාද?

    ReplyDelete
  2. මලා....එතකොට ලියුම් කාරයද කමල්ගෙ තාත්තා ?? සිරා කතාව

    ReplyDelete
  3. යස වැඩේ ගල්මූසලයා නිකම් සල්ලි හම්බ කරන්න ගියා....

    ReplyDelete
  4. නියමයි නියමයි.

    ReplyDelete
  5. හෙහ් හෙහ්.....පව් පොඩි එකා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. අයියෝ ලියුම් කිව්වලු :ඩී

    ReplyDelete
  7. හෙහ් හෙහ්.. කොහොම හරි ඌ නොදන්න දෙයක් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. රහසක් හොයාගත්තා..

      Delete
  8. හික්ස්.... දැනගත්ත ටික මදෑ....

    ReplyDelete
    Replies
    1. වෙනද වගේම හිනා ගියා මතං..ස්තුතියි ගොඩක් :)
      ජයෙන් ජය!

      Delete
    2. @ නිසුපා
      ඕ ඕ.. ඒ හොදටම ඇති..

      @ හිරුහිමාවී
      ඒකම තමා මතං වෙන්ට ඕනේ..

      Delete
  9. හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු.. හික්ස්...:D

    ReplyDelete
    Replies
    1. මොකද්ද මතං ඒ කතාව !! ඇහුවෙත් අදමයි.. :0

      Delete
  10. හිකිස්‌... හයියු.... :)

    ReplyDelete
  11. හත්තන්ඩියේ... හපොයි...
    මාර පියන් කෙනෙක් නෙහ්..
    සුවර් එකට අම්මට ගොඩක් ලියුම් තියෙන්නට ඇතිය.
    රුපියල් දෙසියටම කෙල උනානේ

    ReplyDelete
  12. හිකාස්
    මදැයි කොලා :D

    ReplyDelete
  13. රුපියල් දෙසීයකින් අතීතේම ගැන විස්තර හොයා ගත්තා නේ හරි ලාබයි නේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අපිත් උත්සහ කරලා බැලුවොත් කීයක්‌ හරි හොයාගන්න පුළුවන් වෙයි.

      Delete
  14. හයියූ....කමල් කරන වැඩ..

    ReplyDelete
  15. හයියෝ අෆ්ෆා මම හිතුවා ලියුම් මාමත් සල්ලි දෙයි කියලා :D

    මම අද තමයි මේ පැත්තට ආවේ :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. හිකිස්!!

      එළ එළ..! පිලිගන්නවා ඕං එහෙනම්.. ආයුබෝ වේවා.. :)

      Delete