Friday, September 28, 2012

මහා කසිප්පු සමුළුව..

සමස්ත ලංකා නීතිවිරෝධී කසිප්පු පෙරන්නන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ,

මහා කසිප්පු සමුළුව

සමස්ත ලංකා නීතිවිරෝධී කසිප්පු පෙරන්නන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ 1 වැනි වාර්ෂික මහා සමුළුව 2012 සැප්තැම්බර් 31 වන ඉරිදා මධ්‍යම රාත්‍රියේ 12.31ට කොළඹ කනත්තේ සුසාන භූමියේදී පැවැත්වේ. සංගමයේ ආරාධනය පරිදි විශේෂ කල්ලතෝනියකින් වැල්වැටිතුරෙයි හොර වරායට ගොඩබට බලුකිස්තානයේ කසිප්පු චක්‍රවර්ති , ශ්‍රීමත් අගුවක්‌ පාසා මහතා මුලසුන හොබවනු ඇත.

න්‍යාය පත්‍රය 
  • සමුළුව ඇරඹීමේ හූව.
  • වාර්තාව ලිවීම.
  • අය වැය ලේඛනය පිළිස්සීම.
  • අලුත් ව්‍යවස්ථාවන් උල්ලංඝනය කිරීම.
  • නව නිලධාරීන් තේරීම. ( හොර ඡන්දයෙන් )
  • යෝජනා. ( මංගල යෝජනා තහනම් )
  • ජයපානය. ( කසිප්පු පමණයි )

සැ. යු. :

මෙම මහා සම්මේලනයට දහතුන් දෙනෙකුගෙන් යුත් අති විශාල මහා ජනකායක් බලාපොරොත්තු වන බැවින්, මෙයට සහභාගී වීමට පැමිණෙන සියලුම සාමාජික මහතුන් ප්‍රවේශ පත්‍ර නොමැතිව නොමිලේ දුම්රියෙන් සහ බසයෙන් ගමන් කිරීමේ වගකීම තම තමන් විසින්ම උසුලනු ලැබීමට වග බලා ගත යුතුය. එමෙන්ම මෙහිදී කෙරෙන ජය පානයේදී තමන් පානය කිරීමට කැමති කසිප්පු වර්ගය කුමක්දැයි මා වෙත රැස්වීමෙන් පසු වහාම දන්වා සිටිය යුතුය.


යෝජනා 

  • කසිප්පු කර්මාන්තය ජාතික කර්මාන්තයක් බවට පත් කරනු වස්, රජයේ සුරා ඒකාධිකාරය නැති කර, පෞද්ගලික කසිප්පු නිෂ්පාදකයාට අත දීමටත්, සුළු කර්මාන්තයක් හා ගෘහ කර්මාන්තයක් වශයෙන් මෙම ජාතික කර්මාන්තය නගා සිටුවීමට රජයේ සහයෝගය ඉල්ලා සිටීම.
  • රජයේ සේවකයින්ට දී තිබෙන අයිතිවාසිකම් සියල්ල අපේ කසිප්පු සහෝදරයන්ටද අවශ්‍ය ඇත. එමෙන්ම පඩි වැඩිවීම් , සතියකට දින අටක නිවාඩු, ලෙඩ නිවාඩු, ප්‍රසූත නිවාඩු, හොරෙන් දුම්රිය දෙවැනි පන්තියේ යෑම්-ඊම් දෙකට පමණක් බලපත්‍ර, විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ආදී මෙකි නොකී හැම දෙයක්ම බලෙන් හෝ ඉල්ලා සිටීම.
  • ලංකා විශ්ව විද්‍යාලයන්හී කසිප්පු ශාස්ත්‍රය පිළිගත් විෂයක් බවට පත් කිරීම. මහාචාර්ය පදවියට අපේ මිනිහෙක් දැමීම.
  • අංග සම්පූර්ණ රසායනාගාරයක් සදහා ගොඩනැගිල්ලක් ලබා ගැනීම. උපකරණ අවශ්‍ය නැත.
  • ගල්ඔය ඉක්ශුපාන වහාම තහනම් කර ඒ වෙනුවට එම බෝතල් වල අපේ බීම වර්ග යෙදීම.
  • අපේ දරුවන්ට උප්පත්තියේ සිට වෘත්තීය අයිතිවාසිකම් ලබාගැනීම.
  • අපේ නියෝජිතයෙක් එක්සත් ජාතීන්ගේ සංගමයේ ස්ථීර නියෝජිත පදවියට පත්කර ගැනීම.
  • පසුගිය මැතිවරණ කාලයේදී දේශපාලන කටයුතු වල යෙදුනු කසිප්පු නිෂ්පාදකයින්ගේ පලිගැනීම වස් ඔවුන් දුෂ්කර පළාත් වලට මාරු කර යැවීම වහාම නතර කරන මෙන් රජයෙන් ඉල්ලා සිටීම.
  • පහත සදහන් අපේ ජාතික නිෂ්පාදනයන් ලියාපදිංචි කර ඒවා පිටරට යැවීමට අවසර ලබා ගැනීම. 

"සුදිය, දෙහි සුදිය, ඩඩ්ලිගේ සුදිය, සිමෙන්ති සුදිය, කිමෝනා සුදිය, මිනී සුදිය, එම්බාම් සුදිය, ස්ප්‍රීතාල සුදිය,ටොප් සහ ටොප්, බ්‍රහ්මන ටොප්, තාපසයා, හිටපන් මචං, ගහපන් මචං, අපි යන් මචං, අවරෝජන්, සුක්කුතන්නි, සීනි කරින්ඡන්, අලහොද්ද, දිය රෙද්ද, සුදා, බිම්නයි, කාබයිට්, ගල්බමුණා, ගුණ්ඩුව, හරිසූර්, මිකාඩෝ, ගල් බඩු, පොත්ගුල, කැල්ටකස්, අබ්බගාතයා, අතකොටා, අමරඟනන්, එක දෙක, හබරලකොළ, රත්නපුරා, කොකාකෝලා, පිච්චුවා, උපකෘත සුදිය, බකස්, වදකහ සුදිය, අලුත් ශතේ හා ශත හවුල.."


උපුටා ගැනීම : නරලොව හොල්මන් - චන්ද්‍ර අනගිරත්න

33 comments:

  1. මේ පොත අරන් කියවන්න හිතෙනවා අප්පා... :D

    ReplyDelete
    Replies
    1. පොත් ප්‍රදර්ශනේට ගිය වෙලාවේ බලන්න තිබුනේ මේ පොත තියෙනවද කියලා? මෙහෙනම් හොයාගන්නවත් නෑ. පොතේ නම අහපුවම ඉන්න සේල්ස් ගර්ල්ස්ලට හිනා යනවා. උන හිතන්නේ උන්ට 'නරලොව හොල්මන්' කියනවා කියලා.

      Delete
  2. යෝජනා - සති දෙකක මලල ක්‍රිඩා පුහුණුවක් සාමාජිකයින්ට ලබා දීම (පොලෝසියේ මාමල එනකොට දුවන්න)

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි. තව යෝජනා නැද්ද?

      Delete
  3. හෙහ් හෙහ්... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. මේක නම් නියමයි.....

    ReplyDelete
  5. අම්මටසිරි...
    මෙච්චර වර්ග තීනවද????????

    ReplyDelete
    Replies
    1. මාත් දන්නෑ ඒකනම්. ඒ වුනාට ඒ වර්ග වල නම් ටිකනම් නියමයි.

      Delete
  6. මේ දවස් වල හැටියට හොඳ කරුමාන්තයක්, අපිටත් ඇහැකිද දන්නෑ පටන්ගන්න.

    ReplyDelete
    Replies
    1. ඕ ඕ. පටන්ගත්ත නම් ගොඩ.. :)

      Delete
  7. නරලොව හොල්මන් පොත් 4ක්ද කොහෙද තියනව නේද? කීපයක් කියවල තියනව. මම මගේම සීය වෙච්ච කතාව දන්නවද?

    ReplyDelete
    Replies
    1. ඕ.. 4ක් තියෙනවා. මාත් එක පොතයි කියවලා තියෙන්නේ. අනිත් පොත් මේ පැත්තේ හොයාගන්ට නෑ. කඩකාරයෝ අහලත් නෑ. අනගිරත්න මහත්තයාගේ ඒ කතාව කියවලා නෑ. ඒත් ඒ වගේ නමක් තියෙන විහිලු කතාවක් නම් කියවලා තියෙනවා.

      Delete
  8. මරු වෙළඳ නාම ටික. පොත හොයාගන්න ඕනි. නියම කතා ටිකක් තියනවනේ.

    ReplyDelete
    Replies
    1. හි හි හි.. පොත හොයාගන්න අමාරුයි බං. නුවර ඇත්තෙම නෑ. ඔය පැත්තේ පොඩ්ඩක් බලහන් තියේද කියලා.

      Delete
  9. රට නඟන වැඩක් ගැන ලියවුන එකක් :D
    හොල්මන්ම තමා

    ReplyDelete
  10. කසිප්පු වර්ග ටික නම් පට්ට ඈ

    ReplyDelete
  11. අනගියගේ හැකියාවනම් මාරම මාරයි

    ReplyDelete
  12. Replies
    1. හරිම ලොල් සහගතයි නේ බං? :/

      තැන්ක්ස් මචං ඒ ගැන කිව්වට..

      Delete
  13. ඔය පොත කොහොමහරි කියවන්නම ඕන..

    ReplyDelete
    Replies
    1. නරලොව හොල්මන් කියවන්න ලැබේවා! :ඩී

      Delete
  14. ඊයා... අර නම් ටික දැක්කම අප්පිරියයි. ඒ උණාට මලු පෝස්ට් එක ඈ. හොද වෙලාවට සැප්තැම්බර් වලට 31 ක් නැත්තේ. මම ඉස්සෙල්ලම බැලුවේ ඒක :D LoL

    ReplyDelete
    Replies
    1. 31 තියෙනවද කියලා බැලුවේ ඒ පැත්තට එන්නද? නැත්නම් පොලිසියට කියන්නද?

      Delete
  15. patta machan
    kalin kiyevva tika aaye mathak karanavata thankz machan
    maage laga poth thibila nathi unaa eka ganna kiyala man hithan hitiya :/

    ReplyDelete
    Replies
    1. එළ එළ..
      අපරාදේ බං ඒ පොත් ටික! දැන් ඒ පොත් හොයාගන්න අමාරුයි.

      Delete
  16. ඇදෙ පට්ට බ්‍රෑන්ඩ් ටික බන්

    ReplyDelete