Monday, July 23, 2012

බෝවෙන ලෙඩක්..



ඔන්න පිටරට සංචාරෙකට ගිය සමන් ආපහු ලංකාවට එද්දී ආවේ ලෙඩ වෙලා.. ලංකාවට ආපු ගමන් මෙයා ගිහින් පුද්ගලික රෝහලක නැවතුනා.රෝහලේ මෙයාව චෙක් කරපු ඩොක්ටර් නර්ස් කෙනෙක්ට කිව්වා මෙයාට ෆුල් චෙකප් එකක් දීලා රිපෝර්ට් ටික ගෙනත් පෙන්වන්න කියලා. ඉතින් නර්ස් මෙයාව චෙකප් රූම් එකට අරන් රිපෝර්ට් වලට ඕන ටික සාම්පල් ටික ගත්තා. ඊට පස්සේ සමන්ව එයාගේ රූම් එකට යවලා රිපෝර්ට් ටික ඩොක්ටර්ට ගිහින් දුන්නා..


ඉතින් සමන් දැන් ඇදට වෙලා ඉද්දි රූම් එකේ තිබුණු ෆෝන් එක රිං වෙන්න ගත්තා.සමන් ෆෝන් එකට ආන්සර් කරා.,


"හෙලෝ.."


"හෙලෝ සමන්.. මං මේ ඔයාව චෙක් කරපු ඩොක්ටර් කතා කරන්නේ.."


"ඔව්.. කියන්න ඩොක්ටර්.."


"සමන්.. මං ඔයාගේ රිපෝර්ට් ටික බැලුවා. කියන්න කණගාටුයි, ඔයාට හැදිලා තියෙන්නේ බෝවෙන රෝගයක්. ඒකට කියන්නේ G.A.S.H කියලා.. ඉතින් ඔයාට රූම් එකේම ඉන්න වෙයි.එළියට එන්න බෑ.. ඕක අනිත් අයටත් බෝවෙන්න පුළුවන්.."


"G.A.S.H !!. මොකද්ද ඩොක්ටර් G.A.S.H කියන්නේ..?"


"G.A.S.H කියන්නේ ලෙඩ කීපයක එකතුවක්.. Gonorrhea, AIDS, SARS සහ Herps කියන ලෙඩ වල එකතුවක්.."


"අනේ දෙවියනේ.. දැන් අපි මොකද ඩොක්ටර් කරන්නේ..?"


"මෙහෙමයි.. අපිට ඔයාට දෙන්න වෙන්නේ පීසා, රෝස් පාන් , තොසේ, හැලප වගේ කෑම.." ඩොක්ටර් සාමාන්‍ය විදියට කිව්වා.


"ඒවායින් මාව සනීප වෙනවද..?"


"නෑ.. ඇත්තම කියනවානම් ඒවා තමා අපිට රූම් එකේ දොර යටින් එවන්න පුළුවන් කෑම.."



6 comments: