Friday, August 3, 2012

ඔබට මගේ මොනවා හරි වෙනසක් පේනවද..?




ජැක් වැඩ කරපු ආයතනයේදී එයාට දරුණු අනතුරක් සිද්ධ වුණා.අනතුර කොච්චර දරුණුද කියනවනම් ජැක්ගේ කන් 2 සම්පූර්ණයෙන්ම කපලා ඉවත් කරන්න ඩොක්ටර්ස්ලා තීරණය කරා.ඉතින් සති ගානක් හොස්පිටල් එකේ ඉදලා ගෙදර ආවට පස්සේ එයාට දැන ගන්න ලැබුණා ජැක් වැඩ කරපු ආයතනයෙන් එයාව අයින් කරන්න අයින් කරන්න තීරණය කරලා කියලා. හැබැයි නිකන්ම නෙවෙයි.ජැක්ට අනතුර සිද්ධ වුනේ ආයතනයේදී රැකියාව කරන් ගමන් නිසා ආයතනයේ ප්‍රධානින් හිතලා තිබුණා ලොකු වන්දි මුදලක් එක්ක ජැක්ව අයින් කරන්න. ලොකු වන්දි මුදලකුත් ලැබෙන හින්දා ජැක් ඉතින් රස්සාවෙන් අස් වෙලා වන්දි මුදල අරන් ගෙදර ආවා..



දැන් අතේ ලොකු මුදලකුත් තියෙන එකේ ජැක් හිතුවා බිස්නස් එකක් පටන් ගන්න. ඉතින් එයා හිතුවා අලුතෙන්ම ගාමන්ට් එකක් පටන් ගන්න.එහෙම හිතලා එයා මදි අඩු පාඩුවට බැංකුවෙන් ණයකුත් අරන් ගාමන්ට් එක පටන් ගත්තා. මේක පටන් ගත්තට ජැක්ට ගාමන්ට් ෆීල්ඩ් එක ගැන ලොකු දැනුමක් තිබුනේ නෑ. ඉතින් ජැක් තීරණය කරා තමන්ගේ ආයතනයට හොද දැනුමක් ඇති මැනේජර් කෙනෙක් ගන්න.ඊට පස්සේ පත්තරේ දැන්වීමක් දාලා ආව අයදුම්පත්වලින් තුනක් තෝරන් ඒ තුන්දෙනාව ඉන්ටර්විව් එකට ගෙන්වූවා.


ඔන්න ඉතින් ඉන්ටර්විව් කරන්න තීරණය කරලා තිබුණු  දවසේ ඉන්ටර්විව් කරන්න ජැක් පෝලිමේ පළවෙනියට ඉන්න කෙනාට එන්න කිව්වා තමන්ගේ රූම් එකට. ආවේ ටිකක් මැදි වයසේ ඉන්න පිරිමි කෙනෙක්.ඒ පුද්ගලයාගේ සහතික එහෙම බලලා ගාමන්ට් ෆීල්ඩ් එක ගැන කතා කරලා බලද්දී ජැක්ට තේරුණා මේ පුද්ගලයාට ෆීල්ඩ් එක ගැන දැනුමක් තියෙනවා කියන එක.දැන් ජැක්ට සතුටුයි. ඉතින් ඉන්ටවිව් එක අහවර  කරලා ජැක් අන්තිමේදී අර මනුස්සයගෙන් ඇහුවා.,


"මගේ මොනවා හරි වෙනසක් පේනවද..?"


අර මනුස්සයා ටිකක් වෙලා ජැක් දිහා බලන් ඉදලා කිව්වා.,


"ඇත්ත නේන්නම්! ඔබට කන් දෙකක් නෑනේ.."


මේක අහපුවම ජැක්ට තරහ ගියා.ජැක් ඒ මනුස්සයට යන්න කිව්වා.ඊට පස්සේ පෝලිමේ ඊළගට හිටිය කෙනාට එන්න කිව්වා. ආවේ කාන්තාවක්. ඉතින් සහතික ටික බලලා ප්‍රශ්න කීපයකුත් අහලා ඉවර වෙද්දී ජැක්ට හිතුනා කලින් ආව මනුස්සයට වඩා මෙයා හොදයි කියලා.ඒත් අන්තිමේදී අර මනුස්සයගෙන් ඇහුව අන්තිම ප්‍රශ්නේ මෙයා ගෙනුත් ඇහුවා.,


"ඔබට මගේ මොනවා හරි වෙනසක් පේනවද..?"


"ඔව්.. ඔබගේ කන් දෙක නෑ. මං ඇතුලට එද්දිම ඒ බව දැක්කා.."


මේක ඇහුවම ජැක්ට හෙන අප්සෙට්.ඉතින් ජැක් එයාටත් යන්න කියලා ඇවිත් හිටපු අන්තිම කෙනාට ඇතුලට එන්න කිව්වා.තරුණ කොල්ලෙක් තමා ඇවිත් හිටියේ.ජැක් කොල්ලවත් ඉන්ටවිව් කරලා බලද්දී තේරුනා කොල්ලා දක්ෂයෙක් බව කලින් ආව දෙන්නටම වඩා.ඉතින් ජැක් කලින් දෙන්නගෙන් ඇහුවා වගේ මෙයගෙනුත් ඇහුවා අර වෙනසක් පේනවාද කියන ප්‍රශ්නේ.කොල්ලත් ජැක් දිහා ටිකක් වෙලා බලන් ඉදලා කිව්වා..


"ඔව්.. ඔබ ඇස් වලට කාච පාවිච්චි කරනවා.."


උත්තරේ අහපු ජැක්ට ගොඩක් සතුටුයි.කොල්ලට විතරයි මගේ කන් දෙක නැති අඩුපාඩුව නොදැනුනේ.ඉතින් ජැක් ආයෙත් කොල්ලගෙන් ඇහුවා.,


"විශිෂ්ඨයි ඔබේ හැකියාව දරුවා..කලින් ආව දෙන්නට වඩා ඔබේ නිරීක්ෂණ හැකියාව සතුටුදායකයි.ඔබ කොහොමද දැනගත්තේ මං ඇස්වලට කාච පාවිච්චි කරනවා කියලා..?"


කොල්ලා හොදට පුටුවේ ඇන්දට හේත්තු වෙලා ජැක්ට කිව්වා..


"කන් දෙකක් නැති මනුස්සයෙක් කොහොමද හලෝ කන්නාඩි දෙකක් දාන්නේ..!!"


14 comments:

  1. කොල්ලනම් සිරාම පොරක් තමයි....ඒත් ලොක්කට ඊටවඩා තරහ යන්න එපායැ. කව්ද..? එතකොට ජොබ් එකට ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. අන්තිමට ආව පොර. මොකද පොරගේ නිරීක්ෂණ හැකියාව වැඩියිනේ.. :)

      Delete
  2. මමත් ආව. ෆට්ට කතාව. : )

    ReplyDelete
    Replies
    1. දිගටම එයිනේ එහෙනම්... :)

      Delete
  3. අන්තිම ටික කියල ඉවර උනාම, පුහ්! කියෙඋන විතරයි මොනිටර් එක කෙල වලින් නැවුනා.

    ReplyDelete
    Replies
    1. මොනිටරේ එච්චර ළගින්ද තියන් ඉන්නේ..? මොනිටරේ තිබුනු කෙල පිහිද ගත්තනේ..? :)

      Delete
  4. අච්චෝ..............................නියමා......................යි මේ කතාව නම්...:)

    ReplyDelete
  5. සිරා කොල්ලන්ට විතරයි ඕවා හිතෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචන්.. එතන හිටියේ මේ අපි වගේ සිරා කොල්ලෙක්..:)

      Delete
  6. එල කතාව...

    ReplyDelete