Monday, September 3, 2012

මේ කේස් එක ගොඩින් බේරගන්න කැමතිද..?




අද ලියන්න යන්නේ මං ප්‍රේම කරන කාලේ මට මුහුණ පාන්න වුනු වෙච්ච පොලිස් සිද්ධි වලින් දෙකක්.. මේ ලියන්න යන ඒවා වුනේ A/L කරන කාලේ..

මුලින්ම A/L කරන්න හිතන් හිටියේ ගණිත අංශයෙන් වුනාට ඉස්කෝලේ පටන්ගෙන සති දෙකකින් වගේ ඉෂාන් බයෝ වලට මාරු වුනා. ඒ මැත්ස් කරන්න මගේ O/L කාලේ හිටපු යාළුවෝ එකෙක්වත් හිටියේ නැති හින්දා. සමහරුනම් කිව්වේ මං මැත්ස් අත්හැරියේ බයෝ වලට අලුතෙන් ආව ගෑනුළමයෙක් හින්දා කියලා. ඒ වුනාට ඇත්තම සීන් එක යාළුවෝ හිටියේ නැති හින්දා.. බයෝ වලට මාරු වෙලා කොහොම හරි ඒ කියන ගෑනු ළමයත් එක්කත් යාලු වුනා.ඒ ගෑනුළමයාත් එක්ක එයාගේ යාළුවෝ දෙන්නෙක්ම බයෝ පන්තියට ඇවිත් හිටියා.එක්කෙනෙක් එයාගේ ලොකු අම්මාගේ දුව.එයත් එක්ක යාලු වෙලා හිටියේ මගේ යාලුවෙක්.නම මධුසංඛ.පොරත් කරේ බයෝ.ඒ එෆෙයාර් එක පටන්ගෙන තිබුනේ O/L ඉවර වෙලා. කොහෙමෙන් හරි යාලු වෙලා නොහිටපු අනිත් ගෑනු ළමයටත් මගේ තවත් යාළුවෙක් වුනු ප්‍රදීප්ට සෙට් කරා. ප්‍රදීප් කරේ කොමස්.
ඉතින් මේ කපල් තුන ක්ලාස් කට් කරලා ෆිල්ම් බලන්න, නුවර වැව රවුමේ ඉන්න, කෑම කන්න... එකී නොකී  හැමදෙයක්ම කරේ එකට. හැබැයි පස්සේ කාලෙක ඒ විදිය වෙනස් වුනා.ඒ කාලේ අපි (කොල්ලෝ) තුන් දෙනාට අයිඩෙන්ටි කාඩ් තිබුනේ නෑ ක්ලාස් කට් කරලා වේල්ස් පාක් යන්න.වේල්ස් පාක් එකට ගත්තේ අයිඩෙන්ටි කාඩ් තියෙන, වයස 18ට වඩා වැඩි අය.ගෑනු ළමයි තුන් දෙනාගෙන් දෙන්නෙකුට අයිඩෙන්ටි කාඩ් තිබුනා.ඉතින් වේල්ස් පාක් යන්න සුදුසුකම් හැමෝම සපුරලා නැති හින්දා කට්ටියගේ තේරීම වුනේ වැව රවුම.ඉතින් එක්තරා දවසක හැන්දෑවේ මේ සෙට් එක ක්ලාස් කට් කරලා වැව රවුමට ගියා.ඉතින් වැව රවුමේ ඉදලා උඩ පාරකට යන්න පුළුවන් පඩි පෙළක් තිබුනා.මිනිස්සු එකේ යන්නේ නැති තරම් ඒ දවස වල.ඒ පඩිපෙළෙන් නැගලා ධර්මරාජ ඉස්කෝලේටත් යන්නත් පුළුවන්. පඩි පෙළ තිබුනේ ටිකක් උස තණ ගස් වැහිලා.ඉතින් පහල පාරෙන්,උඩ පාරෙන් යන කෙනෙකුට පඩි පෙලේ යන අය, ඉන්න අය පේන්නේ නෑ. ඉතින් එදා අපේ නැවතුම් ස්ථානය වුනේ ඒ පඩි පෙලේ මැද හරිය වගේ. ඉතින් දැන් කට්ටිය ගිහින් පඩි වල වාඩි වෙලා හිටියා කතා කර කර තමන්ගේ ලෝක වල. ඔහොම ඉන්න අතරේ එක පාරම ඇහුනා..

"ඒයි.. නැගිටිනවා කට්ටියම.."

එක පාරම ඇහුනු සද්දෙන් හැරිලා උඩ බලද්දී දැක්කා ටිකක් වයසක පොලිස් කාරයෙකුයි, පොලිස් සහායකයෙකුයි පඩි පෙලේ උඩ හරියක ඉන්නවා කට්ටිය දිහා බලාගෙන.ඒ දෙන්නාව දැක්කා විතරයි කට්ටිය ඩිම් වුනා.නැගිට්ටා පොත් ටිකත් අරන්. එතකොට අර පොලිස් කාරයා..

"මොනවද තමුසෙලා මෙහෙ කරන්නේ..? තමුසෙලාට යන්න තැන් නැද්ද? අපිට කෝල් එනවා එක එක මිනිස්සුන්ගෙන් මේ පඩි පෙලේ යන්න එන්න විදියක් නෑ. එක එකා මෙතන මගුල් නටනවා කියලා. ."

පොලිස් කාරයා ඒ ටික කියවගෙන ගියා.දැන් කට්ටියම බය වෙලා.ගෑනු ළමයි තුන් දෙනාට දාඩියත් දාලා.අනිත් අයටත් ඒ වගේ තමා. කවුද හිතුවේ ඒ වගේ හැන්දෑවක පොලිසියෙන් පනී කියලා.

"ගන්නවා තමුසෙලාගේ අයි ඩි කාඩ්.."

ඒක ඇහුනාම කට්ටිය මූණෙන් මූණ බලාගත්තා. ඇයි අපි තුන් දෙනාට අයිඩෙන්ටි කාඩ් නෑනේ.ඒක දකිද්දී පොලිස් කාරයෝ දෙන්නට මීටර් වෙන්න වුනා අපි‍ට අයිඩෙන්ටි කාඩ් නෑ කියන එක.

"තොපිට අයිඩෙන්ටිත් නැද්ද? ලැස්ති වෙයන්ලා පොලිසියට යන්න. තොපේ අම්මලාට, තාත්තලාට, ඉස්කෝලෙට කතා කරලා කියන්නම් තොපිලාගේ වැඩ. වයසේ හැටියටද වැඩ මුන්ගේ..!!"

පොලිස් කාරයා කියවගෙන කියවගෙන ගියා.දැන් මට මැවිලා පේනවා පොලිසියට එක්කන් යනවා, පොලිසියේ ලොක්කෝ බනිනවා,ගෙදරින් ගෙන්නවලා එයාලටත් බැනලා බැනලා බාරදෙනවා. ඉස්කෝලේනුත් එලවනවා. ඒ වගේද ගෙදර ගිහින් පපාගෙන් කන්න හම්බවෙන කෑම ටික.. ඒ වගේ එක එක දේවල් දැන් මැවිලා පේනවා.

"නෑ සර්.. මෙයාලට තියෙනවා.." ප්‍රදීප් කෙල්ලෝ ටිකව පෙන්නවලා කිව්වා.

"ගන්නවා එහෙනම්.."

ඊට පස්සේ අයිඩෙන්ටි කාඩ් තිබුණු දෙන්නගේ කාඩ් දෙක පෙන්නුවා. ඒක බලලා අයිඩෙන්ටි කාඩ් අපේ අතට දුන්නු පොලිස්කාරයා..

"එනවකො තමුසෙලා තුන්දෙනා පොඩ්ඩක් උඩට.." කියලා මටයි, මධුසංඛටයි, ප්‍රදීප්ටයි කිව්වා.ඉතින් අපි තුන් දෙනාම ගෑණු ළමයි තුන් දෙනාව පඩි පෙලේ තියලා පාරට ගියා මොකද්ද වෙන්නේ යන්නේ කියලා හිතාගන්න බැරුව.

"මේ කේස් එක ගොඩින් බේරගන්න කැමතිද..?"

"ඔව් සර්.." අපි උත්තර දුන්නට වෙන්න යන්නේ මොකද්ද කියන එක තේරුනේ නෑ.මං හිතුවා මුන්ට කෙල්ලෝවත් ඕනේ වෙලාද කියලා.අනේ අප්පේ එහෙම වුනොත් මොකද කරන්නේ කියලා හිතාගන්න බැරි වුනා.

"තමුසෙලා අතේ කීයක්‌ තියෙනවද..?"

"ඒ කිව්වේ සර්..?"

"මං ඇහුවේ තමුසෙලා අතේ සල්ලි කීයක්‌ තියෙනවද කියලා.."

"දන්නේ නෑ. බලන්න ඕනේ.."

"බලනවා කීයක්‌ තියෙනවද කියලා..? තමුසෙලා කැමතිද පොලිසියට ගිහින්, තමුසෙලා අනාචාරයේ හැසිරුනා කියලා උසාවි දානවට..? තමුසෙලාගේ දෙමවුපියන්ගේ නම්බුව නැති කරන්න..? නෑනේ..? එහෙනම් දැන් තමුසෙලා අතේ තියෙන සල්ලි එකතු කරලා බස් වියදම විතරක් තියන් අනිත් ටික දෙනවා.."

ඒ ටික ඇහෙද්දීනම් හිතට මාර සැනසිල්ලක් දැනුනේ.කෙල්ලෝ නෙවෙයිනේ ඉල්ලන්නේ. සල්ලි..ඉතින් අපි තුන් දෙනා කරේ පර්ස් දිග ඇරන් ගෙදර යන්න සල්ලි ඉතුරු කරන් ඉතිරි ටික එකතු කරපු එක. එකතු කරලා බලද්දී තිබුනේ රුපියල් 500ක් වගේ.ඒ ටික අපි පොලිසියේ මනුස්සයාට දුන්නා.. ඒක අතට ගත්ත පොලිස් කාරයා..

"මල්ලි, මේ හරියේ ආය ඉන්න එපා.වේල්ස් පාක් හරි, ගාඩ්න් එකට හරි යනවා.අපි හින්දා හොදයි.වෙන එකෙක් ආවනම් උසාවි දාලා තමා නවතින්නේ.මේ මිනිස්සු කෝල් දෙනවා අපිට. ආය එහෙම ඉදලා මාට්ටු වෙන්න එපා. දැන් යනවලා.."

කියලා පොලිස්කාරයෝ දෙන්නා ගියා.සල්ලි ගත්තාට පස්සේ මාර වෙනස් වීමක්නෙ. ඒ ගැන හිතන්නේ නැතිව අපි ඉක්මනටම එතනින් ආවා. ඊට පස්සේ නම් ආය ඒ පඩි පෙළ පැත්තට ගියේ නෑ.

මං නම් තව දෙපාරක් විතර පොලිසියෙන් බැනුම් ඇහුවා වැවරවුමේ ඉදලා. එක වතාවක් බේරුනේ මගේ සපත්තු දෙක හින්දා.ඒ කතාව මෙහෙමයි..

කාලයක් ගියාට පස්සේ මගේ යාළුවෝ දෙන්නා අයිඩෙන්ටි කාඩ් හදන් පාක් යන්න පටන් ගත්තා.හැබයි එක පාරක් පාක් එකට ගියා අනිත් එවුන් දෙන්නගේ අයිඩෙන්ටි කාඩ් වල පිහිටෙන් හා මගේ ගෑණු ළමයාගේ අයිඩෙන්ටි කාඩ් එකේ පිහිටෙන්. එයාලගේ ඒවා බලපුවාම තේරුනා අපිට වයස 18ට වැඩියි කියලා. අනික මගේ ගෑණු ළමයටත් 18ට වැඩි හින්දා මට 18ට අඩු වෙන්න බෑනේ කියලා කොහොමහරි ගේට් එකේ සික්කාට කියලා ඇතුලට පැනගත්තා. පොරත් කොල්ලෙක් හින්දා ශේප් පාරක් තිබුනා.එහෙම ගියේ එක පාරයි. ආය අයිඩෙන්ටි කාඩ් නැතුව ගිහින් චාටර් වෙන්න මට හිතුනේ නෑ.

ඉතින් දැන් අනිත් කපල් දෙක අයිඩෙන්ටි තියාගෙන පාක් යද්දී අපි දෙන්නට වුනේ වැව රවුමේ ඉන්න.ඔහොම එක දවසක් බංකුවක වාඩි වෙලා (මහමායා ඉස්කෝලේ ඉස්සරහ) ඉද්දි නුවර පැත්තේ ඉදලා ආපු පොලිස් ජීප් එකක් එක පාරම නැවැත්තුවා අපි ඉන්න තැනම.ඒකෙන් බැහැලා ආවේ මරුමුස් පෙනුමක් තියෙන පොලිස් කාරයෙක්. ඇවිත්..

"තමුසෙලා මොනවද මෙතන කරන්නේ..? ක්ලාස් කට් කරලා නේ ඉන්නේ..? තමුසෙලාට ලජ්ජා නැද්ද ඉස්කෝලයක් ඉස්සරහ ලව් කරන්න.ගන්නවා අයිඩෙන්ටි කාඩ් දෙන්නගෙම.."

ඒ මනුස්සයා කියන් ආපු විදියට හා ආපු විදියට හිතුනේ අදනම් ජීප් එකෙන්ම පොලිසියට යන්න වෙයි කියලා හිතලා.එහෙම හිතාගෙනම  මං ගෑණු ළමයාගේඅයිඩෙන්ටි කාඩ් එක අරන් පෙන්නුවා.

"කෝ තමුසෙගේ එක.."

"මගේ එක හදන්න යවලා තියෙන්නේ.තාම ආවේ නෑ.."

ඇත්තම කියනවනම් ඒක හදන්න තියා මං අයිඩෙන්ටියට ෆොටෝ වත් ගහලා තිබුනේ නෑ.ඉතින් ඒක කිව්වට පස්සේ පොර මගේ දිහා හොදට බලලා..

"කොහෙන්ද මේ පොලිස් සපත්තු දාන් ඉන්නේ ..? කවුද පොලිසියේ වැඩ කරන්නේ ..?"

මේක ඇහුවාම මට තේරුණා පොර මං දාගෙන හිටපු සපත්තු දෙක දැක්කා කියන එක.ඒ අපේ පපාලට එයාලගේ දෙපාර්තමේන්තුවෙන් හම්බවෙන සපත්තු දෙකක්.එයාලගේ ඇදුම්, තනතුරු.. හැමදෙයක්ම පොලිසිය වගේ තමා.හැබැයි පොලිසියට තියෙන බලතල තරම් බලතල එයාලාට නෑ. ඉතින් එහෙම හම්බුනු දෙකක් තමා මං ඒ දවස් වල දාන් ගියේ ඉස්කෝලේ එහෙම.

"තාත්තා.." මං කිව්වා..

"කොහෙ පොලිසියේද..?" පොරගේ ඉස්සෙල්ලාම තිබුණු සැර නෑ දැන්.

"................."

තාත්තා පොලිසියේ නොවුනත් මං කියලා දැම්මා.පොලිස්කාරයා ජීප් එකේ හිටපු අනිත් කට්ටිය දිහාට හැරිලා..

"මේ බලන්න සාජන් මහත්තයා.. මේ ඉන්නේ අපේ එකෙක්ගේ පුතෙක්. බලන්න මේකා අපි‍ටත් එක්ක ලජ්ජා කරනවනේ.."

ඊට පස්සේ මගේ දිහාට හැරිලා..

"මෙතන ඉන්නැතුව යනවා. අපිටත් එක්ක ලැජ්ජයි අපේ එකෙක්ගේ පුතෙක් මෙහෙම හැසිරෙද්දී. අනික ඉස්කෝලයක් ඉස්සරහ.. ආය එහෙම මෙතන ඉදලා අහුවෙන්නේ නෑ. තාත්තාගේ නමයි කතා වෙන්නේ පුතාලා කරන වැඩ වලින්.."

අනේ ඉතින් ඒ කරුණාවන්ත පොලිස්කාරයට පින් දීලා අපි දෙන්නා එතනින් ආවා.ඔන්න ඔහොමයි ඉෂාන් සපත්තු දෙකක් හින්දා පොලිසියෙන් බේරුනේ..


ඔය පේන බංකුවේ ඉදලා තමා බැනුම් ඇහුවේ.. (මහමායා එක ඉස්සරහ) (4to එක මං ගත්ත එකක්)

22 comments:

  1. ආදරයට කොහෙදෝ බාධා නැත්තේ! :)

    ReplyDelete
    Replies
    1. බාධා නැතුව කරන ආදරයක් එච්චර සුන්දර නෑ මචං.. :)

      Delete
  2. හී හී.......මරු දේවල් ඔයාටත් වෙන්නෙ..:)
    හොඳ වෙලාවට සපත්තු දෙක තිබුනෙ :)

    ReplyDelete
  3. anunawayen berila...... :)

    ReplyDelete
  4. සපත්තු දෙකට පින් සිද්ද වෙන්න බේරුනා නේ.. :)

    ReplyDelete
  5. අනේ යකෝ...
    තොපිලයේ ගෙවල් අහ අපි එද්දී ලවු කොරාන්ට තොපි අපේ අහ එනෝ නොවැ...

    හරි සෝක්...
    :D

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. බොට මොකෝ අපි ඔය පැත්තේ ආවම?
      සෝක් කියන්නේ සෝක්ම තමා :)

      Delete
  6. ඉෂාන් එදා සපත්තු දෙකට දුම් එහෙම අල්ලලා වඳින්න ඇති නේ..

    ReplyDelete
    Replies
    1. නෑ අෆ්ෆා! මං කරේ ඊලග දවසේ දාන් යන්න සපත්තු දෙකට හොද පොලිෂ් පාරක් දීලා අරන් තිබ්බ එක.. :)

      Delete
  7. ඔය මහමාය එකේ සෝක නංගිලා ඉන්නවනේහ්... අපිදවසක් ස්කොලෙන් ට්‍රිප් එකක් අව.. අනේ අසවේ බෑ.. චුටි පටවනේ.. :ප් ඒත් අලි ඔලුව.. නුවර රස්නේ.. කුමාරිහමිලානේ...
    අපෝ වැව රවුම ගැන නම් කතා කරන්න එපා... මම දැකපු නරකම තැන...
    නුවර පොලිස්ද හොඳ ගාල්ලේ පොලිස්ද..?

    ReplyDelete
    Replies
    1. සෝක් නම් තමා මහමායා එකේ අය! ට්‍රිප් එක ආවේ මහමායා එකටද ?:0
      මොකද්ද බන් වැව රවුමේ තියෙන අවුල?
      පොලිස් නම් ඉතින් කොහේ උනත් එකයිනේ. :)

      Delete
  8. පිස්සු බං! කොල්ලෙක්ට කෙල්ලෙක්ට නිදහසේ කතා කරන්නත් ලයිසන් ගන්න වෙයි ඉස්සරහට!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත! පත්තර බලපුවාම පේනවනේ ඒකනම්. 'අහවල් ස්ථානයේ ඉදලා මෙච්චරක් අල්ලගත්තා, දැඩිලෙස අවවාද කරලා මුදාහැරියා.' වගේ සීන් තියෙනවනේ.

      Delete
  9. සපත්තු දෙක නිසා හොදට ගියා ..එල කතාව

    ReplyDelete
  10. මරැ Experience1නේ බුවෝ.......!

    ReplyDelete
  11. පොලිසිය ලංකාවේ හොඳ පොලිසිය :D

    ReplyDelete