Friday, July 27, 2012

නෙත්මි.. - ඉෂාන්ගේ පළමු ආදර වෘතාන්තය..



අද ලියන්නේ මොනවද කියලා හිත හිතා ඉද්දි මට හිතුනා මගේ පළවෙනි ප්‍රේමය ගැන ලියන්න.බ්ලොග් එකේ ලියලා තියෙන පෝස්ට් 24න් හුගක්ම ලියවිලා තියෙන්නේ විහිලු කතා.මට අදාල දෙයක් ලියවිලාම නෑ බලාගෙන ගියාම.. ඉතින් අද හිතුවා මගේ ජිවිතයට සම්බන්ධ දෙයක් ලියලා දාන්න...

කොහොමත් ඉෂාන්ට ආදර වෘතාන්ත කිහිපයක් තිබුණා.( කිහිපයක් කිව්වට ගොඩක්ම නෑ ඕං). ඉතින් මේක තමා ඉෂාන්ගේ පලවෙනි ආදරේ.ඒ කියන්නේ ඊට කලින් ඉෂාන්ට තිබුණේ හැබෑ නොවුණු ඒක පාර්ශවිය ආදර කතා විතරයි.7 වසරේ ඉදන් තමා කෙල්ලෝ උණ  ආවේ.ඉෂාන්ගේ යාලුවොන්ටත් එහෙම තමා.ඉතින් අපි කරේ හොදයි කියලා හිතෙන් දකින දකින කෙල්ලට ලව් කරා.මොකද අපේ එකෙක්ටවත් ඒ කාලේ ඝටක්‌ තිබුණේ නෑ කෙල්ලෙක්ගෙන් ගිහින් "කැමතිද..?" කියලා අහන්න..

අපේ ඉස්කෝලේ ම්ශ්‍ර එකක්.අනික අපේ ඉස්කෝලෙට යන පාරේ තව කෙල්ලොන්ගේ ඉස්කෝලයක් තිබුණා.ඉතින් ඉස්කෝලෙට යන වෙලාවේ, ඉස්කෝලේ ඉන්න වෙලාවේ,ඉස්කෝලේ ඇරිලා එන වෙලාවේ,රේල්වේ ස්ටේෂන් එකේ,කෝච්චියේ අපිට බලන්න කෙල්ලෝ හුගක් හිටියා.අද එක කෙල්ලෙක් පස්සේ. හෙට වෙන එකක් පස්සේ.කෙල්ලොන්ගේ රැවුම් එහෙම බලන් ඉන්න ආසාවේ බෑ.සමහර කෙල්ලොන්ම් හින්ට් හිටන් ගහනවා අපි පස්සෙන් එනවා කියලා දැනගත්තම.මාර සුන්දරයි අෆ්ෆා ඒ කාලේ..

ඉෂාන් ඉස්කෝලේ ගියේ ආවේ කෝච්චියේ 6 වසරේ ඉදලා ඉස්කෝලෙන් අයින් වෙනකන්ම.මොකද අපේ තාත්තා රේල්වේ වැඩ කරපු හින්දා ඉෂාන්ටයි,මල්ලිටයි කෝච්චියේ යන්න 2nd ක්ලාස් පාස් තිබුණා.පස්සේ ඒක 1st ක්ලාස් වුණා.ඉතින් ෆ්‍රී යන්න පුළුවන් එකේ මොකට බස් වල යනවද.අනික ඒ කාලේ ඉෂාන්ට බස් වල යන්න බෑ.බස් එකේ නැගලා පොඩි දුරක් ගියාමත් වමනේ යනවා.ආය ඔලුවේ කැක්කුමක් හැදෙනවා ඉන්න බැරි තරම්.එපා වෙනවා ඒ වෙලාවට.ඉතින් මං ඉස්කෝලෙන් එක්කන් ගිය එක ට්‍රිප් එකක්වත් ගිහින් නෑ ඔය බස් ලෙඩේ මට තිබුණු හින්දා.හැබැයි දැන් ඒ ලෙඩේ අඩුයි.වමනේ යන්නෑ දැන්. හැබයි හුළං ටිකක් වැදුනේ නැත්නම් අර ජරා ඔලුවේ කැක්කුම එනවා.ඉතින් ඒ කාලේ කෝච්චි පරක්කු උනත් බස් එකේ නෙවෙයි ආවේ ඉෂාන්.කෝච්චි ස්ට්‍රයික් නම්,එදාට කැන්සල් නම් ආපහු ගෙදර එනවා ඉස්කෝලේ නොයා.

කතාව පිට ගිහින් වගේ නේ..? හිකිස්‌..! හරි හරි.. දැන් කතාව කියන්න පටන් ගන්නම්.. 

මේක උනේ ඉෂාන් 11 වසරේ ඉන්න කාලේ.ඉතින් දවසක් (2004.06.24 - ඒ දිනේ තාමත් මතකයි.) ඉෂානුයි, එයාගේ මල්ලියි ඉස්කෝලේ යන්න උදේ ස්ටේෂන් එකට ගියා කෝච්චියට නගින්න. ඒ කාලේ අපේ තාත්තා නීතියක් දාලා තිබුනා ඉස්කෝලේ යද්දී යන්න ඕනේ කෝච්චියේ තියෙන ගාඩ් රූම් එකේ.මොකද එයා අපි කෝච්චියේ ෆුට්බෝඩ් ගිහින් වැටිලා මොනවහරි කර ගනී කියන බයට.ඉතින් අපි දෙන්නා 6 වසරේ ඉදන් ගියේ ගාඩ් පෙට්ටියේ.තාත්තගේ යාළුවො හිටියා ගාඩ්ලා වශයෙන් වැඩ කරන. තාත්තා වෙලාවකට අහනවත් එක්ක එයාලගෙන් අපි ගැන. ඒ හිනදා මායි,මලයයි ගියේ ගාඩ් රූම් එකේ.ඉතින් එදත් සුපුරුදු විදියට ඉෂානුයි මලයයි ගාඩ් පෙට්ටිය ගාවට වෙලා හිටියා එදා එකේ යන්න හිටිය ගාඩ් අන්කල් එනකම්. එයා එනකම් බලන් ඉද්දි ඉෂාන් දැක්කා ගේට් එකෙන් ඇතුලට එන වැඩිහිටියෙකුයි , ස්කුල් යුනිෆෝර්ම් ඉන්න ගෑනු ළමයෙකුයි...

සුදු ,කෙට්ටු, කොන්ඩේ දිගට තියෙන ස්පෙක්ස් දාපු ලස්සන ගෑනු ළමයෙක්.. ඇවිත් නැග්ගා කෝච්චියට.එයත් එක්ක ආව වැඩිහිටියා එයාගේ තාත්තා.එය ඇවිත් තිබුණේ ඒ ගෑණුළමයව දාන්න.ඉෂාන් එයාව මීට කලින් කවදාවත් ට්‍රේන් එකේ යනවා දැකලා තිබුණේ නෑ. අද තමා මුලින්ම දැක්කේ එයාව.ඉෂාන් බලන් හිටියා ඒ ගෑනුලමයා දිහා.සිහිය එයා ගාව..

"මේ මැට්ටෝ.. කොහෙද බලන් ඉන්නේ..? යන්නේ නැද්ද අද..? ගාඩ් අන්කල් ආවා. එනවා ගිහින් නගිමු.." බලද්දී ඉෂාන්ගේ මලයා.

පොර කතා කරලා කියනකම් ඉෂාන් දන්නේ නෑ ගාඩ් අන්කල් ආවා කියලා.ඉෂාන් මේ ලෝකේ නෙමෙයි ඉදලා තියෙන්නේ.ඉතින් අන්තිම වතාවටත් ගෑනුලමයා දිහා බැලුවා නගින්න කලින්.. එතකොටම මලයා කියපි.,

"මේ අපේඅයියා.. ඕක පස්සේ බලාගන්න පුළුවන්. වෙලමැද කැම්පස් එකටනේ යන්නේ. අපිට බැහැලා පස්සෙන්ම ගියහැකි.. දැන්වත් ඇවිල්ලා නගිනවා.."

අප්පටසිරි.. මේ යකා ඒකත් බලන් ඉදලා.අනික පොර ඉෂාන් නොදැකපු දෙයකුත් හොයාගෙන.ගෑනුලමයා යන ඉස්කෝලේ.පොර අන්තිමට කියපු කතාවෙත් ඇත්තක් තිබුණු හින්දා ඉෂාන් හිත හදන් නැග්ගා ගාඩ් රූම් එකට.

ඔහොම ඉතින් ගිහින් අන්තිමේදී බහින තැනින් බැහැලා ඒ ගෑණු ළමයා පස්සේ ඉෂානුයි,මලයයි,ඉෂාන්ගේ යාළුවෙකුයි ගියා. ඒ ළමයාගේ ඉස්කෝලේ තිබුනේ අපෙ ඉස්කෝලෙට යන පාරෙමයි.ඉතින් අපිට ඉස්කෝලෙට යන ගමන් පස්සෙනුත් යන්න පුළුවන් උනා..ඉතින් එදා හවසත් ඒ ගෑණු ළමයා කෝච්චියට එයිද කියලා ඉෂාන් සැකෙන් හිටියේ. කෝකටත් ඉෂාන් හවස ඒක හරියටම හොයාගන්නවා කියලා හිතාගත්තා.ඉෂාන්ගේ තාත්තා දාල තිබුණු තව නීතියක් තමා ඉස්කෝලේ ඇරිලා අපි තාත්තගේ ලොකු අක්කගේ ගෙදර ගිහින් එහෙ ඉදලා කෝච්චිය එන වෙලාවට ස්ටේෂන් එකට එන්න ඕනේ කියන ඒක. ලොකු අම්මලාගේ ගෙදර තිබුනෙත් ස්ටේෂන් එක කිට්ටුමයි.ඉතින් අනිවා අපි එහෙ යන්න ඕනේ.ඉතින් එදත් එහෙ ගිහින් ඉෂාන්ලා ආවා පුළුවන් තරම් ඉක්මනට ගෑණු ළමයා හවස කෝච්චියේ යනවද කියලා බලන්න.ස්ටේෂන් එකට ඇවිත් රවුමක් දාලා බැලුවම ඉෂාන් දැක්කා එයා ඉන්නවා එයාගේ යාළුවො කට්ටියක් එක්ක.ඉෂාන්ට ඉතින් ෆුල් හැපී.දැන් ෂුවර් එකක් තියෙනවා එයා හැමදාම කෝච්චියේ යයි කියන එක ගැන.

ඔහොම ටික දවසක් ඔය විදියටම වැඩේ වුනා.පස්සෙන් යන එකම තමා කරේ.හවස ඉස්කෝලේ ඇරිලා එන කෝච්චියේ ඒ ගෑණු ළමයා ඉන්න තැන එන්න ඉෂාන් පුරුදු වුනා.හැබැයි කිසි දෙයක් ඒ ගෑණු ළමයා ගැන දන්නේ නෑ ඉන්නේ ඉෂාන් ඉන්න නගරේ,ඉස්කෝලේ යන්නේ වෙලමැද කැම්පස් එකට කියන එක ඇර.ඊටපස්සේ ඉෂාන්ට තිබුණු ලොකුම ප්‍රශ්නේ වුනේ ගෑණුළමයාගේ නම,විස්තර හොයාගන්න එක.ඒත් ඒකට පිළියම ඉක්මනටම හම්බවුනා.ගෑණු ළමයාගේ යාළුවො අතර හිටියා ඉෂාන්ලා එක්ක කෝච්චියේ යන සෙට් එකේ සහෝදරියක්.පොරට කිව්වා නම නංගිගෙන් අහලා කියන්න කියලා.ඉතින් ඒ පොර ඒ වෙලාවේම ගිහින් ඇහුවා එයාගේ සහෝදරිගෙන් අර ගෑණු ළමයත් ඉන්න තැනම.පොර ඒක අහගෙන ඇවිත් කිව්ව නමින් ඉෂාන් පුදුම උනා.. හිනාත් ගියා.. කියපු නම තමා.,

'පිරිසිදු කැලෑආරච්චි(අන්වර්ථ නාමයකි.මෙතන තියෙන නම හොයාගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂේ ඉන්න ඇමතිනියකගේ නම දන්නවනම්.සමාන පද දන්නවනම් ලේසි වෙයි.)

"පච කියන්න එපා බං.ඔය නමෙන් තව කෙනෙක් ඉන්න පුලුවන්ද..?" ඉෂාන් ඒ පොරට කිව්වා.

"ඉතින්, ඒ නමනේ මට කිව්වේ.."

"උඹ කිව්වද මං අහන්න කිව්වේ කියලා..?"

"ඔව්නේ.."

"එහෙනම් බුරුවො ෂුවර් එකටම ඒකි දැනගන්ට ඇති මං ඒකිට සීන් කියලා.. ඒක තමා බොරු නමක් කියන්න ඇත්තේ.."

ඒ වැඩෙත් එතනම හබක්. හැබැයි ඉෂාන් සැලුනේ නෑ.හරි නම කොහොමහරි හොයා ගන්නවාමයි කියලා තමා හිටියේ.ඉතින් එදා කෝච්චියත් පැයක් පරක්කුයි.ඉතින් ඒ සෙට් එකම බස් එකට ගියා ගෙදර යන්න.ඉෂාන්ට ඉතින් බස්වල යන්න බෑනේ.ඉතින් ඉෂාන් එදා කෝච්චිය එනකම් ඉදලා ගෙදර ආවා අප්සෙට් එකෙන්.ඇයි අෆ්ෆා.., නම දැනගන්ටත් බැරි උනා, කෝච්චිය පරක්කු උන හින්දා බලන් එන්න තිබුණු ඒකත් නැති වුනා හින්දා.

ඔන්න දවසක් නම දැනගන්ට පුළුවන් චාන්ස් ඒකත් ආවා. ඉෂාන් එක්ක ඉස්කෝලේ හිටිය දිල්හාන් කියලා යාලුවෙක්.එයාගේ ගමේ ඉන්න නංගි කෙනෙක්(එයාට වාසනා කියන්නම්)මං යන කෝච්චියේම ඉස්කෝලේ යන්න එන්න පටන් ගත්තා ඒ කාලෙදිම.වාසනාත් ඉෂාන් බලාපොරොත්තු තියන් ඉන්න ගෑණු ළමයාගේ පන්තියෙමයි.ඉතින් දිල්හාන්ගේ උදව්වෙන් වාසනාගෙ  මාර්ගයෙන් ඉෂාන්ගේ සිහින කුමාරිගේ නියම නම දැනගත්තා.තව විස්තරත් දැනගත්තා.

නමෙනම්  කලින් ඉෂාන් දැනගත්ත එකේ මුල් කොටස තිබුනා.හැබැයි අනිත් ටික වෙනස්.ඉන්නේ 9 වසරේ.ගෙවල් අපේ ගෙවල් වලට වඩා ටිකක් දුරින්.පවුලේ විස්තර ටිකකුත් එයාගෙන් දැනගන්න ලැබුණා.

මෙතනින් එහාට මං ඒ ගෑණුළමයට 'නෙත්මි' කියන්නම්. ඒක ලේසියි ගෑණු ළමයා කියලා කියනවට වැඩ. නෙත්මි කියලා දැම්මේ එයාගේ ඇස් මාර ලස්සනයි.ස්පෙක්ස් නැතුව ඉද්දි තමා හුගක්කම ලස්සන දැක්කේ.

කතාව හිතුවට වඩා දිග්ගැස්සුනා.ඉතිරි ටික වෙන පෝස්ට් එකකින් දානන්ම්.එකේ තියෙනවා ඉෂාන්ට නෙත්මි බැනපු හැටි,ඊටපස්සේ ඉෂාන් නෙත්මිට බැනපු හැටි,ඊටත් පස්සේ දෙන්නගේ තරහ  නැති වුන හැටි..

එහෙනම් මතු සම්බන්ධයි කිව්ව ඕං..

8 comments:

  1. අච්චෝ අප්ප.....................අනිත් ටික නැතුව වැඩක් නැහැනෙ......:( ඉක්මනට ලියන්න ඔන්න මට තරහ යනවා නැත්තම් :/

    ReplyDelete
    Replies
    1. හිතුවට වඩා දිග්ගැස්සුනා නොවැ.ලියන්න බලන්නම්කෝ ඉක්මනට. තරහ ගියාට මං නම් බය නෑ ඕං.. :):)

      Delete
  2. අයියෝ ලස්සන කතාවක් මූ දෙකට කඩලානේ.
    නෙත්මි කියද්දී මටත් පරණ එව්වා මෙව්වා මතක් වුනා.උඹ 11 වසරේ හිටියේ 2004 නම් මට පට්ට අයියා කෙනෙක් මොකද මම 11 වසරේ හිටියේ 2008ටේ .

    නම පවිත්‍රා වන්නි ආරච්චි නේද? :)

    ReplyDelete
    Replies
    1. හිකිස්..! දිග්ගැස්සුනා කතාව.. ඕනෙම ටික ලියන්නත් එපැයි..:)
      කව්ද බං උඹේ ජිවිතයට ආව නෙත්මි..?
      පට්ට අයියා!! දැන් අව්රුදු 4,5 වැඩිමල් එවුන්ට පට්ට අයියලා කියලද කියන්නේ..? හිකිස්..!
      නම උඹ හොයගෙනනේ.හැබයි ඕක නෙවෙයි සිරා නම.ඕක අර පොඩි එකා මට කිව්ව නමනේ.

      Delete
  3. haiyo.......kathawe itiri tika ikmanata liyanna hode ayya.......

    ReplyDelete
  4. නියම Love storya බං...., කොහෙද උබ භාගෙට ලියලා නවතලානේ...! මගේ Life 1 experiance1කුත් තියෙනවා, (ඔය වගේම..,එයත් "උබේ නෙත්මි" වගෙ තමා...! spectacles දනවා) ඒත් කථාව සම්පුර්ණ නැහැ...කථාව ඉක්මනට සම්පූර්ණ කරල ඉක්මනට දාපන් මචං....

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ආ කමෙන්ටුවට.. :) කතාව ඉවර කරලා දාන්න පුළුවන් එලාග කොටසින්.ඉක්මනට දාන්නම්කො මං.. :)

      Delete