Thursday, August 16, 2012

සර්.. සර්ගේ බැරක්කයේ දොර ඇරිලා!!



විකී කියන්නේ මැදි වයසේ ඉන්න ලොකු ආයතනයක කළමනාකරුවෙක්.මෙයා ගාව හිටිය සෙකට්‍රි අස්වෙලා ගිය හින්දා විකී තීරණය කරා අළුතෙන් සෙකට්‍රි කෙනෙක්ව ගන්න. ඉතින් ඉන්ටවිව් එකක් තියලා  ඒ පෝස්ට් එකට කෙනෙක්ව තෝරගන්න පත්තරේ ඇඩ් දැම්මා.එහෙම කරලා ඉන්ටව්ව් කරන දවසේ ඇවිත් හිටියා ලස්සන කෙල්ලක්.කෙල්ලගේ නම 'චාම්'. නම වගේම තමා කෙල්ලත්.අදින පළදින විදිය,ආචාරසම්පන්න භාවය, අධයාපන මට්ටම එහෙම හොදටම හොදයි.ඉතින් විකී දෙපාරක් හිතන් නැතිව චාම්ව තමන්ගේ සෙකට්‍රි විදියට තෝරාගත්තා.

චාම් ඉතින් ඔහොම වැඩ කරනන පටන්ගෙන ටික කාලයක් ගියා. දවසක් ෆයිල් එකක තිබුණු නොපැහැදිලි තැනක් අහගන්න විකී ඉන්න තැනට යද්දී චාම් දැක්කා විකිගේ කලිසමේ සිපර් එක ඇරිලා තියෙනවා.ඉතින් චාම්ට ඒක කියාගන්න බෑ. ඇයි ලැජ්ජා බයට හැදුණු කෙල්ලනේ.ඉතින් ඒ ගැන නොකියා ෆයිල් එකේ වැඩේ ඉවර කරගෙන ආපහු හැරිලා යද්දී චාම්ට හිතුනා මේක විකිට කියන්න.තවත් කව්රුහරි දැක්කොත් සර්ට හරි නෑනේ කියලා.ඉතින් චාම් විකිගේ කාමරෙන් එළියට යන්න කලින් විකී දිහාට හැරිලා ආචාරශීලීව කිව්වා..



"සර්.."

"මොකෝ චාම්..?"

"සර් දන්නවද දන්නේ නෑ.. සර්ගේ බැරක්කයේ දොර ඇරිලා කියන එක.."

චාම් ඒ විදියට කිව්වා විකිගේ සිපර් එක ඇරිලා තියෙන විත්තිය.ඒක කියලා චාම් කාමරෙන් එළියට ගියා. ඒත් ඒක විකිට තේරුනේ නෑ. ඒක තේරුමක් නැති දෙයක්නේ කියලා හිතලා විකී එයාගේ වැඩ කරන්න පටන් ගත්තා. ටික වෙලාවකින් විකී වැසිකිලියට යද්දී දැක්කා කලිසමේ සිපර් එක ඇරිලා තියෙන එක. චාම් නොකියා කිව්වේ මේ ගැන තමා කියලා විකිට තේරුණා.

ඉතින් ගිය වැඩේ අහවර කරන් ආවට පස්සේ විකිට හිතුනා චාම්ට පොඩි විහිළුවක් කරලා චාම්ගේ තියෙන ලැජ්ජාව ටිකක් අඩු කරන්න. එහෙම හිතලා විකී චාම්ට ඇතුලට කතා කරා වැඩක් තියෙන විදියට. ඒ ගැන කතා කරලා ඉවර වෙලා විකී.,

"චාම්.. ඔයා උදේ දැක්කනේ මගේ බැරක්කයේ දොර ඇරලා තියෙනවා. ඔයා ආය දැක්කේ නැද්ද ඒකෙ ඉන්න සොල්දාදුවා සීරුවෙන් හිටන් ඉන්නවා..?"

චාම් විකී දිහා බලලා පොඩි හිනාවක්‌ එක්ක.,

"ඇයි නැත්තේ සර්..!! මම හැමදේම දැක්කා.. වැලි කොට්ට දෙකක් මැදින්, බොහොම අමාරුවෙන් පණ ගහලා නැගිටලා ඉන්න වයසක සොල්දාදුවෙක්.." 

23 comments:

  1. නාකි උනහපුලුවෙක් නේ..
    චාම්නුත් චාම්ම නෑනේ..
    වැලි කොට්ට දෙකක් මැදින්, බොහොම අමාරුවෙන් පණ ගහලා නැගිටලා ඉන්න වයසක සොල්දාදුවෙක්
    එල නාකි උනහපුලුවෙක් නේ..
    චාම්නුත් චාම්ම නෑනේ..
    වැලි කොට්ට දෙකක් මැදින්, බොහොම අමාරුවෙන් පණ ගහලා නැගිටලා ඉන්න වයසක සොල්දාදුවෙක්
    එල :D :D

    ReplyDelete
  2. හෆොයි දෙයියනේ.. චාම් මාර චාමින් ආහ්..:D

    ReplyDelete
  3. :D දැන් කාලෙ කෙල්ලොන්ගේ කට තියෙන්නෙ කනේ!

    ReplyDelete
  4. හයියෝ ලොක්ක මේ කතාව බ්ලොග් සයිට් කීයක මීට කලින් පලවෙලා තියනවද. මේක අවුරුදු ගානක් පරණ මිලිටරි ජෝක් එකක්. ඔය කතාව ඇතිවෙන්නේ ජෙනරාල් කෙනෙක් සහ සෙබළියක් අතර. මොනවද ලොක්ක ලියනවකෝ අලුත් දෙයක් නිකම් කොපිකැට්‌ කෙනෙක් වෙන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. මේකයි ලොක්කා සීන් එක.මං මේ කතාව මීට කලින් බ්ලොග් එකක දැකලා නෑ. දැකලා තිබුනනම් ලියන්නෙත් නෑ එහෙනම්. මගේ එහෙම කොපිකැට් වැඩ නෑ ඔය අනිත් අයගේ වැඩ වගේ.ආය හොර බොරුත් නෑ..

      Delete
    2. //මේක අවුරුදු ගානක් පරණ මිලිටරි ජෝක් එකක්.//
      ඒකට මොකද කොච්චර පරන උනත් නොකියවපු අය තව ඔනෙතරම්.... ඇති ඔයා ලියන්න
      ඔය කියන කෙනා ලියපු අලුත් දේවල් දාන්න කියන්න අපිටත් කියවන්න

      Delete
  5. විකි ඉල්ලන් කාලා :D

    ReplyDelete
  6. අනේ පවු විකියාට....

    ReplyDelete
  7. මේකනම් කියවලාම නෑ. :D

    ReplyDelete
    Replies
    1. මේක නොකියවපු අයට තමා ලිව්වේ අක්කා.. :D :D

      Delete
  8. මේ පැත්තට දවස් ගානකින් එන්න බැරි උනා. කතාව නියමයි. සිනා මනා කිව්වලු. :):):):)

    ReplyDelete
  9. machn dan nathi hinda ahanne. kawda ban oya jokek adinne nathi manager? Hikz....

    ReplyDelete
    Replies
    1. චාම්ගෙන් තම අහන්න ඕනා.. :) :)

      Delete
  10. මරු මරු...කතාවනම් මරු සහෝ....ඔබට ජය

    ReplyDelete
  11. මට චාම් ගෙ නම්බර් එක ද්යන්කො

    ReplyDelete
    Replies
    1. ඒ සීන් එක වුනාට පස්සේ චාම් නම්බර් ඒක මාරු කරලා බං..

      Delete
  12. ඇහුව ගොන්කම් කියන්නේ මේවා තමා :D

    ReplyDelete