Tuesday, July 17, 2012

මහත්තයා.. මට තල්ලුවක් දාන්න පුලුවන්ද?


නිදන් හිටිය ස්ටැන්ලියි එයාගේ වයිෆුයි මහා රෑ ඇහැරුනේ ගෙදර ඉස්සරහ දොරට වැදුණු ලොකු සද්දෙකින්. ඉතින් ස්ටැන්ලි නැගිටලා ගියා මොකද්ද ඒ සද්දේ කියලා බලන්න. දොර ඇරලා බලද්දී බීපු මිනිහෙක් ගේ දොර ගාව වැස්සෙන් බේරෙන්න ඇවිත්.බීපු මනුස්සයා ඇහුවා.,


" මහත්තයා.. මට තල්ලුවක් දෙන්න පුලුවන්ද කියලා..?"


"මේ වැස්සේ මොන තල්ලුද ඕයි.. දැන් පාන්දර 3 යි. දැන් බෑ.." කියලා ස්ටැන්ලි දොර වහගෙන ආපහු නිදාගන්න ගියා. වයිෆ් ඇහුවා.,


"කවුද ඒ..?" වයිෆ් ඇහුවා.


"කොහෙද යන බේබද්දෙක්.. අහනවා තල්ලුවක් දෙන්න පුලුවන්ද කියලා.."


"ඉතින් ඔයා උදවු කරේ නැද්ද..?"


"නෑ. මේ වෙලාවේ මොන උදවුද. නිදාගන්න දැන්.."


"මොකද්ද ස්ටැන්ලි, ඔයාට මතක නැද්ද මීට‍ මාස 3 කට කළින් අපේ කාර් එක කැඩිලා ඉද්දි උදවු කරා? ඒ වගේ මේ මනුස්සයාගේ වාහෙනටත් මොනවහරි වෙලා ඇති.කෙනෙක් උදවුවක් ඉල්ලුවම නොකර ඉන්න එක හරිද? මං  කියන්නේ ගිහින් උදවු කරන්න ඒ මනුස්සයාට.."


වයිෆ්ගේ කියවිල්ලෙන් ආපහු නැගිට්ට ස්ටැන්ලි ඇදුමක් දාගෙන ගියා එලියට වැස්සේම. බලද්දී දොර ගාව මනුස්සයා නෑ. කෝකටත් කියලා ස්ටැන්ලි කතා කරා ටිකක් සද්දෙන්.,


" මේ හලෝ.. ඔහේ තාමත් ඉන්නවද..?"


" ඔව්.." ඔන්න අර මනුස්සයත් කළුවරේ කොහේදෝ ඉදන් උත්තර දුන්නා.


"ඔහේට තාමත් තල්ලුවක් ඕනේද..?"


"ඔව්.. ප්ලීස්.."


"ඔහේ කොහෙද ඉන්නේ..?" ස්ටැන්ලි ඇහුවා.


"මං මේ ඔන්චිල්ලාවේ ඉන්නේ.. ඇවිත් තල්ලුවක් දෙනවද..?"

12 comments:

  1. චික් විතරක්..ඉතිං මොකෝ කලේ,,,,

    ReplyDelete
  2. ITHIN ETA PASSE THALLUWA DUNNADA

    ReplyDelete
  3. පිස්සු යකෙක්නේ

    ReplyDelete
    Replies
    1. බිව්වම ඕන එකෙක් ඌ මොනවා කරනවද කියන්න දන්නේ නෑ බං.. මටත් තියෙනේ ඔය වගේ අත්දැකීම්..
      :D

      Delete
  4. හික්ස්!

    ReplyDelete
  5. අය්යෝ තල්ලු කිව්වලු

    ReplyDelete
  6. පන්සලකටත් රෑ එක දිගට කෝල් එනවලු ලී මෝලක්ද කියලා අහලා. හාමුදුරුවෝ නෑ උපාසක මහත්තයා මේ පන්සලක කියලා කිව්වලු. අන්තිමට ඉවසන් ඉන්න බැරි තැන නායක හාමුදුරුවෝ කිව්වලු. ඔව් ලී මෝල තමා. තොට *ක ඉරා ගන්නද ඕනේ කියලා :D

    මේක කියවලා මට මතක වුණේ ඒ කතාව

    ReplyDelete