Tuesday, August 21, 2012

දකින්න තිබුනේ මගේ කලිසමට වෙලා තියෙන දේ..




ඇමෙරිකාවේ නිව්යෝර්ක් වලට යන්න ගුවන් යානයක් ලංකාවේ කටුනායක ගුවන්තොටුපලේ සූදානමින් තිබුණා. ඉතින් ගුවන් යානය පිටත් වෙන්න අවශ්‍ය කරන සියලුම කාරනා ඉවර උනාට පස්සේ ගුවන් යානයේ  ප්‍රධාන නියමුවා නියමු කුටියේ ඉදලා යානයේ ඉන්න මගීන්ව ඇමතුවා..

" සුභ සන්ධ්‍යාවක් නෝනාවරුනි, මහත්වරුණි.. මං මේ යානයේ ප්‍රධාන ගුවන් නියමුවා කතාකරන්නේ. සාදරයෙන් පිලිගන්නවා ඔබලාව කටුනායක ඉදලා නිව්යෝර්ක් යන ගුවන් යානයට.. මේ වෙලාවේ කාලගුණයත් ඉතාමත් යහපත්.. අපි බලාපොරොත්තු වෙනවා කිසිම කරදරයක් නැතුව ගමනාන්තය කරා යන්න.. ඉතින් දැන් ඔබලා ආසනයේ තියෙන ආරක්ෂක පටි පැළදගෙන හිත සැහැල්ලු කරගෙන ගමනට ලැස්ති වෙන්න.. බුදු අම්මෝ!!!"


නියමුවාගේ කතාව ඉවර වෙනවත් එක්කම ඇහුණ 'බුදු අම්මෝ..!!' කියන එකත්  එක්කම යානය ඉන්න මගීන්ට හිතාගන්න බැරි වුනා මොකද්ද ඒ වුනේ කියන එක.සමහරු බයවෙලා.. යානය ඇතුලත එහෙමම නිෂ්ශබ්ද වුනා.කිසිම සද්දයක් නෑ.ටික වෙලාවකින් ආයෙත් ප්‍රධාන නියමුවාගේ හඩ ඇහුනා..

" නෝනාවරුනි, මහත්වරුණි.. මට සමාව අයදිනවා ඉස්සෙල්ලා මගේ  කෑ ගැසීම නිසා ඔබලා අපහසුතාවයට පත් වුනානම්.. ඇත්තටම මේකයි වුනේ.. යානයේ හිටපු සේවිකාවක් උණු කෝපි එකක් ගෙනත්,මට ඒක දෙන්න යද්දී එයාගේ අතින් මගේ ඔඩොක්කුවට ඒක හැලුණා.හිතාගන්න පුළුවන්නේ උණුම උණු කෝපි එකක් ඒ වගේ තැනකට වැටුනාම මොකද වෙන්නේ කියන එක..ඒකයි කෑගැහුනේ මට.ඉතින් ඔයගොල්ලොනුත් දකින්න තිබුනේ මගේ කලිසමේ ඉස්සරහට වෙලා තියෙන දේ.. ගන්න දෙයක් නෑ.."

නියමුවා ඒ ටික කියලා ඉවර වුණාම යානයේ හිටිය ටිකක් වයසක මනුස්සයෙක් ලග ඉදපු අනිත් කෙනාට කිව්වා..

"ඒ යකාගේ කෑගැහිල්ල ඇහිලා මං බය වෙච්ච තරමට මගේ කලිසමේ පස්සහට වෙලා තියෙන දේත් එක්ක බලද්දී ඕක මොකද්ද හලෝ..!! "

____________________________________________________________________

තවත් පොඩි කතාවක්.. 

මනුස්සයෙක් පොඩි ළමයි 6 දෙනෙක් එක්ක ගුවන්යානයට ගොඩවෙලා තමන්ගේ ආසන තිබුණු තැන වලට ගිහින් වාඩි වුණා. ඉතින් ළමයින් 6ත්  දෙනෙක් එක්ක ගුවන් යානයේ ඇවිත් වාඩි වෙනවා දැකපු ගෑනු කෙනෙක් ඒ මනුස්සයා ගාවට ගිහින්...

" හරිම ලස්සන ළමයි ටික. සමහර අයගේ හමේ පාටත් වෙනස්.. මේ ඔයාගෙම ළමයින්ද..?"

"නෑ නෝනා.. මං වැඩ කරන්නේ කොන්ඩම් නිෂ්පාදනය කරන ආයතනයක.ඒවායේ තත්වය බලලා,ඒවා අනුමත කරලා වෙළදපලට යවන්නේ මං... මේ තමා මං එහෙම අනුමත කරලා යවපු ඒවාට පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිලි.."

27 comments:

  1. ප්‍රහසනය උපරිමයටම තියන කතා දෙකක්. ඔබ මෙය පරිවර්තනය කලානම් ඒ පරිවර්තනයත් විශිෂ්ටයි. නිකම් තුට්ටු දෙකේ කුණුහරප බ්ලොග් විහිලු ලියන්නන්ට ඔබ ආදර්ශයක්. මෙවනි හරවත් දේ ඉදිරියටත් ලියන්න. වැඩිම ලිපි ගණනක් ලිවීම නොව හරවත් දේ ලිවීමයි වඩා උසස් යන්න සිතන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මෙය පරිවර්තනයකි. ඔබේ අදහස් දැක්විම හා උනන්දු කිරීම ගැන ඔබට බෙහෙවින් තුති..!

      Delete
  2. පලවෙනි කතාව නම් ලෙසටම සුපිරි.., මට ඉස්සෙල්ලම මීටර් උනේ නෑ සීන් ඒක!!! :D
    දෙවෙනි ඒක නම් මීට කලින් අහල තියෙනවා ටිකක් වෙනස් විදිහකට...

    anyway keep going!!!
    ජය වේවා!!!

    ReplyDelete
  3. There are NO direct flights from Colombo to USA.

    ReplyDelete
  4. පලවෙනි කථාව නම් එලම කිරි

    ReplyDelete
  5. සෑහෙන්න හිනා ගිය පලමු එකටනම්
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීමට..! :D :D

      Delete
  6. දවල්ට කෑම කන ගමන් බැලුවෙ පලවෙනි එකට හිනාගියපාර............ඉස්මොල්ලෙත් ගියා..........!!!මිනිස්සු හිනස්සල මරන්න හදනවද බං...!!

    ReplyDelete
    Replies
    1. නෑ මචන්.. මං මිනිස්සුන්ගේ ලේ ටිකක් පිරිසිදු කරන්න හදනවා හින්නස්සවලා..:D :D

      Delete
  7. පලවෙනි එක නම් එල...
    ළඟ හිටි මිනිහට වෙන සිට් එකක් දුන්නද දන්නේ නෑ...?

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා..! දන්නේ නෑ බං. එතනින් එහාට ආරංචියක් ආවේ නෑ :D :D

      Delete
  8. හෙහ්.. හෙහ්... නියම කතා දෙක යාලුවා. උඩ කමෙන්ට් එකක තිබ්බ වගෙ පරිවර්තනයක් නම්, පරිවර්තනය අති ව්ශිෂ්ඨයි. හොඳ හැකියාවක් නැතුව පරිවර්තනයක් සාර්ථකව කරන්න බෑ.

    …ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීමට..! :D :D

      Delete
  9. දෙකටම හොඳට හිනා යනවා සහෝ.. මරු මරු..
    :D

    ReplyDelete
  10. කතා දෙකම පට්ට මචන් අන්තිම එක සුපිරි :)

    ReplyDelete