Monday, July 2, 2012

ආදරය හා විවාහය..




පන්තියක සිටි සිසුවෙක් තමාගේ ගුරුවරයාගෙන් මෙසේ ඇසිය..

සිසුවා : "සර්.. ආදරය  කියන්නේ මොකද්ද..?"

ගුරුවරයා : "මං ඒකට උත්තර දෙන්න කලින්, ඔයාට කරන්න තියෙනවා වැඩක්. යන්න තිරිගු යායකට. ගිහින් ඒ යායේ තියෙන ලොකුම තිරිගු කරල අරන් එන්න. හැබැයි කොන්දේසියක් තියෙනවා. ඔයාට යාය මැදින් යන්න පුළුවන් එක වතාවක් සහ ආපහු හැරිලා පහුවුණු කරලක් කඩන් එන්න බෑ.."


ඉතින් මේ කොන්දේසි වලට කැමති උන සිසුවා දැන් තිරිගු යායකට ගිහින් ගුරුවරයා කියපු විදියටම වැඩේ කරන්න ලෑස්ති වුනා. යාය මැදින් යද්දී දැක්කා ලොකු තිරිගු කරලක්. තාම ගමන පටන් ගත්තා විතරක් නිසාත්, මීට වඩා ලොකු කරල් ඉස්සරහට හම්බවෙන්න පුළුවන් කියල හිතාගෙන ඒ කරල  අත ඇරලා ඉස්සරහට ගියා. තව ටිකක් දුර යද්දී තවත් ලොකු කරලක් හම්බවුනා. ඒත් සිසුවාට හිතුනේ මීට වැඩ ලොකු කරලක් ඉස්සරහට හම්බ වෙන්න පුළුවන් කියල. ඉතින් ඒකත් අත හැරලා දාලා ආයෙත් ඉස්සරහට යන්න පටන් ගත්තා. මේ විදියටම කිහිප සැරයක්ම අතට ගත්ත කරල් දාල ඉස්සරට ගියා මීට වඩා ලොකු එකක් හමු වෙයි කියන බලාපොරොත්තුවෙන්. අවසානයේදී එයාට හම්බුනේ කලින් දැකපු කරල් වලට වඩා පොඩි කරලක්. දැන් ඉතින් ආයේ හැරිලා ගිහින් ලොකු කරලක් අරන් එන්නත් බෑනේ. කොන්දේසියක් දාලා තිබුනනනේ.ඉතින් දැන් මෙයාට දුකයිලු. ඉතින් හිස් අතින් ගුරුවරයා ළගට ගියා.

ගුරුවරයා : " ඕකට තමයි දරුවා  ආදරය කියන්නේ.. ඔබ දිගටම යනවා මට මීට වඩා හොද කෙනක් ඉස්සරහට  හමුවෙයි කියන බලාපොරොත්තුවෙන් තියෙන දේ අතහැරලා.. ඒත් ඔයාට පසු කාලෙකදී තේරුම් යනවා ඔයා ඔයාට හම්බුනු හොදම කෙනා අත හැර ගත්තා කියලා.."

සිසුවා : සර්.. එතකොට විවාහය කියන්නේ මොකද්ද?

ගුරුවරයා : "මං ඒකට උත්තර දෙන්න කලින්, ඔයාට කරන්න තියෙනවා ආයෙත් වැඩක්. යන්න ඉරිගු  යායකට. ගිහින් ඒ යායේ තියෙන ලොකුම ඉරිගු කරල අරන් එන්න. හැබැයි අර කලින් තිබුණු කොන්දෙසිමයි.."
ඉතින් ආයෙත් මේ සිසුවා ගියා ඉරිගු යායකට.කලින් කරගත්ත මෝඩ වැඩේ මේ පාර කරගන්න හිතන් නැතුව මුලින්ම හම්බවුනු ලොකුම ඉරිගු කරල කඩාගෙන ගුරුවරයාට ගිහින් දුන්නා.

ගුරුවරයා : " මේ වතාවේ ඔබ ගෙනාවේ ඉරිගු කරලක්.. ඔබ දකිනවා ඒක තම හොදම එක කියලා. ඉතින් ඔබ ඒ ගැන විශ්වාස කරනවා මේ තමා හොදම සහ ගැලපෙනම එක ඔබ තෝරගත්ත.. ඉතින් ඒක තමා විවාහය.."

5 comments:

  1. විවාහය ගැන පාඩම නම් හැමෝටම අදාළ නැතුව ඇති බං.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට බං කවදාහරි දැනගෙන ඉන්ටත් එපායැ.. :D

      Delete
  2. මේක නම් නියම කතාවක්..මම බුකියේ ශෙයාර් කලා.. :)

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා.. :) කොහමද මං ඒක බලාගන්නේ ..?

      Delete
  3. නියමයි මමත් රෙඩ් ගේ පාරෙන් ආවේ

    ReplyDelete