Wednesday, August 29, 2012

බුෂ්ට ප්‍රශ්ණයක්..!!


කාලයක් තිබුනනේ  ඔසාමා බින් ලාඩන්  ( ඔසාමා මැරෙන්න කලින් ) තාමත් ජීවත් වෙනවද නැද්ද කියන එක ගැන හරියට තොරතුරක් හොයාගන්න බැරුව. ජෝර්ජ් බුෂ් කිය කියා ගියේ ඔසාමා මැරිලා කියලා. ඒත් ජීවතුන් අතර හිටපු ඔසාමා තීරණය කරා තමන් තාමත් ජීවත් වෙන බව බුෂ්ට කොහොමහරි දන්වලා යවන්න ඕනේ කියලා.ඔසාමා කරේ තමන්ගේ අත් අකුරු වලින් බුෂ්ට ලියුමක් ලියලා යවපු එක. ඉතින් ලියුම බුෂ්ගේ අතට හම්බුනා.ගලවලා බලද්දී ලියුමේ ලියලා තිබුනේ තිබුනේ එකම පේළියයි.ඒ..


-370H-55V-0773H-

 බුෂ් ලියුම දැක්කාම කිසි දෙයක් තේරුනේ නෑ...බුෂ් කතා කරා කොන්ඩලීසා රයිස්ට. බලන්න කිව්වා එයාට ඒක තේරෙනවද කියලා. රයිස් ලියුම බලලා දහ අතේ කල්පනා කරා. එයාට මීටර් වුනෙත් නෑ. රයිස් කරේ ඒ ලියුම FBI එකට බාර දුන්නු එක.

FBI එකටත් බැරි වුනා ඒකෙ ලියලා තියෙන්නේ මොනවද කියලා හොයාගන්න. ඉතින් FBI එක තීරණය කරා ලියුම CIA එකට බාර දෙන්න. එයාලට වඩා වැඩකාරයෝ CIA එකේ ඉදි කියලා.ඒත් CIA එකටත් බැරි වුනා. ඊටපස්සේ වුනේ ලියුම MI6,Mossad වැනි ලෝකේ හොදම ආයතන ටිකටත් ඒක විසදලා දෙන්න කියලා යවපු එක. ඒත් කලින් වුනා වගේ ඒ කිසිදු ආයතනයකට බැරි වුනා ඒ ගැටලුව විසදලා දෙන්න. අන්තිමේදී ජෝර්ජ් බුෂ් තීරණය කරා ලියුම ශ්‍රී ලංකාවේ CID එකට දීලා ලියුමේ තියෙන දේ කියවගන්න බලන්න. ඉතින් ලියුම CID එකට ඇවිත් විනාඩි 3ක් යන්නත් කලින් එකේ ලියලා තියෙන්නේ මොනවද කියන CID එකට හොයාගන්න පුළුවන් වුනා.ඉ‍ට පස්සේ CID ඔෆිසර් ජෝර්ජ් බුෂ්ට දැන්වුවා කරන්න ඕනේ මොකද්ද කියන එක. 

මේ කතාව සමහර අය අහලා ඇති.දන්නා හෝ නොදන්නා අයගෙන් මේ පෝස්ට් එක කියවන අයගෙන් මං අහන්නේ.,

'පුළුවන්ද හොයාගන්න ඒකෙ ලියලා තිබුනේ මොනවද කියන එක, ඒක හොයාගන්නේ කොහොමද කියන එක..?' 

ට්‍රයි එකක් දෙන්න.ඒක හිතන තරම් අමාරු නෑ.උත්තරේ කමෙන්ට් කරලා යන්න. මං රෑට පබ්ලිෂ් කරන්නම් හරි උත්තරේයි, හොයාගන්න විදියයි.උත්තර දුන්නු අයගේ උත්තර ටිකත් ඒ වෙලාවට..


___________________________________________________________

ප/ලි : ඔන්න මං හරි උත්තර දුන්නු අයගේ කමෙන්ට් පබ්ලිෂ් කරා.මේක එච්චර අමාරු නෑනේ. හුගක් අය දැකලත් ඇති කියලා මට හිතුනා.කොහොමෙන් හරි ඉස්සෙල්ලම උත්තරේ දීලා තිබුනේ 'වන වදුල' . ඒක තමා මේ පොස්ට් එකට වැටිච්ච පලවෙනි කමෙන්ට් එකත්. ඇනෝලා කීප දෙනෙකුත් උත්තර දීලා තිබුණා.උත්තරේ හොයන්න ගිහින් චන්දනගේ  මොළෙත් උළුක්කු වුනාලු.බොට්ටා කියන සහෝ මං එයා එවපු උත්තරේ පබ්ලිෂ් නොකර උත්තරේ හොයාගන්න බැරි වුනු අයගේ කමෙන්ට් වලට රිප්ලයි කරනවා දැකලා තවත් කමෙන්ට් එකකුත් දාලා තිබුණා 'උත්තරේ එව්වා' කියල.රජා උත්තරේ නොදී මග ඇරලා ගිහින්.කොල වෙරි ඩී ට නිදිමත හැදිලා උත්තරේ දානකම් බලන් ඉදලාද කොහේදෝ.. හිකිස්.. !!

දේශ් සහෝදරයා ඒ වචන සෙට් ඒක තිබුණු තවත් කතාවක ලින්ක් එකක් එහෙමත් දාලා තිබුණා. ඒක දකිද්දී මං ඉක්මනට ඒ ලින්ක් එකට ගිහින් බැලුවේ මේ කතාව කොහේ හරි සිංහල බ්ලොග් එකක තිබුණු එකද්ද කියලා. මොකද අෆ්ෆා ආයෙත් කොපිකැට් කියලා අහගන්න උනොත් විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑනේ.. ගිහින් බලද්දී ඉංග්‍රීසි සයිට් එකක්. ඒකෙන් හිතට ආව අවුල නැති වුනා.

උත්තරේ හොයාගන්න විදිය කමෙන්ට් වල තියෙනවා.. හොයාගන්න බැරි වුනු ඈයෝ ඒවා බලන්න. උත්තර දුන්නු,නොදුන්නු හැමෝටම තැන්කු වේවා..!!

48 comments:

  1. මොක්ක්ද hello ass hole වගේ දෙයක් පේන්නේ?

    ReplyDelete
    Replies
    1. 1
      ඕ ඕ.. ඒක තමා තිබුනේ. කොහොමද හොයාගත්තේ? පොස්ට් එක දාල විනාඩි 5ක් වත් ගියේ නෑ උත්තරේ කමෙන්ට් වෙලා තියෙනවා දකිද්දී.. :)

      Delete
    2. ඔය අපබ්‍රංස වගේ දේවල් වලදි වමේ ඉදල දකුණට බැරි වුන නිසා අරාබි ක්‍රමේ අත්හදා බැලුව. මුලින්ම ආවෙ hello vss hole ඒක හරි නෑ වගේ නිසා තමා අඩු අකුර පෙනුනෙ. :D

      Delete
    3. මම එන්න නම් පරක්කු වුනා..ඒත් උත්තරේ හොයාගන්න කමෙන්ට්ස් බැලුවේ නැ හොඳේ.. සත්තයි මන් හොයාගත්ත.. ෆෝන් එකේ ටයිප් කරල උඩ යට හැරෙව්වා.. :)

      Delete
    4. එළනේ..!! ඒත් කෝ උත්තරේ? ඒක නෑනේ. මං හරිද වැරදිද කියලා බලන්න එපැයි.. :)

      Delete
  2. හැදුනුම් පත් අංකයද කොහෙදෝ....

    ReplyDelete
  3. මොලේ උළුක් උනාම ගන්න ඕනි බෙහෙත දන්නවද උඹ:))

    ReplyDelete
    Replies
    1. මොනවා වෙලාද උළුක් වුනේ..? මං දන්නේ නෑනේ.. :(

      Delete
    2. ඇයි බං ඔය ප්‍රශ්ණෙට උත්තරේ කල්පනා කරන්න ගිහිල්ලා :-)

      Delete
    3. හි හි හී.. දැන් උලුක්කුව හොදයි..? :) ඕං උත්තර දැම්මා.

      Delete
  4. ane manda ayye mamanam danne owa....... :)

    ReplyDelete
    Replies
    1. හයියෝ.. ඕක හෙන ලේසියි අෆ්ෆා.. :)

      Delete
  5. http://maaadddog.wordpress.com/2010/04/09/370h-ssv-0773h/

    ReplyDelete
  6. අමාරුයි, මගේ ඔලුවත් රිදෙනවා ඕක ගැන හිතලා.. මට නම් තවත් බෑ.
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. පැනඩෝල් 2ක් බීලා තව පොඩ්ඩක් හිතපන් මචන්.. මීටර් වෙයි.. :)

      Delete
  7. Ey. Yako apiwa pissu nokara me magulata
    Uththre deela giye neththe?

    ReplyDelete
    Replies
    1. උත්තරේ හොයාගන්න එක ලේසියි ඇනෝ.. ට්‍රයි කරන්ට.. :)

      Delete
  8. HELLO ASS HOLE, this is in Leet, read it upside down right to left and translate leet to english :D. Sorry for commenting in english.

    ReplyDelete
    Replies
    1. Its ok frnd. උඹට තරහ ගියේ නෑනේ මචන් මං උත්තරේ එවලා තිබුණු කමෙන්ට් එක පබ්ලිෂ් නොකර හිටියට ? මං පොස්ට් එකේ යටින් ලියලා තිබුණා රෑට තමා උත්තර පබ්ලිෂ් කරන්නේ කියලා.. :D :D

      Delete
  9. @ඉෂාන් මම මේකට උත්තරේ කලින් එව්වා

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. උත්තරේ තියෙනවා.. එවපු උත්තර ටික රෑට පබ්ලිෂ් කරනවෝ..

      Delete
  10. මම කියන්නේ නෑ... අනිත් උන් පවුනේ :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි රජෝ මග ඇරලා ගියේ..? දැන් දකින ඈයෝ හිතයිද දන්නෑ රජා උත්තරේ නොදැන මෙහෙම කිව්වා කියලා.. ඕං අපි දන්නෑ.. ;) :)

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  11. ඉලක්කම් අකුරු වලට ගලපලා බැලුවම නම් එන්නේ
    HELLO A*S HOLE :P

    ReplyDelete
  12. hello ass hole! අනිත් පැත්තට කියවන්න ඕන උඩ යට හිටින්න!

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. පැහැදිලිව කෙටියෙන්ම උත්තරේ හොයාගන්න විදිය කියලා තියෙනවා.. :D :D

      Delete
  13. The answer is ..........
    " Hello Ass Hole "

    ReplyDelete
  14. හයියෝ මේකේ කියලා තියෙන්නේ
    HELLO ASS HOLE
    කියලා..,
    මේක CID එකටත් හොයා ගන්න බැරි උනා ඇත්තටම.., ඊටපස්සේ එයාල මේක මට දුන්නා... මම 2s යන්නත් කලින් හොයා ගත්තා..! ;)
    ඔන්න ඕකයි ඇත්තටම සිද්ද වුනේ!!!

    ReplyDelete
    Replies
    1. හිකිස්..!! මේක ඇමෙරිකාවට එරෙහිව සිද්ධ වුනු විදේශ කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් එහෙම නෙවෙයිනේ..? ඒක හොයාගත්තේ නැද්ද බං..? :D :D

      Delete
    2. ඒක කියුවේ කෝකද බං..?
      O.o

      Delete
    3. විදේශ කුමන්ත්‍රණයක ප්‍රථිපලයක්ද කියන එක.. :)

      Delete
  15. Replies
    1. මං කියන්නේ නෑ බං.හුගක් අය උත්තර එවලා.මං හරි උත්තර එවපු අයගේ කමෙන්ට් පබ්ලිෂ් කරා.ඒවාගෙන් බලපන් :D :D

      Delete
  16. HELLO - ASS - HOLE

    ReplyDelete
  17. දැන්වත් දාපන්කෝ බං මේක...
    අපි නිදාගන්නැද්ද???
    :P

    ReplyDelete
    Replies
    1. දැම්මා.. මං හිතන්නේ මේ වෙලාවේ උඹ නිදි ඇති. ඇහැරුනා වෙලාවක බලහන්.. :D :D

      Delete
  18. @ හරි උත්තර දීලා තියෙන ඇනෝලා 12 දෙනාටත්..

    :D :D :D :D :D :D :D :D :D :D :D :D

    ReplyDelete
  19. ෂික් මම පරක්කුයි :(

    ReplyDelete
    Replies
    1. ඊලග වතාවේ පරක්කු නොවී ඇවිත් යන්න. :)

      Delete