Friday, August 10, 2012

ඩාලිං.. තව සැරයක් අපි ආදරය කරමුද..?


එක දවසක් උදේ ස්ටැන්ලි තමන්ගේ පවුලේ ඩොක්ටර් හම්බ වෙන්න ගිහින් ඇවිත් සෑහෙන අවුල් මූණකින් මේරී ලගට  (ඒ කිව්වේ ස්ටැන්ලිගේ වයිෆ්) ගිහින් කිව්වා..

"මේරී.. ඩොක්ටර් මගේ රිපෝට් බලලා කිව්වා 'ස්ටැන්ලි,ඔයාට තව ජීවත් වෙන්න තියෙන්නේ තව පැය 24යි කියලා.'කියලා. අනේ මේරී.. මං මැරෙනවා තව දවසකින්.මට ඔයාව දාල යන්න වෙනවා මේරී.. "

අනේ ඉතින් මේක අහපු මේරී අඩන්න පටන් ගත්තා.ඇයි අෆ්ෆා තමන් ආදරය කරන මනුස්සයා තව පැය 24ක් ඇතුලට මැරෙනවා කිව්වම මොන ගෑනිටද දුක නැත්තේ.කොහොම හරි මේරිගේ ඇඩ්ල්ල නවත්ත ගත්ත ස්ටැන්ලි අන්තිමේදී ඇහුවා..

"මේරී.. මං තව ජීවත් වෙන්නේ පැය 24යිනේ.අපි ටිකක් ආදරය කරමුද..?"


මේරිත් ඉතින් මේකට කැමති වුනා.මනුස්සයාගේ අන්තිම කැමැත්තනේ.ඉතින් එයාලා ආදරය කරන්න පටන් ගත්තා.ආදරය කරලා පැය 6කට පස්සේ ස්ටැන්ලි ඇහුවා..

"මේරී.. මට තවත් ජීවත් වෙන්න තියෙන්නේ පැය 18යිනේ.අපි ආයෙත් ටිකක් ආදරය කරමුද..?"

මේරිත් ඉතින් ආයෙත් මේකට කැමති වුනා.මොකද මනුස්සයාගේ අන්තිම කැමැත්තනේ.එයාව අන්තිම මොහොතෙත් සන්තෝෂයෙන් තියන්න මේරිට ඕන කම තිබුන හින්දා එයාලා ආයෙත් ආදරය කරන්න පටන් ගත්තා.ආදරය කරලා ස්ටැන්ලිට ජීවත් වෙන්න පැය 8ක් විතර ඉතුරු වෙලා තියෙද්දී රෑ නිදි යහනේදී ස්ටැන්ලි ඇහුවා..

"ඩාලිං.. තව සැරයක් අපි ආදරය කරමුද..?"

මේරිත් කැමති වුනා.පවුනේ මනුස්සයා කියලා.ආදරය කරලා ඉවර උනාට පස්සේ මේරීට එහෙමම නින්ද ගියා. මහ රෑ මේරිගේ උරහිසෙන් අල්ලලා මේරිව නැගිට්ටවපු ස්ටැන්ලි..

"මේරී.. මගේ ඩාලිං.. මට තව ජීවත් වෙන්න තියෙන්නේ පැය 4යිනේ.අපි තව පාරක් ආදරය කරමුද..? ප්ලීස්.."

මේක අහගෙන ඉදලා මේරී අන්තිමේදී කිව්වා..

"මේ ස්ටැන්ලි.. ඔයා හෙට උදේට ඇහැරෙන්නේ නැති වුනාට මට ඇහැරිලා වැඩ ගොඩක් කරන්න තියෙනවා.ඒ හින්දා දැන්වත් නිදාගන්නවද.."


ස්ටැන්ලිගේ කලින් කතා..

1.ස්පැගෙටි.. (වැඩිපුර සෝස් එවන්න..)
2.රත්තරන් පාට කොමඩ් එක
3.මහත්තයා.. මට තල්ලුවක් දාන්න පුලුවන්ද?
4.25 වෙනි විවාහ සංවත්සරය..



15 comments:

  1. ශුවර් එකටම ස්ටැන්ලි කරන්නෙ බොරුවක්.

    ReplyDelete
  2. ස්ටැන්ලිගේ කථාවල අවසානයද ? :D:D:D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. තවත් කතා එයි ළගදීම.. :)

      Delete
  3. Replies
    1. දවසට කී වතාවක්ද නේ..? :)

      Delete
  4. ස්ටැන්ලි මැරෙන එකම හොඳයි බං :D

    ReplyDelete
    Replies
    1. ඇයි බං එහෙම කියන්නේ..? ඌ පවුනේ..:(

      Delete
  5. ඈ බන් ඌ මාර පෙරේතයෙක්නේ

    ReplyDelete
  6. ස්ටන්ලිය කපටිය. නොනව රවට්ටගත්ත :D

    ReplyDelete