Saturday, August 18, 2012

මං කොපිකැට් කෙනෙක් නොවෙමි...


මං මේක ලියන්නේ කලින් පොස්ට් එකේ තිබුණු කමෙන්ට් එකකට උත්තරයක් විදියට.අද තමා දවස් 3කට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවේ.ඒ එද්දී දැක්ක මං මං අන්තිමට පබ්ලිෂ් කරපු පොස්ට් එකට ඇනෝ කෙනෙක් ලියලා තිබුනා මං කොපිකැට් කෙනෙක් කියලා. ඒක දැක්කම මට නිකන් අවුල් වගේ.මොකද මං  දැනුවත්ව ඒ වගේ දෙයක් නොකර ඒ වගේ කතාවක් අහන්න මං කැමති නෑ.මේ තියෙන්නේ කමෙන්ට් එක.

AnonymousAugust 16, 2012 1:23 PM
හයියෝ ලොක්ක මේ කතාව බ්ලොග් සයිට් කීයක මීට කලින් පලවෙලා තියනවද. මේක අවුරුදු ගානක් පරණ මිලිටරි ජෝක් එකක්. ඔය කතාව ඇතිවෙන්නේ ජෙනරාල් කෙනෙක් සහ සෙබළියක් අතර. මොනවද ලොක්ක ලියනවකෝ අලුත් දෙයක් නිකම් කොපිකැට්‌ කෙනෙක් වෙන්නේ නැතුව.


 ඉතින් මට කියන්න තියෙන්නේ ඒ ගැන.,

මේ ඇනෝ කියලා තියෙන විදියට මං කලින් පොස්ට් එකට දාපු එක හුගක් වතාවක් දැකලා තියෙනවලු. ඉතින් මං දැකලා නෑනේ. ඉතින් මං ට්‍රාන්ස්ලේට් කරලා දැම්මා.ඉතින් ඇනෝගෙන් තමා දැනගත්තේ පළවෙලා තියෙන කතාව.ඉතින්  මට කියන්න තියෙන්නේ , මං කව්රුහරි අතින් ලියවෙන බ්ලොග් පොස්ට් කොපි කරලා  ඒ කතාව මගේ බ්ලොග් එකේ  වෙනස් කරලා ලියන කෙනෙක් නෙවෙයි.මට  හම්බුනු සයිට් වල (ඉංග්‍රීසී) හොදයි කියලා හිතෙන කතාවක් ට්‍රාන්ස්ලේට් කරලා තමා පොස්ට් කරන්නේ. ඒකත්  කාගේ හරි බ්ලොග් එකක දැකලා නැත්නම් විතරයි.

අන්තිමට කියන්න තියෙන්නේ මං ලියන කතා ආය කියවද්දී කොහේදී හරි දැකලා තියෙනවනම් එකේ ලින්ක් එකත් එක්ක කමෙන්ට් කරන්න. ( සිංහල බ්ලොග් වල දැක්කනම් විතරක්.පිටරට සයිට් වල ඒවා එපා. ඉංග්‍රීසී ඒවා නොකියන අය සිංහලෙන් ඒ කතාව කියෙව්වට අවුලක් නෑනේ.) .මගේ ආය හොර බොරු නෑ අනිත් අය වගේ.

මේ තියෙන්නේ කලින් පොස්ට් එකේ දාපු ඔරිජිනල් ඒක. මේකේ තියෙන්නේ මිලිටරි කතාවක් නෙවෙයි කියලා දැක්කම පෙනෙයිනේ.


New Secretary

The manager hired a new secretary. She was young, sweet, and polite. 

One day while taking dictation, she noticed his fly was open. While leaving the room, she courteously said, "Oh sir, did you know that your barracks door was open." He did not understand her remark, but later on happened to look down and saw that his zipper was open. 

He decided to have some fun with his new employee. Calling her in, he asked, "By the way, Miss Jones, when you saw my barracks door open this morning, did you also see a soldier standing at attention?" 

The secretary, who was quite witty, replied, "Why, no sir, all I saw was a little disabled veteran, sitting on two duffel bags!"

ලින්ක් එකත් : http://www.jokesgallery.com/joke.php?joke=4529&id=1

27 comments:

  1. ගණන් ගන්න එපා බන් ඔහොම යෝ ඉන්නවා ..උන්ට ඕක කෙලින් කියාන්න කොන්ද පන නැහැ

    ReplyDelete
    Replies
    1. ලිවීම සඳහා පන තියෙන්න ඕනේ කොන්ද නෙවෙයි අත සහ හිත. මේ කතාව විවිධ මුහුණුවරින් ඉංග්‍රීසි සයිට් වල තියනවා. පරණම ඒක මිලිටරි ජෝක්ස් කියන සයිට් එකක තිබුනේ. එ නිසයි මම එහෙම කිව්වේ.

      Delete
    2. @ සුදු මහත්තයා : ගණන් ගත්තේ නෑ බං. 'කොපිකැට්' කියපු එකටනේ අවුල් හිතුනේ.

      @ ඇනෝ : ඒක නෙවෙයිනේ අවුල ඇනෝ.'කොපිකැට්' කියලා කියපු එකටනේ කිසි දෙයක් නොදැන.අවුලක් නෑ. මේකට උත්තරයක් දුන්න එක ගැන සන්තෝසයි.. :) :)

      Delete
  2. ඕව ගණන් ගන්න එපා බං.දිගටම ලියහං. කවුරු මොනව කිව්වත් බලන අය බලයි.

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. බලන එවුන් බලයිනේ :) :)

      Delete
  3. ඇනෝලා කියන කිසිම දෙයක් අහන්න එපා. වෙන එකක් තියා උන්ගේ Commnet එකකට ස්තුතිය කරනවා කියන එක මෝඩ වැඩක් ඒක නිසා ඒක නිසා ඒක ගනම් ගන්න එපා

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි යාළුවා.. :) :)

      Delete
  4. ගල් මුල් එනවා යාළු.. ඵල ඇති රුකටනෙ ගල් ගහන්නෙ... බ්ලොග් එක ලස්සනයි... තව චුට්ටක් පාට ආවානම් තවත් ලස්සනයි... මම කලින් ඇවිත් බලලා ගියාට අදද කොහෙද කමෙන්ට් කරේ.. ජය වේවා!!..

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා එහෙනම් ..!! අදහසට ස්තූතියි යාළුවා.. :) :)

      Delete
  5. owa ganan ganna epa ayya......dannawane ayya hamoma eka wage ne.......oya wage commentwalin walin tawath shakthimath wela issarahata yanna yamu ayya.......

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. ඉස්සරහටම යනෝ මං.. :) :)

      Delete
  6. මිනිහත් ඕක කලින් ලියපු කෙනෙක් වෙන්නැති හිතේ දුකට මන් හිතන්නේ ඔය.මමත් ලිව්වා කියලා ලින්ක් එක දැම්මනං ඉවරයිනේ

    ReplyDelete
    Replies
    1. ඕ. මං ඒක දැන් කියලා තියෙන්නේ. කලින් දැකලා තියෙනවනම් ලින්ක් එක දාන්න කියලා. :) :)

      Delete
  7. කරදර නැතුව ලියන්න ලැබේව! ඔබට ජය සහෝ!

    ReplyDelete
  8. ගල් මුල් බාධක දැක පෙරමුණේ... මොන ගන්ගාවද මග නැවතුනේ...
    අනේ යාළු... ඔවට සැලෙන්නේ නැතුව දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. එළ කියමනක්.. තැන්ක්ස් යාලුවා..:) :)

      Delete
  9. මාත් කියන්නේ ඕවා ගණන් ගන්න එපා කියලා බං.අපි වුනත් ඒ කතාව අහලා තියෙනවා උනාට උඹට මුකුත් කිව්වේ නැහැනේ.අපිටත් ඔය වගේ විවේචන කොච්චර එනවද.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ඊලග වතාවේ ටිකක් හොයලා බලලා ලියන්න ඉන්නේ. නිකන් මොකටද එක එක ඒවා අහගන්නේ. :) :)

      Delete
  10. ඕව ගණන් ගන්නෙපා බන්ස්..,
    උබ දිගටම ලියපන්..!
    :)

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි යාළුවා.. :) :)

      Delete
  11. මොකට ගනන් ගන්නවද ..ඕවා...ලියපන් බං දිගටම..!

    ReplyDelete
  12. ලියන්න අනේ දිගටම සමහර ඒවා අහලා තියෙනවා තමා.ඒත් ආයෙ කියවලා හිනා වෙන්න පුලුවන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා.. හිනාවෙන්න පුලුවන් විදියට. :) :)

      Delete
  13. Replies
    1. පිස්සුද හනේ! මං සැලෙයිද! :)

      Delete