Wednesday, July 18, 2012

25 වෙනි විවාහ සංවත්සරය..



මේකත් ස්ටැන්ලිගේ කතාවක්.. 

ඔන්න ස්ටැන්ලියි,එයාගේ වයිෆුයි බැදලා  25වෙනි විවාහ සංවත්සර දවසත් ආවලු.ඉතින් මෙයාලගේ ළමයි මේ දෙන්නාව රෑ කෑමකට එක්කන් එක්කන් ගියා..

රෑ ඇදට ගියාට පස්සේ වයිෆ්ට තේරුනාලු එයාගේ හබි ඉන්නේ සතුටෙන් නෙවෙයි කියලා.. මුණත් එක්ක ටිකක් අවුල් වගේලු. ඉතින් වයිෆ් ඇහුවා.,

"ස්ටැන්ලි,ඇයි ඔයාගේ මුණත් එක්ක හරි නෑ.මොකක් හරි ප්‍රශ්නයක්ද.."

"නෑ.. මුකුත් නෑ.."

වයිෆ්ට ඒ උත්තරේ සැටිස් නෑ.ඉතින් එය නැගිටලා ගිහින් කාමරේ ලයිට් එක දාලා ඇද ලගට ඇවිත් ආයෙත් ඇහුවා.,

"කියන්නකෝ අනේ.. ඔයාට ඕන දෙයක් මට කියන්න පුළුවන්නේ.."

ස්ටැන්ලි කිව්වා.,

"මේකයි..අවුරුදු ගානක් තිස්සේ මගේ හිතට වැඩ දෙන ප්‍රශ්නයක් තියෙනවා.. අපේ ළමයි 6 දෙනාගෙන්  5 දෙනෙක් එක වගේ. ඒත් අපේ මාක් අනිත් අය වගේ නෙවෙයි.. වෙනස්.. අනිත් 5 දෙනා ලග තියෙන සමානකම් මාක් ගාව නෑ..මං මේ අහන්නේ අපි බැදලත් අවුරුදු 25 යි..ඉතින් මේ අවුරුදු 25ට ඔයාට මට මොනවා හරි නොකියපු දෙයක් කියන්න තියෙනවනම් දැන් තමා වෙලාව.."

වයිෆ් මේක ඇහුවට පස්සේ ලොකු හුස්මක් අරන්.,ස්ටන්ලි දිහාට හැරිලා..

"හරි ස්ටැන්ලි..මං කියන්නම්.. මාක්ට ඉන්නේ වෙන තාත්තා කෙනෙක් අනිත් දරුවන්ගේ තාත්තාට වඩා වෙනස්.."

"කවුද ඒ..?" ස්ටැන්ලි ඇහුවා.

"ඔයා.."

7 comments:

  1. :D අනිත් අයගේ තාත්තා ඉශාන් නේද?

    ReplyDelete
    Replies
    1. නෑ මචන්.ඔය ළමයි හම්බෙන කාලේ මං ඉපදිලාවත් නෑ. ඉතින් මං කොහේ ළමයි හදන්ටද?
      :)

      Delete
  2. අයියෝ සලරි.... ගෑණි තියන්න වටින් නෑ

    ReplyDelete