Thursday, August 9, 2012

මුළු රෑම අහසේ තමා ඉන්න වෙන්නේ..


මිහින් එයාර් ගුවන් යානයක් ලංකාවේ ඉදලා ඇමෙරිකාවට යන අතර මගදී යානයේ එක එන්ජින් එකක අවුලක් ඇවිත්.යානයේ ගුවන් නියමුවා නියමු කුටියෙන් එළියට ඇවිත් යානයේ හිටපු මගීන්ට කිව්වා..,

"සමාවෙන්න මහත්වරුනි,නෝනාවරුනි.. අපි‍ට කනගාටුදායක ආරංචියක් කියන්න තියෙනවා.. අපි යන යානයේ එක එන්ජින් එකක් අක්‍රිය වෙලා.ඉතින් අපේ ගමන විනාඩි 30කින් පරක්කු වෙනවා.."

එහෙම කියලා ගුවන් නියමුවා ආපහු කුටියට ගියා. ගිහින් ටික වෙලාවකින් ආපහු දොර ඇරන් ඇවිත්..,


"සමාවෙන්න.. යානයේ තවත් එන්ජින් එකක් අක්‍රිය වුනා. ඉතින් අපේ ගමන තවත් පැයකින් විතර පරක්කු වෙයි.."

ඔන්න තවත් ටික වෙලාවකින් කුටියෙන් බැරෑරුම් මූණකින් ඉවතට ආව නියමුවා යානයේ හිටපු මගීන්ට කිව්වා.,

"කියන්න කණගාටුයි මහත්වරුනි.. යානයේ තුන්වෙනි එන්ජින් එකත් දැන් මොහොතකට කලින් අක්‍රිය වුනා.අපි දැන් යානය ගමන් කරන්නේ තියෙන අන්තිම එන්ජින් එකෙන්.ඉතින් මට කියන්න තියෙන්නේ ඔබලාට අපේ ගමනාන්තය තවත් පැය 2කින් පරක්කු වෙනවා කියන එක.."

මේක අහපුවාම යානයේ හිටපු මගීන්ට අවුල්ලු.. එක කොල්ලෙක්  තමන්ගේ ෂීට් එකට එහා පැත්තේ හිටපු කෙල්ලගේ පැත්තට හැරිලා කිව්වා..

"බලන්න හනේ.. මේ යක්කු එන්න කලින් එන්ජින් ටික චෙක් කරලා නැද්ද කොහේදෝ.. දැන් වැඩ කරන එන්ජින් එක දිගටම වැඩ කරොත් හොදයි.. එහෙම නැතිවුනොත් අපිට මුළු රෑම අහසේ තමා ඉන්න වෙන්නේ..."

18 comments:

  1. :D පට්ටයි නේ බං එලිවෙනක්නම අහසේ ඉද්දි

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. තරු බල බල, දෙවියන්ට පින් දිදී එහෙම.. :D :D

      Delete
  2. aparade ai danne itiri ekath wada kale... :))

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑනේ මාත් හලෝ.. :D :D

      Delete
  3. හි හි.............. :)

    ReplyDelete
  4. මිහින් ලංකා නම් ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. ලංකාවේ තියෙන හොදම ගුවන් සේවය. :D :D

      Delete
  5. MIHIN LANKA MAGA HITINA KOTA MIHIN LANKA HITIYA NOKIYA - QANTAS HITIYA KIYANNADA

    ReplyDelete
  6. හොඳ හෝ නරක මිහින් කියන්නේ අපේ රටේ එයාර් ලයින් එකක්. එහෙම කචල් එන්ජින් තියෙනවනම් ඒවා උස්සන දෙන්නේ නෑ ජාත්‍යන්තර ගුවන් සේවා ආයතන වලින්. මමත් මිහින් එයාර් එකේ ගිහින් තියෙනවා. ලොකු වෙනසක් නෑ. සමහරු ෆ්ලයිට් එකකට නගින්නේ කන්නයි බොන්නයි බලාගෙන. මිහින් එයාර් එකේ ඒවා අඩුයි. මේක විහිළු කතාවක් කියල තේරෙනවා. කවුරුහරි කියන දේවල් වලින් දෙයක් තේරුම් ගන්න අමාරුයි. තමන්ට අත්දැකීමක් නැත්නම් නිහඬව ඉන්න ඒක හොදයි.

    ReplyDelete
  7. @ සුදීක, බුදර්....ඹක වැඩිය,serious ගන්න එපා.......!its a jorkනේ මචං

    ReplyDelete
  8. ඈ බන් මේ මම උඹේ කතා මගෙ ස්ටේට් එකේ දානවා ඈ අවුලක් නැහැනේ ... :D

    ReplyDelete
    Replies
    1. අවුලක් නම් නෑ.. ඒත් ලින්ක් එක දාහන් :)

      Delete