Tuesday, July 31, 2012

හිතන් ඉන්නේ හරි ලස්සනයි කියලා වෙන්න ඇති.. (නෙත්මි - 2වෙනි කොටස)




එදා කතාව ඉවර වුනේ නෙත්මිගෙ විස්තර ඉෂාන්ගේ යාළුවෙක්ගේ යාළුවෙක්ගේ මාර්ගෙන් විස්තර හොයාගත්ත තැනින් නේ.ඉතින් අද එතනින් එහාට කතාව.ඊට කලින් නෙත්මි පළමු වෙන කොටස බැලුවේ නැත්නම් මෙතනින් බලලා ඒ..

නෙත්මිගෙ විස්තර දැනගත්තට පස්සේ ඉෂාන්ට ඉතින් හුගක් සතුටුයි.මොකද නම දන්නැතුව ඉෂාන් එයාගේ ඉස්කෝලේ පොත් වල,ඉස්කෝලේ පන්ත්යේ ඩෙස්ක් එකේ ලියලා,ඇදලා තිබුනේ නෙත්මි පාවිච්චි ඉස්කෝලේ යන්න පාවිච්චි කරපු බෑග් එකේ තිබුණු වෙළද නාමය. Reebok..
ඒක ඒ කාලේ පන්තියේ හිටපු කොල්ලන්ගේ පොදු ලක්ෂණයක් තමා තමුන් සීන් කරන ගෑනු ළමයාගේ බෑග් එකේ තියෙන ලාංචනය ඩෙස්ක් එකේ,පොත් වල කොටන එක. ඉතින් ඉෂාන්ටත් ඒ පුරුද්ද තිබුණා. නම දැන ගත්තට පස්සේ ඉෂාන් මුලින්ම කරේ ගෙදර ඇවිත් ඉස්කෝලේ ගෙනියන, ක්ලාස් වල ගෙනියන පොත් වල මුල් පිටුවේ නමේ මුල් අකුර ඇදලා පාට කරපු එක. ඊලග දවසේ ඉස්කෝලේ ගිහිනුත් කරේ ඩෙස්ක් එකේ තීන්ත හූරලා අර අකුර ඇදපු එක.

නම දැනගත්තත් ඉෂාන්ට නෙත්මිත් එක්ක කතා කරන්න තරම් තාමත් ශක්තියක් තිබුනේ නෑ.ඉතින් හැමදාමත් වගේ උනේ උදේට නෙත්මි පස්සේ යන එකත්, හවස එයා කෝච්චියේ ඉන්න තැන එන එකත් විතරයි.එකත් දැන් ඉෂාන්ට එපා වෙලා තිබුනේ. ඇයි අෆ්ෆා කිසිම ප්‍රගතියක් තිබුනේ නෑ පස්සෙන් යනවා ඇරෙන්න.දවසක් පන්තියට ඉෂාන්ගේ යාළුවෙක් කාගේදෝ ලව් ලෙටර් එකක් ගෙනත් තිබුණා.ඒක දැක්කම ඉෂාන්ට හිතුනා නෙත්මිට ලියුමකින් ඉෂාන්ගේ හිතේ තියෙන දේ ලියලා දෙන්න.ඉෂාන්ට ලියුම් ලියන්න කොහොමටත් බෑ.ඉතින් ඉෂාන් කරේ යාළුවා ගෙනාපු ලියුමේ තිබුණු සේරම ටික කොලයක කටුවට ලියාගත්ත එක.ඒක ලියාගෙන ඉස්කෝලේ ඇරිලා යද්දී පොත් කඩයකින් රුපියල් 2 දීලා ගත්තා ලෙටර් හෙඩ් කොලයක්.එකේ තිබුනේ ටයිටැනික් ෆිල්ම් එකේ රෝස් & ජැක් ඉන්න සීන් එකක්.ඉතින් ගෙදර ඇවිත් ඉෂාන් කරේ අර කටුවට ලියන ආව එකේ තිබුණු සේරම ටික අර ලෙටර් හෙඩ් එකේ ලිව්ව එක.ඒක ලිව්වෙත් මහා පාන්දර නැගිටලා.මොකද ඉෂාන්ගේ තාත්තා ගෙදර ඉන්න වෙලාවට ඕක ලියලා මාට්ටු උනොත් ඉදලා හමාරයි කියන බය තිබුණා.ඉතින් ඒක ලියලත් ඉෂාන්ට දෙන්න පුළුවන් උනේ නෑ.ඒක දෙන්න බෑ කියලා හිතුනා ඉෂාන්ට.ඉතින් ඒක කෑලි කෑලි වලට ඉරලා පන්තිය තියෙන බිල්ඩින් එකෙන් එළියේ තිබුණු කුණුබක්කියකට විසික් කරා.අන්තිමේදී ඉෂාන් ඒ ලියුම් වැඩෙත් හරියන්නැති කොට දිල්හාන් අදුරන නංගි,වාසනා (ඉෂාන්ට විස්තර හොයලා දුන්නු) මාර්ගයෙන් 'ඉෂාන්ට කැමතිද..?' කියලා අහන්න තීරණය කරා.

"දිල්හාන්.. මට වාසනාට කියලා නෙත්මිගෙන් අහලා දියන්කෝ.ඒකි උඹේ ෆිට් එකනේ"

"වාසනාට කියලා අහල දෙන්න පුළුවන්.නෙත්මි ටිකක් එක විදියක් කියලා කිව්වේ වාසනානම්. ඒකි අකැමති උනොත් මොකද  කරන්නේ උඹ.."

"ඒක එතකොට බලමුකෝ.. උඹ මට ඉස්සෙල්ලා අහලා දෙන්න කියපන්කො.."

 ඉතින් බ්‍රහස්පතින්දා දවසක ඉෂානුයි දිල්හානුයි ගිහින් වාසනාව හම්බවෙලා නෙත්මිගෙන් අහලා දෙන්න කියලා වාසනාට කිව්වා. වාසනා පොරොන්දු වුනා ඊලග දවසේ ඉස්කෝලෙදි නෙත්මිගෙන් අහලා බලලා උත්තරේ මොකද්ද කියලා කියන්නම් කියලා. අනේ ඉතින් ඊලග දවසේ  ඉස්කෝලේ ඇරිලා වාසනා උත්තරේ අරන් එනකම් බලන් හිටියා ස්ටේෂන් එකට වෙලා. එදා වාසනා ආවෙත් නෑ,නෙත්මි ආවෙත් නෑ හවස කෝච්චියේ යන්න.ඉෂාන්ට ඉතින් අප්සට් ඒකෙන් හිට්යේ එදා.නෙත්මි මොනවා කිව්වද කියන්න දන්නේ නෑනේ.ඉතින් වාසනාට හිතින් බැන බැන හිටියේ.

"වාසනා බස් එකේ යන්ට ඇති බං. මට ඒකිව ඉරිදා දහම් පාසලේදී හම්බවෙනවා. මං අහලා බලන්නම් වාසනා ගෙන් නෙත්මි මොකද කිව්වේ කියලා." දිල්හාන් කෝච්චියේ යන ගමන් ඉෂාන්ට කිව්වා.ඉෂානුත් වෙන කරන්න දෙයක් නැති හින්දා ඒකට හා කිව්වා. කොහොමටත් තව දවස් දෙකකින් මොනවද කිව්වේ කියලා දැනගන්න පුළුවන්නේ කියන සිතුවිල්ලෙන් ඉෂාන් ගෙදර ගියා.ඉතින් කොහොමෙන් කොහොම හරි ඒ දවස් දෙකත් ගෙවිලා සදුදාත් උදා වුනා. වෙනද වගේම එදත් කෝච්චියට ගිහින් නෙත්මි එනකම් බලන් හිටියා.එදානම් වෙනදා වගේ නැතුව ඉෂාන් දිහා බලාගෙන ගිහින් නැග්ගේ කෝච්චියට.ඉෂාන්ට හිතුනා බලන් ගිය විදියෙන් නෙත්මි ඉශාන් එයාට ආදරය කරනවා කියන එක වාසානා කියලා ඇති කියලා.ඉෂානුත් ඉතින් බලන් ඉදලා තාත්තගේ නීතිය හින්දා ගාඩ්රූම් එකට නැග්ගා මලයත් එක්ක.ඉස්කෝලේ යන්න බහින ඕනේ තැනින් බැස්සම දිල්හාන් ඇවිත් ඉෂාන්ට සෙට් උනා ඉස්කෝලෙට යන්න.

" උඹ වාසනාගෙන් දැනගත්තද නෙත්මි මොනවද කිව්වේ කියලා..?" ඉෂාන් ඇහුවා දිල්හාන්ගෙන්.

"ඔව්. අහගත්තා.."

"ඉතින් කියහන්කෝ මොනවද නෙත්මි කියලා තියෙන්නේ කියලා.."

"ඒකි උඹට අනම් මනම් කියලා බං.."

"මොනවා කියලද..?"

"වාසනා කියලා උඹ නෙත්මිට සීන් කියලා.නෙත්මිටත් උඹේ සීන් එක තේරිලා තියෙනවා.ඉතින් නෙත්මි කියලා තියෙනවා, " ආ.. අර මගේ පස්සෙන් හැමදාම එන _______ (ඉෂාන් ඉන්න පළාතේ නම) හාල්මැස්සා ද අහන්න කිව්වේ..? මං දැකලා තියෙනවා ඔය යකා මගේ දිහා බලන් ඉන්නවා මං උදේට එද්දී, මං හවස යද්දීත් මං ඉන්න තැනම කැරකි කැරකි ඉන්නවා.. පිස්සුද කොහෙද ඒ ඉස්සාට..වෙන කෙල්ලෝ නැද්ද මන්දා මං වටේම කැරකෙන්නේ.."

මේ ටික ඇහුවා විතරයි ඉෂාන්ට මල පැන්නා නෙත්මිත් එක්ක.කරදියේ වාසය කරන සත්තු දෙන්නෙකුට, යකෙකුට,පිස්සෙකුට  ඉෂාන්ව සමාන කරලා තිබුණු හින්දා. ඒ කියපු ඒවා ඉෂාන්ගේ ආත්මාභිමානයට උන කැළලක් වගේ දැනුණා.කෙල්ලෙකුගෙන් ඔය වගේ දෙයක් ඉෂාන් ඊට කලින් අහලා තිබුනේ නෑ.ඉෂාන්ට ඉතින් නෙත්මිට ගිහින් අමතන්නමයි හිතුනේ.ඊටපස්සේ ඉෂාන් දිල්හාන්ට කිව්වා,

"වරෙන් යන්න ඉක්මනට.. අරකි ඉක්මනට යන්න කලින් ගිහින් මට ඒකිට බනින්න ඕනේ.බලපන්කො කියලා තියෙන ඒවා.හිතන් ඇති මහා රූපරාජිනි කියලා.."

"අපේ අයියා..ඉන්නවා මාත් එනවා යන්ට.."
ඉෂාන්ගේ මලයටත් තේරිලා අයියාගේ ගෞරවයට හානි වෙලා කියලා.ඉතින් පොරටත් තද වෙලා.ඔහොම ඉතින් තුන් දෙනාම ගියා ඉකමනින් නෙත්මිව අල්ලන්නන. අනේ පාඩුවේ නෙත්මි එයාගේ ගමන යනවා..

"මේ., හිතන් ඉන්නේ තමුසේ හරි මහතයි කියලාද.. ඈ..? මට එහෙම කියන්න තමුසෙට කොහමද පුළුවන් උනේ? බලනවා තමුසෙගෙ හැටි.. මං _______ හාල්මැස්සානම් තමුසේ _______ කැහැට්ටි.. ජීවිතේටම දැකලා නැද්ද හාල්මැස්සෙක්ගේ සයිස් එක..?" ඉෂාන් පටන් ගත්තා බනින්න.

"ඒ කටුස්සි..ඉස්සි.." දිල්හාන් කිව්වා.

"හිතන් ඉන්නේ හරි ලස්සනයි කියලා වෙන්න ඇති.. අපි දැකලා නෑනේ ලස්සන කෙල්ලෝ.. පොල් කුඩු සුද්දී.." ඉෂාන් අයෙත් පටන් ගත්තා.

"කණ්නාඩි පොළගී.." ඉෂාන්ගේ මලයත් පස්සෙන් ඉදන් කෑ ගහනවා.

"ඔහොම 

ඉෂාන්ලාගේ බැනුම් අහගෙන ඔලුව බිමට පාත් කරන් පාඩුවේ නෙත්මි එයාගේ ගමන ගියා.ඔහොම නෙත්මිලගේ ඉස්ස්කොලේට හැරෙන හන්දියට කිට්ටු වෙද්දීම දිල්හාන් බෑග් ඒකෙන් පොතක් අරන්,

"ඒයි, වාසනා ඔයාගේ පන්තියේ නේ ඉන්නේ..?"

ඉෂාන් බැලුවා දිල්හාන් මොකද මේ කරන්න යන්නේ කියලා.දැන් ටිකකට කලින් බැනලා පොතක් යවන්න මේකාට පිස්සුද කියලා හිතුනා.එත නෙත්මි නෙවෙයි දුන්නේ උත්තරයක්.

"මේ පොත එයට ගිහින් දෙන්න පුලුවන්ද දිල්හාන් අයියා දුන්නා කියලා..?"

"බෑ. මං කාගේවත් වැඩ බාර ගන්නෑ.." නෙත්මි රවලා තරහෙන් ඒ වචන ටික කියාගෙන හන්දියෙන් පාර මාරු වෙලා ඉස්කෝලෙට ගියා.

ඉෂාන්  ඇහුවා දිල්හාන්ගෙන්.,

"මොකද්ද බං ඒ කරපු වැඩේ.බැනලා බැනලා උදවුවක් ඉල්ලනේ..?"

"නෑ බං. මේක ඊයේ වාසනාට දෙන්න හිටියේ.ඒත් බැරි උණා. මං අද යවන්න හිටියේ නෙත්මිගෙ අතේ.හිතුවේ නෑනේ මෙහෙම කේස් එකක් වෙයි කියලා.."

"හරි හරි.. ඕක හවස දෙමු. වාසනා එයිනේ කෝච්චියේ යන්න.."

ඊට පස්සේ ඉතින් ඉස්කෝලෙට යනගමන් ඉෂාන් හිතාගත්තා නෙත්මිගෙ සීන් එක අත ඇරලා දාන්න.ඉෂාන් කොහොමවටවත් කෙල්ලෙක් ඉස්ස්සරහ සෙකන්ඩ් වෙන්න කැමති නෑ .ඉතින් අදින් පස්සේ නෙත්මි ගැන හිතන එක තේරුමක් නෑ කියලා හිතුවා.ආය කෙල්ලෙක් පස්සේ ඕනවට වඩා පන්නන්න ඕනේ නෑ කියලත් හිතාගත්තා.

එතනින් එහාට මොකද උනේ කියලා කියන්නම් ඊලග කොටසින්..

අද මුළු කතාවම එක පොස්ට් එකකින් ලියලා ඉවර කරන්න හිටන් හිටියට ඒක කර ගන්න බැරි උණා.කොහොමත් මේ සතිය ඇතුලත නෙත්මිගෙ කතාව එක පෝස්ට් එකකින් ඉවර කරන්න හිතන් ඉන්නේ..

8 comments:

  1. හි හි.......:) බනින්න එපා අප්ප අකමැතිනම්..එයා මොනා කරන්නද..පව්..:(

    ReplyDelete
    Replies
    1. බැන්නේ නෑ මං.. හොදින් කිව්වේ.. :)

      Delete
    2. අම්මියෝ .......... උඹ හෙනම ආදරෙන් කියල තියෙනව නේ :):):):):)

      Delete
  2. ane manda othanin kawru harida,kawru waradida kiyalanam kiyannanam mama danne ayya.ethana unu hodama wade tama achchara ara lamayata banala iwara wela eyagen ara ayya udawwakuth illapu eka. :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මටත් මාර අවුලක් උණා ඒක.. :)

      Delete
  3. එල එල මටත් ඔහොම වැඩක්ම වුනා බන්..මම ට්‍රයි කරපු කෙල්ලෙකුත් මට ඔහොමම බැනලා තිබුනා යාලුවෙක් අතේ..හැබැයි මම නම් ප්‍රතිපහාර එල්ල කරන්න ගියේ නෑ..හැබැයි පස්සේ කාලෙක මම දැනගත්තා ඇත්තටම ඒ කෙල්ල මට බැනලා නෑ..එක මගේ යාළුවා ගොතපු බොරුවක් කියලා..එල කිරි මචන් ඊලග කොටසත් ලියලා දාපන්කෝ ඉක්මනටම..

    ReplyDelete
    Replies
    1. නෑ සිම්බා.. මට තරහ ගියේ කියලා තිබුණු නම් ටිකට.නැත්නම් බනින්නේ නෑනේ. එළ..! දාන්නම් එකත් ඉක්මනටම. :) :)

      Delete
  4. ලව් කරන එක වරදක් නෑ කොලුවෝ.
    හැබැයි a/l ගොඩ දාගත්තොත් ආතල් එකේ ලව් කරන්න පුළුවන්.

    ReplyDelete