Saturday, July 28, 2012

ඒකිට කොහොමද බං උඹ මෙහෙ ඉදන් සීන් කරන්නේ..




ඊයේ ලියන්න පටන් ගත්තනේ මගේ ආදර කතාවල පළවෙනි එක ගැන. හැබැයි මේ ලියන්නේ ඒ කතාවේ දෙවෙනි කොටස නෙවෙයි. වෙන කතාවක්.ඉතින් ඒ කතාව ලියාගෙන යද්දී මට 8 වසර පන්තියේ ඉද්දි වුණු සීන් කෝන් එකක් මතක් උනා.ඉතින් ඒක අද ලියන්න කියලයි හිතුවේ.නෙත්මි කතාවේ දෙවෙනි කොටස ඊලග පොස්ට් එකේ ලියන්න මං හිතා ගත්තා.ඉතින් නෙත්මි පළවෙනි කොටස කියවලා දෙවෙනි කොටස ඉක්මනින් ලියන්න කිව්ව අය තරහ ගන්න එපා ඕං.. 


ඉතින් මේකයි කතාව.මේ කතාව යන්නේ මගේ යාළුවෙක්ගේ පිටින්.එයාට මං සජී කියන්නම්.සජීගේ ඉස්කෝලේ තිබුණු කාඩ් එක තමා 'පිස්සා'. ඒකට හේතුව සජී කරන මෙලෝ රහක් නැති වැඩ.සමහර වැඩ වලට හිනායනවා.සමහර ඒවාට මල පනිනවා.මොනවා උනත් මට කියන්න තියෙන්නේ මට මගේ ඉස්කෝලේ ජීවිතේදී හම්බුනු හොදම යාළුවෙක්.6 ඉදන් ඉස්කෝලෙන් අවුට් වෙනකන්ම මාත් එක්ක එකම පන්තියේ හිටියා.හොද ගතිගුණ තිබුණා සජීගේ.තාමත් ඒ වගේ.



ඉතින් අපි දැන් 8 පන්තියනේ. ඔය කාලෙනේ අර ප්‍රියංකා අපේ අල්ලපු පන්තියට ආවේ. 8 පන්තියේදී පන්ති භාර  මැඩම් අපිව කණ්ඩායම් කරලා 6 දෙනා ගානේ. ඉතින් මං හිටපු කණ්ඩායමේ තමා සජී හිටියේ.මගේ කණ්ඩායමේ තමා ප්‍රියංකාට මුලින්ම නිල වශයෙන් සීන් කරපු එරංගත් හිටියේ.හැබැයි පොරට ප්‍රියංකා කැමති උනේ නෑ ඉස්කෝලෙන් අවුට් වෙනකන්ම.ඒ විතරක්යැ.., ඉස්කෝලෙන් අවුට් වෙනකම් ප්‍රියංකාත් ඉස්කෝලේ එකෙක් එක්ක යාලු උනේ නෑ..


දවසක් දැන් අපේ කණ්ඩායමේ හිටපු එවුන් ටික අතර කෙල්ලෝ ගැන සාකච්ඡාවක් ගියා ඕෆ් පීරියඩ් එකක් තිබුණු වෙලාවක..කොහොමත් ඒ කාලේ අපේ ප්‍රධාන මාතෘකා උනේ කෙල්ලෝ,සින්දු පොත්,ක්‍රිකට්.ඔන්න දැන් කණ්ඩායමේ එක එකා කෙල්ලෝ ගැන කියවනවා.." අරකි මාර ලස්සනයි බන්..","උඹ වරෙන්කො හවස මං පෙන්වන්න..","නෑ බං ඒකට වඩා ඒකිගේ යාළුවා ලස්සනයි.." ඔය වගේ නානාප්‍රකාර කතා කියවනවා.හැබැයි කෙල්ලෝ ගැන වැරදි කතා නෑ.ඒ කාලේ බැලුවේ කෙල්ලගේ ලස්සන,කෙල්ල සුදුද කළුද කියන එක,කෙල්ලගේ උස අපිට ගැලපෙනවද කියන එක ඒවා විතරයි.. වෙන ඒවා නෑ.. ඒවා බලන්න හිතිලත් නෑ.පොඩි එවුන්නේ තාම කෙල්ලෝ ගැන කියෙව්වට.


ඔහොම ඒවා කතා කරන ගමන් අපේ එකෙක්ට අදහසක් පහල උණා අපි 6 දෙනා මේ වෙනකම් සීන් කරලා තියෙන කෙල්ලෝ ගාන කොළේක ලියන්න නමත් එක්ක.අනිත් එවුන්ටත් ඉතින් ඒකට කැමති උණා.ඇයි අෆ්ෆා අලුත් අයිඩියා එකක්නේ. දැන් ඉතින් එක එකා පෑන් අරන් ලියනවා කොළවල සීන් කරපු කෙල්ලොන්ගේ නම්. සජීත් ලියනවා. මාත් ලිව්වා ඉතින් කෙල්ලෝ කිහිප දෙනෙක්ගේ නම්.මතක විදියට 11 හෝ 13ක් ඉෂානුත් ලිව්වා.
මේ තියෙන්නේ ඒවාගෙන් මතක තියෙන නම් ටිකක්. සිරා නම් මේ..


ජයනි,සෆ්රානා,වරුණි,නිසංසලා,ප්‍රියංකා.....

කොහොමහරි දැන් කට්ටිය ලියලා ඉවරයි.මේ ගනන් තමා තිබුනේ කට්ටියගේ මට මතක විදියට..


ඉෂාන් 11/13.. ප්‍රදීප් 14/15.. එරංග 6/7.. සනත් 7.. නන්දන 9 .. සජී 24/28.. 

ඔය මතක විදියට තමා ලිව්වේ.මේ ඔක්කොම ඒක පාර්ශවිය ආදර කතා හරිය කොහොම හරි බලද්දී වැඩියෙන් සීන් කරලා කෙල්ලොන්ට සීන් කරලා තියෙන්නේ සජී.පොර තමා නම් විසි ගානක් ලියලානේ.ඊළගට අප කරේ කොළ ටික මාරු කර කර බලලා ලියපු කෙල්ලෝ ගැන කියන්න කිව්වා එක එකාට. මාත් කිව්වා ඉතින්.කට්ටිය දැන් කියාගෙන යද්දී මාට්ටු වුනා එකම කෙල්ලට සීන් කරපු එවුනුත් අපි අතර හිටියා කියන එක.දැන් සජීගේ වාරේ.පොරගේ කොලේ තිබුනේ මගේ අතේ. මං තමා දැන් පොර ලියලා තියෙන නම් වලින් ඉන්න කෙල්ලෝ ගැන අහන්නේ..කෙල්ලෝ විසි ගාණක නම්නෙ. දැන් මං ඉතින් අහගෙන අහගෙන යනවා. එක තැනක තිබුණා වසුන්දරා 2යි.. මං ඇහුවා..

"ඇයි බන් මේ වසුන්දරා 2යි කියලා ලියලා..?"

"ඒ කෙල්ලෝ දෙන්නෙක් බං.දෙපාරක් ලියන්න බැරි හින්දා එකපාරම 2යි කියලා ලිව්වා.."

හිකිස්.. ඉෂාන්ටයි,අනිත් එවුන්ටයි ලාවට හිනාවක් ගියා ඒ කතාවට. ඊට පස්සේ මං ආයෙත්..

"උඹත් නිසංසලාට සීන්ද..?"

"ඔව්.මං දන්නේ නෑනේ උඹත් ඒකට සීන් කියලා.."

ඉෂාන්ට ටිකක් අවුල් ඒකෙන්.මාත් සීන් කරන කෙල්ලෙක්නේ.

"එතකොට ප්‍රමුදි කියන්නේ කවුද බං..?

"අර ෆිල්ම් එකේ හිටිය කෙල්ල බං.."

අපි අන්දුන් කුන්දුන් ඒ උත්තරේ අහලා. ඊළගට ඇහුවා..

"මොන ෆිල්ම් එකේ මොන කෙල්ලද..?"

"ඇයි බං, උඹලට මතක නැද්ද.. ගිය සතියේ ඉස්කෝලෙන් බලන්න එක්කන් ගිය ෆිල්ම් එක. 'සරෝජා' එකේ ඉන්න පොඩි සිංහල කෙල්ල.. ඒකි.."

ඒක අහලා ඉවර වෙද්දීම අපේ එවුන් ටික හිනාවෙන්න පටන් ගත්තා..

"ඒකට කොහොමද බං උඹ මෙහෙ ඉදන් සීන් කරන්නේ.. උඹ කොහෙද ඒකි ඉන්නේ කොහෙද.."

"කොහොමහරි මං සීන් බං.. මට ඇඩ්රස් එක හම්බුනා පත්තරේකින්..ලියන්න ඉන්නේ මං.."

අනේ හෆොයි! අපිට හිනාවෙන්න අපේ කටෙත් ඉඩ මදි උණා. ඇයි අෆ්ෆා සතියකට කලින් බලපු ෆිල්ම් එකක ඉන්න පොඩි කෙල්ලෙකුට මෙහෙ ඉදන් සීන් කරන එකෙක් ගැන ඇහුවම හිනා නොවී ඉන්න පුළුවන්යැ..

9 comments:

  1. හික්ස්! අච්චෝ අච්චෝ......... :)

    ReplyDelete
    Replies
    1. මටත් අච්චෝ අච්චෝ.. :)

      Delete
  2. ishan ayye oyata hodatama sureda try kale kello 11/13k withara kiyala.:) tawa aya naddo........ :):)

    ReplyDelete
    Replies
    1. ඕ.. හොදටම ෂුවර් ඒ දවස් වල ඒ ගාන කියලා.. :)

      Delete
  3. සජි හොඳයි බං :D

    ReplyDelete
  4. හිකිස්..ඔන්න මාත් පය ගැහුවා මේ පැත්තට...දාපන් මචන් 5 ක්...මගේ නමත් ඉෂාන්...අපිත් ඉස්සර ඔය වැඩේම කරා බන්...පට්ට ආතල් එක..දැන් නම් ඒ කාලේ පිස්සු මතක් වෙද්දී මාර සතුටක් එන්නේ..එල කිරි දිගටම ලියහන්..ආසාවෙන් කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා මේ පැත්තට පය ගැහුවට.. :)
      එළ! ඉෂාන් ද්විත්වයක් බ්ලොග් අවකාශේ.. තව ඉන්නවද දන්නෑ.. ඒ කාලේ කරපු වැඩ පට්ට ආතල් තමයි මචන්.මතක් වෙද්දීත් හිතෙන්නේ ආපහු ඒ කාලෙට යන්න තියේනම් කියලා.. තැන්ක්ස් අන්තිම වචන සෙට් එකට
      :) :)

      Delete
  5. ඒ කාලේ පිස්සු මතක් වෙද්දී මාර සතුටක් එන්නේ

    ReplyDelete